Thursday, April 28, 2016

හා හා ඉතිං පෝළිමට ආව නං.. හිත එපා.. හිත එපා.. අත දෙන්න..අත දෙන්න.. අත.. අත...

                                                                හිත එපා අතයි ඕන කිවම මෙන මොනව හරි හිතයිද මංද... හෙහ්.. කෝමත් අපි එහෙම නෙව වැල්වටාරං වලට දස්සයො.. අපේ රවි තුමා හැලපෙ උන්නහේගෙන් ඇහුව නං හිටගෙන නිදිකිරා වැටෙන උනුත් විරිත්ත විරිත්ත හරි ඒ කතා අහයි. හෙහ් ඒ තරං. හරි හරි ඒව පස්සට. මං මේ අත ඉල්ලුවෙ ගෙනියන්නවත් ඔතාගෙන යන්නවත් වෙන අටමගලෙකට නෙවී ආයිබංඩ. මේ දවස් වල අර වසන්ත  කියල එකෙක් මේ බ්ලොග් අව්වස්සෙ කරක් ගහන වෙලාවෙ මේ වගේ වැඩක් වත් අපි කරන්න ඕන කියල හිතුණ. හ්ම් හ්ම් කතා ඇති හෙනං. දැං කියන්නංකො මොකටෙයි මේ අත ඉල්ලුවෙ කියල.

                                                            දැං ඔය  බ්ලොග් මහත්තුරු නෝනල ඉන්නව නෙ ඒ මහත්තුරු නෝනල ඉතිං අලුතෙං බ්ලොග් කොටන්න පටං ගන්න උන්හේලට අත දෙන්න රුසියො නෙව. ඒ අවුවස්සෙ සමහරු හිත පුදන්න ගිහිල්ල ඇදගෙනත් නානව කියලයි ආරංචිය. හෙහ් හෙහ්. ඉතිං හිත පුදන්න ඕන නෑ අත පොඩ්ඩක් මෙන්න මේ අලුත් කොළු කෙලිත්තියන්ට (ඇත්තටම කීප දෙනෙයි අලුත් අය ඉන්නෙ. අනිත් බ්ලොග් මේ පෝස්ට් එකට ඇතුලත් කලේ ඒ ගැන නොදන්න යම් කෙනෙක් වේ නං යන්න. විසේසෙං අර වයලිං කාරය පරණ එකෙක් නොවැ.) දුන්න නං උනුත් ටිකක් දියුණු වෙයි නේ.. එහෙනං ඕං .....


1. සයිමන්..

ක්‍රෛස්තවයෝ ක්‍රෛස්තව ඇසින් ඔබ බලති. හෛන්දවයෝ හින්දු ඇසින් ඔබ බලති. තදන්‍ය ලබ්ධිකයෝ තම තමන් හුරු පුරුදු ඇසින් බලති. තමන් ඇසට නොහුරු බැවින් ගෙන පුරුදු බැවින් ඔබ නො පිළිගනිති. ඒ ආශ්චර්යය නො වෙයි.

ආශ්චර්ය නම් මේ යැ.

ඔබ චීන ටිබෙට් ජපන් ආදී උතුරු දෙස රටෙකැ හැසුරුණොත් ඒ මහායාන බෞද්ධයෝ තම තමනට හුරු පුරුදු සිරිතින් ඔබ මනිති. ඔබ කොහෙත් මැ ඔවුනට නො ගැළපෙන්නුවන්සේ දකිති. ඔබ මැනැවින් නො මැ පිළිගනිති.
බුදුරජුහු “ශුද්ධ” බුද්ධාගම ඇතැයි කියන ලක්දිවට එති. ලැකි බෞද්ධයෝ ඔබ පිළිගනිත් ද? හැමතැනට ඒකාංශික ප්‍රාවරණය සැරියැයි දැඩිසේ ගත් සියම් නිකායෙහි ශ්‍රමණයෝ ඔබත් ඒකාංශික දැයි බලති. නො එසේ වතොත් ඔහු ඔබ මැනැවින් නොපිළිගනිති. කිසි විටෙක සිය දායකයන් හා හෙළා දැක්නෝ ද වෙති. ඔබට ඔවුන්ගෙන් සුදුසු ගෞරවය නැත.

