Thursday, February 6, 2014

''බො'' යන්න සහ බොන්නන්....

මට මේ ලිපිය ලියන්න හිත දුන්නේ සෑම් කොල්ලාගේ මේ පෝස්ටුව දැකීමෙන් පසුවය. පහුගිය කීප දොහේම වැඩ රාජකාරි අධික වීමත් මගේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂනය විසන්ධි කර තිබීමත් නිසා මේ පැත්ත පළාතක එන්න බැරිවිය. ඒකටත් එක්ක හරියන්න අද පෝස්ටුවක් දානවා කියා හිතාගෙනම වාඩිවුණාට මොකද බ්ලොග් කියවන්න සෑහෙන වෙලාවක් ගතවීම හින්දා ඒකත් පරක්කු විය. (පදුරු වටේ තැලුවා වැඩිද මංද.)

මේ දවස්වල කොල්ලන්ගේ ප්‍රියතම අකුරු වලින් 1කි බො යන්න. ඉස්සර නං කොල්ලන් වැඩිපුරම කලේ බොයන්නක් බැස්සීමය. කාට හරි බොයන්නක් බස්සන උං තමංගේ වැඩේ අපූරුවට කරගනී. නැතිනම් මොකක් හෝ මරාලයකින් ලස්සනට ගැලවී යති. ඒ වැඩේටම උපන් හපනුන් අනන්තවත් ඇත උන් හදුන්වන්න වෙනම නාම පදයක්ද ඇත. උන්ට කියන්නේ ඇම්ඩලාය. ඇම්ඩලාද කොටස් කීපයකි. ඒ අතරින් ගල් ඇම්ඩලා රජ ඇම්ඩලා හා පකිං ඇම්ඩලා ප්‍රධානය. කෝමත් මේ කතාව උං ගැන නෙමේය.

බොයන්නෙන් පටං ගන්නා තවත් පදයක් නම් බොනවා යන්නය. එය ක්‍රියා පදයකි. බොන්නේ වතුර හෝ පැණි බීම හෝ නොවේය. බීපුවාම කට්ටියකට දිවිය ලෝකේ පේන කට්ටියකට අපාය පේන කට්ටියකට මිනිස් ලොව සියලු සිදුවීම් සැකෙවින් පේන බීමකි. එහෙම බැලුවාම දිවිය ලෝකේ අමෘතය පරාදය. සමහරුන් බොන්නේ ආතල් එකටය. සමහරුන් බොන්නේ දුකටය. තවත් සමහරුන් සතුටට ආතල් එකට බොති. එතනත් අමුතු වර්ග කිරීමක් ඇත. සමහරුන් මද පවනේය. තවත් අය නාග සලංය. තවත් අය නයි නෑවා වගේය. ඔය අතරේ කට්ටියක් ප්ලැටේ ප්ලැට්ය. මේ අතරේ හීං සීරුවේ දෙකක් දමාගෙන මද පවනට මත සංකල්පය ක්‍රියාත්මක කරන්නෝද සිටී.


ඉස්සර කාලේ තිබ්බේ රා ය. පස්සෙ සුද්දන් රට අරක්කු හදුන්වා දුන්නෝය. එතනත් ගල් පොල් වගේම නා නා ප්‍රකාර බීම රාශියකි. මුදුකරේ පැත්තේ ඉස්සර තිබ්බේ පළතුරුය. පළතුරු කීවාට මේකත් බීමක්ය. ඒකටත් පොඩි කික් එකක් ඇත. මේ පැත්තේ උං ඒ වාගේ බීමකට සයිඩර් කියාත් කීවෝය. ඒ වුණාට ඒවා පෙරන්න අය දැං නැත ආදේශකය වන්නේ කසිප්පුය. සිරි ලක දේ සිරි සැප දේ කිය කියා කෙලින්නේම කසිප්පුය. කටු කම්බි, නයි ගැරඩි කටුස්සො හූනෝ මීයො වගේ උං යහමින් වැටුනාම ගතියටම එන්නේය. නයි කෑම වගේ කියන්නේ ඒවගේ ඒවා බීපුවාමය. ඒත් සෞඛ්‍ය අමාත්‍යංශය නං කියන්නේ ඒවා වස කියලාය. ඒ වුණාට ගමේ අය්යලා බොන්නේම ඒවාය. ඡන්ද කාලෙට දේසපාලක තුමංලාට බවලත් ඡන්ද වැටෙන්නත් කසිප්පු හේතුවන්නේය.



