මෝහන් කුමාර් නැත්නම් සයනයිඩ් මෝහන් කියන්නෙ දාම ඝාතකයෙක්. ඔහුගෙ අවසාන ගොදුරු ප්රයත්නය විදිහට සලකන්නෙ අනීතා කියන තරුණිය. 2009 දවසක ඇය හදිසියෙම අතුරුදහන් වෙනව. හුඟක් ඉන්දීය තරුණියන් වගේම ඇයත්.කවුරු හරි සමඟ පැනල යන්න ඇති කියල හිතුවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීන්ට වෙනත් අතුරුදහන් වීම් හා සම්බන්ධ තොරතුරු රැසක් මේ අතුරුදහන් වීම සමග දැනගන්නට ලැබෙනව. ඒ හෝඩුවාවන් ඔස්සේ ඉදිරියට යන පොලිසියට සයනයිඩ් මෝහන් හෙවත් මෝහන් කුමාර්ව හම්බ වෙනව.
නිසි වයසට පත්වුණත් විවාහය කියන්නේ ඉන්දියානු තරුණියන්ට ටිකක් දුෂ්කර බලාපොරොත්තුවක්. සමේ පැහැය, කුලය, දෑවැද්ද, ආදී බොහෝ සාධක ඇගේ විවාහයට බලපානවා. අන්න ඒ වගේ තරුණියන් ඉලක්ක කරන මෝහන් ඔවුන්ව දෑවැදි බලාපොරොත්තුවකින් තොරව වගේම ඔවුන්ගේ සෙසු සාධක ගැනත් නොසලකා ඔවුන් විවාහ කරගන්නවා කියන පොරොන්දුව දෙන අතරම ඔවුන් රවටාගෙන ඔවුන් සමග ලිංගිකව හැසිරෙමින් අනතුරුව ඇයව ගැබ් ගැනීම පිළිබඳව හිතේ බියක් ඇති කරමින් සයනයිඩ් පෙත්තක් ඇයට බොන්නට දී ඇයව ඝාතනය කරල එම තරුණියන්ගේ මුදල් සහ ආභරණ රැගෙන පලා යනවා. අනීතාගේ සිදුවීමේදී ඔහුව කොටු කර ගන්නට සමත් වෙන පොලිසිය ඔහු කෙරේ තරුණියන් දාහත් දෙනෙකුගේ අතුරුදහන්වීම් හා මරණ චෝදනා ගොනුකරමින් අධිකරණය හමුවේ ඔහුට මරණ දඬුවම ලබාදීමට කටයුතු කරනවා. නමුත් පසුව අධිකරණය විසින් ඔහුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස එම දඬුවම වෙනස් කරනවා.
මේ සිදුවීම සම්බන්ධ කරගෙන අක්ෂය සරේ කියන අධ්යක්ෂ වරයා චිත්‍රපටයක් නිර්මාණය කරනව. ඒ තමයි Bhagwat: Chapter 01 - Raakshas. අද කතා කරන්නෙ ඒ ගැන.
Bhagwat: Chapter 01 - Raakshas කියන්නේ 2025 අවුරුද්දේ ZEE නාලිකාව මගින් OTT Release කරපු අලුත්ම Crime Thriller චිත්‍රපටය. Bhagwat: Chapter 01 - Raakshas අධ්‍යක්ෂණය කරන්නේ අක්ෂය සේරේ විසින් මීට පෙර සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරලා තිබුන අක්ෂයගේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට ප්‍රසිද්ධ වේදිකාව ආමන්ත්‍රණය කරන පළවෙනි නිර්මාණය භග්වත් කියල කියන්න පුළුවන්.
Inspector Bhagwat විදිහට රඟපාන්නේ අප හොඳටම දන්න කියන අර්ෂාඩ් වාර්සි. ඔහුට ඔහුගේ සුපුරුදු comedic Act එකෙන් සෑහෙන දුරක තියෙන ක්ෂණිකව කෝප ගැන්වෙන, ක්ෂණිකව ප්‍රතිචාර දක්වන, නමුත් නීතිගරුක පොලිස් පරීක්ෂකවරයෙකුගේ චරිතය ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තු කඩ නොකර රඳවා තබාගන්නට සමත් වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල චරිතයට ආවේණික විදිහට හැඟීම් ප්‍රකාශ කිරීමේ අඩුවක් තිබුණ බවත් මම දුටුවා.
