Thursday, November 4, 2021

Jai Bhim හෙවත් යුක්තියක අ‍ඳෝනාව

                         


                 
කුලය කියන සාධකය මත පදනම්ව අතීතයේ දවස් වල විතරක් නෙවෙයි වර්තමානයෙත් විවිධාකරයේ අකටයුතුකම් අසාධාරණකම් සිදුවෙනව අහන්නට ලැබෙනව. 1993 වර්ෂයේ ඉන්දියාවේ තමිල්නාඩු වල ව්‍රිද්ධාචලම් කියන ප්‍රදේශයේ යම් සිදුවීමක් සිද්ධ වෙනව වගේම ඉන්දියාව පුරාම එයට ප්‍රසිද්ධියක් හිමි වෙනව. අන්න ඒ සිදුවීම පාදක කරගෙන 2021 දි ඉන්දීය දමිළ නළු සූරියා සහ ඔහුගේ බිරිඳ වන ජ්‍යෝතිකා විසින් චිත්‍රපටයක් නිශ්පාදනය කරනව. ඒ තමයි Jai Bhim. 

        සූරියා තමන්ගෙ  සිනමා පටයට ජායි භීම් කියල නම යොදන්නෙ අම්බේඩ්කාර් මහතා එම යෙදුම යොදාගත් අර්ථයෙන්ම විය හැකි බව මම හිතනව. අඳුරෙන් එළියට වගේ අදහසක් ගෙනෙන අර්ථයක් නිෂ්පන්න කරන Jai Bhim කියන්නෙ ඉන්දියාව තුළ යම් ඉතිහාසයක් තියෙන - විකිපිඩියාවට අනුව 1818 තරම් අතීතයක් තියන වචනයක්.  

                                                ජායි භීම් පූර්ව ප්‍රචාරක පටය

        චන්දෘ කියන්නෙ නීතීඥයෙක්. නිකංම නිකං නීතීඥයෙක් නෙවෙයි. මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්න ඕනම සිදුවීමකට අත දාන සත්‍ය වශයෙන්ම මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්න අයෙක්. දවසක් ඔහුව හමුවෙන්න එනව කාන්තාවක්. ඇය නමින් සෙන්ගනී. දරු ගැබක් කුස දරාගෙන ඉන්න ඇය ඔහු වෙතට ඇවිත් කියන්නෙ ඇගේ සැමිය පොලිස් අත්තඩංගුවෙ ඉද්දි අතුරුදහන් වෙලා කියල. නමුත් පොලීසිය විසින් ඔහු පැන ගිය වග කියන බවත් එහෙත් ඔහුට එසේ පැන යා හැකි තත්වයක නොසිටි වගත් කියා සිටින ඇය ඔහුව සොයා ගන්න උපකාර අවශ්‍ය බව ප්‍රකාශ කරනව. සෙන්ගනී පත්ව සිටින තත්වයත් චන්දෘ ගේ මේ ආකාරයේ සිදුවීම් කෙරේ ඇති උනන්දුවත් නිසා ඔහු විසින් මෙම නඩුව භාර ගන්නව. පෙනෙනවාට වඩා සංකීර්ණ බවක් සිදුවීම තුළ දක්නට ලැබෙන වග වටහාගන්නා චන්දෘ සිදුවීමට අදාල යම් යම් අවස්ථා පිළිබඳව තමන්ම ගොස් විමර්ශනය කරනව. මම හිතන්නෙ මෙම සිදුවීමට චන්දෘ ගේ සෘජු මැදිහත් වීම ඔහුට පහසුවක් වෙනව.

        සෙන්ගනී  අයිති කුලයෙන් පහත් යැයි සම්මත ඉරුලාර් කියන ගෝත්‍රයට. නයි ඇල්ලීම විස වෙදකම වගේම කුලී වැඩ කරල ජීවත් වෙන්න උත්සාහ කරන ඔවුන් මහා සමාජයෙන් වගේම නීතියෙනුත් බොහොම අසාධාරණ විදිහට බැට කනව. කොපමණ සහයෝගයෙන් අනෙක් ගම් වැසියන් හා ජීවත් වෙන්න උත්සාහ කළත්, කුලයෙන් උසස් යැයි සම්මත ඔවුන් මේ ඉරුලාර් ගෝත්‍රිකයන් කෙරේ දක්වන්නෙ යහපත් ආකල්පයක් නෙවෙයි. මේ වගේ පසු බිමක තමයි සෙන්ගනීගෙ සැමියා වන රාජකන්නුව, ඔහු නොකළ චෝදනාවකට අත්තඩංගුවට ගත්නෙ.  ප්‍රාන්ත පොලිසිය විසින්  ඔහුව අත්තඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය අප්‍රසන්න පිළිකුල් දනවන මනුෂ්‍යත්වයට නිගා දෙන සුළුයි.

