ඉස්සරෝම කියන්න ඕන මේ සටහනෙන් කියවෙන පොත කියවන්න අංශු මාත්‍රයක අදහසක් වත් මට තිබුනෙ නෑ කියල. මොකද කියනව නං මේ පොත දකිනකං මෙහෙම පොතක් තියෙනවද කියල වත් මම දැනගෙන හිටියෙ නෑ.ඒත් අහම්බෙන් වගේ අත් දෙක උඩටම කඩං වැටුණ පොතක් කියවනව ඇර මොනව කරන්නද කියල හිතාගෙන තමයි මේක කියවන්න ගත්තෙ. හැබැයි ඒ පිටු දෙක තුනක් පෙරලෙනකං විතරයි. ඊට පස්සෙ පිටු පෙරලෙන්න ගත්තෙ මටත් නොදැනිම වගේ කිව්වොත් තමයි හරි.
කරුණාකරන්ගෙ මතක වන්නිය, ප්‍රමිලා ප්‍රදීපන් ගෙ පුවක් අත්ත,
තමිලිනී ගෙ තියුණු අසිපතක සෙවණ යට, නිරෝමි ද සොයිසාගෙ ටැමිල් ටයිග්‍රෙස් වගේ පොත් කීපයක් ඇර ලාංකීය දමිළ නිර්මාණකරුවන්ගෙ
පොත් කියවල නැති තරං. සිවානන්දන්ගෙ මතක මිය ඇදුණ සද අවුරුදු දෙක තුනක් තිස්සෙ නොකියවී
තියෙන්නෙ ඒ වගේ පොතක් එක දිගට කියවං යන්න තරං විවේකයක් නැති හින්ද. ඒ ඇරෙන්න සෙන්දිවේල්
ගෙ වඩුක්කෝට්ටෛ සිට මුලතිව් දක්වා හෙව්වත් හම්බුණේ නෑ. ඔන්නොය අව්වස්සෙ තමයි දීපචෙල්වන්
ගෙ ස්මරණ ශිලාවත හම්බෙලා ඒකත් ඇරං එද්දි මල්ලි
මේකත් කියවල බලපං කියල ඒ බුක් ස්ටෝල් එකේ හිටිය ප්‍රියමනාප මැතිතුමන් විසින් “වීණාවක් රැගෙන ගිය දරුවා” එක්ක යන්න දුන්නෙ.
දමිළ භාෂාවෙන් නිර්මාණ කරණයේ යෙදෙන ලේඛකයන් දස දෙනෙක් විසින්
රචනා කරන්නට යෙදුණ කෙටි කතා දහයක එකතුවක්, “වීණාවක් රැගෙන ගිය දරුවා” නමින් මුද්‍රණය වන්නේ ජී.ජී සරත් ආනන්ද මහතා ගෙ පරිවර්තන ප්‍රයාමයක ප්‍රතිඵලයක් ලෙස.
පරිවර්තනයේ ඇති සුමට බව නිසාමදෝ පොතෙහි ඉදිරිපත් වන කෙටිකතා කිහිපය බොහොම බරසාරෙට හදවතට
ආමන්ත්‍රණය කරන්නට සමත් වෙනව.
මේ සටහනේ එකම අරමුණ මේ
පොත කියවන්න යැයි ඔබට යෝජනා කරන එක වුණත් පොතේ අන්තර්ගතය ගැන යම් කෙටි සටහනක් තබන්නට
හිතුණ. කොහෙත්ම මේක රිවීව් එකක් නෙවෙයි කියල හිතුවට කමක් නෑ කියලත් මම යෝජනා කරනව.
මේ කෙටිකතා සංග්‍රහයෙ එන කතා අතරින් වැඩිපුරම මගෙ සිත සසල
කළේ “අවසන් ගෞරවය” සහ “වීණාවක් රැගෙන ගිය දරුවා” යන කෙටි කතා දෙක නිසා ඒ ගැන ඉස්සරෝම යමක් සටහන් කරන්න හිතුව.
පශ්චාත් යුධ සමය පසුබිම්ව නිර්මාණය වන එම කෙටි කතා දෙකටම පාදක වෙන්නෙ කුඩා දරුවන් දෙදෙනෙක්.
යුද්ධය දරුවන්ට කොහොම බලපාන්න ඇතිද, අවසාන ප්‍රතිඵලය මොන වගේ වෙන්න පුළුවන්ද. ඒ දරුවන්නේ
අපේක්ෂා මොනවද කියල සිතන්නට බලකරන, සහකම්පනයක් ජනිත කරවන කතා දෙකක් විදිහට මම “අවසන් ගෞරවය” සහ “වීණාවක් රැගෙන ගිය දරුවා” සලකනව. කියවල අවසන් වෙලත් බොහෝ වෙලාවක් ගත වෙලා තිබුණත්
මගෙ හිත වැඩියෙන්ම ප්‍රකම්පනය කළේ මේගවණ්නන් ද නැතිනම් වරදන්ද කියල මම තාම කල්පනා කරනව.
