Friday, April 4, 2014

නෙල්ලි-05 මගෙ අමුතු කතා(ii)-- ඒලියන් බෑග්...


                                                                                  ලක්දාස් එකේ හිච්චි කෙල්ලො ටිකත් පහුකරන් වේගෙන් වේගෙන් ඇවිත් වැව රවුමත් පාස් කරන් වැව රවුමට හැරෙන තැන අලුතින්ම හදාපු මුස්ලිම් පල්ලියත් පාස් කලා... ඒ වෙලාවෙ තමා මට මතක් වුණේ අපි පංති එන්න පටං ගන්න කාලෙ මෙහෙම පල්ලියක් තිබ්බෙ නෑ කියල... මං ඒක තරිදුවට කිව්ව හම ඌ මරු උත්තරයක් දුන්න..(මා මිතුරාගේ අකමැත්ත නිසාම බොහෝ සිදුවීම් වාරණය කර ඇති බව සලකන්න)ඇත්තටම අපේ උන්නෙ එකමුතුව නං අංතිමයි කියල මට හිතුණෙ ඒ වෙලාවෙ... මොකද අපේ අය මෙහෙම උදව් කරනව අඩුයි නෙව.. පල්ලියත් පහු කරන් රහීම්ස් එක ගාවටම ඇවිත් මං තරිදුවගෙ මූණ දිහා බැලුවෙ ඒ පැත්තට යං කියල කියන්න වගේ... ඌ නිකං කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ මූණ හදාගත්ත හිංද මං ඒඅදහස අතෑරල දැම්ම... අපරාදෙ ගියා නං දාඩිය නිවෙනකං ඒසී එකට වෙලා ඉන්න තිබ්බ මගෙ හිත කීව... හ්ම්.... මාත් හූ මිටි තියන ගමන් තලය පස්සෙන්ම වැටුණ...


                                                           ( මේක තමා ඒ බෑග් කට්ට)                                        

                                                                                   පැරකුම්බා වීදිය කියල එකක් කුරුණෑගල තියෙනව වගෙම ඒකෙ දෙපැත්තෙ පදික වේදිකා කියල ජාතියකුත් තියේ. ඒත් ඇවිදින්න බෑ ඒවගෙ. මොකද ලංකාවෙ වෙළද පාර්ශ්වය ඒ තරං පාරෙ යන මිනිස්සුන්ට ආදරෙයි... ඒ හිංද තරිදුවයි මායි පාරෙ අයිනෙනුත් නැතිව මැදිනුත් නැතිව පාක් කරල තියෙන වාහන අස්සෙං රිංග රිංග රිචඩ් එක ඉස්සරහට ආව... බෑග් එකක් ගන්න වුවමනාව තිබ්බෙ මට වුණත් මටත් කලිංම සාප්පුව ඇතුලට රිංගපු තරිදුව හිතාගන්නත් බැරි ඉක්මණට සෙනග අස්සෙ දියවෙලා ගියා... ඌ පස්සෙන් යන්න හිතුවත් ටිකක් මහත දෙහෙත ඇන්ටි කෙනෙක් පාර හරස්කරපු හිංද අමාරුවෙන් එහෙං මෙහෙං පැනල තලය හොයාගන ගියා... මං එතෙන්ට යනකොටත් ඌ බෑග් බලනව... මාත් හිමීට බෑග් එකක් දෙකක් අත පත ගාල බලල එහෙම තරිදුව දිහ බැලුව. ඒ එක්කම මගෙ ඇස් ගියෙ තරිදුව අතේ තිබ්බ එච් පී ලේබල් එක ප්‍රින්ට් කරල තිබ්බ හුරුබුහුටි බෑග් එක්කට.. පට්ට නේහ්... කියල මං කියනකොට බෑග් එකේ එල්ලල තිබ්බ ප්‍රයිස් ලේබල් එක උස්සල පෙන්නන ගමන් ඌ අහක බලා ගත්ත... 1690.00 යි... මගුලයි...යකෝ මේව හදන්නෙ ඒලියන් කම්පැණි එක්කද ... මං හිමීට තරිදුවගෙන් ඇහුව... ඒ තරං සල්ලි කොහෙද යකෝ කියල මං මටම බැන ගන්න ගමන් අපි දෙන්න ළගම හිටන් අපිට දිට්ටි ලාගෙන හිටපු සේල්ස් බෝයිට ෂේප් හිනාවක් දාන ගමන් ලැජ්ජාව සාක්කුවට දාගෙන තරිදුවගෙත් අතින් ඇදගන එළියට ආව... කොහොමත් එතන තිබ්බ හැම එකක්ම 1500.00 න් එහා... ඒ පාර මූ කියනව... අම්මපා මං හරක් මස් කන්නෙ නෑනෙ නැත්තං.....!!!
                                                                                      රිචඩ් එක ඉස්සරහම වගේ පාරෙන් එහා පැත්තෙ තියෙන්නෙ බෑග් කෝනර් එක.. රිචඩ් එක ඉස්සරහම නවත්තල තිබ්බ ඩොල්පියෙ අයිතිකාරයටයි මරුටියෙ අයිති කාරයටයි හිතෙන් බයින ගමන් ප්‍රනාන්දු එක පැත්තට ඇවිදන් ගිහින් පාරෙන් එහා පැත්තට පැනල බෑග් කෝනර් එකට ගොඩ වුණා.ඇත්තටම එහෙමෙයි කියල ගොඩවෙන්න දෙයක් තිබ්බෙත් නෑ... මොකද ඒක හදල තිබ්බෙත් පදික වේදිකාවෙන් කොටසක් බදු අරන් හදපු පුංචි ඉඩක හිංද.. කඩේ හිටපු මුස්ලිම් කොලුව මගෙන් අහන හරස් ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් මම ඔළුවට උඩිං එක සීරුවට එක පේළියට එල්ලල තියෙන වෛවාරන්න බෑග් දිහා බලනව... ඒ අතරෙ තරිදුව කඩේ ඇතුලට ගිහං නානත් එක්ක කතාව... අර කොල්ල කැඩිච්ච සිංහලෙන් මට බෑග් විකුණන්න ට්‍රයි එක...

