Monday, February 9, 2026

අපි අපේ වෙලා එක මොහොතක් උයනක් වෙරළක

             


ලබලකාරී ඒ නගරයෙන් මදක් දුරින් නිස්කාංසුවේ පිහිටා තිබූ ඒ රෙස්ටොරන්ටුවේ වීදුරු කවුළු වලට එපිටින් මහ වැස්සක් ඇද හැලෙමින් තිබිණ. බොහෝ දිනක් දැඩි අව් රශ්මියෙන් පීඩාවට පත් වී වියළී මළානික වී උන් තුරුලතාවෝ ඒ වරුසාවෙන් සිත්සේ නිවෙමිනි. සැනහෙමිනි. රෙස්ටොරන්ටුව ඇතුලේ සිට වරුසාව දෙස බලාගෙන නිහඬව සිටි යුවළකි. ඔවුන් දෙදෙනගේම මුහුණු උතුරා ගලා යන්නට තරම් පිරී තිබූ හැඟීම් ගොන්නකි. නමුත් ඒ වීදුරු කවුළු වලට ඔබ්බෙන් වැටෙන වරුසාවෙන් නෙත් මුදවා ඔවුනොවුන් දෙස බලන මොහොත තෙක් පමණි. දෙදෙනගේ නෙත් යුග එකිනෙක ගැටුණ පළමු තත්පරයේ දී ම දෙදෙනගේ මුහුණු අමුතු ජීවයකින් පිරී ඉතිරී ගියේය. ඔවුනොවුන් මොහොතක් එකිනෙකා දෙස තවත් තත්පර කිහිපයක් බලා සිටියෝය. ඔවුන් මුණ ගැසුණේ හදිසියේම ය. ඒ දින ගණනාවක කෙටි පණිවිඩ එහා මෙහා යාමක ප්‍රතිඵලයක් ලෙසිනි. එය අහම්බයකින් ඇරඹුණක් විය. ඔවුන්ගේ මේ හමුවීම ඒ අහම්බයේ ප්‍රතිඵලයකි. එසේම කෙටි මුත් දිගු කතාවකි. 

වීදුරු ජනෙල් මත ⁣වියරුවෙන් මෙන් වැදී විසිරෙන වැහි බිංදු මෙන්ම, ඔවුන්ගේ හදවත් ද අතීතයේ සහ වර්තමානයේ හැඟීම්වලින් තෙත් වෙමින්ද හැගීම් විසුරුවමින් ද තිබිණි.

"ඔයා ගොඩක් වෙනස් වෙලා ගයූ..." ඔහු මුල්වරට නිහඬතාවය බින්දේය. ඔහුගේ හඬෙහි තිබූ ගැඹුරු බව ඇගේ හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කළේ ය.

ඇය මඳ සිනහවක් පෑවාය. ඇගේ දෑස්වල තිබුණේ විවාහ ජීවිතයේ විඩාපත් බව වසාගත්, නමුත් ඔහු නිසාම හටගත් මෝහනීය දීප්තියකි. "කාලය හැමෝම වෙනස් කරනවා හෂ්. ඒත් ඔයාගේ ඒ බැල්ම... ඒක නම් එදා වගේමයි."

තම තමන්ගේ විවාහයන් තුළ අත්විඳින හුදෙකලාව සහ නොගැලපීම් ගැන ඔවුන් දීර්ඝව කතා කළේ නැත. නමුත් ඔවුන්ගේ දෑස්වලින් කියවුණේ අනන්තයකි. ෆේස්බුක් පණිවිඩ හරහා යළි පණ ගැන්වුණු ඒ බැඳීම, දැන් මේ මේසය මත එකිනෙකාට සමීප වෙමින් පවතින දෑත් දක්වා දුරක් පැමිණ තිබේ.

ඔහු සෙමින් ඇගේ අත මත තම අත තැබුවේය. ඒ ස්පර්ශය රළු නමුත් ඉතා උණුසුම්ය. ඇගේ ගත පුරා විදුලියක් කෙටුවාක් වැනි හැඟීමක් පැතිර ගියේය. වසර ගණනාවක් තිස්සේ ඇගේ ආත්මය පිපාසිතව සිටි ඒ ආදරණීය උණුහුම ඇයට දැනෙන්නට විය.

"අපි එදා මෙහෙම කතා කලා නම්… මේ කතාවන් එදා කතා කලා නම්" ඔහු මිමිණුවේය.

"එදා අපි බය වුණා වුණා වැඩි ඇති හෂ්. නැත්තං අපිට මේ වගේ වෙයි කියල හිතන්න නැතිව ඇති. ඒත් අද..." ඇය ඔහු දෙස බැලුවේ අභියෝගාත්මක මෙන්ම ආරාධනීය බැල්මකිනි.

ඔවුන් අතර තිබූ වාතය පවා බර විය. ඒ හුදෙක් මිතුදමක බර නොව, වසර ගණනාවක් පුරා සිර කරගෙන සිටි ප්‍රබල ආශාවක සහ ප්‍රේමයක මිශ්‍රණයකි. ඇගේ සුවඳ ඔහුගේ නාස් පුඩු අද්දර දැවටෙද්දී, ඔහුට සිතුණේ ලෝකයම නතර වී ඔවුන් දෙදෙනා පමණක් මේ මොහොතේ ඉතිරි වූවා නම් කියාය.