ඉක්බිති ගමට දෙවුර වසා පොරවාලන එ පෙරැවුම මැ දැඩි යේ ගත් සියම් නිකායෙහි ශ්‍රමණයන් වෙත ඔබ වැඩියොත්, ඔබ ඒකාංශික වතොත් ඔහු ඔබ මැනැවින් නො මැ පිළිගනිති. ඉදින් ඔබ අතැ එකපණ්ණච්ඡන්තං පන සබ්බත්ථ වට්ටති’ යි එක්පන් සත නම් හැම තැනැමැ වටී’ යි දැක්වුණු ගොටු අත්ත වී නම් ඔහු දෙපක්‍ෂය මැ ඔවුන් පස දැඩි සේ ගත් ගිහි බෞද්ධයෝ පවා ඔබට මදිකම් සිතති ඔබ හෙළා ද දකිති. ඔබට ඔවුන්ගෙන් ද සම්පූර්ණ  ...



2. අමාගේ හීන

මා සතුව පැවති ප්‍රේමයේ
අගසව් දෙනම හැර ගොසිනි,
කාගේදැයි නමක් නැති කඳුළක
හැඩය ගත්  ක්ෂුද්‍ර දිවයිනක
හුදකලාවෙන් පසුවෙමි,
කැලැන්ඩර් කොළ
ගලවගලවා  විසිකරමි!!


ස්කයිප් කවුළුවෙන් එබෙන
අංගරාග තැවරුණ මුහුණකි,
අම්මාට කොහොමදැයි විමසන
නොසැළකිලිමත් මද සුසුමකි,
වැඩ අධික බව  සැලකරන
නොරිස්සුම් සහගත මතුව
වරින් වර පිටකරන කැස්සකි,
මම ,
ඔහේ බලාගෙන ,
නොහෙලාම ඇසිපිය,
එබිඑබී ඒ විසල් දෑසට,
සොයන්නෙමි
පොඩි දුවගේ
මඟහැරුන  සෙවනැලි..



3. ඉකොනොමැට්ටාගේ සතපහ 

ඇමරිකාවේ මෙන්ම ලංකාවේද ඇත්තේ ද්විපක්ෂ ක්‍රමයකි. නිදහසින් පසු දිගටම ලංකාව පාලනය කලේ එජාප හෝ ශ්‍රීලනිප ඇතුළත් වූ සන්ධානයකි. 1977 වන තුරු ලංකාවේ රාජ්‍ය පාලනය මෙහෙයවුනේ අගමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙනි. ඒ නිසා ඒ කාලය සැලකිල්ලට ගැනීමේදී සැලකිය යුත්තේ අගමැතිවරයා අයත් වූ දේශපාලන පක්ෂයයි. ඉන්පසුව, විධායක ජනාධිපතිවරයෙකු විසින් රාජ්‍යය මෙහෙයවුනද බොහෝ විට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වූයේ ජනාධිපතිවරයා අයත් වූ පක්ෂයෙන්මය. පළමු වරට මේ තත්ත්වයේ සුවිශේෂී වෙනසක් සිදුවූයේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් වූ කාල වකවානුවේදීය. කෙසේවුවද, මේ කාලය තුළ රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවූයේ එජාපය බව සැලකීමෙහි වරදක් නැත. ඉන්පසුව, පසුගිය වසරේ රාජ්‍ය පාලනය භාරගත් එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව සම්බන්ධවනම් ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.


4.පොකුරු වැහි

උඹට පුලුවන්ද බං මගෙ දුයිෂෙන් වෙන්ට
ප්‍රේමය දරාගත් පොප්ලර් ගහ වෙන්ට
ඈතින් බලා ඉඳ නිහඬවම සැනසෙන්න
සලෙළෙකුට පුලුවන්ද භාවනාවක් වෙන්ට...


අයිලයේ ගෑනුන්ට පෙම් කවි අමුණන්ට
උන්ගෙ සළු පිළි උනා නිරුවත විඳගන්ට
ප්‍රේමයේ දිග පළල කිසිදාක නොම දන්න
සලෙළෙකුට බෑ බං මගෙ දුයිෂෙන් වෙන්ට...


බැරි උනත් කිසිදාක මගෙ දුයිෂෙන් වෙන්ට
උඹට පුළුවන් තවම හොඳ මිනිහෙක් වෙන්ට
පාන්දර කෝච්චියෙ යනවා මං යන්න
ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...
 