“වන්දි මුදල් චක්‍රය” කෙටිකතාවත් යුද්ධයට පසුව දිගහැරෙන සිදුවීමක් ලෙස නිරූපණය
වෙන්නෙ සැබෑ අත්දැකීමක් බවට වන සඳහනක් සහිත පොල්ලකින් පාඨකයාගෙ ඔළුව මැදටම පහර දෙමින්.
ලංකාවේ ජිවත් වන තවත් සුළු ජනකොටසක් නියෝජනය කරන වයසක පුද්ගලයෙක් අනුභූත වන මෙම කෙටිකතාව ඔහුගේ ආබාධිත
බව හේතුවෙන් රජය විසින් ලබා දෙන ආධාරයක් ගැනීමට කරන උත්සාහයක් කෙටිකතාව පුරාම, පාඨකයා තුළ තරහව ශෝකය කරුණ රසය ආදී හැඟීම් ඇති කරමින් ඒ
තුළ අතර අතරමං කරමින් ගලා යයි.
කඳුකර දමිළ ප්‍රජාව නිරුපණය කරන “කන්‍ය අරණ” සහ “කඩදාසි ප්‍රජාව” කෙටිකතා අව වරප්‍රසාදිත සුළු ජන කොටසක් ලෙසට ඔවුන් ලැබූ සැලකිල්ල නිරූපණය කරමින්
ගලා යන්නේ සියල්ලෝම මිනිසුන් වන සමාජයක උපන් බිමක් හෝ එහි අයිතියක් හෝ නැති ඔවුන්ගේ
මානව අයිතීන් පිළිබඳ සාකච්චා කරන්නට බලකරමිනි. මැතක් වන තුරු ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත්
අංකය අගට එක්ස් අකුර තිබූ බවට ඔබට පවා මතක ඇතැයි සිතමි.
“දුක හිතුණා රත්තරනේ” සහ “වීදි පරඬැල්” කෙටිකතා ද්වය ඒවායේ තේමාවෙන් පාඨකයාට ආගන්තුක නොවූවත් ඉදිරිපත් කිරීමේ ශෛලිය
ද කතා කීමේ ලා කතුවරයා දක්වන සුහුරු බවද නිසා අපූරු රසයක් ජනිත කරන්නට සමත් බව ද සඳහන්
කළ යුතුය.
“ගච්චාමි” කෙටිකතාව පසුගිය කාලයේ ලංකාවේ ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක්
වූ බුදු රුව පච්ච කොටා ලංකාවට ආ සුදු ජාතික කාන්තාව ප්‍රස්තුත කොට ලියන ලද්දක් ලෙස සැලකිය හැක.
එසේම තහනම් ප්‍රේමයක් ගැන කියන “අශෝක උයන්” කෙටිකතාව ද වෙනස් ඉදිරිපත් කිරීමක් සහිත කතාවක් සේම කෙටිකතා
සංග්‍රහයට විවිධත්වයක් ඇති කරන ලද කෙටිකතාවක් ලෙස සැලකිව හැකිය.
මේගවණ්ණන් ලා වරදන් ලා අබ්දුල් ලා නල්ලසාමි ලා සුප්පෛයලා
පුෂ්පමාලා ලා නිසා බරවුණ හිත හෑල්ලු කරන්නටම දෝ දස වන කතාව ලෙස එකතු කර ඇති “ලස්සන ම දවස” කෙටිකතාව මනා හාස්‍යය යක් ජනිත කරවන්නට සමත් වූ කෙටිකතාවකි.
සහෝදර ප්‍රජාවන් ලෙස වෙසෙන ඔවුන් ගේ සිතුම් පැතුම් අපට ද,
අප සිතුම් පැතුම් ඔවුන්ටද කෙතරම් ආගන්තූක ව ඇති ද, මිනිසුන් ලෙස අප කෙතරම් එකිනෙකාට
ආගන්තුකද යන මානව හැගීම් ජනිත කරවන්නට සමත් කෙටි කතා කිහිපයකින් සමන්විත “වීණාවක් රැගෙන ගිය
දරුවා” කෙටිකතා සංග්‍රහය බොහෝකලකින්
කියවූ වෙනස්ම මතවාදයක් ජනනය කරන කෙටිකතා සංග්‍රහයක් ලෙස දකිමි.