        රාජකන්නු සම්බන්ධ සිදුවීම පසෙක තැබුවත් කුලයෙන් පහත් යැයි සම්මත ජනතාව කෙරේ පොලීසිය ක්‍රියා කරන ආකාරයත් ඒ සම්බන්ධව ප්‍රාන්ත මෙන්ම මධ්‍යම රජය ක්‍රියා කරන ආකාරයත් නීතියේ ඇති නිද්‍රාශීලී බවත් අතිශයින්ම කණගාටුදායකයි. මේ සිදුවීම සම්බන්ධ අනූව දශකයේ තත්වය මේ සිනමා පටයේ පෙන්වන ආකාරයට තිබුණා යැයි උපකල්පනය කළහොත් එයට පෙර ඒ කියන්නෙ අසූව හැත්තෑව සහ ඊට පෙර දශකයන් හි මේ ජනතාව සම්බන්ධව මොන තරම් දැඩි ප්‍රතිපත්තීන් මහා සමාජය අනුගමනය කළාදැයි කල්පනා කොට බැලුවොත් පූර්වගාමී මහා චරිත යැයි සම්මත අය පිළිබදව ඇති ආකල්ප දූවිලි ගාණට දෙපා මුල කඩා හැලෙන්නත් පුලුවන්.

        ආපහු සිනමා පටය දෙස හැරිල බැලුවොත් මේ සම්පූර්ණ සිනමා පටය තුළින් කුලවාදයත් කුලයෙන් පහත් යැයි සම්මතයන් කෙරේ සිදුවන අකටයුතුකමුත්,  ඔවුන් ඉන්දීය පුරවැසියන් බවට දේශපාලන අධිකාරයෙන් හෝ රාජ්‍ය යාන්ත්‍රණයෙන් පවා  පිළිනොගැනීමත් කියන කාරණයත් දැඩිව මතු කරන්නට උත්සාහ දරල තිබෙනව. ඒ කාරණා කල්පනා කරල බලනකොට මට නිකමට හිතුණ දෙයක් තමයි ඉන්දියාව ලංකාව කෙරේත් අනුගමනය කරල තියෙන්නෙ මේ හා සමාන ක්‍රියාපිළිවෙතක් නේද කියල.   (ඒ ඇත්තටම මගෙ හුදු අදහසක් පමණයි)

        මේ චිත්‍රපටයෙ ප්‍රධාන භූමිකාව රඟ දක්වන සූරියා විසින් නිරූපණය කරන කේ. චන්දෘ කියන නීතීඥයා (පසු කළෙක විනිසුරු වරයෙක් බවට පත්වෙනව වගේම දේශපාලනයටත් පිවිසෙනව) ගැන වෙනම ආටිකල් එකක් ලියන්න ඕන කියල මම හිතනව. ඔහු සෙන්ගනී ගෙ සහ රාජකන්නුගෙ නඩුව භාර ගන්නෙ ඔහු පුහුණු වන නීතීඥයෙක් වශයෙන් සිටින අවධියක වගේම ඉන් ඔහුට අතිමහත් ප්‍රසිද්ධියක් ලැබෙනව. ඒ වගේමයි,  චන්දෘ තමන් පෙනී ඉන්න කිසියම්ම හෝ මානව හිමිකම් නඩුවකට කිසිදු මුදලක් අය නොකළ අයෙක් වගේම ඔහුගේ නිල කාලය තුළ ලබා දී ඇති තීන්දු සංඛ්‍යාව 96000 ක් බවට කියවෙනව. ඔහු ජායි භීම් පිළිබද ව ද හින්දු පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්චාවක් මෙතැනින් වගේම ජායි භීම් පිළිබඳ ඔහුගේ අදහස මෙතැනිනුත් බලාගන්න පුලුවන්.

        සිනමා පටයෙ රංගනය ගැන යම් පමණට හෝ කතා කළහොත් ප්‍රධාන චරිතය රඟදක්වන සූරියා ගේ රඟපෑම ගැන නම් එපමණ සතුටු වෙන්න බෑ කියල හිතෙනව වගේම ඊට වඩා සෙංගනී ගෙ චරිතය රඟ දක්වන ලිජෝමොල් දෝස් ඉදිරියෙන් ඉන්නව කියල මට හිතෙනව. ප්‍රකාශ් රාජ් ට චිත්‍රපටය තුළ ලොකු කාර්යයක් නැති නිසා ඔහු ගැන යමක් පැවසීම තේරුමක් නැහැ කියල හිතෙනව. නමුත් පොලිස් පරීක්ෂක ගුරුමූර්තිගේ චරිතය රඟ දක්වන තමිල් ඔහුගේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කර ඇති බව හැඟෙන්නෙ සමස්ථ සිනමා පටය පුරාම ඔහු රඟ දක්වන චරිතය කෙරේ අප තුළ ඇතිවන ප්‍රතිකූල හැඟීමයි.

