Tuesday, October 28, 2014

කවිකාරියක සිත......

හිරු පායා බැස ගියාට
නැඟිලා සැඟවුණාට
අපි ඒ වගෙ නෑ..........

නිල් ගුවනත කළු වුනාට
එහි විහඟුන් සැඟ වුනාට
මං දන්නව ඔබ කවදත්
තරහ වෙන්නෙ නෑ.........

මතු දිනයක වෙන් වුනාට
වෙන් වී ඈතට ගියාට
මං දන්නව ඔබේ සිතට
මං අමතක නෑ.........

හිරු ආයෙත් පායයි නම්
සඳු ආයෙත් නැග එයි නම්
අපෙ ආදරෙ ඒ වාගෙම
වෙනස් වෙන්නෙ නෑ.......


                                                          
                                  -එකමත් එක කවිකාරියක්..........






පසු සටහන-- අද ලියන්න හිටියෙ ස්මරණ. ඒත් මේ දවස් වල මම පුංචි පහේ එක්සෑම් කට්ටකට රෙඩි වෙනව.. ඒ හන්ද මාගලක් දිගාරින්න තරම් වෙලාවක් නෑ. මේ පුංචි කවියත් එක්තරා කවිකාරියක් ගෙ... ඔව් ඔව් ඒ ඔයා හිතන එක තමා අය්යෝ. මේ දවස් වල නියං අහවර වෙලා වැහි වැටෙන කාලෙ නෙව ඉතිං ඔන්න ඔහොම වැස්සකට මාත්  තෙමෙන ගමන්... පුලු පුලුවං විදියට බ්ලොග් නං කියවනව... ඒත් ටික කාලෙකට කවියක් වත් ලියන්න පුලුවං වුණොත් ඒකත් ලොකු දෙයක්.....

78 comments:

  1. //ඔන්න ඔහොම වැස්සකට මාත් තෙමෙන ගමන්//
    කවි කාරිත් එක්කමද තෙමෙන්නෙ? හොඳා...හොඳා...

    ReplyDelete
    Replies
    1. අඩේ තඩි කාපිරි තොල් දෙකක් එනවා බං...අපේ කයි බාරි දැක්කොත් ගහයි කී බෝඩ් එකෙං
      (මං ගහනව මවුස් එකෙං...හුහ්)

      Delete
    2. කව්ද දන්නෙ විසිටරයො මං එහෙම එකක් කීවද...
      මං එහෙම දන්නෑ....
      ඔය කියන කතාවක්....

      කාපිරි තොල් දෙකක්ය කීව.... මළා.... බලපං තොල විදල කරාබුවක් හරි තඩි සයිස් ප්ලේට් එකක් හරි දාල තියේද කියල
      :p :p

      Delete
    3. //අඩේ තඩි කාපිරි තොල් දෙකක් එනවා බං...අපේ කයි බාරි දැක්කොත් ගහයි කී බෝඩ් එකෙං
      (මං ගහනව මවුස් එකෙං...හුහ්)//

      කට කන්න එපෑ යකෝ මේ කියන කතා වලට!! නැත්ද මහියො. :D :D

      Delete
    4. ඕක මං ගියපාරත් කිව්වා. ශුවර් එකට මැඩගස්කර් කවිකාරියක්!!!!!!

      Delete
    5. මැඩගස්කර් ගෑනුන්ගෙ ලංකාවෙ උන්ගෙ වගේ මනෝ. මෙක සුවර් එකටම උගන්ඩාවෙ.

      Delete
    6. සමහරවිට සුඩාන් වෙන්නත් බැරි නෑ.

      Delete
    7. අඩෝ බොලා ඔය කොලු ආදරේ කොරන තොල් වලට අපහාස කොරන්න එපා, බොලට කාපිරි උනාට ඒවා රතදර නාදළු වගේ බොලව් බොක්කටම වැදුනම, දකින දේ නෙවෙයි පේන්නේ, ඕ යේස්.

      Delete
    8. මචන්ලා, සුවාසිලන්තෙ වෙන්ට බැරිද?

      Delete
    9. අඩෝ ප්‍රියා ඇරහං කට බයිට් ගෝනියක් දාන්න!!

      සොමියා.. රතඳර නාදලු..මේ බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නෙ? බොට වර්ණ අන්ධතාවයද?