වීණාවක් රැගෙන ගිය දරුවා - ලාංකේය දෙමළ කෙටිකතා
පරිවර්තනය - ජී.ජී සරත් ආනන්ද
ප්‍රකාශනය - කඩුල්ල පබ්ලිකේශන්
පිටු -127
මිල - රු. 1000.00
වීණාවක් රැගෙන ගිය දරුවා හොයන්න ගිහිල්ල අමතක වුණ දීපචෙල්වන්ගෙ “ස්මාරක ශිලාවත”ත් පැත්තක. සමහර වෙලාවට ඒක කියෙව්වමත් මොනව හරි කුරුටු ගෑවෙන්න
පුලුවන්. එහෙම වුණොත් බලමු
කතාවක් ලියල වෙන්ටෑ කියල පිඹගෙන ආවෙ. දැන් ලියන්නෙ පොත් විචාර විතරමද? අපිට කොයින්දෑ පූෂො මූදු මාලු........
ReplyDeleteනෑ.නෑ. මොනා හරි කරන්න ඕන. මේ බ්ලොගේ පස්න විසඳෙන්නැති එකයි අවුල.
Deleteමොනා හරි ඉක්මණට ලියන්නංකෝ.
මේ පොතේ ටයිටලේ ගැන අජිත්තයිය කතා වක් කිව්ව. අහල බලන්නකෝ 🙆🙆
දැන් පස්න නෑ නෙ. බොරු නොකර හිටහං 😄🙈
Deleteඋබ ආපහු ලියන එක විතරක් ම ගත්තත්, කදිමයි මහේෂ්.
ReplyDelete"හා! දාපිය දෙක, දෙක. අපට තමා පුෂ්,පුෂ්" කියල බොට බනින්න කටගත්ත විතරයි. එතකොටයි දැක්කෙ මගෙ පොස්ට්, බොගෙ රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑ කියලා.😒
Delete@ඩ්‍රැකි.. මොනා හරි ලියමු නේහ් 😁😁😁
Deleteබසූ... කෝ බං නයා 🙆🙆
වවුලෙකුට දෙන්න චෝට් එකක් හොයනව
Deleteදැං නයි වවුලන්ට ටෝච් දීල ..
Deleteආ.. ගහපං ඔළුවටම කියනවද..
නැත්තං වවුලොයි නයි සැට් එකයි එකතු වෙලා බස්සන්ට තලනවත 🤭🤭🤭
නෑ, නයා ටෝච් හොයලා දුන්නම වවුල් ආදිපාද ලෙසටම සලකනවා, පතෑං. 😉
Delete,+++++++>¡++++++
ReplyDeleteකොළොම්පුරේ ශ්‍රියා.. කොළොම්පුරේ ශ්‍රියා..
Deleteබෝම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා..
+++++++
ReplyDeleteලොකු සෑර්.. එනවට ඉස්කෝතුයි 🤭🤭
Delete+++++
ReplyDeleteආවට ස්තූතියි ඉයන් අයියා ❤
Deleteමේ කාලේ කියවන්න වටින පොතක් හඳුන්වා දීමත් හරි පිනක්!
ReplyDeleteකියවන්න.. කියවන්න.. අපූරු කතා කීපයක් තියෙන්නෙ.. ❤
Deleteකෙටිකථා සංග්‍රහය කියවන්න කැමැතියි. නමුත් ඔය "විණාව රැගෙන ගිය දරුවා කතාව " බිබිසි එකේ හිටපු ප්‍රියත් ලියනගේ ගේ ඩොකු ෆිල්ම් එකක්.
ReplyDeleteනිර්මාණ කොල්ලය නවත්තන්ට පුලුවන් දෙයක් නෙවී නේ. අපි ඒ ගැන වෙනම කතා කරමු. කෝම හරි ඒ ඩොක්‍යුමන්ට්‍රි එක හොයාගන්න ඕන
Deleteඑහෙම වෙනකොට ලියන්න හිතෙන්නේ නැහැ. හිත බ්ලොක් වෙනවා මටනම්. ප්‍රියත් දැන් කොහොමත් ජිවතුන් අතර නැහැනේ.
Deleteඔයාට මම ඒකෙ ලින්ක් එක එව්වනේ. https://www.bbc.co.uk/news/world-asia-15818972?fbclid=IwAR2E0zOlVCo4sTqKBmtwgfne1CuEMUfUvM6YOk7Dm1QCFrTVKB0td_0OJZc
Deleteඑහෙනං ඔයා මේක කියවන්නම ඕන. මේගවණ්නන් සත්තියන් හොයං ඇවිත් රෝහිත් කෝ අහද්දි තමා සත්තියන් දකින්නෙ රෝහිත් මැරිල කියල. මං හිතන්නෙ චෙල්වන් මේක ලියන්නෙ ඒ ඔක්කම එකතු කරල. පොටොස් ටිකක් එවන්නද.
Deleteමේ ලිංක් එකේ තියෙන වීඩියෝව වැඩ නැහැ අයියා.