ඒකෙං මේකෙං කියන්න ආපු දේ කියන්නත් බැරි උනානෙ සැක්.






                                                                                                                                                                                                                                               (මම නං බීවෙ නෑ ඔන්න)


අද කාලේ නොබොන එකෙක් හොයන්න අමාරුය. ඊට හේතුව නම් ඇත්තටම නොබොන උන් නැතිවීම නොව නොබීවත් බොනවා කියා පෙන්නන උන් සිටීමය. රත්තාට අනුව මුං නපුංසකයෝය. මන්ද ඇත්ත ඇති සැටියෙන් කීමට වත් උන්ට හයියක් නැති හිංදාය. අනෙක නොබොනවා යන්න ලැජ්ජාවට කරුණක් නෙවේ. රතාට අනුව නම් ආඩම්බර වීමට කාරණාවක්ය.

ඊටත් බොනඋං අතර ඉද්දී නොබොන එකාව ඒ ගොඩට ඇද ගැනීමට හුගක් අයට උවමනා වේ. මුලිං කියන්නේ ඔන්නොහෙ බියර් එකක් වත් බීපං කියාය. ඌ ඒ කතා අසා බියර් බොන්න පටං ගත්තොත් ටික දවසකින් කියන්නේ මොකද්ද ඩෝ ගෑණියෙක් වගේ බියර් ගහන්නෙ පිරිමියෙක් වගේ සොට් 1ක් දාගනිංකො කියාය. කවදා හරි අර පුද්ගලයා බේබද්දෙක් වන තුරු එය නතර නෙවේ. ඒ හැටිය. එසේම ඔය කිසි කතාවකට යට නොවී ඉන්නා උංව කොං කර දමන්න පටං ගනී. මොකද නොබොන එකා එතකොට බෙබා ගොඩේ නොවෙන හිංදාය. එසේ නොබී ඉන්නා එකාව කොං කර නොනැවතෙන සම හරක් ඕකගෙ පපුව හොදනෑ. සමාජෙට නෑ කියා පොදු සමාජයේ යම් යම් තැන් වල ඔහුට මඩ පහර දෙන්නට පටන් ගනී. මේ වගේ කතා වලිංද බේරී තම ප්‍රතිපත්ති ආරක්ෂා කරන් ඉන්නේ අතලොස්සකි.

                                                                 (වැඩි උනාම මේම වෙනව)

මේ අතර නොබී එහෙත් බොනවා වගේ පොර ටෝක් දෙන උන්ද නැත්තේම නොවේ.  කතාව නං අරක්කු හැලි පිටිං බොන ගානටය. එහෙත් අවස්ථාවක් ලද විගස මොකක් හරි කෙප්පයක් දෙසා මාරු වෙන්නට මොවුන් දස්සය. මුන් ගන්ධබ්බයන්ටද නැති කොටින්ම කොහාටවත් නැති නපුංසකයන්ය. එසේම ඇත්තටම විස්වාසයක් තබන්නට බැරි මේ වගේ නසරාණි ඩයල්ය. මන්ද තමන් ගැන තම ප්‍රතිපත්ති ගැන සත්‍ය කතා කරන්නට බැරි මොවුන් කෙසේ කවදා සත්‍යක් ප්‍රකාශ කරයිද යන්න කිව නොහැකි බැවිනි.