      Delete
    10. ප්‍රියා, සුවාසිලංතෙනං තොල් වලට ටිකක් පහලිං තව .... (එක්කො ඕන්නෑ)
      මනෝ, අර කොල පාටයි කලු පාටයි දෙකත් සොමියට පේන්නෙ රතඳර නාදලු වගේද දන්නෑ.

      Delete
    11. නැහැ බොලන් මටනම් දකින දේම තමා පෙන්නේ, ඒ බොලන් ලිප්ස්ටික් ගාලා, මනොෂ් හරි සුඩානේ හරි ඉතියෝපියාවේ හරි තමා, පෙන විදියට ලිප්ස්ටික් නෙවේ ලිප් ප්ලේට් දාල තියෙන්නේ, දන්නේ දැක්කේ. හැක හැක

      සුඩානේ හරි තියෝපියාවේ හරි මෙසොමෙරිකාවේ හරි ඉක්වදොරේ මුහුදුබඩ පලාතකින් හරි තමා ඔය තොල් ටික උස්සලා තියෙන්නේ. :D

      දැක්කම ආස හිතෙන තොලක් තියෙනවා

      https://www.youtube.com/watch?v=nIuDeoOERe0

      පොඩිහිටියන්ට හොඳ නෑ, ඔන්න බලලා බනිනවා නෙවේ

      Delete
    12. බලපං ප්‍රියා මුං කියන කතා.... සැක්කේ දුක හිතෙනව යකූ.... මගෙ ලස්සන තොල් ටික...

      ඇ බොල මනෝ දැකල තියෙනවද මඩගස්කර් කවිකාරියො... අඩේ මටත් පෙන්නහංකො දවසක.. හෙක් හෙක්

      විසිටරයො උගන්ඩාවෙ උංට මෙච්චර ලොකුවා නෑ බං... සුඩාන උංටත් නැ කියලය මතක... හිහි

      එන්ඩ සොමී බන්ටෙක දිග... දාන්න කටට කෙලවල්ලො ගෝනයක්ම.. ඕ යේස්... මුංනෙ ඉරිසියාව නේද සොමී....................

      ඇයි යකො අර පහුගිය දවස් වලආව සුවාසි කෙල්ලන්නෙ තොල් දෙක වත් ටෝ චෙක් කොලාද ප්‍රියා...........

      අඩෝ සොමියට වර්ණ අන්ධතාව නෑ යකූ... අහිංසක කොල්ල... අය්යෝ.... ප්‍රියාගෙ කටට දාන බයිට් ගෝනිය අන්න අර විදනයට යව ඌ මාව ගන්න හදනව සොමිය එක්ක එක්කහු වෙලා

      ලිප්ස්ටික් ගෑවම පාට පාට නෙව.... හිහි... කළු මොකැ කොල මොකෑ... වැඩක් කරගන්න පුලුවං නං...
      මං කීවෙ මේ කතාකරන්න ඈ...

      සමහර විට විදානෙ හරි වෙන්න ඇති නිට්ටඹුවෙ කියල කියන්නෙ... ඇත්ත වෙන්ටැ.. හෙක් හෙක්


      සුඩානේ හරි තියෝපියාවේ හරි මෙසොමෙරිකාවේ හරි ඉක්වදොරේ මුහුදුබඩ පලාතකින් හරි තමා ඔය තොල් ටික උස්සලා තියෙන්නේ. :D///

      යකෝ සොමිය හොයාන තියෙන දේ... මොකද්ද බං අර අමුතු රට මෙසමෙිකා කොහෙද බං ඒ...

      පොඩිහිටියෙක් හන්ද මං දකින්නැ ඔන්න

      Delete
  2. සුබපැතුම් මහී..

    ReplyDelete
    Replies
    1. ඒ මක්කටද දිලිනියො

      Delete
    2. උඹ අමාරුවෙ වැටුනට වෙන්න ඇති! හැක්. :D (මේ අදාල කෙනා බ්ලොග බලන්නෙ නෑ නේද? :D)

      Delete
    3. බලනවනම් කියහං, මටත් තියෙනවා උඩින් කමෙන්ට් එකක් මකල දාන්න!!