        සෙන්ගනීට රාජකන්නුව හමුවෙයිද, චන්දෘ විසින් මෙම  සිදුවීම විමර්ශනය කරගෙන යනවිට ඔහුට අත්දකින්නට අත්විඳින්නට ලැබෙන්නෙ මොන වගේ අත්දැකීම් ද කියල බලන්න ඔබට ජායි භීම් බලන්න කියල ආරාධනා කරනව.

        මනාප දහනවදහසකට වඩා රැගෙන දර්ශකයෙ 9.7 අගයකුත්,  97% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබාගෙන යහපත් විචාරක මෙන්ම ප්‍රේක්ෂක අදහසුත් ලබාගත් ජායි භීම් බැලුවට පාඩුවක් වෙන්නැති වෙයි කියල හිතනව.

        මේ වෙනකොට ඇමසෝන් ප්‍රයිම් වලින් පමණක් බලන්න පුලුවන් Jai Bhim, ඇමසෝන් ප්‍රයිම් ගිණුමක් නොමැතිනම් ඔබට මෙතැනින්  ටොරන්ට් විදිහට බාගන්න පුලුවන්. 

 

 

23 comments:

  1. Replies
    1. ස්තූතියි ප්‍රා 🙂🙂❤️

      Delete
  2. මහේෂ්ගෙ විචාර කොහොමත් හොඳයි. මේකත් මුරකමි පොතේ විචාරය වගේම විස්තර ඇතුව ලියල තියනවා.🙏👌😊

    ReplyDelete
    Replies
    1. මොකක්ද මුරකමි පොතේ විචාරය?

      Delete
    2. @බසූ.. ස්තූතියි. හැබැයි විචාරයක්ම කියන්ට පුලුවන්ද 🙈🙈 මට හිතෙන දේවල් තමයි. කාට හරි පෙළඹවීමක් ඇති වෙයි කියල හිතල ලියනව. 🙂

      @බුරතිනෝ
      https://awanhala.blogspot.com/2021/09/blog-post_10.html

      Delete
    3. ඒ පෝස්ට් එක මට මිස් වෙලා නෙව. දැන් එතන කමෙන්ට් දාන්න කම්මැලියි. මම මුරකමිගෙ පොත් ඔක්කොම වගේ කියෝලා තියේ. බොලා ආයෙමත් මුරකමි ගැන ලියාපු දාක බලමුකො ඒ ගැන චැට් එකක් දාන්න.

      Delete
    4. ඒක පරණ එකක් නෙව. ආයෙ කමෙන්ට් මක්කටෑ . මුරකමි ගෙ පොත් හරි ඉන්ටරෙස්ටින් කියල හිතෙනව. තව පොතක් හෝ දෙකක් තියේ කියවන්ට. බලමුකො ඒ ගැනත් කියයි මම කියවපු දවසක.
      ස්තූතියි සැර් බුරා ❤️❤️❤️

      Delete
    5. සිංහල පරිවර්තන පස්සෙ පන්නන්නැතුං ඉංගිරිසි පොත් ටික හොයාගෙන කියෙවුවනං හරි. ඊබුක්ස් තියේ ඇතිපදං.

      Delete
    6. මම මේ දවස් වල ට්‍රයි කරනව. ඔය තරම් පොතක් කියවන්න තරං කඩ්ඩ පොලිස් නෑ නේ. 😒😒😒
      මේ දවස් වල ගැට ගගහ Rick Riordan ගෙ Greek Heroes කියවනව. 🙂
      දවසක පුලුවන් වෙයි ඔය මට්ටමටත් යන්න. එතකං සිංහල තමා 😔

      Delete
    7. කියවන තරමට තමා කඩ්ඩ තව තව පොලිස් වෙන්නෙ ඉතින්. Rick Riordan කියවනවනං මේක ඒ හැටි අමාරුවක් වෙන එකක් නෑ.

