Tuesday, July 9, 2019
Saturday, June 29, 2019
හෙමිංවේ, හිරු උදාවෙයි සහ අපේ මාලු බෑම
මට මතක විදියට හය වසරෙ විතර වෙන්න ඇති.. අර්නස්ට් මිලර් හෙමින්වේ ගෙ ද සන් ඕල්සෝ රයිසස් කියන කතාවෙ පරිවර්තනය “හිරු උදාවෙයි” හම්බෙලා කියෙව්ව. මගේ වයසෙ හැටියට ඒ පොත දිරවා ගන්නට ශක්තියක් නැති වෙන්න ඇති කියල දැන් මට හිතෙනව. මොකද වැඩි දුරක් නොකියවාම මම එය පැත්තකට දාපු බව හොදටම මතක හින්ද. ඒකාකාරී නීරස පරිවර්තනයක් විදියටයි මට ඒක දැනුණෙ. නමුත් මේ යන්නෙ ඒ ගැන කතා කරන්න නෙවෙයි. ඒ කතාවෙ තිබ්බ හිත තදින්ම ඇදුණ සිදුවීමක් වෙච්ච ට්‍රවුට් මත්ස්‍යය යන් බිලී බෑමේ කොටස නිසා ගුටි කාපු සිදුවීමක් ගැන.
Friday, June 14, 2019
Sunday, June 9, 2019
නාඳුනන තුවක්කුකරුවාගේ කතාව
🖇️නාඳුනන තුවක්කු කරුවාගේ කතාව කියැවීමි. එහි වන සිදුවීම් පිළිබඳව මා තුළ ඇත්තේ මිශ්‍ර හැඟීම ක් බව කිව යුතුමය. වරෙක ප්‍රතිකූල හැඟීම කි න් පීඩා විදි මා වරෙක ශෝකී හැඟීම කි න් වෙලී ගියෙමි. පොතක් කියවීමෙන් ලබන ප්‍රහර්ෂාත්මක තෘප්තිය නොලැබීමි. ඒ කර්තෘ ගේ ඉදිරිපත් කිරීමක අවුලක් නොවේ. හුදු හැගීම් මත ඇති වූ අවුලක් බව සිතමි.
Saturday, June 1, 2019
Wednesday, May 23, 2018
අප අතර හිස්තැනකි..
හුදෙකලාවට ලෝභයෙනි සිත
හමා යන සුළං රැලකට තෘෂ්ණාවයෙනි
නේක ඇමතුම්ය විටින් විට
දුරබණුව විනිවිදින පණිවුඩය
සවන් පත් හෙමි හෙමින් සූරණ
ආදරය දැවටූ සංශයේ කටු අතුය
බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
කිලෝ ගණනින් මෙගා ගණනට
හැරෙන කෙටි (නො)වන පණිවුඩ
ගිගා ගණනක නොරිස්සුම පිරවුන
දෙපා අවසඟ කරන රෝස පෙති මාංචු ය
වානේ වලටත් වඩා ඝනකම්ය රිදවුම් ය
හිත බරින් පුරවනා සීතලම හාදු ය
එකින් එක පතුල් අස බිඳ වැටෙන සිහින ය
නොපෙනෙනා පවුරක්ය ඉදිවෙන
කොන්ක්‍රීට් බිත්තියක් වුවත් පරදන
ප්‍රේමය ය කිය කියා හිනැහෙන
සියොත් හදවත සෙමෙන් වළලන
හමා යන සුළං රැලකට තෘෂ්ණාවයෙනි
නේක ඇමතුම්ය විටින් විට
දුරබණුව විනිවිදින පණිවුඩය
සවන් පත් හෙමි හෙමින් සූරණ
ආදරය දැවටූ සංශයේ කටු අතුය
බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
කිලෝ ගණනින් මෙගා ගණනට
හැරෙන කෙටි (නො)වන පණිවුඩ
ගිගා ගණනක නොරිස්සුම පිරවුන
දෙපා අවසඟ කරන රෝස පෙති මාංචු ය
වානේ වලටත් වඩා ඝනකම්ය රිදවුම් ය
හිත බරින් පුරවනා සීතලම හාදු ය