මෙහි Villain Act එක කරන්නේ ජිතේන්ද්‍ර කුමාර්. හැඟීම් ප්රකාශනය සහ තමන්ට ලැබී තිබෙන තිර කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරලා තිබුණු බව පෙනුනත් පිටපතේ තිබෙන යම් යම් දුර්වලතාවයන් වීරයා සහ ප්රතිවිරයා කියන දෙන්නටම බලපාලා තියෙන බවක් දක්නට ලැබෙනවා. අධ්‍යක්ෂකවරයා දුෂ්ටයාගේ රංගන පරාසය ගැන මීට වඩා සැලකිලිමත් වුණා නම් ජිතේන්ද්‍රගෙන්, රාජ්කුමාර් නැත්නම් සමීර් කියන චරිත හරහා මීට වඩා මතක හිටින දුෂ්ටයෙක් අපිට බලාගන්න තිබුණා. ඇත්තටම රාට්සසන්හි සරවනන්ගේ ක්රිස්ටෝපරුත්, ස්පයිඩර් හි එස්. ජේ සූර්යයාගේ සුඩලායි ත් මීට වඩා රසිකයන්ට මතක හිටිය දුෂ්ඨ චරිත කියලා මම හිතනවා.
කැමරාකරණය, සිනමටෝග්‍රැෆි නම් හොඳ තැනක තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් පෙර කිව්වා වගේ කතාව ගලායාමේ ස්වභාවය සහ දුර්වල තිර රචනය සිනමාපටයේ වින්දනය මන්දගාමී කරනවා කියලා මට හිතෙනවා. Bhagwat කියන්නේ සුපිරි වීර පොලිස් නිලධාරියෙක්වත්, නීතියට පිටින් හෝ වැඩ කරලා තමන්ගේ ඉලක්කය කොහොම හරි සපුර ගන්න පොලිස් නිලධාරියෙක් නොවී අති සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් වීම නිසා සමහර අවස්ථාවල (වාණිජ මට්ටමේ මේ තේමාවෙන් යුක්ත වෙනත් හින්දි චිත්‍රපට වලට සාපේක්ෂව) ප්‍රේක්ෂකයාට තමන් බලාපොරොත්තු වෙන ආකාරයේම නැති අවස්ථාවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා. නමුත් කියන්නම අවශ්‍යයි හොඳ Nail Bitting Experience එකක් දුන්න සිනමා පටයක් විදිහට Bhagwat: Chapter 01 - Raakshas හඳුන්වන්න පුළුවන් වගේම එක්තරා දුරකට Long lasting impact එකක් දෙන්න අසමත් වුන නිර්මාණයක් විදියටත් මම දකිනවා.


මේ දවස්වල තරුණියො අතුරුදන් වෙනව වැඩියි. වැස්ස හින්දද මන්ද.
ReplyDeleteඅල කොමාත් නේස් කෙනෙක් උස්සල තිබ්බෙ පහුගිය දොහේ.
අල කොමා නං ඔය කෙල්ලො උෂ්ෂන එකන් අලයක් වගේ බිම් ගත වෙලා තමා නවතින්නෙ 😏😏
Deleteනයින්ට වැහි කාලෙ කොහොමෙයි දන්නෑ 😁
Deleteඅර... සුනිල් මාධව ප්‍රේමතිලක ආප්ප කඩේකට ගොඩ වෙලා ආප්පයක් කෑවත් චේ ගැන කතාවක් කියනව වගේ, මේ නාගසිංහ ගොයියා අවන්හලට ගොඩ වෙලත් මාව මතක් කරන එක ඒ සමාන ම ගෞරවයක් හැටියට සළකනවා.
Deleteඅවුරුදු පන්සියකට විතර පස්සේ අලකොමා කියන්නේ කාටද කියල තේරුම් ගත්ත කියහන්කෝ
Delete@ඩ්රැක් 🤭🤭🤭😂😂
Delete@අජිතයියා ඒ හරි මදැයි 😂😂
+++++++++++++++++++++💐
ReplyDeleteබලන, නොබලන එක තීරණය කරන්නත් විචාරයක් තියෙන්නෙ එපැයි? ඒක ලිව්වට ස්තූතියි. මම විචාරයක් නොබලා "රේඛාචිත්‍රම්" බැලුවෙ නිදි දීපු ඔත්තුවකින්.