ඒ..... මේං.... මේ බලකො...

                                                                                         යකෝ මෙහෙත් ඒලියන්ස්ල හදපු බෑග් තියේද බලන්න මං කඩේ ඇතුලට ගියා... ඔව්නෙ යකෝ මේ අර බෑග් එකමනෙ... තැන වෙනස් වුණාට බෑග් එක වෙනස් නෑ මගෙ හිත කියනව... ඔව්.. ඔව්...... ඒකමයි මාත් කියනව... එතකොට ඒලියන්ල මෙහෙටත් බඩු දානවද... මාරයිනෙ...

ඕක 1290.00 මල්ලි.. ගන්න අඩු කරාල තමා දෙන්න බලන්නං...

ඒ පාර මට තරුදුව දිහා බැලුන... මූ උඩ බලං හිනාවෙනව... යකො  ඒලියන් කෙනෙක් වත් ඉන්නවද බලන්න මාත් උඩ බැලුව මොන... මේකට පිස්සුද මට පිස්සුද...??? තනියෙං හිනා වෙන්නෙ...

ලාස්ට් ප්‍රයිස්ද අංකල්....

තරිදුව හිමීට නානට ශේප් න්‍යාය දානව... මට හෙට්ටු කරල පුරුද්දුක් නැති හංද කඩේ හැම තැනම එල්ලල තියෙන වෛවාරන්න බෑග් දිහා බලනව... ඒ අස්සෙන්...

1000 ක් දෙන්න මල්ලි... කොස්ට් එක තමා... මල්ලි ඔච්චරම කියන හංද...1000 යි... ඊට වඩා නං අමාරුයි... අපිත් ජීවත් වෙන්න ඕනනෙ මල්ලි... 1000 ක් දෙන්න..