ඔවුන්ගේ ලෝක ගොඩනැගී තිබුණේ එකිනෙකට වෙනස් සමාජ ස්ථර දෙකක් මතය. හර්ෂ් ඔහු ජීවත් වන සමාජයේ පිළිගත් කාර්යබහුල ඉංජිනේරුවෙකි. ඔහුගේ ජීවිතය ගෙවුණේ නිසල නිවාස ව්‍යාපෘති සහ නිමාවක් නැති රැස්වීම් මැදය. ඔහුගේ විවාහය හුදෙක් 'ගිවිසුමක්' වැනි විය; එහි ගෞරවය තිබුණද, ආත්මීය බැඳීමක් හෝ උණුසුමක් තිබුණේ නැත.

අනෙක් අතට ගයානි, පෞද්ගලික බැංකුවක විධායක නිලධාරිනියකි. ඇය පිටතින් ඉතා ශක්තිමත් ගැහැනියක ලෙස පෙනුනද, ඇගේ නිවස තුළ තිබුණේ මරාන්තික නිශ්ශබ්දතාවයකි. ඇගේ සැමියා සහ ඇය අතර වූ පරතරය කාලයත් සමඟ සාගරයක් තරම් පළල් වී තිබුණි.

පාසල් කාලයේදී ඔහු ක්‍රීඩා අංශයෙන් කැපී පෙනුණු, එහෙත් අහිංසක තරුණයෙකි. ඇය, ශාස්ත්‍රීය අංශයෙන් ඉදිරියෙන් සිටි, සැමගේ අවධානය දිනාගත් යුවතියකි. එදා පුස්තකාලයේ පොත් රාක්ක අතරේදී සහ බස් නැවතුමේදී හුවමාරු කරගත් නිහඬ බැල්මවල් තුළ ප්‍රබල ප්‍රේමයක් සැඟව තිබුණා වුව, පාසල් පසුබිමද තරුණ වියේ වූ සබකෝලයද නිසා ඒ හැඟීම් වචන බවට පත් නොවී වැළලී ගියේ තවත් එක් අප්‍රකාශිත ප්‍රේම කතාවක සුසුම් සඟවමිනි. එදායින් පසු ඔවුන් හමු නොවූ තරම්ය. හමු වුව ද නොදකින්නට ඇත. එහෙත් දැං කතාව වෙනස්ය. ඔවුන් හමුව ඇත. කතා බහ කරමින් සිටියි. එකිනෙකා කෙරේ වන හැගීම් විවෘත කරගනිමින් සිටියි. ප්‍රේමාශක්ත වෙමින් සිටියි.

පාසැල් නිම වීමෙනුත් වසර දොළහකටත් වඩා කාලයකට පසුව මුහුණු පොතේ උඩ පහළ ස්ක්‍රොල් කරන අතර තුරදී "Suggested Friends" ලැයිස්තුවේ ගයානිගේ මුහුණ දුටු විට හර්ෂ්ගේ හදවත නතර වුණාක් මෙන් දැනුණි. ඇය කරා මිතුරු ඇරයුම නික්මුණේ ඔහුටද නොදැනීමය. ඒ මොහොතේ සිට ඇය මිතුරු ඇරයුම පිළිගන්නා තෙක් වූ පැය කිහිපයක කාලය සති ගණනක් තරම් දිගට දැණුන බව ඔහුට තවම මතකය. ප්‍රථම පණිවිඩය නික්මුණේ ඔහු අතිනි. කුඩා සහ සරල යුනිවර්සල් Hi එකකි. අනතුරුව ඇය ද, ඉන්පසුව නැවතත් ඔහුද ලෙස එකිනෙකා අතර වේගවත්ව පණිවුඩ හුවමාරු විය. එතැන් සිට කෙටි පණිවිඩ හරහා ඇරඹුණු කතාව, දුරකථන ඇමතුම් ද, රහසිගත වීඩියෝ ඇමතුම්ද ලෙස දිගු වී සති කිහිපයක් ඇතුළත රහසිගත හමුවීමක් දක්වා දුරදිග ගියේය.

දැන්, ඒ කුඩා ආපනශාලාවේ කෙළවරක අසුන්ගෙන සිටින ඔවුන් දෙදෙනාට දැනෙන්නේ තමන් වැරදි කාලයක හමුවූ නිවැරදි පුද්ගලයන් බවයි.

"හෂ්, මම දන්නවා අපි මේ කරන්න හදන්නේ මොකක්ද කියලා..." ඇය තම වයින් වීදුරුව දෙස බලමින් මිමිණුවාය. ඇගේ දෑත් ඔහු දෑත් අතර පැටලී තිබිණ. ඒවායේ වන මුදු උණුහුම් රස්නය ඔහුගේ හදවත උණුසුම් කළේය. ඇගේ හඬෙහි වෙව්ලීමක් තිබුණි. "අපි දෙන්නටම වගකීම් තියෙනවා. ලෝකෙ ඉස්සරහ හරි පාට්නර්ල ඉන්නව. ඒක ඇත්ත.. ඒත් මගේ හිතේ තියෙන මේ හිස්තැන පුරවන්න පුළුවන් ඔයාට විතරයි. 

ඔහු ඇගේ දෑස් දෙස කෙලින්ම බැලුවේය. එහි වූයේ බියක් නොව, වසර ගණනාවක් තිස්සේ සිරකරගෙන සිටි ප්‍රබල පිපාසයකි. "අපි හැමදාම ජීවත් වුණේ අනිත් අය වෙනුවෙන් ගයූ…. එක මොහොතක්... එකම එක සැරයක් අපි අපේ හදවතට අවංක වෙමු."