5. බ්ලොක් ගලක් උඩ කලු ගලක්

මගේ ගෙපැල කලුවර වුනි මටත් හොරා
එලිය දුන්න පහන් පැලත් නිවී ගියා
කිරි සුවදට හාදු දුන්න උබේ සිනා
ඒ සුවදට අමාවකක් උරුම කරා


තනියා ඇවිත් හේනම මගෙ පාලු කරා
රෑ පැල් රකින මා හිත උබ පුරන් කරා
හේනේ මගේ දාඩිය ටික හිදිල ගියා
ඒ දුක අමතකව යන්නට උබ මා දමා ගියා

සොමේ ගජ මිතුර මා වැලි කෙලියේම පටන්
උබ කැන්දන් එද්දි ඌ උන්නේ දෙවියො ලෙසින්
පැලේ තනිය මකන්නට ඌ ආ දාම පටන්
හිතේ හයිය තිබුනා ඇත් රජෙකු තරම්





6. ලොක්කගේ පැල්පත

බොරුව 

දෙන්නගෙම බොරුව....
ආයේ මම ගනන් ගනී කියල තමයි බය...
එව්ව ඉතින් හඳේම තමා !!!
හුක්කි හුක්කි හූ.................

 

 

7.සිනහා කදුළු

දන්න අය දන්නවා ඇතිනේ පානදුර පිංවත්ත ස්ටේෂන් එකට එහා පැත්තේ මුහුද කියලා. ඉතින් ඇස්ටොනිෂ් අර ලොකූ තඩී සාළුකුත් දාගෙන යද්දී රේල් පාරට වැටුනා කියහන්කෝ..
ඕන්ණ ඉතින් දැන් ඇස්ටොනිෂ්ගේ චූටි ඇස්වලට නොපේනීම මාමලා නැන්දලා යනවා. එහා පැත්තෙන් හූ හූ ගාගෙන කොච්චියත් එනවා. එතකටම ලොකී මාමා පිටි පස්ස බලද්දි පොඩි එකා මිස්සින්(ඇස්ටොනිෂ්). ලොකූ මාමා ඉක්මණටම ඇවිත් අතෙන් ඇදලා ගත්තා ඇස්ටොනිෂ්ව උඩට ඒ එක්කම කොච්චි එන්ජින් එකත් ගියා. තව තප්පරයක් මිස් වුනානම් ඇස්ටොනිෂ් කෙනෙක් නැත.

 

8.සෙනෙවිරුවන්

 රට පුරා අස්සක් මුල්ලක් නෑර ගම් දනව් ඔස්සේ විසිල් ගසමින් පැමිණෙන පාන්බේකරි රථයට වශීකෘත ව සිටින සමාජයකට රටේ ස්වාධීනත්වය මෙන්ම ජාතික ආරක්ෂාවට තිබෙන අනතුර ගැනද පවසන්නට නොහැකිය. කීවත් එය නෑසුනා මෙන් සිටිති. නමුත් හෙක්ටයාර් සියයක් ලක්ෂයක් මෙදා යල්කන්නයේ වී ගොවිතැන තහනම් කරන බවට රජය කියන කල්හි මේ පාන් කන ගොවීන් ගේ බඩ පපුව දාගෙන යති. නගර බද චූන් පාන් කන ඇත්තන් ගේද ඇඟ මයිල් කෙලින් වෙති. ඒ බඩට වදින බැවිනි.

  චූන් පාන් හදන්නට ලංකාවට තිරිඟු පිටි මෙට්රික් ටොන් දහතුන් ලක්ෂයක් පමණ වාර්ෂිකව ගෙන්වති.මේවා ගෙන්වීමට රුපියල් මිලියන හතළිස්දාහක් පමණ  වැය වන්නේ යැයි ගණන් බලා තිබේ. සැබවින්ම ලංකාවේ තිරිගු පිටි පරිභෝජනය සියයට හැත්තෑවක් පමණ වේ.මිලියන දෙසිය පණහක ජනගහනයක් තිබෙන ඉන්දුනීසියාවේ ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කිලෝ 23 කි. තායිලන්තයේ විසිදෙකකි. වියට්නාමයේ 20කි. මියන්මාරයේ 6.5 කි නමුත් ලංකාවේ එය 56 අගයක් ගනී. එය මේ අසියාකරයේ වී වගා කරන රටවලට සාපේක්ෂව පමණක් නොව බොහෝ රටවලට සාපේක්ෂය ඉහළ අගයකි. සැබවින්ම එස් වන්නේ ඇයි.
අරනෝලිස් . නිවීහැනහිල්ලේ වෙලාවක චූටි පුතා එක්ක පන්සලට එන්න . හතරැස් කොටුව කෑලි කෑලිවලට කැඩිලා විසිවෙනවා මම ඇහැටම දැක්කා . හතරැස් කොටුවේ තිබුණු නිධන් පෙට්ටිය කළුගල් පෙට්ටියක් . මම ඒක කාටවත් පෙන්නේ නැතිවෙන්න එවෙලේම වැස්සේ තෙමි තෙමීම අරගෙන ඇවිත් ආවාස ගෙයි මගේ කුටියේ තැම්පත් කළා . ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා ඇත්තෙත් මේ පෙට්ටියේ වෙන්න ඕන . ඒක ආයෙත් තැම්පත් කරන්න කලියෙන් මට ඒක විවෘත කරලා බලන්න හිතයි . මේ ළඟදී මම හීනයක් දැක්කා ඔය සම්බන්ධව . මේකේ පෙරනිමිත්තක් වෙන්න බැරි නැහැ ඒ හීනෙන් කියවුනේ කියලා මට හිතෙනවා..
අනෝතත්ත විල් දිය රැළි
නොඅඩුව දිලි දිලි විසිරි
සුදු පෙණ බිඳු මුතු පිණි සේ
ඔබේ දෑත් අඟ රැඳුනා...