එකින් එක පතුල් අස බිඳ වැටෙන සිහින ය
නොපෙනෙනා පවුරක්ය ඉදිවෙන
කොන්ක්‍රීට් බිත්තියක් වුවත් පරදන
ප්‍රේමය ය කිය කියා හිනැහෙන
සියොත් හදවත සෙමෙන් වළලන
Sunday, October 15, 2017
රෝස පාට - 01
එයා බලන් හිටිය. ඈත අහස දිහ.. ගොඩක් වෙලා.. කොච්චරක් වෙලාවක් බලන් හිටියද කියල මට මතක නැතත්. එයා ගොඩක් වෙලා අහස දිහ බලන් හිටිය. මාත් මුලින් මුලින් එයා බලං ඉන්න ඉසව්ව දිහ බලන් හිටිය. වැඩිම වුණොත් විනාඩියක් නැත්තං දෙකක්. ඊට පස්සෙ එයා අහස දිහ බලන් හිටිය මුළු වෙලාවම මං බලන් හිටියෙ එයාගෙ මූණ දිහ. ඒක අහස දිහ බලන් ඉන්නවට වඩා ලේසියි. ඊටත් ලස්සනයි. අහසෙ තියෙන වලාකුළු වල හැඩ වෙනස් වෙනව වගේ එයාගෙ මූණෙ ඉරියව් එකින එක වෙනස් වෙද්දි, මූදු හුළගට ඇගෙ කෙහෙරැළි විසිරෙද්දි ඒ මූණ දිහ බලං ඉන්න ආස හිතෙනව.
හදිසියෙම ඈ හඬ අවදි කරා..
ලස්සනයි.. ඒක කාටවත් දෙන්න බැරි මහ අමුතු ලස්සනක්. හැම දෙයක්ම සර්ව සම්පූර්ණ හරි අමුතු ලස්සනක්…
මම ඈ දිහ බලං හ්ම් කීව…
හදිස්යෙම ඈ මං දිහ හැරිල බැලුව… මට ඒ මූණෙන් ඇස් අහකට ගන්න බැරි වුණා… තත්පර දහයක් විතර එක දිගට ඈ මං දිහ බලන් හිටිය.
මං කීවෙ මොකද්ද කියල තේරුණාද…
මම උරිස් ගැස්සුව.. නෑ .. ඒ තමයි ඒකෙ සරල තේරුම.. කොහොමත් මට ඈ කියන දේවල් තේරුණේ නැ.. ඒක හැමදාම එහෙමයි… එහෙමයි කියල මං ඒ ගැන හිතන්න ගියෙ නෑ… මොකද ඒ වගේ දේවල් හිතන්න එක්කෙනෙක් හිටියම ඇති. ඒව අහන්නත් කෙනෙක් ඉන්න එපැයි. නැත්තං දෙන්නම කතා කරන්න ගත්තම දෙන්නම එක විදියට හිතන්න ගත්තම එපා වෙයි. මට එහෙමයි හිතිල තිබ්බෙ. ඊටත් හිතෙන දේවල් බෙදාගන්නත් කෙනෙක් ඕනි නෙ. දෙන්නම හිතන්න ගත්තොත් කෝ කතා කරන්න කෙනෙක්. අනික මං කැමති වුණේ ඈ මටත් වැඩිය විසාලෙට දකින්න. එක මහ පුදුම ආසාවක්. ඒ ගැන ඈ එක්ක කිව්ව දවසක ඈ කිව්වෙ,
පිස්සුද.. පිරිමියෙක් කියන්නෙ උප්පත්තියෙන් ම ගහක්.. ගැහැණිය ඒ වටේ එතෙනව. පිරිමියට ලස්සනක් දෙනව. සවියක් වෙනව. හරියට එක පාරින් හිතට වදින කවියක් වගේ ජීවිත කාලෙම බඳාගෙන ඉන්නව. ඒ ගෑණුකම. පිරිමින්ට බෑ ඒ වගෙ වෙන්න. හිතක් මුදුව පිරිමදින්න. ඇස් වලින් කතා කියන්න. ඕනම වෙලාවක හිත රිද්ද ගන්න. පිරිමියෙක් කොහොමද එහෙම වෙන්නෙ.. ගහක් වගෙ ගෑණු නං ඉන්නව… ඒත් උංගෙ කිසිම ලතාවක් නෑ.. නිකං පොල් ගස් වගේ.. පොල් ගහත් හැම දේකටම ගන්න පුලුවං වගේ හැම දේටම ඔට්ටුයි තමයි ඒත එතන ගෑණු කමක් නෑ. ලස්සනක් නෑ.