ඔහුගේ අත ඇයගේ ගෙල පිටුපසින් සෙමින් ගමන් කර, ඇගේ කෙස් රොදක් අතරින් ඇඟිලි යැවීය. ඒ ස්පර්ශය ඇගේ ගත පුරා විදුලි තරංගයක් මෙන් පැතිර ගියේ ඇගේ දෙතොල් අතරින් සියුම් සුසුමක් පිට කරමිනි. ඔවුන් වටා ඇති ලෝකය, ඔවුන්ගේ විවාහයන්, සහ සමාජ නීති රීති ඒ මොහොතේ බොඳ වී ගියේය. ඉතිරි වූයේ එකිනෙකාගේ හුස්ම පොද සහ දශකයකට පසු ඇවිළුණු ඒ රමණීය ආකර්ෂණය පමණි. 

****

කාමරයේ වීදුරු ජනේල වලට එහායින් තවම වැසි වැටෙමින් තිබිණ. පෙර මෙන් නොව වර්ෂාව මදක් සමනය වී තිබින. පෙර වූ වියරු ප්‍රහාර දැන් නොවේ. ඇය උන්නේ ඔහුගේ පපුව හරහා අත යවා ඔහුට තුරුළුවී ය. ඔහුගේ නිරුවත් පපුවේ වන ගැස්ම ඇගේ හදවතට දැනෙන්නාක් මෙන් විය. ඇගේ මුදු ළය මඩලේ උණුහුමින් ඔහු මත්ව උන්නේය. ඒ උණුහුම කෙරේ හටගත් ලෝබකමකින් උතුරා යමින් උන්නේය. සිය පපුව පුරා වන රෝම කූප පිරි මදිමින් උන් ඇගේ අතැගිලිද ඇගේ උණුහුම් සුසුම්ද ඔහුව කළඹාලමිනි. මොහොතකට පෙර සයනය මත වූ ආවේගාත්මක රංගනයේ රසාලිප්ත බවට වඩා වූ හැගීම් බර රෝමාන්තික බවකින් ඔහු හදවත පිරී යන්නට විය. 

එක් වරම ඇය ඔහුව තමා මතට පෙරලාගත්තේය. ඇගේ ඇස් ඔහු ඇස් හා සමපාත වෙමිනි. ඒ නිමේෂයකට පමනි. මහෝඝ වර්ෂාවක් මෙන් සිපුම් රාශියක් ඔහු මතට පතිත වන්නට විය. මෙතෙක් වේලා ඔවුන්ව වසාගෙන උන් පොරෝනාව අමනාප වී පසෙකට පැන ගත්තේය. මොහොතකින් ඇගේ නාදළු මෙන් සිනිදු දෙතොල් ඔහුගේ රළු ග්‍රහණයට හසුවෙමිනි. ඈ රණහංස යුවළ ඔහු අතක සුරතල් වෙමිනි. ඔහු අනෙක් අත ඈ හිස වටා ගොස් තදින් ඔහු වෙතටම තුරුළු කොටගෙනය. ඈ සිය සියළු දෝමනස්සයෝ අමතක කරමිනි. ඔහුගේ ග්‍රහණයට නතුවය. සිය තුණු විලේ උණුහුම ඔහුටම පුදමිනි. 

නොසන්සුන් සුසුම් ක්‍රමයෙන් වැඩිවෙන්නට විය. ඔහු මත ඈ අශ්ව ලීලාවන් පාමිනි. අවට කිසිත් නොඇසෙමිනි. 

වර්ෂාව තුරල් වන්නට විය. ඈ ඔහු ළය මත සතැපී සරතැස නිවමිනි. තවත් නොයිවසිලිමත් මොහොතක් ගත වීය. මට මදි.. හදිසියේම ඔහුගේ කොණ්ඩයෙන් අදිමින් තමා වෙතට ළං කොට ගත් ඈ ඔහුගේ රළු දෙතොල් වියරුවෙන් සපමින් කෙඳිරුවාය. ඒ රෝම පිරි පපුතලය හරහා සිපුම් වර්ෂාවක් දෙමින් ඔහු නැබ හරහා සෙමෙන් මුත් නොයිවසිල්ලකින් පහළ බසින්නට වූවාය.

****

වෙලාව හතර පසුවීය. ඔවුන් දෙදෙනා රැගත් රථය නිස්කාන්සුවේ නගරය දෙසට ධාවනය වෙමිනි. වෙනදා සිය පුද්ගලික රථයෙන් වැඩට එන ඈ අද ආවේ දුම්රියෙනි. ඒ ඔහු වෙනුවෙනි. ඔහු ඈව සවස දුම්රියට ඇරලවිය යුතුය. ප්‍රශ්න මැද වෙසෙන ඇයව තවත් ප්‍රශ්න ගොඩකට ඇද දමන්නට ඔහු කැමති නැත. හෙට වෙනකල් හෝ ඔහු සමඟ සිටින්නට ඈ කැමති බව ඔහු දනී. ඔහුද එලෙසය. එහෙත් සමාජීය බන්ධනයෝ බලගතුය. 

