Tuesday, April 22, 2014

මරණයක මළගම - 2


කලිං කොටසකියවන්න බැරි වුණාද... මෙතනිං යන්න


ආනේ..... අර බලන්නකො සුදේ.... ලස්සනට ඩෙකරේෂන් කරල හදල තියෙන අර වේවැල් ෆර්නිචර් ටික... ෂෝයි නේ...

නර්මදා ... අපි යන්නෙ මේ මළ ගෙදරක....වෙන කාගෙවත් නෙවී මගෙ තාත්තගෙ මළගෙදර... මේ දවස් ටිකට වත් ඔය විකාර ඔළුවන් අයින් කරගන්න බැයිද ....

මළ ගෙදරක යනව කියල හොස්ස එල්ල ගෙන යන්නයැ...

ඇයි දැං තමුසෙට ඕන බෑන්ඩ් ගහන්නද.... 

පුහ්.... මහලොකු තාත්ත.... මතකනෙ අපේ තාත්ත නැති වුණ වෙලාවෙ....

ඇයි මං මොකද්ද කරපු අඩු පාඩුව.... තමුසෙගෙ අර කුණු ලෝබ අය්යල මල්ලිල ටික එක සතයක් වියදං කරාද... ඔක්කම මම නෙවේද කරේ........... හුහ් මහලොකු වංසෙ.... හොදා කබල් ගාන්න..

හහ්.... මං තමා වැරදි මගෙ පවුලෙ අය තමා වැරදි.... ඉහ්....හ්...

අනේ මේ වහගන්නව ඔය ටැප් එක... ඕන් නං එහෙ ගිහින් අරින්න තියා ගන්නව.....
                                                                    **********

හරේන්....

ඇයි....

දැං ලොකු අය්ය එහෙම එනවද.....?

නැතුව.... හිතුවද මේක පිට එකෙක්ගෙ මළ ගෙදරක් කියල... ඒ අපේ තාත්ත...

හ්ම්... ඒක මං දන්නව...

මං කියන්න හැදුවෙ තමන්ට ලොකු සහෝදරයෙක් ඉන්නවනෙ එතන ගිහින් වෙස්සන්තර එහෙම වෙන්න හදන්න එපා කියල...

මේ යශෝ..... මගෙං කුණුහරුප නාහ කට පියාගන්නවද... එතන කව්රු මොනා කලත් නොකලත් මගෙං වෙන්න දෙයක් තියේ නං මං ඒක කරනව... මට ඒකට කවුරුත් කියන්න ඕනෙත් නෑ... මගෙං යන ගාණ මට ප්‍රශ්නෙකුත් නෑ... ඒ මගෙ තාත්ත... මං මට පුලුවං තරං කරනව...

ඇයි මං කව්රුත් නෙවේද...

ඇයි දැං තමුසෙට මොකද වෙලා තියෙන්නෙ... තමුසෙගෙ කාට හරි මොකක් හරි වුණානං බලාගන්න තිබ්බ... ඒ ගැන නං මොකට කියනවද  ඉතිං.....
                                                                   ***********

ලොකු බේබි....

ආ මේ සියාතු අප්පු නෙව... එන්න ටිකක් පරක්කු වුණා සියාතු...

කෝ පොඩි මහත්තය ආවෙ නැතෙයි...

මං කෝල් එකක් දුන්න දැන් නං මේ ළග කීව කොහොමත් ටිකක් වෙලා යයි... ඔෆිස් එකේ ඉදල එන්නත් එපැයි...

ඔන්න ඉතිං ලොකුබේබි අපිට පුලුවං දේ කළා... මොනා හරි අඩුපාඩු තියේ නං බලල කීව නං ඉතිං....

මොන අඩුපාඩුද ධනේ අය්යල සියාතුල එක්කහු වෙලා කරා නං මොනවත් හොයල බලන්න තරං අඩුපාඩුවක් නැතිව ඇති... මං දන්නවනෙ කට්ටිය ගැන...

එහෙමයි එහෙමයි...  මහත්තයට කියන්න අපේ සමිතිය නං පංකාදු පහයි.... හැමදේම බලල කරනව නෙව...

