Monday, February 17, 2014

අරුමයකි වටහා ගත නොහැකි...

පිළිස්සී
මියෙන වග
දැන දැනම
ගිනිදැල්ල
වෙතම ඇදෙනා
මෙරුවෙක්ය සිත.....
නුඹවම සොයා
නුඹටම
පෙම් බදින
අපූරුව......


පිකුව ඉස්සුවෙ මෙතනින්
http://www.patrajdas.com/artists/WooKS/WomanInBlossom_L.jpg

21 comments:

  1. අදුරට ශාප කර
    එළිය නුබ යැයි සිතා
    ඒ එලියට පෙම් කොට
    තටු සිදවා ගත්
    යන එන මං නැති
    පලගැටියෙකි මා


    මෙහෙම එකක් මාත් බැංකු ස්ලිප් එකක ලියලා සාක්කුව්වෙ දාගෙන හිටියා මතකයි ..වචන හරියටම මතක නෑ ..පස්සෙ කතාව වෙනස් වුණා නේ හැක් හැක් ...
    කොම වුණත් පස්ට කතාව දැනුනා ...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඒ වගේ අහම්බෙන් ලියැයෙන ඒව හරිම ලස්සනට එනව... මං නං කෝම හරි පරිස්සං කරල ගෙදර ගේනව

      Delete
  2. ඒ කිව්වේ ලැබ් එකක් ඇතුලෙද...

    ReplyDelete
  3. ගොඩක් අය කරන්නේ ඕක.. පිච්චෙන බව දැන දැනත් ඒ මත්තෙම නැහෙන්න හදනවා. ඒක එයාට සතුටක් වෙන්ඩෑ.

    ReplyDelete
    Replies
    1. සතුටකටත් වඩා ඇබ්බැහියක් නෙව මදුරංග අය්යා

      Delete
  4. පැතුවේ
    ආදරනීය
    කෙල්ලක්
    ලබන්නට
    සෙනෙහෙ
    අහෝ.....
    දෛවයේ සරදම්...
    කල්යත්ම
    තේරුනේ මට
    ඒ..
    ගිනි දැල්ලක්


    කිසිම දේකට ආදරේ නොකල මා ටිකින් ටික කවියට ආදරේ කළෙමි.ඒ හැම අතින්ම බාදක හමුවන කවියටය.නිදහසේ කවියක් ගොතන්නට මා නොපෙළඹුවේ මන්දැයි නොදනිමි.එහෙත් මෙවන් නිදහස් කවි දකින මටත් සිපිරි ගෙයකට වඩා නිදහස් අම්බලම සොද යැයි සිතේ....

    මහේෂ් ලස්සනයි නිසදැස......

    තව ලියන්න
    එයි බලන්න
    කවුරු කවුරුත්
    නිදහසේ අරුත්බර
    සුව විදින්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිරියක් ඔබේ අදහස....
      හැකි හැම වෙලාවෙම කවි තමා ලියැවෙන්නෙ...
      ඒත් දැං නං වෙනත් දෙවලුත් ලියැවෙනව...
      නොවක් තුති ඔබට ගොඩවැදුණට මෙහට...
      එන්න හැකි සෑම මොහොතකම

      Delete
  5. විදවන බව දැන දැනම වේදනා විදීම තමා බන් ආදරේ.
    ලස්සනයි අදහස.

    ReplyDelete
  6. කෙටියි සුන්දරයි!!

    දනිමි මා
    ගින්නේ රැඳුරැ බව...
    පිළිස්සී මියෙන වඟ......
    එහෙත්
    ඊට මොහොතකට පෙර
    ලැබෙන සතුටට
    මා ලොල් වෙමි...
    ඒ සුවය විඳ මියයාම සැපකි...!
    උඹට ජය!!

    ReplyDelete
  7. කෙටියි සුන්දරයි!!

    දනිමි මා
    ගින්නේ රැඳුරැ බව...
    පිළිස්සී මියෙන වඟ......
    එහෙත්
    ඊට මොහොතකට පෙර
    ලැබෙන සතුටට
    මා ලොල් වෙමි...
    ඒ සුවය විඳ මියයාම සැපකි...!
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. මොකද මේ දෙකක් දාල....
      එහෙමද ආස... හාකො හාකො...
      ඔයැයිගෙ කැමැත්තනෙ

      Delete
  8. මොනවා කරන්නද බං.. පිච්චෙන බව දන්නවා වුනත් ඒ එළියට ආදරෙයි නේ අපි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේ ඒ එළිය නැති උනාමත් නිකං අවුල් වගේ නේහ්....

      Delete
  9. පිච්චෙන බව දැන දැනම ඒ වෙතම ඇදෙන්නේ ඒ මොහොතේ සුවය නිසා වෙන්න ඇති.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  10. සරලයි නියමයි....

    ReplyDelete
  11. හ්ම්ම්මම්......පවු

    ReplyDelete