ගිහිං මැසේජ් එකක් දාන්න. අපි ඉක්මණට ආයෙ හම්බ වෙමු. ඔහු ඈ කරා ළං වූයේ මුදු සිපුමක් ඈ වෙතට පුදන්නට වුව ඈ හට ඊට වඩා යමක් අවැසි විය. ඔහුව තමා වෙතට ඇදගත් ඈ සුමිහිරි අනුරාගී ප්‍රංස හාදුවකින් ඔහුව නතු කරගත්තාය. තත්පර ගණනාවකට අනතුරුව සිය දෙතොල් ග්‍රහණයෙන් ඔහුව මුදා හැරියද ඇගේ දෑත් ඔහුව ඈ මුහුණ සමීපයෙන් ඉවත් වන්නට ඉඩ නොදුන්නාය. ඇගේ නෙත් අනුරාගයෙන් තෙත්වය. 

ඉක්මණට…

ඈ කියුවේ එපමණකි. අනතුරුව ඔහුව නැවතත් තමා වෙතට ඇදගත් ඈ කෙටි හාදුවකින් ඔහු නළලත සතපා බැස ගියාය. දුම්රිය ස්ථානය වෙත ඇදෙන ඈ දෙස ඔහු බලා උන්නේ ලෝබයෙනි. නමුත් ඈ උන්නේ ඔහු අත දිගු කළ හැකි දුරකින් නොවේ. සුසුමක් හිස් අවකාශය වෙත පා කල ඔහු රථය ආපසු හරවා මාවතට යොමු කරගත්තේ, වේගයෙන් ධාවනය කරන්නට විය. බොහෝ කලකට පසු හිත පිරී තිබිණි. 

******

එදිනෙන් පසු බොහෝ දිනක් ඒ ආකාරයෙන් ගෙවුණි. ඔවුන් දෙදෙනාටම දෙදෙනාවම ඇතිවීමක් නොතිබිණ. ආලෝකමත් යැයි පෙනෙන වැදගත් සමාජයේ ඇල්මැරුණු සිරකාරයන් වූ ඔවුන් දෙදෙනාට මේ අදුරු එහෙත් නිදහස් මොහොතවල් ප්‍රාණය සැපයීය. ඊටත් වඩා ඔවුන් දෙදෙනා සෑම ආකාරයෙන්ම එකිනෙකාට පෑහිණ. ඉදින් ප්‍රේමාතුර හැඟුම් සේම ප්‍රේමාශක්ත නුරාවී මොහොතවල්ද ගලා ගියේ නිරායාසයෙනි. 

එහෙත් ඔවුන් තීරණයක් ගත යුතු විය. ඒ කෙලෙස කුමනාකාරයේ තීරණයක්ද යන්න නොහැඟුණද, මේ සිදුවන සිදුවීම් වලට නැවතුමක් හෝ ඉදිරියක් තිබිය යුතු බව ඔවුන්ට තේරී යමින් තිබිණ. ඉදින් ඔවුන්ගේ ප්‍රියතම තාවකාලික නවාතැනේදී ඒ තීරණය ගත යුතු බව ඔවුන් තීරණය කළෝය. 

******

පිටත වැස්ස මඳක් තුරල් වී තිබුණත්, සීතල සුළඟ ජනේල වීදුරු මත තාලයකට හැපෙමින් තිබුණි. කාමරය තුළ වූයේ ලා කහ පැහැති මන්දාලෝකයකි. ඔහු බැල්කනියේ සිට ඈත පෙනෙන මීදුම් කඳු දෙස බලා සිටියේය. ඔහුගේ සිතේ තිබුණේ නොසන්සුන් බවක් සහ ඒ හා සමානම ප්‍රබල ආශාවකි.

ඈ නාන කාමරයේ සිට පැමිණියාය. ඇය හැඳ සිටි ලිහිල්, සිල්ක් රෙද්දෙන් කළ රාත්‍රී ඇඳුමෙන් ඇගේ මනෝරම්‍ය වූ තුණු සපුව විනිවිද පෙන්වා ලන්නට සමත් නොවූ බව කියන්නේ නම් අසත්‍යයකි. ඇගේ තෙත කොණ්ඩයෙන් වහනය වූ ෂැම්පුමය මල් සුවඳ කාමරය පුරා පැතිර ගියේ ඔහුගේ ඉවසීම පරීක්ෂා කරන්නට මෙනි. 

"හෂ්..." ඇය ඉතා මෘදුව ඇමතුවාය.

ඔහු හැරී බැලුවේය. ආලෝකයත් අඳුරත් අතර ඇගේ රුව ඔහුට පෙනුණේ සිහිනයක මෙනි. ලා කහ පැහැති විදුලි එළියට පසුබිම්ව ඈ උන්නේ අන්ධකාරයත් ආලෝකයත් යන දෙකෙහිම මිශ්‍රණයක් ලෙසිනි. ඈ ගත සිළුවක් මෙන් දැවෙන්නා සේ ඔහුට දැණුනි. ඔහු ඇය අසලට පැමිණ, කිසිවක් නොකියාම ඇගේ නිකටෙන් අල්ලා මුහුණ එසවීය. ඇගේ දෑස්වල තිබුණේ බියක් නොව, වසර ගණනාවක පිපාසිත ප්‍රේමයක ආරාධනයකි. 