මෙන්න යකෝ නාන කාරය අඩනව... තරිදුව මූව අඩවලා එහෙනං ඈ...  ඇතිද ...? තරිදුව ඇස් වලිං අහනව.. මං ඔළුව පැත්තකට ගස්සල  හිටන් කමක්නෑ කීයල පර්ස් එකෙන් රු.1000.00ක් ඇදල නානට දික් කලා...  ඊට පස්සෙ නාන කඩේ කොල්ලට උන්ගෙ බාසාවෙන් මොනවද කිව්ව... ඌ ඇවිත් නානගෙ අතේ තිබ්බ බෑග් එක ඇරං සාක්කු බලල හිටං ඇතුලෙ තිබ්බ තවත් ඒ වගේ බෑග් එකක් එළියට අරන් වහන්න හදන කොට එපයි කියපු මම ඒක අරං මගේ ඒසී බෑග් එක ඒක ඇතුලට දාල සිපර් එකත් වහගෙන පිටේ එල්ල ගත්ත..
බෑග් කෝනර් එක තියෙන්නෙ පැරකුම්බා වීදියයි බෝධිරාජ මාවතයි එකතු වෙන වයි හංදියෙ නැම්මෙමයි... පැරකුම්බා වීදියෙ ඉදන් ඇවිත් කඩේ ඇතුලෙන් ගිහින් ඕන නං බෝධිරාජ පාරට පැන්නහැකි... මායි තරිදුවයි කඩේ නාන ටයි කොලුව ටයි වේව් එකක් දාගෙන බෝධිරාජ පාර පැත්තෙන් පල්ලම් බැස්ස..
අපි දෙන්න පාරෙන් එහා පැත්තට පැනල බස්ටෑන්ඩ් එකට එනකොටම තරිදුව හෝ ගාල කාට හරි බයිනව කියල නිකං හීනෙන් වගේ ඇහුන හිංද ඌ දිහා බැලුවෙ කාටද මේ බයින්නෙ කියල හොයන්න... මෙන්න මූ තනියෙන් රිචඩ් කාරයට බයිනව.. මටත් තනියෙන් හිනා... ඒත් මං හිනා වෙනව දැක්කොත් මටත් අහගන්න වෙන හංද පැත්තකට හැරිල අමාරුවෙන් හිනාව කපාගන ඌට වේව් එකක් දාගෙන කෑගල්ල බස් නවත්තන තැනට ගියෙ තලයගෙ බැනිල්ල සාධාරණද නැද්ද කියල හිතන ගමන්


පසු සටහන----මා මිතුරාගේ බලවත් විරෝධතාව නිසා මෙහි ඇතුලත් විය යුතු  ඇතැම් සිදුවීම් හා සංවාදයන් කතාවේ ගලා යාමට හානියක් නොවන පරිදි වාරණයට ලක් කිරීමට සිදුවූ බව කණගාටුවන් දන්වමි...

41 comments:

  1. පාට පාට වෛවර්ණ ලයිට් දාපු, ඒසී කරපු, සර්, බර් ගගා කතාකරන සික්කො ඉන්න තරු පංතියෙ කඩවල් වල තියෙන දෙතුනදහෙ බඩු පේමන්ට් එකේ 900,1000ඉ තමා බන්. රු:50ට තියෙන බීම එකම ක්ල්බ් වල 1000,2000ටත් තියෙනවලුනෙ. ඒ වගේ තමා බං මේකත්. ඕවට යන්නෙ පොලොවට අඩි දෙකතුනක් උඩින් යන, ජීවිතේට දූවිලි ටිකක් නොගෑවෙච්ච, අව්ව පොදක් දැක්කෙ නැති පියරු බබාල. උඹල අපිට ඕව හරියන්නෙ නෑ බං.

    ReplyDelete
    Replies
    1. වෙන්නැති....රිචඩ් මුදලාලි හෙන සද් ගුණවත් බුවා තමා... ඒත් ෂොප් එකේ බඩු අම්බ ගණන්... මක් කරන්නද... ඔන දේ හොයා ගන්නත් එපෑ

      Delete
  2. කුරුණෑගල පැරකුම්බා වීදිය කිව්වහම මතක් වෙන්නෙම රිචඩ් පොත් සාප්පුව. ඒක නෙමේ.
    මාත් ආසයි අර ජාතියේ බෑග් එහෙකට. ඒවා පට්ට ගනන් නෙහ්

    ReplyDelete
    Replies
    1. ඉතින් එ ගැන නෙමේද මං කියල තියෙන්නෙ.... ඈ.... :o

      ඔයා කියන්නෙ උඩ තියෙන පිංතූරෙතියෙන වාගෙ එකද්ද.... ඒක තමා මං රු. 1000 කට ගත්ත කීවෙ

      Delete
  3. හයියෝ................කලින් දන්නවනම් දෙනවනේ ඔත්තුව. මමත් දැන් කුරුණැගලින් පදම් වෙලා ඉන්නේ. ඕනෙම වර්ගයක ඔරිජිනල් කොම්පියුටර් බෑග් එකට 90% ක් සමාන බෑග් මාර්කට් එකේ උඩ තට්ටුවල ඇවිදලා ගන්න පුළුවන්. රහීම්ස් එක පහුකරලා පල්ලිය පැත්තට යනකොට දකුණු අත පැත්තට තියන පටු වීදියේ තියනවා බෑග් මහන තැන් දෙකක්. තමන් කැමති විදිහකට මහගන්න පුලුවන්. තරහ වෙන්න නම් එපා. ඔය බෑග් කෝනර් එකේ තියෙන්නේ බොහොම බාල බඩු.