ලුණු ඕයට තනිකම මැකු
අප්පච්චී නුඹේ සෙනෙහස
පාරුව මත රැඳුනු ඔබේ
හද සිතුවිලි තැනුවා...

තඹර පෙති මතින් හිනහුන
රළු වියැකුන ඔබේ සුසුම්
අපේ පැලේ දුප්පත් බව
නුඹේ දා බිඳු මැකුවා...

සෙවනැල්ලට මුවා වෙලා
රාජ භරණ හදේ දරා
නිල් දිය රැළි පොහොසත් කල
නුඹේ කඳුළු අප දුටුවා...

 

ඉතිං මේ අළුත් පරණ කාට වුණත් පොඩිත්තක් උදව් කළා ට මක්කයැ නැද්ද මං අහන්නෙ. ඉතිං පොඩි පහේ සප් එකක් දීල නග්ගල ගන්නව හොඳයි. ඒත් එක්කම බ්ලොග් වසන්තයයි සයිබර් ෆෙස්ටිවල් එකයි ගැන තියෙන සටහන් දෙකක් ලිංක් කරනව. හැම කෙනාම මේ ගැන දන්නව වුණත් අඟහරු ජීවියෙක් ඉන්නව නං ඔය පහළ තියෙන ලිංක් දෙකෙන් ගිහිං දැනගන්නව හොඳයි.

 

බ්ලොග් වසන්තය ගැන

 

 

සයිබර් ෆෙස්ටිවල් එක ගැන

  ප.ලි- මෙහි ොම සඳහන් නව බ්ොග් අඩවියක් ේ නම් මෙන්ටුවක් ලෙස තබා යන්න. එය ඔබටත් මටත් උපකාරයක් විය හැක.

ඉහත සඳහන් උධෘතයන් අදාල වියුනු අඩවි වලින් ලබාගත් ඒවා වන අතර පළ ොට ඇති පින්තූර වල අයිතිඒවානිර්මාතෘවරුන් සතුය. මෙහි ලෙව්වා විෝධතාවක් ඇත්නම් ඉවත කරනු ලැේ.

33 comments:

  1. නියමයි.. තැන්කුයි..

    ReplyDelete
  2. එළ! මේක වසන්තයාගේම දාමු.

    ReplyDelete
  3. ඔය තියෙන්නෙ ලෙසටම. නියමයි.

    ReplyDelete
  4. මේ තියෙන්නේ හිත ගන්න විිදියට අත දීලා...

    ReplyDelete
  5. මේ හොඳයිනෙ.දැන් ඉතිං ඔය කමියා හරි කවුරුහරි මේවා ගෙනිහුං ඔය කියන එකේ එල්ලයි නොවැ.