      Delete
    4. ඒකනෙ ප්‍රියා අහිංසක මගෙ තනිකඩ දිවියට තිත තැබීම වෙනුවෙන් දිලිනට සතුටුල...

      අදාල තැනැත්ති බ්ලොග් නොබලයි... මං කීවේද නැත...
      හිහි මේකෙ ලියල තියෙන ඒව කියෙව්වොත් සුවර් මට නඩු දාල මාරු වෙනව හිහි

      Delete
    5. අපරාදේ අනී එයාටත් බ්ලොග් බැලීම වගේ හොඳ පුරුදු පුරුදුකරලා ගන්ට. ;)
      අනිවා මහී මට සන්තෝසේ බැරුවා...

      Delete
    6. ඒ හොද පුරුදු එයාටත් පුරුදු කලොත් ඉස්සරහට මට වෙන්නෙ ආයෙත් විරහ ගී ගායනා කරන්න...
      හිහි

      Delete
  3. මං කවිකාරිලු මං කවිකාරිලු
    ගජමන් නෝනට වැඩි කවිකාරිලු
    ආල වඩන කවි සිංදු ගොතන්නට
    ඉස්සර ඉඳලම මං කවිකාරිලු

    දහසක් රස විඳි කවි පද ගැයු මුත්
    ඒ එක කවියක් හිතේ රැඳී නැත
    මගෙ සංසාරේ දුක් සනසාලන
    සෙනෙහස ගැන එක කවක් කියා නැත
    පිං නැති දෝ ඒ කවිය කියන්නට
    මේ කවිකාරිට මේ කවිකාරිට

    මව් පදවිය ලද අම්මාව‍රුනේ
    කොතෙකුත් දරුවන් මං නළවා ඇති
    මගේම දරුවෙක් නළවා ගන්නට
    එක කවියක්වත් මං කියලා නැති
    පිං නැති දෝ ඒ කවිය කියන්නට
    මේ කවිකාරිට මේ කවිකාරිට

    ගී පද: නිමල් රත්නසිරි රූපසිංහ
    සංගීතය : වී. හේමපාල පෙරේරා
    ගැයුම: නිරංජලා සරෝජිනී

    ReplyDelete
    Replies
    1. කවිකාරියේ
      සිංදු කියනා ළඳේ
      නුඹදෝ රැහේ කෝකිලා
      මගෙ පාඩුවේ
      යන්ට යනවා ඔහේ
      අනේ ස්වාමී
      හැන්දෑ වෙලා //

      දෙකනේ රිදී තෝඩු ලා
      නළලේ කොකුම් පාට ලා
      වීණා වයා තාලෙටා
      කවි ගී අසා ආවේ මා

      වීණා වයා කවි ගී ගයා
      අපි යන්නේ රුපියල් සොයා

      කවිකාරියේ
      සිංදු කියනා ළඳේ
      නුඹදෝ රැහේ කෝකිලා
      මගෙ පාඩුවේ
      යන්ට යනවා ඔහේ
      අනේ ස්වාමී
      හැන්දෑ වෙලා

      හිඟමන් නොයා මාවතේ
      මහදේ රැ‍ඳෙන් රූපිකා
      සසරේ ගෙනා ආදරේ
      අඳුරයි ඔබේ දෝතටා

      දෙවි සාමිනේ මංදා අනේ
      සිත මාගේ චංචල වෙලා

      කවිකාරියේ
      සිංදු කියනා ළඳේ
      නුඹදෝ රැහේ කෝකිලා
      මගෙ පාඩුවේ
      යන්ට යනවා ඔහේ
      අනේ ස්වාමී
      හැන්දෑ වෙලා //


      ගායනය - කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර
      සංගීතය - මහින්ද බණ්ඩාර
      ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
      (ගී පැඳුරෙන්)

      Delete
    2. ඊ මේල් කවිකාරියේ

      ගායනය - අධිකාරි
      ගී පද - චාමින්ද රත්නසූරිය

      (වෙලා නැ මචෝ මේක ලියන්න .අහපල්ලා )

      Delete
    3. ගායනය - අතුල අධිකාරි

      Delete
    4. ඊ මේල් කවිකාරි මම ආස සිංදුවක් මචං.

