Sunday, November 7, 2021

ස්ටවුතියාව - 03 වැසි බිඳු චුම්බන

දෙවන දිගහැරුමට

                ත්පර කිහිපයක කාලයක් මා ඈ දෙස විස්මපත්ව බලා සිටින්නට ඇත. එක වරම ඈ වත පුරා අරක් ගත් අඳුරු ස්වභාවය මැකී හාස්‍ය පිරුණු මුහුණක් ඈත ආකාසය දෙස බලා මහ හඬින් සිනා ඉහිරවන්නට විය. තත්පර කිහිපයක් සඳළුතල ගරාදි බදාගනිමින් සිනා මල් විසිර වූ ඈ ආයාසයෙන් සිනහව නවතා ගත්තී මා අසලටම පැමිණියාය. මා නෙතු අතර මදක් තත්පරව ගිය ඈ මා සවන් අසලටම ලං වූයේ,

අහල්‍යා... යැයි මිමිණීය. ඒ අහල්‍යා නෙවෙයි වෙන අහල්‍යා කෙනෙක්. හැබැයි දැක්ක ගමං ආදරේ හිතෙන අහල්‍යා කෙනෙක්. ගල් වෙයි කියල බය වෙන්න වුවමනාවක් නැති අහල්‍යා කෙනෙක්. 

        ඒ උණුසුම පිරි ප්‍රාශ්වාසී සුස්මනයෝ සවන තෙරපමින් ගෙල වටා රෝමෝද්ගමනය කරවූවෝ ඈ දසන් මා කන් පෙත්තක මුදු සැපුමක නියැලුණෝය. 

අඳුන ගන්න අකමැති මතක ඉතිරි වෙන හින්දද.. 

        ඈ කණ්ඨයෙන් උත්පාද ව  සිහින් ස්වරයෙන් ආ වදන් වැලක් සවන් හරහා ඇතුල් වී හෘදයාභ්‍යන්තරය තෙක් සූරමින් ගමන් කරයි. ඒ දුඹුරුවන් ඇස් වලට අලවා තත්පර ගණනක් මා තබාගත් ඈ මඋරහිස මතින් ක්ෂිතිජය දෙස බලන්නී ය. ආරම්මණයකින් තොර ඒ ඇස් ශෝකයකින් වියුක්ත සාංකාමය හැඟීමකින් පිරී තිබිණ. තව දුරටත් ගොළුව ඉනු නොහී ඈ සුමුදු නිකටින් අල්වා මවෙත හරවා ගමි. ඉසියුම් චුම්බනයකින් ඈ නෙත් සනසා හරිමි.

        නෙත් වැසී ශාන්තව ඇති ඒ මුහුණ හැඟීම් මුදා ලන තෝතැන්නක් වැන්න. ප්‍රේමයෙන් ආතුරව නොඉන්නට අසමත්මි. ඈ ග්‍රහණයෙන් මුදා හැර ඉවත බලමි. ස්වල්ප මොහොතක් ම අසල තත්පර වන්නී මා අසලින් නික්ම යනු දැනෙයි. වෙලී ඉන්නා සාංකාමය දැහැනින් මිදෙනු  බැරිය. තවත් කොපමණ එසේ තත්පර වී දැයි හැඟීමක් නොමැතිවම උන් මා සවනට වතුර මලක දිය ඇද හැලෙන හඬ ඈතක මෙන් සිට පැමිණ ක්‍රමයෙන් ළංව ඇසෙන්නට වී සවනද්දරටම විත් නැවතෙයි. සදළුතල ගරාදිය අතහැර නැවත ඈ සුවඳ පිරි කුටියට ඇතුළු වෙමි. ස්නාන කුටියේ දොරගුළු විවෘත ව තිබෙන්නට හරිමින් අවසර රහිතවම ඇතුල් වෙන්නැයි පානා  ඉංඟිතයන්ට පිටුපා මඟහැර සයනාද්දර කවුළුවෙන් එපිට දෑස් යොමමි. ධවල ගොඩනැගිලි බිත්ති මතින් එසැවී සිටින දුඹුරු පෑ වහළයට ඉහළින් නීලාකාසය පෙනෙයි. හිත සංසුන්ව තබා ගන්නට තැත් දරමි. දිය මලෙන් නැඟෙන්නා වූ ගීතවත් හඬට පිටුපාන්නට අසමත් දෙපා මටම අවසඟව යන්නේය. ස්නාන කුටිය තුළ මායම්කාර දියකිඳුරියක, ගත දොවන පිණිපොදින් ආතුරව, ඈ වත දිය මල වෙත ඔසවා නිදැල්ලේ ඇදහැලෙන දිය බිඳු වලට  ඒ වත සිපින්නට අවසර දී සිටින්නීය.  තෘෂ්ණාබරව යමි. ඒ ගත සිඹින දිය පොද කෙරේ ඊර්ෂ්‍ය සහගත වෙමි. අනලස්ව යමි. සීතලද මුදු උණුහුමද රැදි ඈ ගත තුළ දියව යන්නෙමි.