මත්පැන් බීම බුදු දහම අනුව පවකි. නමුත් මානව හිමිකම් අනුව එය සාධාරණීකරණය කෙරේ. ඒ ඒ පුද්ගලයා තමන්ගේ කැමැත්ත මත මත්පැන් භාවිතය ප්‍රශ්නයක් නොවේ. එහෙත් අන් අයට කරදරයක් සේ හැසිරීම ප්‍රශ්නයකි. බොහෝ විට උස්සව අවස්ථාවක ප්‍රශ්න ඇති කරන්නේද අන් යම් හෝ අවස්ථාවක ප්‍රශ්න ඇතිකරන්නේද  බීමත් පුද්ගයන්ය. කණගාටුවට කාරණය නමි අනේ ඌ බේබද්ද නෙ බං. බීල වැඩි වෙලා විකාර කරනව කියා වටේ පිටේ ඉන්නා පුද්ගලයන් අර බීගත් පුද්ගලයාව බේරීමය. එතැන රණ්ඩුවක් ඇති වුවත් වැරදිකාරයා වන්නේ වෙන එකෙකි. අර බීමත් පුද්ගලයා නිදොස්ය. සමහර විට බීගත්තෙක් කරන විකාර බල බලා ඔහුට දිරි දීමද  වරදකි තමන් කරන්නේ වරදක් වුව සමාජය ඔහුව අනුමත කරන නිසා ඔහු දිගින් දිගටම ඒ ක්‍රියාවම සිදු කිරීමට පෙළඹේ. මින් අපහසු තාවයට පත්වන්නේ ඔහුගේ දූ දරුවන්ය. එහෙත් ඒ බැව් සිතන්නට ඔහුට සිහිකල්පනාවක් නැත. එය දැනගත යුත්තේ ඔහුගේ බිරියය එහෙත් ඇයද බොහෝවිට ඔහුටම දොස් දෙවොල් තැබීම නිසා ඇයට හොරෙන් හෝ ඇය ගණන් නොගෙන වීරයෙක්  වීමට මොහොතකට හෝ ඔහු පෙළඹේ එබැවින් මීට වග කිව යුත්තේ සකල සමාජයම බව මගේ අදහසයි. මන්ද බොන එකාව දිරිමත් නොකර සිටින තාක් ඌ උගෙ පාඩුවේ සිටිනවා ඇත. එහෙත් එහෙව් එකෙක්ව දිරි ගන්නනවා යනු වැරැද්ද නොදැනුවත්ත හෝ ඇත්තේ අප අත වන බැවිනි.








අදවන විට ලංකාවේ ජනගහනයෙන් තුනෙන් දෙකක  ප්‍රතිශතයකට වඩා මතට ඇබ්බැහි වී සිටිති වඩාත්ම කණගාටු දායක තත්වය නම් පාසල් සිසුන් බහුතරයක් මතට ඇබ්බැහි වී සිටීමය. වඩාත්ම භයානක කාරණය නම් මෙයින් බොහෝ මත්ද්‍රව්‍ය යන් අන්තරායකාරී ඖෂධ පනත යටතේ පාලනය කර ඇති ඒවා වීමය. එසේම වඩාත් ශෝචනීය කරුණ නම් කාන්තාවන්ද මත්පැන් දුම්වැටි වලට ඇබ්බැහි වී සිටීමය.



ප.ලි--  මේවා කීවේ මගේ මතේට අනුවය ඔබගේ මතය වෙනකක් වීමට ඉඩ ඇත. එසේම මට කිසිවෙකුට පහර දෙන්නට වුවමනාවක් නැත. එබැවින් පොට පටලවා නොගන්න. 
හෆෝ ඉක්මණට යන්න ඕන නැත්තං මුං මාවත් බයිට් එකට ගනියි

42 comments:

  1. Replies
    1. දේශක තුමා ඒක නං අවුලත් තමා. ඒක තුනෙන් දෙක කියලයි ලියන්න ඕන වුනේ.. ඒත් ලියන්නෙ ඔහොම නෙවෙයිද...?

      Delete
    2. තුනෙන් දෙක ලියන්නෙ මෙහෙම 2/3 හතර වසර ගණිතය...

      Delete
    3. හරි සහෝදර තුමා මං හදන්නං ඒක... ස්තුතියි

      Delete
    4. පෙනේද උඩින්ම කොමෙන්ට් කරලා ඉන්නේ අමධ්‍යප සංගමේ සබාපති මහත්තයා ..

