Friday, June 19, 2015

ඔබේ ද රෝඩ් රූල්ස් :D :D

හම්මේ ඉතිම් නේ
අවුරුදු කීයකට පස්සෙ ද මංද... ලීව ලීව කියල හිතං හිටියට අන්තිමේ බලද්දි කොල මැල්ලුමක් වත් ලියල නැ... සෙක් නේ... එපා වෙනව....
පහුගිය දවස් වල තිබ්බ එක එක වැඩ අස්සෙ පොඩ්ඩක් බුසී බුසී ගාගෙන හිටියට ඇත්තටම තිබ්බෙ පශ්චාත් බාගෙ ඉදං තිබ්බ කම්මැලි කමක්... ඒ අවුවස්සෙ ඉදල හිටල බ්ලොග් එක්කට දෙක්කට ගොඩවෙලා පොඩ්ඩක් කියෝල කොමෙන්ටුවකුත් කුරුටු ගෑව... එච්චරම තමා...මේක දාන්නෙ නිකං ආසාවට වගේ... මීට අවුරුද්දකට දෙක්කට කලිං මට හම්බුණ එකක් මේ ගැන නොදන්න කෙනෙක් ඉන්නව නං වැදගත් වෙයිද කියල හිතල...
හැමදාම අපි පාරෙ යනව නෙව... ඒ අවුවස්සෙ කොහෙ හරි පදුරක් අය්නෙ ඉදල ටැපික් අංකල් කෙනෙකුත් අර කැමරාවක්ද මොකද්ද එකක් අල්ලං පාරට පයිනව...
සමහර වෙලාවට නං නිකං අතදාල හිටං..., පුතේ තේ එකක් බීල යන්න කීයක් හරි දීල පලයං... කියල අපෙන් දතක් ගලෝන යන වෙලාවලුත් තියේ.... ඉතිං ඔය ඕන දෙයක් නීතියට අනුකූලයි කියල හිතං ඉන්න අයත් ඉන්නව නෙව.. මේ ලියන්නෙ ඒ වගේ අය වෙනුවෙන්.. කියවල බලන්න කවදා හරි කොහෙදි හරි වැදගත් වෙන්න පුලුවං....


  1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

    2.
    තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

    3.
    ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

    4.
    තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

    5.
    පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

    6.
    මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.( බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

    7.
    පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

    8.
    ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

    9.
    රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

    10.
    කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

    11.
    පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

    12.
    ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

    13.
    ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

          මේ කියපු කාරණා කොයි තරං නං  ප්‍රායෝගික භාවිතයේදී වලංගු වෙයිද                කියන එක ගැන සැකයක්  තිබුණත් දැනුමට හරි වටීවි කියල හිතෙනව...

         මේක මට දුන්නෙ මුහුණු පොත හරහා මිතුරෙක් බවට පත්වූ අයෙක්... ඒ              මේ සම්බන්ධ කාරනයකදී මම    යම් නීතිමය ගැටළුවකට   මැදිවූ                             වෙලාවක... මේක කාට හරි වැදගත් වේවි නම් එපමණයි..

පොලිස් පොලිස් කියද්දි පොලිසිය ගැනත් නොකිය බෑ නෙව... මේ තියෙන්නෙ අළුත් බ්ලොග් එකක්.. ලියන්නෙ පොලිසියෙ සේවය කරන කෙනෙක් ම තමා... ගිහිං බලල අඩුපාඩු කියල දිරිමත් කරල ආව නං...

ප.ලි- මං මෙහෙ නාපු දවස් වල හුගක් දෙනෙක් මාව හොයල බලල තිබ්බ. ඒ විතරක්යැ. සමහරු මාව හොඳට අමතලත් තිබ්බ.මගෙ බ්ලොග් එක අලුත් සින්ඩි ය කට ත් එකතු කරල තිබ්බ අපේ කුරුට්ටො ටික.
ඉතිං මාව මතක් වුණ අමතක වුණ බැණපු කතා කරපු මේ ඔක්කමලටම ස්තූතියි... දිගටම රැදෙන්න බලාපොරොත්තු වෙන හන්ද අඩපාඩු හදාගෙන ලියන්ට තමා ඉන්නෙ.  
ඔක්කමටම ජයෙන් ජයම වේවා

32 comments:

  1. ගුටි කාලා එන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. අපිට අල්ලගන ගහයිද බං අතන කමෙන්ට් කලොත්

      Delete
    2. දේශක තුමා
      කව්ද අප්ප ඕව කතා කර කර ඉන්නෙ ඈ තමන් කෝම හරි ගැලවිජ්ජාව දානව මිසක්ක..
      අටං අය්ය
      සෝකෝ ගැනද කියන්නෙ මනුස්සය හරි හොද ඩෑල් එක අප්ප