    ReplyDelete
    Replies
    1. රහීම්ස් එක පහුකරලා පල්ලිය පැත්තට යනකොට දකුණු අත පැත්තට තියන පටු වීදියේ තියනවා බෑග් මහන තැන් දෙකක්////

      ඒ ගැන දැනන් හිටියෙ නෑ... මං ඔතනින් යනකොට දැකල තියේ එහෙම තැනක් ඒත් දැනන් හිටිය නෑ.. ස්තූතියි ඔත්තුවට...

      හුගක් වෙලාවට බාල බඩු තමා ඒත් හොදට කාල් ගාල හෙව්වොත් හොද ඒවත් තියේ... ඇත්තටම මං ගත්ත එකට තාම කිසිම අවුලක් නෑ... හොදට පාවිච්චි කරනව...

      මේ පැත්තට ආවට ස්තූතියි විචාරකු තුමා...

      Delete
  4. අපිටත් ඉතිං පේමන්ට් කඩවල්වල පිහිට තමා.. :D
    ඔය බෑග් එක එල්ලගත්තාම නිකං ගගනඝාමියෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. හිහි ඒක නං ඇත්ත...
      බෑග් එකනං ටිකක් ලොකුයි තමා.. හැබැයි ඔන වැඩකට කියාපු බේත

      Delete
  5. හි..හි.. සමහර දේවල් වල ගනන් ඇහුවාම ඇත්තටම හිතෙනව මේවා හදන්නේ ඒලියන් කම්පැණි එක්කද කියලා..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ... හුගක් කම්පැනි උං ගැන හිතනව මිසක් පොදු ජනතව ගැන හිතන්නෙ නෑ

      Delete
  6. බලන්න මහේෂ් ඒකෙත් හැටි. ලැප්ටොප් එක ඒකේ ඔරිජිනල් සයිඩ් බෑග් එකේ දාගෙන පාරේ යනකොට කුඩ්ඩෝ බෑග් එක ඇදගෙන දුවපු කේස් කීපයක්ම වාර්තාවුන නිසා අපි හුඟ දෙනෙක් ප්‍රිය කලේ බැක් පැක් එක. බැක් පැක් හොයනකොට මේ කතාවෙදි වගේ HP. Acer වගේ brand name ගහලා තියෙන ඒවා හොයලා කොල්ලෝ ඒවයේ පොත් දාගෙන එනවා. අපි එහෙම නම් ගහලා නැති බෑග් හොයනවා ඒකේ දාගෙන යන්නේ ලැප්ටොප් එකක් බව නොපෙනෙන්න. :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... අපි දන්නව ඒ බ්‍රෑන්ඩ් නේම් තියන ඒව ලෝකල් බඩු කියල ඒත් ඒ වගේ බෑග් එල්ලං යන එකෙත් පොඩි කික් එකක් තියේ නැද්ද මං අහන්නෙ

      Delete
  7. මාත් ඔය හෙට්ටු කරන වැඩෙට නම් දක්ෂ නෑ බං. ගොඩක් වෙලාවට දෙයක් ගන්න ගියාම අහු වෙනවා ඒ නිසාම.

    ඔය HP බෑග් එක අපේ මලයගෙත් ආසම බෑග් එක යුනිෆෝම් එක ඇදන් ඕක දාන් ඉස්කෝලෙ යත්දි ඒලියන් කෙනෙක් වගේම තමා. මට නම් ඒ තරම් සෙට් වෙන්නෑ ඔය බෑග් එක.