      සහෝදර ඔය තියෙන්නේ දෙකෙන් තුන කියලා නෙමේද

      Delete
  2. ඔන්න උදේ පාන්දරම නොබොන එකෙම කමෙන්ට් කොලා හි… හි… :-D

    ReplyDelete
    Replies
    1. හි හි. බොන්නැ කියනෙක අහන්නත් සන්තෝසයි..

      Delete
  3. මම නම් බොන්නෑ. ඒක ඕන තැනක කියන්න බයත් නෑ මම නොබී ඉන්නෙ උසස් පෙළ කාලෙ මන් ලබපු අත්දැකීමක් නිසා. රාගම රෝහලේ රෝගීන් ගනනාවක් මගෙ ඉදිරියෙම මැරුන හැටි මම බලන් හිටියා (බීමත නිසා.) ඒක විස්තර කරන්න ගියොත් කමෙන්ට් එකත් පෝස්ට් එකක් වෙයි :-D

    කොහොම උනත් අර බොන මිත්‍රයො නොබොන උන්ට කියන ඒවත් මම ඇති තරම් අහලා තියෙනවා. හැබැයි ඒ රැකියාවෙන් හදුන ගත් මිත්‍රයො පමණයි. පාසල් මිතුරො කවදාවත් ෂොට් එකක් දැමීමට කතා කරන්නෙ නැත.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමා ඉන්න ඕන. මොකද කනව බොනව නං ඒක වෙනයි ඒත් බොන්නැත්තං ඒත්එහෙමයි නෙ නැද්ද ඕක කියන්න බය වෙන්න ඕනයැ. නැද්ද මං අහන්නෙ.
      රස්සාවලදි තමා ඔය සිද්දිය සිරාවටම එන්නෙ. ඒත් කවදාවත් මටත් මගෙ කිසිම ඉස්කෝලෙ යාලුවෙක් බොන්න කතා කරල නෑ. පොඩිකාලෙ ඉදන් උනුත් එක්ක හිටපු නිසා වෙන්න ඇති ඒ

      Delete
  4. අරක්කු වලත් සැර බීමවත් තිබෙන කටුක රසය නිසා මට අරක්කු බොන්න බැහැ. එයිට වඩා තිත්ත රස වුනත් බියර් නම් මට අල්ලනවා. බියර් බොනකොට නම් ලොකු අවුලක් හිතෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒත් බියර් වලට සෙම එනව නේද. ඒක ටිකක් අවුල් ඒත් ඔය තියරිය පාටි වලදි ගොඩින් බේරෙන්න හොදයි... හෙහ් හෙහ්

      Delete
  5. Replies
    1. එළ.... බොන්නැති හින්ද මාත් ඒ ගොඩේනෙ.. හෙහ් හෙහ්

      Delete
  6. ඔන්න මමනම් නොබොන කෙනෙකි. බොන උන් නොවේ ලොකුම අවුල නොබී කයිවාරු ගහන උන් සහ බීලා ලොකුව කියවන උන්. මොකටද මොලේ නියුරෝන අතර සන්නිවේදනය අවුල් කරලා ආතල් ගන්නේ. හොඳ සිහියෙන් ඉන්න පුළුවන් එකේ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ ම.ක.සි. අපිට බොන උං කියන කරන විකාර බලන්න ගියාම නං එපා වෙනව වෙලාවකට හැබැයි
      නොබී කයිවාරු ගහන්නෙ පොරක් කියල පෙන්නන්නනෙව. ඒව සිගිති ආතල්. ඊටත් මානසික රෝගයක් මං හිතන්නෙ

      Delete
  7. මම අමද්‍යප.. ඒත් කාටවත් බොන්න එපා කියන්නෙත් නෑ බනින්නෙත් නෑ.. ඒක තම තමන්ගෙ කැමත්ත..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේෂ් අය්ය. කාගෙවත් කැමැත්තට කවදාවත් හරස් කපන්න බලපෑම් කරන්න හොදම නෑ කියන තැන නං මාත් ඉන්නව. මොකද කව්රුමොනා කලත් නොකලත්අන්ත් අයට ප්‍රශ්නයක් වෙන්නැත්තං එච්චරයි.. නැද්ද හා