ආ.... අන්න පොඩි මහත්තයත් ආව...

අය්යෙ.... කොහොමද ඉතිං....

ඉන්නව බං... උඹට කොමද....

හොදයි... ආ සියාතු......

පොඩි මහත්තය....

වැඩ ටික නං සෑහෙන්න ඉවරයි.....

හ්ම්... හොදා හොදා.... මං පොඩියක් ඇතුලට ගිහිං එන්නං කො....

එහෙමයි....

හොදා නෝනෙ
                                                                  **********

අම්මෙ.....

පොඩී......................

ආ පොඩි මාම... ලොකු මාම නැන්ද... මද්දු බාප්ප ඔක්කමෙ ඇවිත් ඉන්නෙ...

මේ වෙලාවට නැති නෑදෑ කං මොකටද පොඩී.... ආ.... මේ ලොකු පුතත් ආවෙ...

අපි මේ කතා කර කර උන්නෙ සොහානක් බදිනවද නැත්තං සෑයක් බදිනවද කියල.....

මං නං කිය කිය උන්නෙ සෝනක් බදිමු කියල.... සෑයක් බදින එක කරදරයි.... ඊටත් වියදම....!!!!

බලමුකො ලොකු මාමෙ... අපි කතා කරලමොකක් හරි කියන්නං කො.... නේද අය්යෙ...

හ්ම්...

ව් ඔව් මේව උඹලගෙ යුතුකං... උඹලගෙ අප්පොච්ච නෙව...

අය්යෙ පොඩ්ඩක් ආව නං.....

ඇයි...

එන්නකො...

ධනේ අය්ය... සියාතු අප්පො....

ආ.... ඇයි පොඩි මහත්තය....

මෙහාට පොඩියක් ආව නං...

ධනේ අය්යෙ... කට්ටියට කෑම කොහොමද...

අද දවල් බත නං හරි... ඔය මහත්තුරුයි නෝනලයි ඇරෙන්නඅනික් ඔක්කම කාල ඉන්නෙ... අනිද්ද උදේ වෙනකං ඔක්කම බාර ඇරං තියෙන්නෙ ... තේමානිස් මුදලාලියි... බොනී අය්යයි... වැලි ෂෙල්ටයි... එතකොට හරමානිසුයි සියදෝරිසයි හෙට රෑට... අනිද්ද උදේට ලක්ෂපතියලැ දිහැන්... දවල් එක සමිතියෙන් නෙව...

ඒ තැං වලට මොනා හරී..........................

නෑ... නෑ... ඒ හැම දෙයක්ම හරි...

මේකයි ධනේ අය්යෙ... අයියයි මායි කතා වුණේ පුලුවං නං සෑයක් බඳින්න... ඒත් අනික් අය නං....

හරි හරි මහත්තය... අපි දන්නවනෙ බණ්ඩාර හාමුගෙ කට්ටිය ගැන.... මහත්තයලට ඕන සෑයක් බදින්න නං වියදං යයි තමා... ඒත් අපේ කොල්ලො දාල හදවන්නං..

වියදං ගැන හිතන්න එපා අඩුපාඩුවක් නොහිටින්න කරගන්නයි ඕන...

ඒ ගැන ඩිංගක් වත් බය වෙන්න එපා ලොකුබේබි.... ඔය පුලු පුලු වං වෙලාවට කොල්ලන්ට... දන්නවනෙ...

ඒව හරි... ඒ ගැන මං බලාගන්නං... එහෙනං සෑයක් බදින වැඩේ..

ඒක ඉහටත් උඩිං කෙරෙයි මහත්තය... අපි ඉන්නවනෙ...
                                                                    *****************

ආදාහනෝත්සවයට දෙපැයකට පසු.....

වැඩ ටික නං හොදටම කෙරුන නේද අය්යෙ...

හ්ම්... කාටවත් මොකුත් නොකියන්නම වුණා...

හත්දොහේ දානෙ ඉවර වුණාම සියාතුවට ධනෙයට කොල්ලො ටිකට පොඩි සංග්‍රහයක් කරන්න ඕන කෝම හරි...