        කුඩා කුටිය පුරා ඉසියුම් කෝපිමය සුවඳක් පැතිර යමිනි. උණුසුම්මය හැඟීමක් පතුරුවමිනි. ඈ කෝෆී සාදනය හා යුහුසුළු වනායුරු සිතින් මවමින් ඈට පිටුපා ඒ කුඩා කුටිය පුරා ඕපාදූපමය නෙත් යවමි.  යහනද්දරම ඇති මේස පොඩිත්ත මත මුදු සුවඳ විහිදුවන දම් පැහැති නම නොදන්නා මල් වලින් පුරවා ඇති ජෑම් බෝතල් හැඩැති බඳුනකි. ඒ අසලම හුරුබුහුටි පුස්ථිකාව කි. ඈ සිය කාර්යයෙහි නිමග්නවය. මා පොත වෙතට පිය මනිමි. කුඩා සටහන් පොතක් බඳු ඒ මතම මනහර පෑනෙකි. පෑන සෙමෙන් ඉවත් කර පොත අතට ගන්නෙමි. අහම්බ පිටුවක් පෙරළා බලමි.  

''...හීනි පොද හලන වරුසාවක් කියන්නෙ දිව්‍යමය හාදු වැස්සක්. නිදැල්ලෙ අත් විහිදල බඳා වැළඳ ගන්න ගමන් මූණ ආකාසෙට හරවද්දි හෙමි හෙමින් මූණ සිපින පුංචි ආදරවන්තයො ටිකක්. තෙමිල දියබත් වෙන්න ඉඩ නාරින, වැස්ස අස්සෙන්ම හීනි හුළං පොදක් පා කරල බදාගන්න හදන තෘෂ්ණාබර ප්‍රේමවන්තයෙක්. දියවෙලා යන්න හදන හිතක කඳුළු හංගන ආදර වන්තයෙක්.හැමදාම මේ වගේ වැස්ස තියෙනව නං මං කැමතියි. එතකොට කවුරුවත් ඇස් වලට එබිල ඔයා ඇයි අඬල වගේ අහන්නෙ නෑ. සීතල වැහි හාදු වැටෙන කොට උණුහුම් රළු අතක හිරවෙන ගමන් ඇස් පියවෙන ජාතියෙ චුම්බන ගැන දුක් වෙන්න ඕන නෑ.

 

මේ කඳුළු ..
ඔබ අසයි..දෑගිලි තුඩින් මකන්නනට හදයි
ඔහෙ තිබෙද්දෙන්
ඒවා තිබුණාට ඔබට ඇති කාරි කිම
කඳුළු කියන්නේ දියවෙන හදවතයි
මේ මැකෙන්නේ ඔබ කියා ඇති මතකයි
හීන් වැහි පොදක තෙමෙමින්
හිත හදාගන්නම් මම
ඉතින් මේ ඔබට නික්මෙන්නට කාලයයි
අහන්න..
ආයෙමත් නොඑනවා යැයි කියනවා නම්
සතුටුයි මට
පවන් රොදක පාවෙන්නට බැරිවුණත්

කදුළු විලක පාව යන්නට රිසියෙමි මම...''

අනුන්ගෙ ‍ඒව කියවන එක නරක පුරුද්දක්. 

    ම අතින් පුස්ථිකාව මුදා ගන්නා ඈ ම අත කෝපි කෝප්පයක් රඳවයි. ඈ වෙත පෙර නොතිබි දඟකාරීත්වයක් ආරෝපණය වී ය. ඒ දෑස් විමසමි. ඒ ඇස් හි ආයාසීව සිරකරගත් ශෝකයකි. ම දෙතොලතර දබරැඟිල්ල තබන ඈ මා කියන්නට ගිය දෑ නවතමින් හිස දෙපසට සැළුවාය.

අපි ඉක්මණට ආයෙ හමුවේවි. මට එහෙම හිතනවා.