      Delete
  8. මම නම් බොන්න පටන් ගත්තෙ මතක හැටියට අ.වු 10 ක් පමණ වයසේ සිටය තවමත් එලෙසම ගසයි ,මම නම් බොනවා කියන්න ලැජ්ජා නැතිය ඇයි යකෝ කරනවා නම් කියන්න බැරිද ?
    මම නම් බිලා අන් අයට කරදර කරන එකට තදින්ම විරුද්ධය ,ඒ කොන්ද පණ නැති උන් ය.අනික මට බොන්න බෑ කියා සිතුන හොත් නොබී ඉන්න මට නම් කොන්ද පණ තියේ,හෙරොයින් ඇරෙන්න ,ඩප්පි,(ඩප්පි ගසන්න හොද නැතිය දත් මුල් දියවෙන ගතියක් එනවා )පැණි හැම මගුලක්ම ගැහුවෙඉස්කෝල ඉන්න ගමන් ය.
    ඔය සිහි නැති වෙන කතාව අමුලික බොරුය.මම එක දවසක් පමණක් වෙරි වී වැටි ඇත ඒ බ්‍රැන්ඩී බෝතලයකින් 3/4 වඩා බිම නිසා ය.(බොහෝ දෙනා දනි)වෙන මොන මගුලක්වත් ඔය බීම නිසා මට නම් සිදු වී නොමැත..ඔය සයිඩර ගහපු අපිට රට බිම සැන්ඩි නැතුව ගහන එක මාර ෆන්‍ ය. බයිට් එකට විදින උන් මට අරහං ය.තව ණයට බොන උනද ඒ ගොඩට දමන උන් ය .

    බොන උන්ට චියස් .... :)
    (අඩේ මෙක තවත් පොස්ටුවක් වගේ නේ ..හැක්)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මෙන්න කතාව කරනව නං කියන්න බය වෙන්නෙ ඇයි.
      ඒත් ඔය පැණිය නං හොදම නැත... ඩප්පියට දත්මුල් දියවේ පැණියට ඇටකටු දරකෝටු වගේ වෙයි. ආතල් එක වෙනයි ජීවිතේ වෙනයි... නැද්ද හා.....

      Delete
    2. ඩප්පි ගැහුවාම දත් මුල් දිය වෙන කතාව දන්නෙ කොමද ගසා ඇති ද ??

      Delete
  9. අඩෙ මොකක්ද යකෝ මේ කොරලා තියෙන්නෙ ???පබ්ලිශ් වෙන්න දාහන් ...අයේ එන්න හිතෙන්නෙ වත් නෑ .....

    ReplyDelete
    Replies
    1. අනේ මං හිතල කරපු එකක් නෙමේ... මොකක් හරි අවුලක් වෙලා මං අනිවා බලල හදල දාන්නං... මාත් එහෙම වාරණය කරන්න කැමති නෑ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. මතට තිත කොහොම තියන්නද මන්ද....?

    ReplyDelete
    Replies
    1. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ උමේෂ්... හිත තමා හැම දේටම මූලික...
      ස්තූතියි මේ පැත්තෙ ආවට එන්න බලන්න ඉඩ තියෙන හැම වෙලාවකම

      Delete
  11. අනේ මන්දා බීම නේද? බොන්නේ නැති නිසා යමක් කියන්නට බැරිය.

    මත්පැන් බීම පවක්ද නැත්නම් නොකල සිටියා නම් හොඳ දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. නොබිව්වොත් පව් සිද්ධවෙන දෙයක් ..අයි ඔයා දන්නේ නැද්ද..?

      Delete
    2. හි හි... ඉවාන් ගොය්යත් රස කතා කියනව වගේ හී...

      Delete
    3. @ අරූ අය්ය මට හිතෙන විදිහට බොන එක පවක්.. ඒ වගේම නොකල හිටියා නම් වඩාත් හොද දෙයක්...

      Delete
  12. අපෙත් මනාපය මතට තිතට.