      Delete
  2. අවන්හලට ගොඩ වෙච්ච පලවෙනි වතාව. මේ කරුණු ටික වැදගත්. මමත් මේ ටික කීප වතාවක්ම මුණු පොතෙන් කියෙව්වා.
    පොලීසියේ දඩ කොල ලියන පොත ඉවර වෙලා ( අර නිල් කොලේ) දවස් දෙක තුනක් රස්තියාදු කරනවට එහෙම එරෙහිව නීතියක් නැද්ද දන්නෑනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩවැදුණට සාදරයෙන් පිළිගන්නව මෙහෙට...
      හිහි මම කීවත් වගේ මටත් මේක හම්බ වුණ එකක් නෙව සද
      නඩුත් හාංදුරුවන්නෙ බඩුත් හාංදුරුවන්නෙ බං අපි කව්ද රුපියල් අස්සෙ අලුක්කාවල් ගහන්ට

      Delete
  3. එංගලන්තෙ ඔහොම උනත් ලංකාවෙ ඔහොම වෙන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ඒක හරි
      එංගලන්තෙ තමා එහෙම වෙන්නෙ මේ පාර නං ප්‍රසන්න අය්ය පොට පටලං හිහි

      Delete
  4. //ඔබේ ද රෝඩ් රූල්ස් :D :D// හැක්.. අම්මප මගේ උනා නම් මං ඔය සම හරක් නීත් වෙනස් කොරනව.. දැන් මේකට දඩ සෙල්ෆී ගැනත් නීතියක් එකතු කරන්න වෙනවනේ..
    මේ අර සොකෝ ලියන බ්ලොග මරු නේ බං.. හැබැයි ඌ පට්ට හයිස්පීඩ්. දඩ කොළයක් දෙන්න වෙනවා.. ජූනි මාසේ මේ වෙනකොට 13ක්ද කොහෙද ලියලා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හිහි එහෙම පුලුවං වුණා නං මොන මොන නීතිත් එක්කහු වෙන්න තිබ්බද නේ
      හැබැයි ඌ පට්ට හයිස්පීඩ්. දඩ කොළයක් දෙන්න වෙනවා.. ජූනි මාසේ මේ වෙනකොට 13ක්ද කොහෙද ලියලා//
      පොරට මම දැනටම එකක් යැව්ව

      Delete
  5. ඔබේ මිසක් අපේ නෙවෙයි රූල්ස්

    ReplyDelete
    Replies
    1. හිහි එහෙම හිතනවැයි

      Delete
  6. ඇති යාන්තම් අයෙත් ඇවිත් :) :D

    ReplyDelete
    Replies
    1. එන්න හිතුණ අනේ
      මොකෝ බොලා ලියන්නෙ නැතෙයි

      Delete
  7. තමුසෙ තව නීතිය කියල දෙන්නත් එනවද කියලා තවත් ගේම තද කොරනවා අපේ පොලිසිය නම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මං කීවෙ ඕව ප්‍රායෝගික නෑ කියල හිහි
      ලබ්බ කියපු එකමයි වෙන්නෙ

      Delete
  8. පොලොසිය අපේ ලංකාවේහරි හොදයි බන් ,ඒ වුනත් නිති පොත් වල විතරයි තියෙන්නෙ ...........

    ReplyDelete
    Replies
    1. හම්ෙම් පොලිසිය නං හරි හොදයි අපේ සෝකෝ වුණත් එහෙමනෙ හිහි
      බොට මක්කෙයි වෙලා තියෙන්නෙ කුරුටු ගාන්නෙ නැතෙයි

      Delete
  9. කන්ට ඇහැකී.............................................................................
    වැල්කම් බැක්!

    ReplyDelete
    Replies
    1. නැවකට කෑවැකි හිහි
      ඉක්කෝතුයි ඉක්කෝතුයි

      Delete
  10. නීතිය කතා කරන්නට යාම තවත් බයානක විය හැක..

    කෝම උනත් දැනුවත් වෙන්නත් එක්ක මේක දාපු එක හොදයි..