රේඛචිත්රම් කියන්නෙ වෙනම ලෙවල් එකක්. ඒක ඉවර වෙන විදිහ ගෙස් කරන එකත් මාර ආතල් 😃😃
Deleteමේක තනිකර ඊළඟට අරූ මක්ක කරයිද ඇයි අර ඉස්පැට්ටරට සුපර් පවර්ස් නැත්තෙ කියල හිතෙන Nail Biting ආතල් එකක්
+++++++++++++++++
ReplyDelete++++++++++
Deleteමේක මං බලන් නෑ.
ReplyDeleteඒම කරන්නෙපා. පව් නේ 😃😃
Deleteබලලයි තිබුණෙ මෙය- ටික දවසකට කලින්
ReplyDeleteදහයෙන් හයක් ගත්තා මගෙ ලකුණුවලින්
රකුසෙකු තමයි දුෂ්ටය අමනුස්සකමින්
plot එක හොඳයි, ෆිලුමත් ගති තමයි ඉතිං
ඔව්. ඒත් දුෂටය මීට වඩා ස්ට්‍රොං කරන්න තිබුණ. ශරීර ශක්තියෙන් නෙවී. කැරැක්ට එකෙන්
Deleteනැද්ද..නිදි අයිය මොකද කියන්නෙ
මට නම් හිතුණේම මහේෂ්, දුෂ්ටයාගේ නරුමකම හොඳටම ඇති කියලයි.
Deleteඉන්දියන් ඒවා බලනවා සෑහෙන්න අඩුයි . නිදි කිව්වොත් බලනව ඉතීම් . මේක හොඳයි වගේ . නෙට්ෆ්ලික්ස් යන එඩ් ගේන් ගේ කතාව බැලුවද ඒක පට්ට . හිච්කොක් සයිකෝ හැදුවේ ඌ දිහා බලලානේ
ReplyDeleteMonster කියන්නේ සීරීස් එකක් නෙව අජිත් මහත්තයෝ.
DeleteMonster සීසන් තුනක් ආව නෙව. බලන්න බැරි වුණා. සීරිස් බැලෙනව අඩුයි අජිතයියා.
Deleteඅන්නේකයි නිදි අයියා.. මට නං ෆෝකස් කරන්නම බෑ දැං
https://www.youtube.com/watch?v=Y3GWkd3HI9E
ReplyDelete10,09,08 වෙනකං බැලුව. එතනිං එහා නං බැලුවෙ නෑ. Dystopian Movies වගේ නේද. එක දිගට ඒ ජොන්ර එකේ මූවිස් බලනව කියන්නෙම පිස්සු මංඥං වෙන වැඩක්.
Deleteාකාච්චර ෆිල්ම් බැලුවත් පොත් කියව්වත් මට තාම 1984 ඉවර කරන්න බැරි වුණා. තනිකරම ස්ට්‍රෙස් වෙනව කියවං යද්දි
A Portrait of a Lady on Fire
ReplyDeletehttps://www.youtube.com/watch?v=GRN2taEky3M&list=PLAW5YtAKmjUSmxgX8fi_wnBPp5To3DrP6
මේක නං බලල නෑ. රොමෑන්ස් ඩ්‍රාමා කියන්නෙ ෆුල්ම චිල් එකේ වැහි වැක්කෙරෙන හවස් වරුවක චූටි ෂොට් එකක් එක්ක කජු ඇටයක් හපන ගමං එන්ජෝයිකරන්න ඕන කැටගරියක්. මදිපාඩුවට ළඟ මායියත් හිටියම පංකාදුයි 🙈🙈🙈
DeleteCrime series/ movies වලට මමත් කැමතියි. Gone Girls: The Long Island Serial Killer කියන්නේ මේහා සමාන Docu-series එකක්. Sex worker කියන ලේබලය අලවලා ඇමෙරිකානු නීතිය පසිඳලන ආයතන මේ අතුරුදහන් වීම් මුලදී ගණන් නොගෙන ඉන්න හැටි පෙන්නුම් කරනවා.
ReplyDelete