    ReplyDelete
    Replies
    1. එළ එළ... ජයවේවා...
      ස්තූතියි මේ පැත්තෙ ආවට... එන්න දිගටම... සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  13. මේ චින්තනයෙන් මතට තිත තබා ඇති නිසා ආශ්චර්යලන්තයේ මත් වතුර නැත

    ReplyDelete
    Replies
    1. හෑ... එහෙමද එතකොට මං මේ මෙච්චරවෙලා කොරල තියෙන්නෙ මෝඩ වැඩක්ද සැකේ සැකේ...
      ඇත්තටම ඉවාන් අය්ය ඔ වගේ පුස් පාට් හින්ද තමා ලොක්ක චා වෙන්නෙ...

      Delete
  14. නොබී නොසිටිමි ! :)

    මේ මාගේ පලවෙනි කමෙන්ටුවයි. මගේ බ්ලොගයට ගොඩවූ අඩිපාරේ පැමිණියෙමි. දිගටම එමි !

    ReplyDelete
  15. ආවාට නොවක් තුති...
    ඔබ නොබොන්නෙක් නම් මගේ ආචාරය...
    හැකි සෑම විටම එන්නට හැකිනම් එයයි සන්තෝසය
    ස්තූතියි නැවතත් ආවාට මෙහි

    ReplyDelete
  16. ///අදවන විට ලංකාවේ ජනගහනයෙන් 2/3 ප්‍රතිශතයකට වඩා මතට ඇබ්බැහි වී සිටිති/// මේකේ දෙකෙන් තුන විදියට කියවෙන්නේ මං හිතන්නේ මහේෂ් ,,, නිවරැදි කරන්න,.. හොද ලිපියක් ,,,
    උඩම කොමෙන්ට් කරලා තියෙන්නේ බොන්නේ නැති උදවිය ,, හරිම සතුටුයි ,, බලද්දි පිරිමි කවුරුත් බොන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙන්නං... ඒත් ඉතිං නොබීපු අයත් නෑලු... අනේ මන්ද...
      ගොඩවැදුණට මේ ඉසව්වට නොවක් තුති... හැකිනම් නොකඩවා පැමිනෙන්න.. ශක්තියක් ඒ මට...
      ඔය තුනෙන් දෙකේ කතාවට මං වැඩක් කොරන්නං කො

      Delete
    2. @අපූර්වි සහ මහේෂ්.
      2/3 කියවන්න ඕනේ තුනෙන් දෙක කියලා තමයි. මහේෂ් හරි. ඕක ලංකවේ අපි පටලාගන්නේ ගෙවල්වල නොම්මර හෙම කියවන්න ගියාමයි. ඒකට හේතුව මේක ඉංග්‍රීසියෙන් two upon three නැතිනම් ටූ තර්ඩ්ස් කියලා කියන නිසා අපිත් ඒ විදියටම සිංහලෙන් කියන්න යාමයි. ඕකට අපි දෙක යට තුන කියලා ඊට පස්සෙ දෙකෙන් තුන කියලා වරද්දා ගන්නවා. මේක ඇත්තටම තුනෙන් දෙක. ඕය ස්ලෑෂ් එක නැතුව ඕක එක ඉලක්කමක් යට අනික ලිව්වා නම් ඕක වෙන්නේ නෑ.

      දැන් මේ 1/2 දෙකෙන් එක, නැතිනම් බාගේ / half.
      මේ 1/4 හතරෙන් එක, නැතිනම් කාල / quarter
      මේ 3/4 හතරෙන් තුන, නැතිනම් තුන්කාල three quarters

      Delete
    3. නොවක් තුති ඔබට... මේ තුනෙන් දෙක මාම සෑහෙන්න පටලැව්ව ඒකයි මං ඉලක්කං අතෑරල අකුරු වලින් ලීවෙ... නැත්තං මෙතන එක කෙලියයි... ස්තූතියි නැවතත්

      Delete
    4. හේයි මහේෂ්, මේකෙ වෙලාව හදහං බං. දැන් AM කියල වැටෙන්නේ. :D

      Delete
  17. බොන්නේ නැත... බීලාද නැත... ඉස්සරහටත් බොන්නට අදහසක්ද නැත...
    අවන්හලට ජය වේවා...
    හැබැයි අවන්හලේ වැරදිලාවත් බොන්න එහෙම නම් දෙන්න එපා මහේෂ් හො‍ඳේ...

    ReplyDelete