    ReplyDelete
    Replies
    1. වෙන රටක නං නොවේ ලංකාවට භයානක විය හැක
      දැනුමට යමක් එකතු වුණා නං සතුටුයි හිහි

      Delete
  11. හම්මේ උඹ ඔහොම කියනවා දවසක් වැඩ ඇරිලා ගෙදර යන මගෙන් පොලිස්කාරයෙක් ඇහුවා යන්නේ කොහොද කියලා.මම කිව්වා ගෙදර යන්නේ කියලා.ඒ ගමන මිනිහා ඇහුවා පාරේ මොකෝ හිටං හිටියේ කියලා.මම හන්දියේ හිටං හිටියේ යාළුවෙක් එනකන්.හැබැයි මිනිහා මගෙන් එක අහපු විදියට මට ටිකක් කේන්ති ගියා.මම ඇහුවා ඔයාට මොකටද එක කියලා.ඒ ගමන පොලිස්කාරයා කිව්වා එයාට එක දැනගන්න අයිතියක් තියෙනවා.නොකිව්වොත් මාව අත්අඩංගුවට ගන්නවා කියලා.
    මම කිව්වා ඔයාට මාව එහෙම නිකන් අත්අඩංගුවට ගන්න බැහැ.දැන් රටේ හදිසි නිතිය නැහැ කියලා.
    ඒ ගමන මේකා කියපි ඔය දන්නා තරම තමයි ඔය "දණ්ඩ නීති සංග්‍රහයේ" අහවල් වගන්තිය යටතේ ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා.ඊට පස්සේ මොනවා කියලා කියන්නද මම.මොකෝ අපි ඔව්වා කට පාඩම් කරන් ඉන්න එකක්යැ.

    පොලිස්කාරයෝ එක්ක නීති කතා කරන්න ඕනේ හරිම පරිස්සමින්.නැතිනම් උන් බොරුවට හරි පොලිසියට අරගෙන ගිහින් මොනවා හරි අතින් දාලා හරි උසාවි දානවා.ඊට පස්සේ දවස් දහහතරක් රිමාන්ඩ් එකේ ඉඳලා එන්න ඕනේ නඩුව අහන්න.අහිංසක කොල්ලක් එහෙම ගියොත් එළියට එනකොට ඌගේ ගන්න දෙයක් නැති වෙනවා ගොඩක් වෙලාවට.

    ReplyDelete
    Replies
    1. උංට ඕන කබර ගොයත් තලගොය කරගන්න බං කතාවක් තියේ නෙ නඩුත් හාමුදුරුවන්නෙ නඩුත් හාමුදුරුවන්නෙ කියල සද්ද නැතිව ඉන්න තමා වෙන්නෙ අපිට නැද්ද හා

      Delete
  12. ගානක් දීලා ශේප් වෙලා එන්න තියෙන එකත් නැතිවෙනවා ඕවා අහන්න ගියොත් , ඒ තමයි අපේ රටේ හැටි , ඕ යේස්

    ReplyDelete
    Replies
    1. කතා කරල වැඩක් නෑ ඉවාන් අය්ය උං නං එපා වෙනව වෙලාවකට ඇත්තමයි

      Delete
  13. Yako mewwa dodawanna gihin set ekath mirikagena thamayi enta wenne. Policiya.. Lankawe policiya..

    ReplyDelete
    Replies
    1. ටික්කගෙ පළමුවැනි පැමිනීම නේද සාදරයෙන් පිළිගන්නව...
      ඇත්ත ඇත්ත ටික්කගෙ කතාවත් මම මේක ලීවෙ නිකං ආසාවට කාට හරි දැනුවත් වෙන්න කියල
      ආයෙත් එන්න ජයවේවා

      Delete
  14. පොලිසියෙ මහත්තුරු එක්ක ඕවා කතා කරන්න ගියොත් අන්තිමට උන් ඕවා දන්නෙ නෑ කියලා අහුවෙනවා. එක පාරක් අර පුත්තලමෙ මනුස්සයෙක් දුන්නෙ ඔලුව උස්සගන්න බැරි වෙන්නම ට්‍රැෆික් oic ත් ගෙන්නල උසාවියට. බලනකොට පොර හරියට දන්නෙත් නෑ මාර්ග නීති ගැන.

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු හැබැයි කෝම හරි අල්ලං ඉන්න ඕන උට තේරුණොත් අපි හිරවුණා කියල එතකොට ඌ මොකක් හරි කොණක් අල්ල ගන්නව...
      එහෙම නැත්තං අපිට තියෙන්නෙ සද්ද නැතිව ඉදල තැනේ හැටියට ඇණේ ගහල මාරු වෙන්ට

      Delete
  15. Adai me paththat awe. Lankawe polosiya gana nm , mna kynnad manda. Hi. Digatama enm.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට... සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට
      හැකි හැම වෙලේ එන්න...
      ලංකාවෙ පොලිසිය විතරක් නෙවේ සංවර්ධනය වෙන රටවල කොය් පොලිසියත් එකයි
      හෙක් හෙක්

      Delete
  16. අෆ්ෆේ !! මහේෂ් අයියා වැඩ කරන්නේ පොලිසියේ ද ?? මෙච්චර දේවල් දැන කියා ගන්න.. ;)

    ReplyDelete