සෙමෙන් සෙමෙන් ඔහු ඈ ⁣දෙතොල් සිය ග්‍රහණයට නතුකරගත්තේය. නමුත් ඔහුගේ බලාධිකාරය තිබුණේ එම මොහොත තෙක් පමණි. ඇය සිය දෑත් වලින් ඔහුව තමා වෙතටම තෙරපා ගත්තේ ඔහු දෑත් නිදහස් කරමිනි. ඔහු සිය දෑත් ඈ නිතඹ කරා යවමින්ද අනතුරුව හංස යුවළ ⁣සනසවමින්ද ඈ හට අනුප්‍රාණයක් සැපයුවේය. රිසි සේ ප්‍රංසමය හාදුවක උණුහුම විදි ඈ එක වරම සිය හාදුමය මොහොතට නැවතීම තබා ඔහු දෙස බැලීය. එම දෑස් නුරාමය දීප්තියකින් දැවෙමින් තිබිණ. ඔහුගේ පපුතුරට දෑත් තබා තෙරපා සයනය වෙතට තල්ලු කල ඈ සිය රාත්‍රී ගවොමේ බාධාවෙන් මිදු⁣ණාය. අනතුරුව ඔහු සිරුර තමා හා බද්ධ කරගත්තී, නැවතත් ඔහු දෙතොල් හා වෙලෙමින් සෙමෙන් සෙමෙන් රිද්මයානුකූලව උකුල් තලාව චලනය කරන්නට විය. 

"අපි ගොඩක් දුර ආවා ගයූ," ඔහු මිමිණුවේ ඇගේ මුහුණට ඉතා සමීප වෙමිනි. සරතැසක සුසුම් නවාතැන් කාමරය පුරා කරක් ගසමිනි. සිහින් දාබිදු ඈ ගෙල වටාද නැබ පුරාද දිලිසෙමිනි. 

"තවත් දුර යන්න මට බය නැහැ හෂ්... ඔයා මාත් එක්ක ඉන්නවා නම්," ඈ එසේ පවසා ඔහුගේ පපුව මත දෑත් තැබුවාය. අනතුරුව සෙමෙන් ඔහු පපුතුර වෙතට පහත් විය. ඔහුගේ හද ගැහෙන රිද්මය ඇගේ සවන් අරා පිරෙන්නට විය. ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන හද ගැස්මද, නැවතක් ක්‍රමක්‍රමයෙන් උණුසුම් වන ගතද නොසන්සිදෙන ආදරයක කෙලවරක් නොමදැනෙන ආශාවක නොඉවසිලිමත් ⁣බව කියා පෑවේය. 

ඔහු ඇගේ බඳ වටා දෑත් යවා ඇයව තමා වෙත තද කරගත්තේය. ඔවුන් අතර වූ ඒ සෙන්ටිමීටර කිහිපයක පරතරයද මැකී ගියේය. ඔහුගේ උණුසුම් දෙතොල් ඇගේ නළල මතත්, පසුව සෙමින් දෑස් මතත් පතිත විය. දෑස් පියවුණි. ඈ සිය දෑතින් ඔහුගේ ගෙල වැළඳ ගත්තේ දශකයකට පෙර ප්‍රකාශ කරගත නොහැකි වූ ඒ ආදරය අද මේ මොහොතේ ජීවමාන කරමිනි.

ඔවුන්ගේ සුසුම් යළි යළිත් එකිනෙක හා මුසු වෙද්දී, කාමරයේ යම් සිසිලසක් ඉතිරිව තිබුණානම් එයද මැකී ගොස් ප්‍රබල උණුසුමක් ඉතිරි විය. ඔහුගේ සුරත ඇගේ කොන්ද දිගේ සෙමින් පහළට ගමන් කරන්නට වූවේ ඈ ගත පුරා සියුම් වෙව්ලීමක් ඇති කරමිනි. ඒ ස්පර්ශය තුළ තිබුණේ හුදෙක් රාගයට එහා ගිය, එකිනෙකාව තේරුම් ගත් ආත්ම දෙකක රමණීය මුසුවකි.

එදා පාසල් බිමේදී එකිනෙකාට නොකියා සැඟවූ හැඟීම්, අද මේ රහසිගත රාත්‍රියේ මීදුම අතරේ නිදහසේ ගලා යන්නට විය. ලෝකය ඔවුන්ව විනිශ්චය කළත්, මේ මොහොතේ ඔවුන් දෙදෙනාට දැනුණේ තමන් සැබවින්ම "ජීවත් වන" බව පමණි.

ඈ සෙමෙන් සෙමෙන් හිස එසැවීය. ඈ සුසුම් දහරාවන් ඔහුගේ මුහුණ පුරා උණුසුම් හැගීමක් ඇති කලේය. අපි කොච්චර දවසක් මෙහෙම ඉන්නවද. 

දන්නෑ…

පුලුවන් කාලයක්..

පැනල යන්න බැරි වගකීම් තියේ හෂ්. අපි හමුවෙමු.. වෙන්වෙමු. ඒත් කොච්චර කාලයකටද..

හ්ම්ම්…

තව ටික කාලයයි. පොඩි උං ටික ලොකු වෙලා උංගෙ වගකීම් වලින් මිදුණ දවසක අපි එක තැනක නතර වෙයි. 

තේරුණේ නෑ.. ඈ කුහුලස් බැල්මක් යොමු කළාය. 

අපිට තියෙන්නෙ ළමයින්ගෙ ප්‍රශ්න. ඒව ඉවර වෙයි තව අවුරුදු කීපෙකින්. ඊට පස්සෙ අපි දෙන්න වෙන රටකට යං. මම ඔක්කම බලාගන්නං. 

අපිට මෙහෙ ඇති වෙන්න වත් නැති වෙන්න වත් දෙයක් නෑ. අනෙක තියෙන කිසි දේකින් තේරුමක් නෑ. 

හ්ම්ම්.

ඈ ඔහුගේ උණුහුමට තව ළං වෙමින් හූමිටි තැබුවාය. 