    ReplyDelete
    Replies
    1. දැං කාලෙ ට්‍රෙන්ඩ් එක ඔක නෙව ප්‍රියා...
      ඔය ජාතියෙ බෑග් පාවිච්චියට පහසුයි ඒකයි හොද

      Delete
  8. හප්පේ... නිකන් හම්බ වෙච්ච එක හොඳට පරෙස්සම් කර ගන්න ඕනෙ :-)))

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ... සල්ලි දීල ගන්න ගියාම තමා තරු විසි වෙන්නෙ

      Delete
  9. අපේ දන්න කියන අය ගොඩකගේ සයිඩ් බෑග් වල දාගෙන යන ලැප්ටොප් නැති උන නිසාත්, උස්සගෙන යන්න ලේසි නිසාත්, මමත් ගත්තා බැක්පැක් එකක්, දැන් අවුරුදු 3ක් විතර වෙනවා, තාම හොඳට තියෙනවා හැබැයි මම නම් ගත්තේ ලොකු කඩේකින්, සල්ලි තියන පියරු බබෙක් නිසා නම් නෙවෙයි, පේමන්ට් කඩ වල යන්න බය නිසා. (ගියොත් අන්දනවා නේ, පුරුදු නැතුව ඒ වගේ තැන් වලට යන්න අමාරුයි)

    ReplyDelete
    Replies
    1. ඇන්දෙන්නෙ ඇයි දන්නවද උං බඩු වල ගාණ කියන්නෙ මූණ බලල.. මූණ දැක්කම කීවහැකිනෙ මූ ඇම්ඩෙක්ද නැත්තං මල් බුවෙද්ද කියල... හුගක් පේමන්ඩ් කඩ කාරයො මූණ බලල ගණන් කියන්න දස්සයි

      Delete
  10. මහේෂ් මෙක ශුවර් එකටම බැග් කතාවක් ද ???

    ඔය මුස්ටිම් පොරවල් කරන්නෙ රුපියල් 100ක් නම් බඩුව එකේ ගහනවා 300ක් කියලා පස්සෙ එක අඩු කරනවා 200යට විතර ,මං අන්තවාදියෙක් නෙව ෙයි හැබැයි ඔය වැඩෙ මට හරි යන්නෙ නෑ ,කොහේ හරි හොද කඩයක් බලල ගන්නවා ගාන මොකක් වුණ්ත් බඩුව හොද නම් ..

    තාම ඉස්කොලේ යනවද මහේෂ් ආ ....

    ReplyDelete
    Replies
    1. තාම ඉස්ලෛ යන්නෙ නෑ...
      අන්තවාදී කතාවක් නං මං‘ දැක්කෙ නෑ...
      එහෙම සීන් කවුරුත් කරනව සහෝදර තුමා...
      සිංහල කඩවල් වලට ගිහිං පඩ රෙස්පට් බලනවට වඩා අපිට ඕන දේ අරං පාඩුවෙ එන්න පුලුවං මුස්ලිං කඩ හොද කියල නං අනන්තවත් හිතිල තියේ

      Delete
  11. ඔනම බඩුවක් දැන් කොලිටි ගනනාවක් තියෙනව.හොද එක හොයා ගන්න එක තමයි අමාරු

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... කඩවල් කීපෙක හොදට කාල් ගෑවොත් බැරි වෙන්නෙ නෑ...

      Delete
  12. කාලෙකට කලින් තරුණයා පත්තරේ නවකතාවක් ගියා "සුළඟ වගේ ඇවිදින්" කියලා . මට මතක් වුනේ ඒක. ඒ කතාව ලිඉවෙත් උම්බමද මන්දා? පට්ට රහයි . අපිට වෙච්ච් සීන වෙන එකෙක් ලියලා තියෙද්දී එක කියවනකොට මාර ගතියක් එනවා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ඒ සමන් එදිරිමුණි... මගෙ නවකතාවක් තියේ ඒක කියෙව්වොත් ඉවාන් අය්ය මේ පැත්ත පලාතක එන්නෙ නෑ

      Delete
  13. සමහර බඩු වල ගණන් ඇහුවම ඇත්තටම පුදුම හිතෙනවා මහේෂ්.ළඟකදී යෙහෙළියක් සමඟ ගියා ඇයට වෙඩින් ඇඳුම් තෝරන්න.කැළණිය පැත්තෙ......ගවුමක් තෝරගත්තා ඇය.අපි නිකමට වගේ ගාන අහල බැලුවා.මිල රු.48000..........????

    ReplyDelete
    Replies
    1. 48000 ක් කීව.... යකෝ රත්තරං වලිංද හදල තියෙන්නෙ

      Delete
  14. මට හරියන්නෑ බං ඔය හෙට්ටු කිරිම්..