      Delete
    8. මම උත්සාහයක් ගත්ත. රික්ට වඩා ටිකක් සංකීර්ණයි වගේ. හිමීට බලමු. කෝමත් මේ උත්සාහය අතාරින්නෑ. ගොඩ යන්නමයි ට්‍රයි එක 😀

      Delete
  3. // ප්‍රධාන චරිතය රඟදක්වන සූරියා ගේ රඟපෑම ගැන නම් එපමණ සතුටු වෙන්න බෑ කියල හිතෙනව //

    සූරියා ගැලපෙන්නෙ අත-පය විසිකරන, ඇක්ෂන් හොඳට තියෙන චරිතවලට. ඇයි මේ චරිතෙට සූරියාව ගත්තෙ කියන එකම ප්‍රශ්නයක්. සමහරවිට මාකටිං පැත්ත බලලා ගන්නැති.

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුලුවන්. නමුත් මෙහෙම දේකුත් තියේ. සූරියගෙ ෆිල්ම් හෝල් වල පෙන්නන්නෑ කියල සිනමා ශාලා හිමියන් වර්ජනය කරල තියේ. ජෝතිකාගෙ චිත්‍රපටයක් ෆිල්ම් හෝල් වලට නොදී OTT දැම්ම කියල. මේකත් ඒ දෙන්නගෙ ප්‍රඩක්ෂන් එකක් නිසා සහ ෆිල්ම් හෝල් වල පෙන්නන්ට අවස්ථාවක් නැති නිසා සූරියවම ගත්ත වෙන්න පුලුවන්.
      කොහොම වුණත් ඒක මගෙ අදහස. නමුත් මේකට තියෙන්නෙ පොසිටිවි රිවිව්ස්. විශේෂයෙන්ම සූරියාට. හැබැයි එකක්, කොතනවත් සූරියගෙ ඇක්ටිං ගැන විශේෂයෙන් කතා කරල නෑ. 🙂
      සැර් බූරා සතුටු වෙයි කියල හිතනව මේක බලන්න පුලුවන් නම් 😃.

      Delete
  4. හිතුණනෙ බලන්නට Jai Bhim නොවැරදීම
    Subs තියෙයි නම් කෙරේවි නිසැකවම
    හොඳ වාගෙයි ඔබේ රෙකමන්ඩ් පිළිගැනුම
    එල්ලමි blog රෝලෙ ඔබගේ නමත් මම

    ReplyDelete
    Replies
    1. බලන්න. පසුතැවෙන්නැතිවෙයි කියල හිතනව. ස්තූතියි

      Delete
    2. film එක බාගෙන හිටියා subs දෙනකල්. බයිස්කෝප් සින්හලෙන් site එකෙන් ශසිත් සඳරුවන් අදයි සබ්ස් දීලා තිබුනේ.
      බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් film එක බාගන්න links කීපෙකුත් අද දාලා තිබුණා.

      https://www.baiscopelk.com/%e0%b6%a2%e0%b6%ba%e0%b7%92-%e0%b6%b7%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-2021-sinhala-subtitles/

      https://baiscopedownloads.co/jai-bhim-2021/

      විනාඩි පහකට කලින් තමා ෆිලුම බලලා ඉවර වුණේ.
      මහේෂ් මහත්තයෝ, ඔයා එක්ක තරහෙ බෑ. ඇත්තමයි. මෙච්චර සංවේදී ෆිලුමක් ගැන ඔයා ලියලා තියෙන්නේ මහ dry විදිහට කියලයි මට හිතෙන්නේ. ඒත් එහෙම හරි ලිව්ව එකට නං ගොඩාරියක් ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!!

      Delete
    3. ඇත්තටම නිදි මමත් කැමතියි ඒ විදිහට ලියන්න. ඒත් දෙපැත්තම බැලන්ස් වෙන්න මැද මාවතේ ලියන එක මට අනුව සාර්ථකයි කියල හිතෙනව. මොකද සමහරු ඒ වගේ ඒවට අකමැතියි ඒ එකක් අනික සංවේදී විදිහට ඒ කියන්නෙ අපේ හිතට දැනෙන එක ඒ විදිහටම ලියන එකෙන් ෆිල්ම් එක ස්පොයිල් වෙන්න පුලුවන් අවස්ථාව වැඩියි කියල හිතෙනව. ඉතිං මං මේ විදිහට ලියන්න කම්පනා කළා. නමුතු කීප දෙනෙක් හරි ඒ සටහන් ලියල ෆිල්ම් එක බලනව නං සතුට එපමණයි..
      ‍ඔබට බොහොමත්ම ස්තූතියි. ඒ සතුට මට ලබා දුන්නට

      Delete
    4. සතුට බෝ වේවා
      ඉතිරී පැතිර යෙත්වා
      නැණ පහන් දල්වා
      කරමු මෙලෙසින් සතට සේවා!

      Delete
  5. ++++++++++++++++ලිස්සුව

    ReplyDelete