මාත් ඒක තමා හිතං හිටියෙ බං... සාගරයක් තරං පරපුරක් හිටියට සතේක වැඩක් වුණාද...

ඒ ගැන නං කතා කරන්න එපා...
                                                                        ***********
ආදාහනෝත්සවය පැවති දා සවස බණ්ඩාර වලව්ව...

අනේ ...

ඇයි... ඇයි.... අම්මෙ...

අනේ පොඩී බලහංකො... තාත්තගෙ රත්තරං මාලෙයි..  අතේ බදින බේස්ලට් එකයි නෑනෙ..

හොදට බලන්න අම්මෙ... ඔය කොහෙ හරි ඇති...

මං බැලුව පුතේ හැම තැනම ඒක මේ ලාච්චුවට දාල ලොක් කරල තිබ්බෙ.. වෙන මොනාත් නැති වුණාට කමක් නෑ... ඒකම නැති වුණානෙ..

ඒත් කවුරු ගන්නද.... අනික කාගෙවත් ඒව කාටවත් මොකටද....????

පවුලෙ වැඩිමලාට පරම්පාවෙන් උරුම වෙන දේවල් පුතේ... උඹේ අය්යට දෙන්න තිබ්බ දේ... 

අනේ................. ඉහ්..හ්...
                                                                 ************

රනේ....

මොකද්ද මොකද්ද.... ඒ හංග ගත්තෙ...

බෙරිහං දෙන්න එපා යෝදියෙ...

දෙය්යනේ.... බණ්ඩාරෙ අයියගෙ කරේ තිබ්බ මාලෙ නේද.... තමුසෙත් නියම සහෝදරයෙක් තමයි ඕයි....

හෙහ් හෙහ් හෙහ්........

                                                                 ************

ඉවරයි..........

51 comments:

  1. නියම සහෝදරයෝ... හැක්

    ReplyDelete
    Replies
    1. හී ඒකනෙ.............
      සෑහෙන කාලෙකිං දැක්කෙ

      Delete
    2. අවුරුදු නිවාඩුව ගත කලානේ ඒකයි..

      Delete
    3. ඕහෝ.... එහෙනං ජයටම අවුරුදු කාලා වගේ...
      හැබැයි ඉක්මණටම පෝස්ටුවක් ලීව නං හොදා...
      නැත්තං බ්ලොග කොන්ක්‍රීට් වෙයි

      හැක්

      Delete
    4. කොහේ ලියන්නද බං මේ හාදයො තාම සයිබර් පෙස්ටිවල් වොමිට් කරනවා නේ... හැක්..

      Delete
    5. හික් හික්....
      ඒවත් ඉක්මණටම ඉවර වෙයි.... එතකොටනං ලියන්නම වෙනව...

      Delete
  2. කියෝගෙන අාවා.
    අන්තිමට මොකද බං කෙළ්...
    හැමෝම බලන්නෙ තමන්ගෙ වාසියනේ ..
    නියම කථාව...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් කවුරු වුණත් තමංට කිසි වාසියක් නැත්තං මුකුත් කරන්නෙ නෑනෙ...
      හැබැයි එහෙම නැති අයත් ඉන්නව...

      Delete
  3. හප්පෙ මෙවා තමා මල ගෙවල් වල වෙන එවා ..සැබෑ පත්ත ගොඩක් තැන් වල

    ReplyDelete
    Replies
    1. /සහෝදර අය්යේ, ඔයා යළිත් වරක් බ්ලොග් අඩවියට පැමිණිම පිළිබඳව මම අවංකව සතුටු වෙනවා. ඒ වගේම ඔයාව මම ආදරෙන් පිලි අරගන්නවා.

      දිගටම අය්යා මා ළඟ මේ විදිහට රැඳිලා මම ලියන ලිපිවල අඩුපාඩු සුපුරුදු සෙනෙහසින් පෙන්නලා දෙන්න. ආදරෙන් මේ පුංචි නංගියාගේ හිත හදන්න.