මට ඒ කිව්ව දේ වලින් බාගයක් වත් තේරුණාද මංද. මං මෝඩයි. මහම මහ මෝඩයි. ඒත් මට බෑ ඇගෙ හිත රිද්දන්න. ඉතිං මම කට වහගෙන ඈ කියන ඒවට එකඟ වෙනව වගෙ හ්ම් කියනව හා කියනව.. ඈ මන්දස්මිතයකින් මට දමල ගහනව. ඒත් මට ඕන ඇගෙ හෙවණෙ ඉන්න. ඒ සුවඳ විඳින්න.
ඇයි පිරිමියෙක් ට බැයිද ගෑණු හිතක හෙවණැල්ල යටට වෙලා ඉන්න. ඒ උණුහුමට පූසෙක් වගෙ ගුලි වෙලා ඉන්න.
මම එහෙම හිතුව විතරයි
කියන්න ගියෙ නෑ.. මට ඕන වුණේ නෑ එහෙම විකාර කියවල එයාගෙ අර ලොකු වෙන ඇස් දිහ බලන්න. මට ඕන වුණේ අර නිදහසේ හීනි ඇස් වලින් හිනාවෙන ඇයව බලන්න. එයාගෙ ඇස් ලොකු වෙනවට මම හරිම අකමැතී. එතකොට එයා ජපන් බෝනික්කෙක් වගේ.. මං ජපන් බෝනික්කන්ට කැමති නෑ. උං හරි කැතයි කියලමයි හිතුනෙ. පොඩිකාලෙ මට හිටියෙ බෝනික්ක විතරයි. ඒත් මට විස්වාසයි එතන එක ජපන් බෝනික්කෙක් වත් හිටියෙ නෑ. හරිම ඈලි මෑලි සුදුමැලි ඒත් ලස්සන බෝනික්කො හිටිය. හුගත් වෙලාවට අනික් අයට හරි කැත. ඒ්ත් මට උංව හරි ලස්සන වුණා. ඒ මම.
මම කොල්ලෙක්..
ඇයි මට බැයිද බෝනික්කො නළවන්න
කෙල්ලන්ට විතරද බෝනික්කො නළවන්න පුලුවන්.. ඇයි එහෙනං කෙල්ලො පිස්තෝල ඇරං සෙල්ලං කරන්නෙ.. කෙල්ලන්ට පිස්තෝල ඇරං සෙල්ලං කරන්න හොදයි.. අපි බෝනික්කෙක් ඇල්ලුවොත් විකාරයක්.. ලැජ්ජාවක්.. පුදුම ලෝකයක් නේ මේක..
මං මොනවද මේ හිතන්නෙ .. එයා මම ළඟ ඉද්දි කොහෙවත් යන බෝනික්කෙක් ගැන හිතන්න මට පිස්සුද...
ඒක නෙමෙයි.. ඇයි ඔයා රෝස පාටට ඔච්චර ආස.. ඒක මහ ගෑණු පාටක් නේ...
එයා හදිසියෙන්ම මගෙ දිහට්ට විස පොවපු තෝමරයකින් දමල ගැහැව්ව... ඒ පාරෙ සැරට වෙන්න ඇති මගෙ ඇස් දෙක නිලංකාර වෙලා ගියා...
ඉතිරි පාට පස්සෙ ගාමු...
Subscribe to:
Posts (Atom)





