Tuesday, June 30, 2015

නොනැවතෙන හුස්මකි පණ ගැහෙන සිරුරකි ...

අහසටත් අමතක ව
බිම වැටුණු තරුවකට
පණ දෙන්න බැරිවාද
මුඩුක්කුවෙ හුස්මකට...

වර නොමැති ප්‍රාණයට
ආදරේ ගිලිහෙන්න
අහස් මන්දිරයක කුමට
රාජ සැප ඉතිරුණිද...

මධු බඳුනක කැලතෙමින්
නිකොටින් දළුවකින් අළුවුණ
උදේ වෙන කොට තැලී පොඩි වුන
පණ ගැහෙන මළ කකි ප්‍රාණය...

දුරම ය දෙව්ලොව ඉදින
බොහෝ කටුක ය විමන

ඇසුවාට නොමැති නම් අහිතක්
අසන්නට ඇත පැනයක්
පිපෙන්නට තහනමක් නැත්තෙ ඇයි
නෙළුම් මල් මඩ වගුරු වල....

43 comments:

  1. තරුවක් පිපුණද අහසේ
    වරු වරු ගැන්නද නොගැනේ
    නෙළුමක් පිපුණද වගුරේ
    සුවඳක් දී මිස නොමැරේ

    ReplyDelete
    Replies
    1. නියම රිප්ලයි කමෙන්ටුව
      ස්තූතියි කිචෝ

      Delete
  2. හ්ම්...
    කියන්න දෙයක් හිතා ගන්න බෑ...
    එල සුපර්බ්

    ReplyDelete
    Replies
    1. ජෙමා කොළුව ව සාදරයෙන් පිළිගන්නව අවන්හල ට
      ස්තූතියි ජෙමා

      Delete
  3. Replies
    1. ඇයි අනේ ඒම කියන්නෙ
      හෙක් හෙක්

      Delete
  4. මඩ තියෙන තැන් වල හොදට සරුවට කුනු කසල තියෙන තැන්වල ඕනි මලක් හොදට හැදෙනව නෙව..

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකත් හරි..
      තමයි බලං යද්දි

      Delete
  5. මඩ වගුරෙ ඉපදුනාට මල එතනින් ඉහලට ඇවිත්නෙ පිපෙන්නේ....

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති...
      ඒත් මගෙ කතාව වෙනස් බං...

      Delete
  6. මඩ වගුරු වල හැදිලා අමරුවෙන් උඩට ඇවිත් පිපෙන මල් තමයි සුවඳ හමන්නේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව
      ඒත් කවි කතාව වෙනස්

      Delete
  7. කවි නොතෙරේ..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. කියවන්ට දවසක තේරෙයි
      එළද බ්‍රා

      Delete
  8. නෙළුම් මලට අයිතිය තියෙනව මඩේ පිපෙන්න.. ඒත් මඩ ටිකකට පුළුවන්ද වැරදිලාවත් නෙළුම් මලත් එක්ක මහ මන්දිරේකට යන්න.. ඕක තමයි යතාර්ථය.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. කමී හරි කමී... ඕ යේ..

      ඇයි බං ලබ්බො මක්කෙයි මේ කටු කම්බි වැටක් ගහං

      Delete
  9. මඩේ පිපෙන නිසානේ නෙළුම් මලට ඒ සුන්දරත්වය ඇවිත් තියෙන්නෙත්..

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒක එහෙම නොවෙන්න බැයිද

      Delete
  10. රජමැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ

    ReplyDelete
    Replies
    1. ඒත් රජ මැදුරෙන් පහලට වැටුණම
      සමහර විට එහෙමත් වෙනව නෙ

      Delete
  11. මඩ වගුර ෆී නේ මචං... එතනින් උඩට යන්ඩ ගානක් ගෙවන්ඩ වෙනවා...
    ලස්සනයි බන්!!

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් දවසේ කතාව
      තැන්කූ රුපෙ

      Delete
  12. එකනේ. නෙලුම් යායක් එන්නෙත් එහෙමයි.
    http://nelumyaya.com/?p=3396

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ඒක හරි ඒක හරි
      ස්තූතියි අජිත් අය්ය

      Delete
  13. ස්වභාව ධර්මයට අනුකුල වන කිසිම දෙයක් තහනම් වන්නේ නැත.....

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට විතරයි හැම වෙලම නෙවී

      Delete
  14. මඩේ මිස වෙන කොහේ
    පිපෙන්නද නෙළුම් මල.

    ReplyDelete
    Replies
    1. ඇයි බැරිද
      නෙළුමකට පිපෙන්න
      වෙන තැනක

      Delete
  15. // අහසටත් අමතක ව
    බිම වැටුණු තරුවකට
    පණ දෙන්න බැරිවාද
    මුඩුක්කුවෙ හුස්මකට...//

    මේ පද ටිකට තමයි වැඩිපුර හිත ගියේ... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි...... බොහොමත්ම

      Delete
  16. පණ ගැහෙන මළකඳට
    දිනෙන් දින ඈත්වන දෙව්ලොව
    සිහි කැඳවමින් මඩේ මුල ඇති බව
    නෙළුම පිපුනා වගුරේම

    ReplyDelete
    Replies
    1. පිපුණාට වගුරක
      පරවෙන්න එතැනම
      කවුද ඉඩහැරියෙ
      කවුද වැට බැන්දෙ

      ස්තූතියි ලබ්බෙ
      ජයවේවා

      Delete
  17. නිර්මාණාත්මකයි
    ජයවේවා මහේෂයෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ...
      ජයවේවා

      Delete
  18. ගංගාවක් වී ගලන්න ඔබ උල්පත පසුකර..
    වැවක් වෙලා නතරවෙන්න නෙලුම් මලක් යට..

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකත් නියම කතාවක් තමයි
      ස්තුතියි මනෝ
      මොකෝ වැඩිපුර දකින්න නැත්තෙ

      Delete
  19. කට්ට කාගෙන උඩට යන උන් නෙළුම් වගේ තමයි..මඩ වලට නෙළුම අබිමානයක්..නමුත් නෙළුම කැමති නෑ තව දුරටත් මඩ ගාගන්න...

    ReplyDelete
    Replies
    1. ඒ ලෝක ස්වභාවය ලු නෙව සිරා අය්ය
      ස්තූතියි අදහසක් එක් කළාට

      Delete
  20. තනි රකින මඩ ගොහුර
    මග බලන නෙළුමකට
    නවාතැන් පුදන්නට
    ඇත සැරසී හැම විටම ..

    නියමයි .... ජයවේවා මහේෂ් !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං
      ජයවේවා

      Delete