      හැමදාමත් මම අය්යගේ පුංචි නංගියාමයි. කවදාවත් මගේ හිත කිසිම දෙයකින් වෙනසක් නොවේ. හැබැයි ඔයා නම් පහුගිය ටිකේ ටිකක් විතර වෙනස් වෙලා වගේ කියලයි මම හිතුවේ..

      මගේ අතින් වරදක් ලිය වෙලා නම් අනේ අය්යේ මේ පුංචි නංගියාට සමාව දෙන්න ඔයාට පුලුවන් නේද? අපි ආයෙමත් ඉස්සර වගේම සහෝදරත්වයෙන් බැඳිලා ඉඳිමු.

      මම කවදාවත්ම හීනෙකින් වත් ඔයාට වරදක් කරන්නේ නැහැ. හැමදාම මගේ බ්ලොග් එකත් එක්කම රැඳිලා මා ළඟම ඉන්න අය්යේ. ඔයාගේ ගුරුහරුකම් මට ඕනෑ../

      Delete
    2. අඩේ අැනෝ දාන්න හිටියේ... හැක්

      Delete
    3. @ සහෝදර තුමා...
      ඒක නං ඇත්ත....
      හුගක් අය හරි කුජීත විදියට තමා කටයුතු කරන්නෙ

      Delete
    4. @විදානෙ....
      ඇනෝ කමෙන්ට් ඩිසේබල් කොර තිබීම ගැන සමා වෙන්න..
      බයිට් එක හරි නොගියාට කණගාටුයි

      Delete
    5. ඒ මේ පරණ සීන් එකක් අදද විදානේ ඕක දැක්කෙ ..ඔයිට වඩා එවා කියලා එති මට ...හිනා වෙන්න විතරයි තියෙන්නෙ ,වෙන මුකුත් කරන්න දෙයක් නෑ

      Delete
    6. විදානේ අපේ යකා එහෙම කියපු එවා ටිකක් හොයා ගනින් ...ලුණු මිරිස් ඇතුව මට කියපුවා ඇති ..මං නම් ඇනෝ එන්නෙ නෑ කෙලින්ම කියලා දහාන් මොනවා උනත් ..කිසිම අවුලක් නෑ ...

      මහේෂ් මට තුමා කියන්න එපා බන් ..මොන තුමෙක් ද ??කුලේ කියපන් ඕය නම දිග වැඩි නම් :)))නැත්නම් දොඹා කියපන්

      Delete
    7. එහෙනං තොපි ඔක්කෝම එකතු වෙලා මට තුමා තුමා ගාන්නේ.. යකෝ..

      Delete
    8. හී ..................
      කුලේට වඩා දොඹා හොදයි වගේ...

      Delete
    9. කවුද දේශකට තුමා තුමා කිව්වෙ මං නම් කාලෙකට කලින් කිව්වෙ ..දැන් කියන්නෙ නෑ ...

      Delete
    10. @ සහෝ,
      මම අැනෝ එන් නෑ.. විහිලුවක් කළේ,
      ඔ්ක දාපු දවස් වලම මම දැක්කා, අද පොඩි විනෝදයක් ලබාගන්න හිතුවා...
      අප්සට් උන්නෑනේ සහෝ තුමා..

      සහෝ තුම
      දේශක තමා

      Delete
    11. අන්න කතාව දේශක තුමා
      දාන්න පහක්

      Delete
    12. @දොඹා සහ විදානේ
      තුමා කියන්නෙ ගෞරව නාමයක් නෙව ඕකට තරහ ගන්ට කාරි නැතුවා

      Delete
  4. කතාව හොඳයි මහේෂ්,හැබැයි තව ටිකක් වර්ධනය කරන්න ඉඩ තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒක පිළිගන්නව... ඒත් මීට වඩා ලීව නං එපා වෙන්න තිබබ... ඒකයි කෙටි කලේ

      Delete
  5. තමන්ගෙ දේවල් බෙදාගන්න තමන්ගෙම එවුන් කපුටො වගේ කුලල්කන එවුන් දැක්කම මැරිච්ච එකාට වලෙනුත් නැගිටල දුවන්න හදනව ඇති.