    ඒ ඇස් කවුළුවෙන් එපිට කුමක්දෝ හොයන්න තැත් කරන සෙයකි. ඈ අත වූ කෝපි බඳුන ඈ  මුහුණට මදක් කිට්ටුව නැවතී නොයිවසිලිමත් වෙමිනි. ජංගමයේ අංකය කොල කැබැල්ලක කුරුටු ගා තබා නික්ම එන්නට හැරෙමි. දොර අද්දරට විත් හැරී බලමි.

අමාරු නැද්ද ඒක ඔයාට.?

ඈ ප්‍රශ්නාර්ථයෙන් මදෙස බලයි.

ඔයාට ආදරේ නොකරන කෙනෙක්ට ආදරය කරන එක.?

ඔයාට කෙනෙක්ට ආදරේ කරන්න ඒ කෙනා ළඟ ඉන්න ම ඕන කියල හිතෙනවද..?

මොහොතක් ඈ දෙසම බලා හිඳිමි. කිසිත් නොකියා ආපසු හැරෙමි. නික්ම එනු පිණිස ඈ සුවඳ පිරුණු කුටියෙන් පිටව එමි. 

-මතු සම්බන්ධයි-

සිව්වන දිගහැරුමට

38 comments:

  1. // කෝෆී මේකරය //

    // යහනද්දරම ඇති කුඩා බෙඩ් සයිඩ් මේසය //
    තියෙන්නෙ යහනද්දරනං ආයෙ බෙඩ් සයිඩ් මේසය කියන්නෝන්නෑ නේ ද?

    // කුඩා පුස්ථිකාවකි //
    පුස්තකයේ ස්ත්‍රී ලිංග වචනෙ ද පුස්ථිකාව කියන්නෙ? හැබැයි එහෙම අප්‍රාණවාචී වචනවලට ලිංගබේදයක් තියෙන්නෙ ප්‍රංශවල තමා මම දන්න විදියට, සිංහල වල නෙවෙයි.

    අර උඩින්ම තියෙන පින්තූරෙ ගත්තු මූවි එක බලලා තියේ ය? Lust Stories. Short films 4ක්.

    ReplyDelete
    Replies
    1. ලෝර්ඩ් බුර්ගෙන් බේරිලා බස්සෙකුටවත් ලිස්සන්නබෑ MRතුමනි!

      Delete
    2. @ ලෝර්ඩ් බුර්,

      1.බැරිවෙලාවත් ඇඳ ලඟ තඩි writing table එකක් එහෙම තිබුනනම් ? බෙඩ්සයිඩ් ටේබල් කිව්වාම දන්නව ඇඳ ලඟම තියන මිටි පොඩි ටේබල් එක කියල
      ඔතන "යහනද්දර" හා "කුඩා" වචන දෙකනැතුව "බෙඩ්සයිඩ් මේසය" කිව්වනම් ඇතිනේ?

      2."කෝපි මැෂීම" කොහොමද?

      3.මේසයත් ඉතින් සිංහලීකරණය වුන පෘතුගීසි නිසා MRතුමාට ඉංග්‍රීසි සිංහලීකරණය කරන්න කොයිතරම් ඉඩක් දිය යුතුද?

      (යම්කිසි ලීවේයක් අලව්කල යුතු නොවේද යන ක්වෙෂ්චනය මගේ මයින්ඩයේ තිබේ.එහෙත් එහි පැරාමීටරයන් පිලිබඳ ජජ්කිරීමට මගේ නොලෙජය මදිය )

      Delete
    3. මගේ ප්‍රොබ්ලමය වනුයේ එවන් මික්ස්ඩ් වර්ඩයන් බහාලූ කල්හි රීඩින් පැටන් එකට කෙල වී යාමයි බ්‍රා ජේ... සොරි ප්‍රා ජේ තුමනි. එකල්හි මෙම ලියමන රීඩ් කරමින් විඳින ෆීලිනය නිසියාකාරයෙන් විඳීම ඩිෆිකල්ට් වේ.

      Delete
    4. සැර් බුරා.. සමා වෙලා යට කමෙන්ටුව බලන්න. මේ දවස් වල ටෙක්නිකල් එරර් වැඩියි රිප්ලයි එක වෙනම වැටිල. 🙂

      Delete
    5. ඒත් "කෝපි සාදන යන්ත්‍රය" කිව්වත් කම්බර්සම් යයි ඔබතුමා හිතන්නෙ නැද්ද?

      Delete
    6. කෝපි සාදනය/ කෝපි සදනය කිවුවොත් මොකද?