      Delete
    5. සිංදු ඇනෝ ස්තූතියි මෙහෙ ආවට..
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට...
      ස්තූතියි මගෙ පොස්ට් එකට වටිනකමක් දුන්නට....
      ජයෙන් ජයම වේවා

      Delete
    6. ප්‍රියා ඒ සිංදුව අහල නෑනෙ යකූ... හිටු හොයල බලන කං....
      ඊමේල් කවිකාරිත් පට්ට සිංදුව නේ සිංදුව මචෝ ...
      මාත් හෙන කැමතී ප්‍රියා....

      Delete
  4. සංතෝෂයි කියන්න උඹත් එහෙනම් මෙහෙම උනා. ඈඈඈඈ…

    කොහොම හරි ඉක්මනට ලියපිය.

    විභාගෙයි, විවාහෙයි කවද්ද මචෝ??? :D :D

    ReplyDelete
    Replies
    1. විභාගෙ පැත්තකින් තියහංකො, විවාහෙ කවද්ද?

      Delete
    2. විභාගෙ වගේද විවාහෙ! හැක් හැක්. :D

      Delete
    3. ස්තූතියි ප්‍රියා....
      ඊළග සතියෙවත් ලියන්න බලන්නං... ටිකක් වැඩ වැඩී මචෝ....
      විභාගෙ නං තව මාසයකිං හමාරකිං තියේ... විවාහෙට නං ඒ තරං හදිසියක් නැ...
      හිහි
      මනෝ උමලට කියන්නංකො ඒ දවසට.. හෙක් හෙක්

      Delete
    4. අඩේ මමත් සුබපැතුව බොලව්. මට කියන්නේ නැත්ද? වැඩේ කැතයි හොඳේ...

      Delete
    5. ඔයාතත් එක්ක තමා තුදූ ඔයාට නොකිය මං බදිනවැයි.
      හිහි

      Delete
  5. නියගෙන් පස්සෙ එන වැස්සට තෙමෙන්නෙනම් හොඳ නෑ. ඒත් ඉතින් ආදර හිතුවක්කාරෙට ආයෙ ඉතින් බේත් අහයියෑ... හොඳා හොඳා..

    ReplyDelete
    Replies
    1. අපිනම් චොකලට් කද්දී බ්‍රැන්ඩිත් බොනවා, එක්කෝ බ්‍රැන්ඩි චොකලට් කනවා :D

      ඒ නිසා අපි නම් බය නෑ

      Delete
    2. මේ වැස්සට තෙමිල තෙමිල දැං පොඩ්ඩක් මංඥං වගේ.... හිහි...

      සොමී ඒ මොකද්ද බං ඒ බේත් වට්ටෝරුව පරම්පරානුගත රහසය වට්ටෝරුවක්ද ඈ...
      හිහි

      Delete
  6. කවිකාරිගේ තොල් පාරවල් වෙන්ටෑ මේ තියෙන්නෙ බැක්ග්‍රවුන්ඩ් එක පුරා!!!

    ReplyDelete
    Replies
    1. මනොටත් කවි කාරී මතක් කලාම ඔටෝ චුන් වෙනවනේ ...හැක්

      Delete
    2. චැහ්!! නොසණ්ඩාල කට!! හැක්..හැක්...

      Delete
    3. සින්දු මචන් AC එකේ හොඳම එක :D, පෙන් නැද්ද පැණි බේරෙන අපුරුව. හැක හැක

      Delete
    4. කවුද මගේ ප්‍රෝෆයිල් එකෙන් මේ කමෙන්ට් දාල තියෙන්නේ??!!

      Delete
    5. කවිකාරි වෙන්නැති :D

      Delete
    6. නෑ නෑ බං මනෝ කලිං කෙනා දීපු ව... හිහි ඒක විතරනෙ ඉතුරුවුනෙ...

      සිංදුවො මනෝ ඔය නොකීවට පොඩ්ඩක් චූන් එකේ තමා දැං ඉන්නෙ හිහි...

      නොසන්ඩාල කතා කියද්දි ඒවම අහන්නත් වෙනව ලු නෙව.. හූ............................