නිශ්ශබ්ද මොහොතක් ගතවිය. එම පරිපූර්ණ රොමාන්තික නිහඬතාව බිඳුණේ ජංගම දුරකතනයක නාදයකිනි. ඇඳ අසල මේසය මත තිබූ ඇයගේ දුරකථනය නොනවත්වාම ශබ්ද වන්නට විය. තිරය මත දිස්වූයේ "Home" යන නමය. ඒ ඇගේ සැමියාය.

ගයානි එක්වරම හර්ෂ් ගෙන් මිදී ගැහෙන හදවතින් යුතුව දුරකථනය දෙස බැලුවාය. ඔවුන් අතර තිබූ ඒ මායාකාරී ලෝකය එක සැණින් අතුරුදහන් වී, රළු යථාර්ථය කාමරය තුළට කඩා වැදී තිබිණි. ඔහු නිහඬව ඇය දෙස බලා සිටියේය. ඔහුගේ දෑස්වල තිබූ ආශාව වෙනුවට දැන් මතු වූයේ අවිනිශ්චිත බවකි.

"ගයූ... ආන්සර් කරන්න," ඔහු පහත් හඬින් මිමිණුවේය. 

ඇය වෙව්ලන දෑතින් දුරකථනය කන තැබුවාය. "හෙලෝ?"

"ගයානි, කොහෙද ඔයා ඉන්නේ? ඔයා කිව්වේ මීටින් එක ඉවර වෙලා එනවා කියලා නේද? දුවට තදටම උණ ගැනිලා. මම මේ හොස්පිට්ල් යන්න ලෑස්ති වෙන්නේ. ඔයාට ඉක්මනට එන්න පුළුවන්ද?" සැමියාගේ හඬේ තිබුණේ කලබලයක් සහ අසරණ බවකි.

ඇයගේ මුහුණ එක්ෂණයකින් සුදුමැලි විය. මීට මොහොතකට පෙර ඇය අත්විඳි ඒ පරම සුවය, තත්පරයකින් දැවෙන වරදකාරී හැඟීමක් බවට පත් විය. ඇගේ කුඩා දියණිය අසනීපයෙන් සිටියදී, ඇය සැතපුම් ගණනක් ඈතක තවත් පිරිමියෙකුගේ තුරුලේ සිටීම ඇගේ හෘද සාක්ෂියට මරු පහරක් මෙන් දැනෙන්නට විය. 

"මම... මම මේ දැන් එනවා. මම පාරේ ඉන්නේ," ඇය බොරුවක් මුමුණමින් දුරකථනය විසන්ධ කළාය.

ඇය වහාම ඇඳුම් සකසා ගන්නට වූයේ උමතුවෙන් මෙනි. ඇගේ දෑස්වලින් කඳුළු කඩා වැටුණි. ඔහු ඇය අසලට පැමිණ ඇගේ උරහිසින් ඇල්ලීමට උත්සාහ කළත්, ඇය සෙමින් ඔහුගෙන් ඉවතට ගියාය.

"මට යන්න ඕනේ හෂ්. මට යන්නම ඕනේ," ඇය හඬමින් කීවාය.

"මට තේරෙනවා ගයූ. මම ඔයාව ටවුන් එකට ගිහින් දාන්නම්," ඔහු පැවසුවේ බරැති හඬකිනි. ඔහුටද ඒ වරදකාරී හැඟීමෙන් ගැලවිය නොහැකි විය. ඔවුන් දෙදෙනාම තේරුම් ගත්තේ තමන් ගොඩනගන්නට උත්සාහ කරන මේ රමණීය ප්‍රේමය, අයිතිවාසිකම් සහ වගකීම් මැද හුස්ම හිරවන එකක් බවයි. ඔවුන් ඉදිරි අනාගතයේ දවසක සිදු කළ යුතු දේ ගැන තීරණය කොට ගෙන තිබුණද මෙතරම් ඉක්මණින් එම තීරණ වලට එරෙහිව ⁣විශ්වය ක්‍රියාකරතියි යන්න නොසිතුවෝය. 

කාමරයෙන් පිටතට යන විට, පෙර තිබූ මීදුම දැන් කළු පැහැති අඳුරක් මෙන් ඔවුන් වට කරගෙන තිබුණි. ඒ රහසිගත ගමනේ අවසානය මෙතරම් ඉක්මනින් සහ රළු ලෙස සිදුවනු ඇතැයි දෙදෙනාම නොසිතා තිබිණ. 

රෝහලට ළඟා වූ ඇයගේ සිත තිබුණේ දැඩි කැළඹීමකය. දියණිය නිදා සිටි වාට්ටුවට ඇය ඇතුළු වූයේ හති දමමිනි. සජිත් ඇඳ අසල පුටුවේ වාඩි වී සිටියේය. ඔහු ගයානි දෙස බැලුවේ සැකයෙන් පිරුණු දෑසිනි.

"ඔයා කොහේද මෙච්චර වෙලා හිටියේ ගයානි? ෆෝන් එකත් වැඩ කළේ නැහැ සෑහෙන වෙලාවක්," සජිත් ඇසුවේ රළු හඬකිනි.

"මම... මම මීටින් එකක හිටියේ සජිත්. එනකොට සිග්නල් ඩ්‍රොප් වෙලා තියෙන්න ඇති," ගයානි වෙව්ලන හඬින් බොරුවක් කීවාය. ඇය තම අත්බෑගය ඇඳ මත තබා දියණියගේ නළල අතගෑවාය.