      Delete
    7. යෙස්ය.
      එය නම් සාධනීය චේන්ජයක්වේ.

      Delete
    8. අපි මේම කරමු. කෝපි සාදනය කියල යටිං ෆුට් නෝට් එකක් දාමු ඕන නං පැටලිලි ඇති නොවෙන්ට. 😀
      එහෙම හොඳයි නෙවද...

      Delete
    9. අහා!ප්‍රීතියි, ප්‍රීතියි. මාගේ දකුණු කණ්-ටෙනාව උතුරටත්, වම් කණ්-ටෙනාව දකුණෙනෙන් අංසක 38.5 කට යොමුකලවිට, මේ වියත් සංවාද චැනලය සුසර විය.

      ඉල් එ' සොෆිස්ටිකේ - il est sophistiqué(පුරුෂ ලිංග)

      Delete
    10. කන්ටෙනාව 😀😀😀😀 ඒක මරු හෙහේ...
      මේක බෝම බරසාරෙට ගියපු සංවාදයක්.. අර වවුල් තඩිය ඒම නෑනෙ. තව මොනා හරි කියවනව හිටිය නං හෙහේ...

      Delete
    11. කතුවරයා ට පහසු භාෂාව යොදා ගන්න එකේ අවුලක් නැහැ. හැබැයි බුරා ඉංග්‍රීසි වෙනුවට මම රෂියන් වචන භාවිතා කළා වෙන හොඳ වචන නැති නිසා ඒ අදහස එන්න.

      Delete
  2. කුඩා කියන වචනය නං කෙලින්ම මගෙ දෝෂයක්. පුස්ථිකාව කියපුවාම කුඩා පොත කියන අර්ථය එනව නේද. මම එතන හැදුව.

    කෝෆි මේකරයට සිංහල වචනයක් හොයන්න අපි සෑහෙන්න ට්‍රයි කළා. නමුත් හරිගියෙ නැත් නිිසයි ඉංගිරිස් සිංහල කලේ 🙈🙈

    ඔය බෙඩ් සයිඩ් ටේබල් එක ගැන අපි සෑහෙන්න බැලුව. නමුත් පරිමාණයත් එක්ක ගැටළු ආව. අන්තිමට සැර් බුරාගෙන් ම තමා විසඳුමක් එන්නෙ කියල දන්න නිසා ඒක එහෙමම තිබ්බ. 😃😃😃 යෝජනාවක් කරන්න පුලුවන්ද ඒ ගැන. 🙂🙂

    ලස්ට් ස්ටෝරිස් බැලුව වෙන්න ඕන මතක විදිහට.

    ReplyDelete
    Replies
    1. @ප්‍රා. ඒක ඇත්ත. ලිස්සනු බොරු 🙈🙈
      හැබැයි ඒක අපිට වාසියි. මොකද අපි දන්නව අපිව මීටර් කරන් ඉන්නෙ කියල. අපිත් පුලුවන් තරං හොඳ වෙන්න හදනව.

      සැර් බුරා අර ප්‍රා තුමා සජෙස් කරනව වගේ ඒ වචන අයින් කරල දැම්මොත් කෝම වෙයිද.
      .
      ප්‍රමාද දොෂයක් නිසා රිප්ලයි කමෙන්ට් එක වෙනම වැටිල. සමාවෙන්න ඕන.

      Delete
    2. // යහනද්දරම ඇති කුඩා බෙඩ් සයිඩ් මේසය //

      'යහනද්දරම ඇති මේස පොඩිත්ත' කිවුවොත් මොකද?

      Delete
    3. // පුස්ථිකාව කියපුවාම කුඩා පොත කියන අර්ථය එනව නේද //

      'පොත් පිංචක්' කිවුවොත් මොකද?

      Delete
    4. ඔය තියෙන්නෙ සජෙෂන්.. වෙනස් කරමු. මට ටිකක් වෙලා දෙන්ට. අද ටිකක් වැහිබර, කාර්යබහුල දවසක්.

      Delete
    5. කවුද දන්නෙ ෆෙමිනිස්ට් පොතක්ද කියල !

      Delete
    6. MRතුමාගෙ ක්‍රමය ගැඹුරු ප්‍රංශ උගතෙකුගේ අවධානයට යොමුවෙන්න ඕන. මට නොතේරෙන masculine/feminine "ලා ලී ල ලේ" මගුලට අමතරව කුඩා(diminutive) එකටත් පොඩ්ඩක් ෆෙමිනින් වගේ විදිහට ලියනව නේද
      Cigar - cigarette (ඒකෙ පොඩි එකට ette)
      Usher - usherette (මේකෙ ෆෙමිනින් එකට ette)
      එතකොට පොඩි (diminutive) සහ ෆෙමිනින් වචන හැදීමේ සම්බන්ධයක් තියනවද?