      සොමී දාන්න පහක්... හොද වැඩේ මනුවට.... හිහි

      ප්‍රියෝ දවසක මනුවට හොද බයිටක් දෙන්න ඕන මචං

      මෙන්න මූ අහන කතාව අපි දන්නවැයි කව්ද කමෙන්ටු කෙටුවෙ කියල... හිහි
      සොමිය කියන කෙනා වෙන්නත් ඇති...
      හිහි

      Delete
  7. හෙක් හෙක් බොලා එහෙනම් හිත ගිය තැන මාලිගාව හැදුව ඈ, සන්තෝසයි සන්තෝසයි, මචෝ කවිකාරි සයිබරේ ඉන්නවයි එයාගෙත් කවි කියවන්න?

    මේක සින්දුවක් වගෙයි බන්, අර සදට සැහැසිකම් කල අය සද එළියෙන් සැනසුනා‍ට සද සාවිට දුක හිතෙන්නේ නෑ සින්දුව වගෙයි.

    පට්ට උතස්සහ කරලා බලපන් සිරාවට මේක සින්දුවක් කරන්න පුළුවන්. බොක්කටම වැදුනා පද ටික ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ ලව් ඉලව් කොරා වගේ නෙවේ විභාගේ හොඳට කොර ගනින් කොලුවෝ, සුබ පැතුම් :D අරකටයි විබාගේටයි දෙකටම, අපිට කානු පල්ලක වැටෙන්න මොනා හරි සිද්ද වෙන්න ඕනා, ඕ යේස්.

      බ්‍රෑන්ඩ් එක වොඩ්කා හරි රෙඩ් රම් හරි එක්කෝ කලවම් කොක් ටේල් එකක් හරි

      Delete
    2. එක්කෝ මහේෂයවම ගමු බයිට් එකට

      -ස්තූතියි-

      Delete
    3. රයිට් බයිට් ඕන නෑ මෙතනට, මොකද මෙතන බත් වෙනුවට බයිට් කන එවුන්නේ ඉන්නේ..
      මට ඕන බයිට් නැති - සැන්ඩි නැති - ගල් බාගයක් !!!

      බු දු ස ර ණ යි!!!!

      Delete
    4. @සොමී මං හැදුවට වඩා මගෙ හිතේ ඇවිල්ල හැදව එකයි වුනේ මචෝ.... ස්තූතියි හොදේ...
      එයා කැමති නෑ වැඩිය ගොංපීතරය ඉස්සරහ වාඩි වෙලා ඉන්න මේකත් එයා ලියල මට එව්ව එකක් පූර්ණ අවසරයකින් තොරව තමා දැම්මෙ පෙන්නන්න ඕන මොනා කියයිද දන්නෑ... හෙක් හෙක්...
      ස්තූතියි අගය කිරීමට මං අදාල තැනැත්තියට කියන්නංකො ස්තූතියි හොදේ...

      මං කොක්ටේල් දෙන්න නෑ මාටිනියක් දෙන්නෙ වොඩ්ක මාටිනියක්.. කලවම් කරල නෙවී ශේක් කරල
      හිහි...

      ප්‍රියා සොමිය බොලා දැනටමත් මාව බයිට් එකට ඇරං නෙව තියන්නෙ ආයෙ බයිට් මක්කටද බීල නිකං ඉමු... අමුවෙංම... හෙක් හෙක්...

      ගල්ද ඕන විදානෙට... අපරාදෙ මාටිනිය සෙක් ඉතරක්

      බු දු ස ර ණ යි දෙ වි පි හි ටයි !!!!

      Delete
  8. සැබෑ ආදරය කිසි දිනෙක වෙනස් නො වේ!

    ReplyDelete
    Replies
    1. හරියට හරි දිලිනි...

      Delete
    2. මේං මේක අමු කාලා.

      Delete
    3. ඒ වුණාට වෙනස් වෙන්න බැරිකමකුත් නෑ නැද්ද මං අහන්නෙ...

      විදානෙ අර මනෝ අහන්නැහැ අමු කැවද නැත්තං කල් පැනපු ගුලියක් කෑවද ඈ.............

      Delete
  9. //මේ පුංචි කවියත් එක්තරා කවිකාරියක් ගෙ// ඔය වැකිය දකින්න කලින් ම හිතුන මේක ලියල තියන්නෙ නම් ගැහැණු දැරිවියක් වෙන්න ඕන කියල :)

    කවි පෙළ වගේම තෝරගෙන තියන පින්තූරයත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චනදන අය්ය ස්තූතියි අගය කිරීමට...
      ජයවේවා

      Delete
  10. අලුත් වෙනසට අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අහ...
      ස්තූතියි තුශානි ඈ

      Delete
  11. මහේෂ්..........................

