Tuesday, January 5, 2016

දහවල දිගු නොවිය යුතුමය..

ඉදින් ප්‍රිය මිතුර
ම තුරු තරින් නික්මෙන්න
රැයක් තිස්සේ නුඹ එළා ලූ
සේද මිහිදුම් සළුව ගෙනයන්න..

 ළදළු හිරු රැස්
චපල වන විට
සිදුරු වන කය
යළිදු පිරි මැද
රැයත් එක්කම
නැවත එනු මැන..

උණුසුම් උවත් කොපමණ
සතුටක් කොහෙද පිළිස්සෙන විට
එකම සන්තොස නුඹම විතරය
රැයට ඇවිදින් තුරු විටප පිරිමදින..

පිංතූරය ගත්තෙ - මෙතනින්

34 comments:

  1. උදාවෙන්න මේ රාත්‍රියේ
    නෙලාගන්න ඔබෙ කාන්තියේ
    මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
    සඳුනේ නැගෙන් රාත්‍රියේ

    උයනේ පීදී සුවඳින් නෑවී
    උයනේ පීදී සුවඳින් නෑවී
    කැකුළක් ලෙසේ කේතකී
    මා වෙත එයි ඈ පෙර මග සරසා
    සඳුනේ නැගෙන් රාත්‍රියේ

    උදාවෙන්න මේ රාත්‍රියේ...

    දියඹේ බිහි වී වෙරළේ මියැදී
    දියඹේ බිහි වී වෙරළේ මියැදී
    රළ වැල් ලෙසේ සාගරේ
    මා හැර යයි ඈ තනියට ළංවී
    සඳුනේ නැගෙන් රාත්‍රියේ

    උදාවෙන්න මේ රාත්‍රියේ...


    ගායනය - බණ්ඩාර අතාවුද
    ගී පද - බන්ධුල නානායක්කාරවසම්

    ReplyDelete
    Replies
    1. අද නං සිංදුව කලිංම ගොඩ බැහැල
      තැංකූ තැංකූ මචෝ...
      සොරි ඉතිං රිප්ලයි ලේට් වුනාට

      Delete
  2. හරිම ලස්සනයි මහේෂ්..................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුට්ටනේ

      Delete
  3. මොකක් හරි “සද“ක් ඕන වෙලා වගේ.. හැක්..

    මීට
    පෝන් කාඩ් කඩේ අයියා

    ReplyDelete
    Replies
    1. හා හා...
      ඕව තහනං වචන
      හිහි

      Delete
  4. ලස්සනයි මචෝ...

    ReplyDelete
  5. කුඩ ලාබයි.... කුඩ... කුඩ

    ReplyDelete
    Replies
    1. මං කුඩේ පල්ලට දැම්ම ඉයන් හිහි

      Delete
  6. Replies
    1. ඉස්කෝතුයි බාගෙ හිහි

      Delete
  7. ගැඹුරු අර්ථයක් දෙන සුන්දර නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සද වියමන්

      Delete
  8. ඔන්න ඔහෙ වරෙන් මගේ හද හාමී....


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හද වික්ක පර්චස් ගාණට දැං ඒකෙ ඉ්නෙ ඒලියන්ල

      Delete
  9. නියමයි මහේෂයෝ ++++
    කියවා අවසන දැනෙන කවියක්
    ජයවේ මහේෂයා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්නෙ...
      ජයවේවා

      Delete
  10. තම දෙමාපියන්ගේ දේපල විකුණගෙන පවුල නඩත්තු කරන සැමියෙක් ඉන්න බිරිඳක් තම නැන්දම්මට මාමන්ඩිට බනිනවා වගේ ...

    ReplyDelete
    Replies
    1. හෑග්....
      යකෝ
      ඒ තරං
      දුක්ඛිතයි
      හිහි ස්තූතියි අම්බලං

      Delete
  11. හැබැයි "සඳේ නුඹ ඇයිද මේ යාමේ-අහස කරා නැගුනේ" කියලා අහන අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ හදට ලු මේ
      සීත මීදුම් පුරා හිහි

      Delete
  12. ලස්සනයි මචෝ.

    ReplyDelete
  13. අර්ථවත් ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  14. හරිම ගැඹුරු නිර්මාණයක්. කොච්චර ගැඹුරුද කියනව නං හරියටම තේරුනෙත් නෑ :=)

    ReplyDelete
    Replies
    1. මං හිතුව ගැඹුරු වැඩි කමට ළිදකට වත් පත බෑවුණාද කියල
      හැක්

      Delete
  15. රැය දිගු නොවිය යුුතුය.. සිතුවිලි සිරවිය යුතු බැවින්.. ලස්සනයි.

    ReplyDelete
  16. මහේෂ් අය්යගේ කවි වලට හැමදාමත් මනාපයි නෙ. මේ කවිය දැක්කේ අද. කවියට පිළිතුරු කවිටිකක් ලියන්න හැදුව හරි ගියේ නැහැ .මං තාම කවි ලියන්න පුරුදු වෙනවා නොවැ :D

    ReplyDelete
    Replies
    1. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ඩයි කියනව නෙව
      ට්‍රයි කරල බලන්න හැක්

      Delete