      කොහෙද ඉතින් ඕක තෝරගන්න අපේ ස්කොලර් ඔන්ටෙරියෝ ඉඳන් කුබෙක් යනකං ඉන්න වෙයිනෙ

      https://en.wikipedia.org/wiki/List_of_diminutives_by_language#:
      MRතුමා සිංහල භාෂාවට අළුත් diminutive ක්‍රමයක් හඳුන්වා දෙන එකට මං කැමතියි. හැබැයි ක්‍රමයම ඕනෙ එක වචනයක් නෙමෙයි

      Delete
    7. // අපේ ස්කොලර් ඔන්ටෙරියෝ ඉඳන් කුබෙක් යනකං ඉන්න වෙයිනෙ //

      ස්ක'බරෝ ඉඳන් කූබෙක්වලට as the crow flies නං මහ දුරක් නෑ නෙව. හැබැයි ඉතින් as the owl flies කොහොම වෙයිද දන්නෑ. හතර වටේ හැලප ගිලින්න ගිහිල්ලා, නඩලං ගහලා නෙව යන්නෙ.

      Delete
    8. ඩිරෙක්ට් ගමන කිසිදා එතුමාගේ ෆෝල්ටයක්වී නොමැත යනු අඹතලේද ප්‍රචලිත සේයිනයකි. එතුමාගේ සිග්සැග් ලිස්සීම මාස්ටර්කිරීම ඊසිපීසි දෙයක් නොවේ

      Delete
    9. හම්මට මිස්ටර් බසූ සංචරණයේද..?? 😀😀😀
      @ප්‍රා අපිට සිංහලයට හානියක් නොවෙන්ට ඔය සූටි බූටි වදන් කීපයක් පෙරලගන්ට බැරිකමක් නැතිවා. සැර් බූරා අපිව දඩු කදේ ගහයිද දන්නෑ 🙊🙊🙊🙊

      සැර් බූරා.. පොඩි වෙනස්කම් කීපයක් කරන්නම්.

      ඒ අස්සෙම අහන්න ඕන දේකුත් තියේ.
      මූණු පොතේ වගේ බ්ලොග්ස් වලත් රීච් බහිනවද ඒ කිව්වෙ රීඩර්ස්ලට බ්ලොග් එක රීඩින් සෙක්ෂන් එකේ පෙන්නන්නෙ නැතිව යන්න පුලුවන්ද. ‍කවදාවත් නැතිව බොහොම බරපතල විදිහට රීච් බැහැල. කමෙන්ට්ස ගැන නෙවී මම මේ කියන්නෙ. හැම කෙනාටම කමෙන්ට් කරන්න බැහැ නෙව. නමුත් පහුගිය සති කීපයට සාපේක්ෂව බ්ලොගයට පැමිණෙන්නන්ගෙ ප්‍රමාණයේ බරපතල අඩුවක් පෙන්නනව. බ්ලොගර් අවුලක් නිසාද නැතිනම් නීරස ගතියක් දැනෙන නිසාද කියල හිතාගන්න අමාරුයි

      Delete
    10. Continuous promotion හෙවත් අනවරත ප්‍රචාරය තමා ඉතින් විසඳුම.

      1. බ්ලොග් රෝල මතම ඩිපෙන්ඩ් වෙන්නැතුව වෙනත් social-media platforms වලත් (Facebook, WhatsApp, etc.) ලියන පෝස්ට්වලට ලින්ක් එකක් ෂෙයා' කරන්න.

      2. Social-media tagging වගේ ඒවා පාවිච්චි කරන්න.

      3. පෝස්ට් කැටගරයිස් කරන්න, ටැග් කරන්න.

      4. පුළුවන් නම් ඇඟට දැනෙන-නොදැනෙන ගානට පෝස්ට් එක ඇතුළෙ තමන්ගෙම කලින් ලියපු පෝස්ට්වලට ලින්ක්ස් දාන්න.

      Delete
    11. කිරි අල මිස "රීච්" බැසීමක් ගැන නොදන්නා, අහිංසක පක්සියාට රීච් පැලකරගන්නා ආකාරය කියා දෙන මෙන් ඉල්ලමි.

      ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්
      http://pavithra994.blogspot.com/2012/02/blog-post_13.html

      Delete
    12. Canadian kiri ala
      https://en.wikipedia.org/wiki/Eddoe
      There's a SL/Canuck Kiri Ala expert on FB. A friend of DGMB?

      Delete
    13. Yeah, I see tons of Eddoes at grocery stores. Err...not exactly my cuppa tea.

      A Canuck Kiri Ala expert? Care to give me the link?

      Delete
    14. @බුරතිනෝ
      දැනටත් බුකියෙ නං ෂෙයා කරනව. ගෘප්සෝර් එකේ බැලුවත් කතා ගෘප් හම්ඉුනේ නෑ. ලිංක් කිරීම නං ඉඳ හිට කරනව. නමුත් ඒකටම ගැලපෙන ඒව අඩුයි නෙව. ඉස්සරහට තව ක්‍රියේටිව් වෙන්න ට්‍රයි කරමුකො හිහි..
      ස්තූතියි බොක්කෙන්ම දෙන උපදෙස් වලට.

      @බසූ.. විහිළුවට නෙවී. මගෙ බ්ලොග සාමාන්‍යයෙන් ලොකු ප්‍රසිද්ධියක් තියෙන එකක් නෙවී තමා. නමුත් 200 කිට්ටුව කියව්ව. දැං සමහර වෙලාවට 100 පන්නන්නෙ කලාතුරකිං. මම හිතුවෙ බ්ලොගර් වල අවුලක් නිසා වෙනව කියල.
      ඒකයි

      @ ප්‍රා & බසූ. මේකෙ දේසාල නං නෑ. හුලංකීරියයි බුස්සරණයි තිබ්බ. හොයාගන්න හැදුව වැඩක් වුණේ නෑ. නැත්තං දෙන්ට තිබ්බ හප හප ඉන්ට කියල 😀😀😀

      Delete
    15. @ DGMB, check Ritigala Jayasena on FB.
      Lives in Ontario. Was in London for a while i think. Writes a lot about cycling there.

      Delete
    16. මොන? ආං එහෙ මහසෝන් සමුළුවක් පවත්වනවා. කොයි එකාද, හරි මහසෝනා කියල තෝරන එක, සැඟවුනු අමුත්තා තෝරනව වගේ වැඩක්.

      Delete
    17. https://www.facebook.com/public/Ritigala-Jayasena

      Delete
    18. මගේ ෆේස්බුක් පේජ් එකක් තිබෙනවා. coffe maker - කෝපි නිමකරය, කෝපි නිර්මාණකය, කෝපි මැවුම්කරු හේ හේ

      Delete
    19. මහේෂ් වරදක් නිවැරදි කරනව (නමක්, තැනක් වාගේ) ඇරෙන්න post කරලා ඉවර උනාම ආයේ හදන්න එපා. මොකද මේකෙ දෙවෙනි සංස්කරණ එන්න පොතක්ද. post කරන්න කලින් තුන් හතර පාරක් බලල හදල දාන්න. ඊට පස්සෙ මොකවත් එපා කරන්න. ගොඩක් ශේෂ්ඨ කලාකරුවොත් එහෙම කරා. තමන්ගෙ වරද උනත් එහෙමම තිබ්බ. මොකද කලාකෘතියට ඒක එක අතකින් ස්වාභාවිකත්වයට ලන්වෙන්ට ඉඩ තැබීමක්. (එත් රූල්ස් බිඳින්න ඕන තැනත් දැන ගන්න ඔහේම).

      Delete
  3. මිතුර මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. අපට හැකි උපරිමයෙන් හැකි උපරිම දෙයක් කරන්න උත්සාහ කරන්නම් සේම ඔබට දිය හැකි උදව්වක්ද ලබා දෙන්නම්. ජය

      Delete
  4. හැමදාම වගේම සුන්දර නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේම සුන්දර නිර්මාණයක්! X 2

      Delete
  5. හ්ම්.......

    ලස්ට් ස්ටෝරි බැලුව. අපේ ලංකාවේ සම්මාන උළෙලවල් තකා නිර්මාණ කරන සිනමාකාරයෝ ටික මතක් උනා එකෙන්. Hot Chocolate Days එකේ මං මතක් කළා වගේ අපිට අබ්බාස් කිරෝස්ටාමි වගේ සිනමාකරුවෙක් නැතිවීම ගැන නැවතත් දුකක් ඇති උනා පොස්ටුවේ පින්තූරේ දැකල.

    ReplyDelete
  6. සුන්දරයි

    ReplyDelete