    මුලින් ම කවියට සුභ පතන්න කැමතියි. ඇත්තට ම හරි ලස්සනට පද බැදපු කවියක්... ඇත්තට ම ලස්සනයි...

    දෙවැනියට අර තෙමෙන වැස්සට සුභ පැතුම්... තෙමෙනවා වැඩියි වගේ නම් කුඩයක් ඉහළගන්න එකයි ඇත්තේ. කොහොමත් එක කුඩයක් යටින් යද්දි මාරයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු අගය කිරීමට.. මං කියන්නංකො හොද කවිකාරයො සෙට් එකක් මේ කියල...
      ඒ වැස්සට තෙමන්න ඕන කුඩයක් නැතිව හෙම්බ හැදිල ඉන්නෙ දැනටමත්

      මන්දාරම් අදුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ

      හී.........................

      මොකෝ මනෝ බකුසු වෘතාව පුරනවද...?????????

      Delete
  12. වැස්සේ තෙමීම සම්බන්ධයෙන් සාතිශය සංවේගී උත්තමාචාරය සහ විභාගයට සුභ පැතුම්.. :D

    ReplyDelete
    Replies
    1. විභාගයට තව දින කීපයක් ඇත... දින කියන්නෙ මාසයකට වඩා... පාඩං කරනව පලු යන්න... එච්චරයි මචෝ...
      වැස්සේ තෙමීම සම්බන්ධයෙන් සාතිශය සංවේගී උත්තමාචාරය///
      හෆොයි.. වෙන මුකුත් ආවෙන නැද්ද යකූ... මං නිකං වලලුනා වගේ තමා හිහි...
      ජයවේවා

      Delete
  13. කම්මැලි කම රජ කරාට
    පොඩි බිසියක් පෙන්නුවාට
    අපි දන්නව 'මයි' කවදත්
    බ්ලොග් හරින්නෙ නෑ... :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ
      බොග් හරින්නෙ නෑ... පොඩි නෙවී ලොකුම ලොකු බිසියක්
      මිත්‍ර හිහි

      Delete
  14. අවන්හලේ කවිකාරගේ හිත එහෙනම් කවිකාරියක් ළඟ නතරවෙලාලු :D

    ReplyDelete
    Replies
    1. හිහි
      උන්දැ මටත් වඩා කවි කාරයෙක් නෙව හිහි

      Delete
  15. කුඩයක් නඑතෙයි,එක කුඩේ යන එක එල්ස්
    ජය.

    ReplyDelete
  16. කවිකාරි නම් උඹට වඩා හොඳයි වගේ :P

    ReplyDelete
    Replies
    1. අනික් හැම කෙනාම වමට වඩා හොදයි කියලයි මට නං ිතෙන්නෙ හිහි
      ජයවේවා

      Delete
  17. ආදරය කියන වදන ඇතුලෙ හිමිවීමට වඩා අහිමි වීම වැඩිදෝ කියලත් හිතෙනවා.....

    ReplyDelete
    Replies
    1. හිමි වෙද්දි මොකක් හරි අහිමි වෙන්නත් එපෑ ඒ හැටි නෙව සිරාය්යෙ

      Delete
  18. බොට කියන්න මාත් මේ දවස්වල අම්බානකට බිසී..
    පුළු පුළුවන් විදිහට පරක්කු වෙලා හරි කියෝනව..

    මටනං ඔය ඉලව් ගැන තේරෙන්නෑ අෆ්ෆා.. :3

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි එන එක මදෑ...
      මොකෝ දැං ලියන්නෙ නැත්තෙ...
      නොතේරුණාට කමන් නෑ නෙව හිහි

      Delete
  19. කවිය නම් නියමයි....මම මේ පැත්තට අලුත් නිසා....වැඩි යමක් තේරෙන්නේ නැහැ...මොනවා වුනත් ලස්සන කවියක්...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව අවන්හලට හැපී ව...
      කවියද නොතේරුනේ.... නැත්තං වෙන මොකවත්ද... හිහ ගණං ගන්නෙපා දිගටම එන්න ජයෙන් ජයමවේවා

      Delete