මම ඉන්නම් ඔයා ගිහින් එන්න. ඈ සජිත් දෙස නොබලාම කියා සිටියාය. අනතුරුව ඇඳ අසල වූ කුඩා පුටුවක හිඳගත් ඈ අනිමිසලෝචනයෙන් දියණිය දෙස බලා සිටින්නට විය. ඈ දෙස වික්ෂිප්තව බලා සිටි ඔහු එතනින් නික්මුණේ ව්‍යාකූල මනසකිනි. ඇගේ සාමාන්‍ය ගති ස්වභාවය ඔහු හදුනනා වුවද මේ සන්ධ්‍යාවේ ඇය වඩාත් අමුතු වී ඇති බව ඔහුට සිතෙන්නට වී තිබිණ. 

සිය දියණිය දෙස මොහොතක් බලා සිටි ඈ සිය ජංගම දුරකතනය අතට ගත්තාය. අනතුරුව හර්ෂ් ගේ අංකය ට ඇමතුම යොමුකොට සවනට තෙරපා ගත්තීය. සැණෙන් අනෙක් පස හා සම්බන්ධ වූයෙ ඔහු ඇමතුම බලාපොරොත්තුවෙන් සිටියා මෙනි.

දුවට කොහොමද..?

නිදි.. උණ.. ඈ එපමණක් කියා සිටියාය. 

හෂ්… 

ඔව්…

අපි ආයෙ ගොඩ කාලෙකට හමුවෙන්නෙ නැතිවෙයි. මේ වෙලාවෙ හොඳම දේ ඒක. 

ඒත්..

අපි නිසා දරුවො අසරණ වෙන්න බෑ හෂ්.. කවදහරි දවසක එයාල එයාලගෙ ලෝකයක් හදා ගත්ත දවසක අපි හමුවෙමු හෂ්.. එතකං ආයෙ අපි හම්බවෙන්නෙ නෑ. ඒත් ඔයාට මාව ඕනම වෙන වෙලාවක කොහෙ හරි ඉදං මං ඔයා දිහා බලං ඉදියි. මං හිතනවා ඔයත් එහෙම වෙයි කියල..

එපමණක් කියූ ඈ දුරකතන ඇමතුම විසන්ධි කොට දැමුවාය. ඉදින් ඔවුන් බොහෝ කලයකට යළි හමු නොවනු ඇති බව ඈ දැන උන්නාය.

කඳුකරයේ ඒ රළු රාත්‍රියෙන් පසු බොහෝ කාලයක් ගතවිණ. හරියටම වසර පහළොවක්. ඒ කාලය අතර තුරදී ඔවුන් එකිනෙකා හා කතා නොකළ තරම්ය. එකිනෙකා අතර වූයේ නිහඬ ගිවිසුමකි. ආදරය ගිනි සිළුවක් මෙන් දැවෙමින් පැවතුණ අතරම අනෙකා කෙරේ වන හෘදයාගංම රැකවරණීය බව මඟ නොහරවා ගන්නට ඔවුන් වග බලාගත්තෝය. එකෙකුට අනෙකා අවශ්‍ය වන යම් මොහොතක් වී නම් අදෘශ්‍යමානව කළ යුත්ත කළා මිස සිය නිහඬ ගිවිසුමට හානියක් කර නොගත්තෝය. ඉදින් එක් සිසිරයක අවසන, නව වසන්තයක එළැඹුමක දී ඒ මොහොත එළැඹිණ. 

ඔහුට තම පැරණි විද්‍යුත් තැපෑලට (Email) පණිවිඩයක් ලැබුණි. ඒ ඇගෙනි.

"හෂ්, මම දැන් නිදහස් කියල හිතනව. දරුවෝ දැන් එයාලගේ ලෝකවල්වල. මගේ වගකීම් මම ඉටු කළා කියලා මට හිතෙනවා. මගේ හිතේ තාමත් තියෙන්නේ එදා ඒ මීදුම අතරේ ඉතුරු වුණු ඔයාව අපි අපේ පාරක ආයෙම ඇවිදියි ද හෂ්"

ඔහු මදක් ඒ දෙස බලා සිටියේය. කිසිදා නොනිවුණ ප්‍රේම ගින්න ඔහු තුල දීප්තිමත්ව දැල්වෙමින් තිබුණි. එය ගෙවුණ වසර පහලොවටම ඔහුට ජීවය සැපයීය. ඇයටද එසේ බව කියන්නට ඔහුට වෙනත් අටුවා ටීකා ටිප්පණි අවැසි නොවීය. ඔහු ඒ බව දැන උන්නේය. ඩිජිටල් තිරය මත දිස්වන පණිවුඩය එයට සාක්ෂි සැපයීය.

ඉදින් ඒ නැවත මුණගැසීම සිදු වූයේ එක් මුහුදු වෙරළතක මනස්කාන්ත නවාතැනකදීය. වසර 15ක කාලය ඔවුන්ගේ රූපය මඳක් වෙනස් කර තිබුණද, දෑස්වල තිබූ ඒ පැරණි ආකර්ෂණය එලෙසම තිබුණි.

මුහුදු වෙරළට යාබදව පිහිටි පැරණි පන්නයේ එම නිවාඩු නිකේතනයේ බැල්කනියට රන්වන් පැහැති සැඳෑ හිරු රැස් ගලා එමින් තිබුණි. වසර පහළොවක නිහඬතාවයකින් පසු, ඔවුන් දෙදෙන එකිනෙකාට ඉතා සමීපව අසුන්ගෙන සිටියහ. මුහුදු සුළඟට ඇගේ අළු පැහැ ගැන්වුණු කෙස් රොදවල් කිහිපයක් මුහුණ මත දැවටෙද්දී, ඔහු එය සෙමින් කන් පෙත්ත පිටුපසින් රැඳවූයේ මහත් වූ ලෙන්ගතුකමකිනි.