    ReplyDelete
  6. http://unmanthakaya.blogspot.com/

    මේං තවත් එකක්... බලන්ඩකෝ!!!! ජය

    ReplyDelete
  7. ඔබ එන්න අත දෙන්න සයිබරයේ
    අපි එන්නේ ඔබ පස්සේ හැම තිස්සේ
    මුමුනන්න එක්වෙන්න
    බැනගන්න ගහගන්න
    ඔබ ඉන්න අපි එක්ක :D

    බොට කම්මැලි කමට පොස්ට් ලියන අලිත් ක්‍රම හොයනවා නේ,

    ReplyDelete
  8. ඔයතියෙන්නෙ ශෝයි වැඩක්

    ReplyDelete
  9. මේ නම් වසන්තයක් මැයි :) ..ගොඩක් අලුත් බ්ලොග් ලියන්නො ඇවිත්. ඒ ගැන සතුටුයි :) මෙහෙම ලියන එක ඒ අයට හය්යක් .පහල තියෙන්නෙ මට මතක් උන අලුත් බ්ලොග් ලින්ක් දෙකක්. තව මතක් උනොත් සඳහන් කරන්නම්

    api thopi - http://apithopi.blogspot.com/

    ලේ පාට හීන - http://lepataheena.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි මාව මතක් වුණාට. ඔයාලගෙ අත හිත මට ලොකු හයියක්. සහ අසල්වැසියට, මහේෂ් අයියටත් තැන්කූ වේවා.

      Delete
  10. වසන්ත කියන්නෙ ඩීඑස් එකේ අපි ඕලවල් පන්තිවල ඉද්දි අපේ හොස්ටල් එකේ ප්‍රධාන කුක්...
    හොස්ටල් එකේ සමහර උන් වසන්ත එක්ක තරහයි..
    අපි වසන්තය එක්ක ෆිට්
    තරහ උං මෝඩයි...
    අපිනං හොඳ කෑමක් තියෙන දවසට ඉතිරි කෑම ටික රත් කරලා ඊළඟ දවසෙත් වසන්තය එක්ක සෙට් වෙල කනව.
    චිකන් වගේ තිබ්බොත් ගබඩාවෙන් පෙන්නල හොරෙන් උයල කනව...
    බ්ලොග් වසන්තයත් කුක් කෙනෙක්ද???

    ReplyDelete
  11. මචන් මාව බුකියෙන් blogging වලට ඇදල දාලා තමන්ගේ වැඩක් වගේ උදව් කරපු දෙන්නගෙන් එකෙක් උඹ.බොක්කෙන්ම ඉස්කොතුයි,මෙහෙම සප් එකක් දෙන එකට..

    ReplyDelete
  12. මෙන්න වැඩ !!

    හිටු පෝලිමේ ගිහින් බලන්ට.. රෝලට දා ගන්ටෝනි...

    ReplyDelete
  13. අඩේ අවන්හලේ මහත්තයෝ.....පස්වාන් දහසකට බුදුවෙන්ඩ ඕනි දෙයියො...හික්....විහිළු නෙවෙයි බොල​...බෝම බෝම බෝ...මත්ම ස්තූතී වේවා !

    ReplyDelete
  14. නොනැවතී ඉදිරියට යනු.

    ReplyDelete
  15. දැනට ගිහින් නැති බ්ලොග් අඩවි කීපෙකටම ගියා ඔන්න.. මේ තවත් අලුත් බ්ලොග් එකක්..

    http://sinbadgeadawiya.blogspot.com/

    ReplyDelete
  16. ඒකනම් නියම් සේවයක් මචෝ..

    ReplyDelete
  17. බොහොම ස්තුතියි මේ දෙන දිරියට...

    ReplyDelete
  18. මං බැලුවා මේ මොකක්ද කියලා

    ReplyDelete
  19. එළ මග පෙන්වීමක්.

    ReplyDelete
  20. මෙන්න මං පටන් පටන් ගත්ත ලියන්න ලගදී, තාම මාස දෙකයි.

    මෙන්න

    ReplyDelete
  21. මහේෂ්........ 'මේ කුළට වගක් නැත' කියන කවිය ලිව්වේ තමුන්නාන්සේද?

    ReplyDelete
    Replies
    1. එසේය එසේය අරූ අයියා
      කිමද කාරණ..
      maheshrmx@gmail.com

      Delete
    2. ඒ දිනමිණ පත්තර පිටුවේ ඊට යටින් තියෙන කවි පරිවර්තනය කරලා තියෙන්නේත් බ්ලොග් කාරියක්. ඒක බලන්න ගියාම තමයි මහේෂ්ගේ නම දැක්කේ. අර බ්ලොග් එකේ නම Hot chocalate days.

      Delete
    3. වසත් සුළග වෙන්න ඕන.. මම බැලුවෙ නෑ. ඒ අපි යවන ඒව නෙවී තෝරල ගන්න ඒව.. මං අර බ්ලොග හොයල බලන්නං

      Delete