    ReplyDelete
    Replies
    1. හිහි කීවට මොකද මටත් බෑ... ඒකයි අරූට කරගන්න දීල මං පාඩුවෙ හිටියෙ පැත්තකට වෙලා

      Delete
  15. සමහර තැන්වල අපි නොහිතන අඩු ගනන් වලට බඩු ගන්න පුළුවන්.. පේමන්ට් එකේ එහෙම.
    ඒත් අපි ඒ වගේ දෙගුණයක් ගෙවලා ලොකු කඩේකින් ගන්නවා.
    වාරණයට මාගේ බලවත් විරෝධය...
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. මගෙ මිතුරා තමා මට වාරණ නියෝග දැම්මෙ... ඌව තරහ කරගන්නත් බැරි හිද තමා පුලුවං විදියට අවුලක් නෙවෙන්න කතාව ලීවෙ

      Delete
  16. එකම දේ තැන් දෙකක වෙනම ගානක්.. වැඩේ තියෙන්නේ ඉතින් අපිට අහු වෙන්නෙම ගනන් වැඩි එක.. පස්සෙයි අඩු එක දකින්නේ.. ඒකනේ අවුල.

    ReplyDelete
    Replies
    1. ඒක නං මටත් කීප පාරක්ම වෙලා තියේ...
      අපේ හදිසිය වැඩිද මංද

      Delete
  17. තැන් දෙකක ගණන් වල වෙනස. ඔය අඩු කිරිල්ල වුනත් හැම තැනම බැ. සමහර කඩ කාරයොත් ඉන්නවනෙ මල පනින උන්.

    //නෙල්ලි-05// මොකෝ එහෙම දාල තියන්නෙ ? :)

    ReplyDelete
    Replies
    1. අප්පේ හා වැඩියක්ම අපේ උං...

      මට 6යි 5යි පැටලුනා... නෙල්ලි කියන්නෙ මගෙ අත්දැකීම් ගැන ලියවෙන ලිපි මාලාව

      Delete
  18. කඩ කාරයොත් එක්ක මිළ ගණන් කතා කරන්න මට තේරෙන්නේ නෑ...කඩවල් දෙක තුනක ඇවිදලා හිමින් සැරේ ගණන් අහල හිතට අල්ලන එකක් ගන්න එකයි කරන්නේ...කැත සිද්ධිය කියන්නේ..හුඟක් වෙලාවට මුලින්ම ගණන් අහපු කඩේට තමයි අන්තිමේට ආපහු යන්නේ... :D

    බෑග් ගැන කියනවනම් අවුරුදු පහකට කලින් ගත්තු "ඩීසල්" බෑග් එක තමයි අදටත් පාවිච්චිය..

    ReplyDelete
    Replies
    1. මගෙ ඩීසල් එක තාම තියේ... ඒත් පරණ පාටයි... අවුරුදු නං 6කට වඩා

      Delete
  19. ඔහොම දෙන්න පුළුවන් ඩුප්ලිකේට් බඩු නේද මහේෂ්? නැත්නම් උඹ හිතනවාද රිචඩ් මෝඩයෙක් කියලා එක බෑග් එකකින් අච්චර ලාබයක් තියාගන්න ගිහිල්ලා කස්ටමර්ස්ලා කඩාගන්න.

    ReplyDelete
    Replies
    1. ඒකමත් නෙවී අරූ අය්යෙ...
      බඩුව නං එකයි..
      කෙස් එක තමා අරුන්ට වගේ අඩුවට විකුණන්න බෑ... ඇයි දන්නවද
      කීදෙනෙක්ට පඩි බේරන්නද...
      ලයිට් බිල් රර බිල් මේ බිල්
      එතකොට ටැක්ස්... බඩු ගනන්ි යනව තමා...
      ඒත් අපිට ඒමෙයි කියල ඒ ගානට ගන්නයැ

      Delete
  20. අපිත් ඉන්නෙ ඔය බෝට්ටුවේම තමා මචෝ..මෙහෙම දේවල් තව කොච්චරනම් වෙනවා ඇත්ද?

    ReplyDelete
  21. ඔකට තමා කරුමෙ කියන්නෙ බං

    ReplyDelete
  22. අඩේ අපේ ගමේ එල කොල්ලෙක්, හඳුනා ගැනීම සතුටක්. ඕක තමයි මචෝ අරුන්ගේ පල්ලි වැඩි වෙන්නෙත් අපේ පන්සල් වහෙන්නෙත්.

    ReplyDelete