මම දැන් බැලුවා. වැඩ කරනවා. https://www.bbc.co.uk/news/world-asia-15818972
Deleteමේ ලිංක් එකට ස්තූතියි අයියා. මේ කෙටිකතාව ගැන සහ වීඩියෝව ගැන මට වෙනම පෝස්ට් එකක් ලියන්න හිතෙනව. නමුත් පියත් ගැන වත් ඔහුගෙ කාර්යභාරය ගැනවත් නොදන්නා කම අඩුවක්. ඔයාට බැරි වෙයිද ඒ ගැන ලපියක් ලියන්න. සෑහෙන්න වටිනාකමක් තියෙයි කියල හිතනව.
Deleteස්තූතියි මේ වීඩියෝව හොයල දෙන්න වුණ සියලු මහන්සියට ❤
කතාව ලියල තියෙනව විදියටනම් කියවන්න ආස හිතෙනව කොල්ලො
ReplyDeleteකියවමු.. කියවමු.. ඒකයි වෙන්ට ඕන ❤❤
Deleteඔය පරිවර්තන කරලා තියෙන්නේ එකම NGO කණ්ඩායමක් නේද?
ReplyDeleteඔබ අහන ප්‍රශ්නය තේරෙන්නෙ නෑ.
Deleteනමුත් පෝස්ටුව කියවූවා නම් සමහරවිට පිළිතුරක් ලැබෙන්න තිබුණ.
මේක සමූහ ව්‍යපෘතියක් නෙවෙයි.
තනි පුුුද්ගල ප්‍රයාමයක්.
විසුල කියන එක හරි. ඒක NGO එකකට වඩා ටැමිල් කට්ටියක් එකතු වෙලා සිංහල පොත් දෙමළට සහ දෙමල පොත් සිංහලට පරිවර්තනය කරන ව්‍යාපෘතියක් පටන් අරන් තියෙන්නේ. අවුරුද්දක දෙකක් ඉඳන්
Deleteඒ කියන්නෙ ඒක හොඳ දෙයක් නේ. නමුත් එව්ව කියවන්න අපිට ලැබෙන අවස්ථාව අඩුයි නේ. මොකද ඒ ගැන තොරතුරු ලැබෙන්නෑනේ. ඒ තොරතුරුත් ප්‍රසිද්ධ වෙනව නං ඒ පොත් හොයල කියවන්න පුලුවන්.
Deleteදෙක දෙක 🤭🤭🤭
ReplyDeleteකම්මලය ළඟදි නුවරඑළි පැත්තෙ ගිහිල්ල වගේ.
ReplyDeleteපොත් කියෝන ගමං මේකෙ මොනව හරි ලිවුවොත් නරකද ඉඳං
ReplyDeleteගූගලය මාව කම්මැලි කරල තියෙන්නෙ ප්‍රසා.එපාම කරවල තිබ්බෙ
Deleteහරි ඒ ඉස්සරනෙ?දැන් හරිනෙ? ලියහං .
Deleteමොකද්දෑ ප්‍රසා ඒ හරුපෙ 🤭🤭
ReplyDeleteඔය කොමෙන්ට් ඩබොල් දාන එකේ පේටන්ට් එක තියෙන්නෙ ඩබල් ආදිපාද කම්මලයට තමයි.
ReplyDeleteහරි.. හරිි දැං නේ පත්තු වුණේ. 😁😁
ReplyDeletehttps://youtu.be/RzrjA3nupa4
ReplyDeleteස්තූතියි අටං අයියා. ඒ වගේම සොරි ලේට්්රි ප්ලයි එකට.
Deleteඅර වැව් ඉස්මත්තෙ කියන්නැහේ මහේශ්ගෙ රචනාවෙත් අමුතු ගතියක් තියෙනව. පොත අඳුන්වා දුන්න වගේම ඒ ගැන රසවත්ව ලිවීම ගැනත් ඉස්තූතිය.
ReplyDelete😍😍😘
Deleteමේ පොත ගැන ඔත්තුව දුන්නාට ස්තූතියි
ReplyDelete😘😘😍 සතුටක් මට
Deleteසතුටුයි මෙහෙම පොත් ගැන තතු කියෙව්වම
ReplyDeleteදුකයි හැබෑටම දැන් ඇත- දුරස්කම
ඉස්සර තරම් පොත් නැත්තෙන් අත ළඟම
කියවෙන්නේ වැඩිය 'ජාලය' දෙන දේම
😍😍😍
Deleteපොත් අපේ නෙත්.වගේ
අඩේ කාලෙකට කලින් මල් මසුරං දෙමළ පරිවර්තන කෙටි කතා වගහක් කියෙව්ව. ආයෙම හම්බුනොතින්... බ්ලොගේ දාන්නම් හිට
ReplyDeleteඋඹ දාපුව මම තාම කියවනව 🤭🤭😁
Delete