    බලං යද්දි ලේලිට හොඳයි වගේ පුතාට වඩා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මනෝ

      හී.....

      Delete
  6. ඇත්තටම කරදරයක් උනාම ගොඩක් උදව් කරන්නේ අහල පහළ මිනිස්සුයි යාළුවොයි තමයි.. මටත් අත්දැකීම් ගොඩක් තියනවා ඔය ගැන.

    ReplyDelete
    Replies
    1. මට නංදැනෙන විදියට ඒක සදාතන සත්‍යයක්

      Delete
  7. මහේෂ් මේ සමාජ සත්‍යය හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. ඒක තදින් දැණෙන ලෙස ලියනවා. අන්න ඒකයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. මම මට දැනෙන දේ ලියන්න පුලුවං උපරිම විදියට ලියනව
      ස්තූතියි අරූ අය්ය අගයකලාට

      Delete
  8. ඔහොම වෙලාවට ගොඩක් උන් කරන්නෙ අවස්ථාවෙන් ප්‍රොයෝජන ගන්න එක තමා බං. කොටින්ම තමන්ගෙ ගෙදරට තමන්ගෙ තාත්තගෙ අම්මගෙ සහෝදරයගෙ මිනිය ගේන්න අකමැති උනුත් ඉන්න ඉන්න ලෝකයක්නෙ මේක.

    කතාව ලස්සනයි මහේෂ්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රියා...හුගක් අය තමන්ගෙ කම කියන එකටත් නිගාවක්
      ස්තූතියි උඹේ අගය කිරීමට

      Delete
  9. ලස්සනට ලියල තියේ බං...නියමයි..

    ReplyDelete
  10. ඔන්න අද ඉදන් මාත් හවුල් වුනා අවන්හලට... කතා දෙකම කියෙවුව. ලස්සනට ලියල මහේෂ් ඔබ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙහෙට ගොඩ වැදුණට...
      එන්න බලන්න හැමදාම සාදරයෙන් පිළිගන්නව ඔබ...
      ස්තූතියි දිනිති අක්ක අගය ලාට

      Delete
    2. ස්තුතියක් මොකටද දරුවො. හිතට දැනෙන අවංක හැගීම කියල ගියහම. :-)

      Delete
  11. Blood is thicker than water කිව්වට ගොඩක් වෙලාවට ඕනම ප්‍රශ්නයකදි ළඟින්ම ඉන්නෙ යාලුවෝ මිසක් නෑදෑයෝ නෙවෙයි.
    කතාව ලස්සනයි මහේෂ්!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අද කාලෙට ගැළපෙන කතාව!

      Delete
    2. @චාම්ස් & කුරුටු
      ස්තූතියි ඔබලාට

      Delete
  12. සුපිරියි. රසවත් නිර්මාණයක්

    ReplyDelete
  13. මරු අවසානයක්නේ සහෝ දීලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ...
      දැනෙන හැටියට අවසන් කලා සහෝ...............
      ස්තූතියි

      Delete
  14. හෙහ්, ඔය වෙගේ වෙලාවට ඉතින් මොන සහෝදරකම්ද බං.. මිනිස්සුන්ගේ හැටි ඔහොම තමා ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත හුගක් උංට සහෝදර කමුත් අමතකයි

      Delete


  15. එක ටෙලි සීරීස් එකක මෙහෙම කිව්වා. මට ඒක මතක් වුනා මේ කතාවෙන්.

    God gives you children so that the death wouldn't come as such a disappointment.

    ReplyDelete
    Replies
    1. ඒ්ත් හැම වෙලාවෙම නොවෙයි නේද හෙන්රි..
      ස්තූතිියි ඔබට අදහස් බෙදාහදාගත්තට

      Delete
  16. මම හිතුවේ තවත් කොටසක් තියෙයි කියලා.. ලස්සනයි කතාව ..

    ReplyDelete
    Replies
    1. ආයෙ නෑ ආයෙ නෑ..
      ඉවරෙටම ඉවරයි..................
      ස්තූතියි තුශානි...

      Delete
  17. ලස්සනයි කතාව ම‍හේෂ්.......

    ReplyDelete