"ඔයා තාමත් එදා වගේමයි මැණික..." ඔහු මිමිණුවේ ඇගේ දෑස් දෙස ගැඹුරින් බලමිනි.

ඈ මඳ සිනහවක් පෑවාය. ඒ සිනහවේ වසර පහළොවක වේදනාවත්, ඉවසීමත් මිශ්‍ර වී තිබුණි. "බොරුවට වර්ණනා කරන්න ඕන නෑ හෂ්. මගේ ඇස් වටේ රැළි වැටිලා. ඊටත් අපි දෙන්නම දැන් තරුණ නැහැ."

"කවුද කියන්නෙ?" ඔහු ඇගේ දෑතක් ගෙන තම පපුව මත තබා ගත්තේය. "මං එදත් කිව්වෙ ඒක, අදත් කියන්නෙ ඒක. ඔය ලස්සන කවදාවත් මැරෙන්නෙ නෑ. මැණිකක් වගේ දීප්තිමත්ව දැල්වෙනව මිස. මේ ගැහෙන රිද්මය එදා දැනුණෙත් මෙහෙමමයි. ඒක වෙනස් වෙලා නැහැ. අපි දරුවෝ වෙනුවෙන් අපේ ජීවිතේ හොඳම කාලය කැප කළා. දැන්වත් අපි අපේ වෙන්න හිතන එක වරදක්ද?"

ඇය සුසුමක් හෙළමින් ඔහුගේ උරහිස මත සිය හිස සතපා ගත්තීය. ඈතින් පෙනෙන ක්ෂිතිජය දෙස ඇය බලා සිටියේ නිරවුල් මනසකිනි. "සජිත් තාමත් ගෙදර ඉන්නවා හෂ්. මම එයාට වෛර කරන්නේ නැහැ. එයා මගේ දරුවන්ගේ තාත්තා. ඒත් මගේ ආත්මය තිබුණේ එයා ගාව නෙවෙයි. මම මේ අවුරුදු පහළොවේම ජීවත් වුණේ නිකන් රූකඩයක් වගේ."

"මමත් එහෙමයි ," ඔහු ඇගේ අතේ ඇඟිලි පටලවා ගනිමින් කීවේය. "මං එයාට මගෙ හැම සැප සම්පතක්ම දුන්නා. ඒත් මගේ හිත ඇතුළේ තිබුණු පාලු බව පුරවන්න කාටවත් බැරි වුණා. අපි දෙන්නම මැරෙනකම්ම මේ බොරුව ඇතුළේ ජීවත් වෙන්න ඕනෙද?"

ඇය කෙළින් වී ඔහු දෙස බැලුවාය. ඇගේ දෑස් දිලිසෙමින් තිබුණි. "එපා හෂ්. අපි තවදුරටත් අපිට බොරු කරගන්න ඕන නෑ. අරීසට පුළුවන් වුණා නං ෆර්මිනා වෙනුවෙන් වයසට ගිහිල්ලත් බලාන ඉන්න, ලෝකෙම ගැන අමතක කරන්න, අපිට බැරි ඇයි. මේ වගේ හුස්ම ගන්න පුළුවන් එක මොහොතක් ලැබෙනවා නම්, මට ඒත් ඇති."

ඔහු ඇගේ නළලත මත සියුම් හාදුවක් තැබුවේය. එය හුදෙක් රාගයට එහා ගිය, අනෙකාට ගරු කරන, පරිණත ප්‍රේමයක සංකේතයක් මෙන් විය.

"දැන් අපිට හිතන්න දෙයක් නැහැ ගයූ. ලෝකය මොනවා කිව්වත් මේ ඉතිරි කාලය අපේ... අපේම විතරයි."

හිරු මුහුදේ ගිලී යද්දී, ඒ සැඳෑ අඳුර මැද ඔවුන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන සිටියහ. වසර පහළොවක් තිස්සේ ඔවුන්ගේ හදවත් තුළ දැවුණු ඒ නොනිමි ගින්න, දැන් සන්සුන්, රමණීය පහනක් සේ වඩාත් දීප්තිමත්ව දැල්වෙමින් තිබුණි. 


සටහන - පින්තූරය හදලා දුන්නේ ගූගල් ජෙමිනි මහතා 😀😀 . කතාව වෙනදා වගේ රහ නැතුව ඇති. ඉස්සර වගේ ලියන්න හිතෙන්නෙත් නෑ. ලිව්වට එඩිට් කරන්න හිතෙන්නෙත් නෑ. ලැප් එකකුත් නැති හින්දා ෆෝන් එකෙන් ඔක්කොම කරන එක ටිකක් අමාරු වැඩක්. ඉතින් මං කැමතියි ඔයාලට පේන අඩුපාඩු සහ ඔයාලට කියන්න තියෙන විවේචන, ඒ විදිහටම කියනවනම්. ස්තුතියි 🙂

1 comment:

  1. හෑ, ලැප් එකකුත් නැති හින්දා ෆෝන් එකෙන් මෙච්චර ලිව්වා.😮
    කියවන්න ආයෙ එන්නම්.👌

    ReplyDelete