Monday, November 25, 2013

ඔයා නිසා

සදට තරුව සේ සැමදා ළග ඉන්න
දෑතට තුරුළු වී ඔබෙ උණුහුම ගන්න
මතු සසරේ වත් ඔබ හා එක් වන්න
උතුරන සෙනෙහසින් දෝතක් මට දෙන්න......
ඔබ හා ගෙවුණ ඒ කාලය සිහි වෙනවා

හීන සමනලී

අපෙ මතක මුණ ගැහෙන
අතීතේ වෙලී මම
දග කරන නුඹෙ කෙහෙරැල්ල
පිරිමදිනවා එක සීරුවට
පුංචි ඇස් තව හීනි කරන්
බලන හැටි අමනාපයෙන්
රතුවෙලා තරහවෙන්
සුදු මූණ හරි දුකින්.....
ඒ දවස් ආයෙමත්

Tuesday, November 19, 2013

පැතුම

වසන්තයේ සීතල දෑතට මිටි කරන්
අදුරු බර ගුවනට රිදී රේඛා අරන්
කුණාටු සයුරට නිසසල වැසි අරන්
නුඹ ආවේ මගේ ලොවට සිහින දොරගුළු ඇරන්.....

Sunday, November 17, 2013

මතක සුවඳ

පිච්ච මල් පිපී
සුවඳින්
සිතම මා දොවයි
එක්ව කී කතා
දෙසවන
දෝංකාර දෙයි....

පාරමිතාව

පුරුදු නිසා නෙත් යුග
හමුවෙන්න ඇතී
සසර පුරා සෙනෙහස
මට දෙන්න ඇතී

Wednesday, November 13, 2013

කවි-ඔයා

කවි
ඔයා නෑ....
කවිය
ඔයා
සත්තමයි
පද ගොතලා
තාල දැමූ
කවිය ඔයා....

Tuesday, November 12, 2013

කදුළු අහුර

කදුලක ගිලී මියැදෙන්න නොදී
නුඹ නමින් වන මතක
හිත් කොනක පණ ගැන විට
වැලලි ගිය අපෙ පෙ
සොහොන් කළ මතක බිම
සොයාගත නොහැකිව වෙහස වී
සොය සොයා පීරමින් හැම අත
කිසිත්, කිසිවක් නොලැබ ගිය කල

Monday, November 11, 2013

යාදින්න

හඬ නගා ‍තෙපලපන්
ගුගුරවා වැලපියන්
විඩාබර වූ නෙතට
කර්කෂව දැවි මිහිමතට
ජීවිතය යළිත් ගෙන
පිබිදියන්......
වැස්ස නුඹ වහී නම්
සරු බවත්
දඬුවමත් ගෙන

Friday, November 8, 2013

පුංචි සමනලියේ...

මට ඔයාව මතක් වෙනව... හරි හරියට මතක් වෙනව.... ඒත් ඔයාට මාව මතකයිද මට හිතෙනව.. දන්නවද එක දවසට සිය පාරකට වැඩිය මට ඔයාව මතක් වෙනව කියල...ඒ අපේ ලස්සන දවස් වලට ලෝබ කමින් මං හූල්ලනව කියල... ඔයා දුර ගියපු තරම.... ආයෙමත් හම්බවුනෙත් නෑ මට..... ඔයා මට හම්බවෙනකොටත් මම කවි ලියනව... අදත් ලියනව... මං එදත් ලිව්වෙ ඔයාට..... අදත් මං ලියන්නෙ ඔයාට... ඔයාට කියවන්න ලැබෙන්නෑ කියල  මං දන්නව..... එදා වගෙම අදත් මං ලියන්නෙ ඔයාට.... ඒත් අද වෙනසක් තියෙනව.... ඉස්සර මං ලියපුව මුලින්ම කියෙව්වෙ ඔයා.... ඒවගෙ වැරදි කියල හරිගැස්සුවෙත් ඔයා... ඒගෙ කැත ලස්සන කිව්වෙ ඔයා...මං තවත් ලියනව... ඔයා ගැන.. ඔයාට නෙමේ.. මට.. හිතේ දුක අඩුවෙයි කියල හිතාන ලියනව....

Wednesday, November 6, 2013

මතකයන්

බලන බලන අත
නුඹවම පේනවා
දකින දකින රුව
නුඹදැයි හිතෙනවා
ඇසෙන ඇසෙන හඩ
නුඹගෙයි හිතෙනවා
නුඹෙ සුවද පාවෙලා ඇවිදින්
මගෙ හිත රිදෙනවා........
නෙතු පියා හිදින්න සිතුවත්
මතකයෙන් එබී ඇවිදින්
නින්ද නෑ රැයේ තුන්යම
සිහිනයක් වෙලා ඇවිදින්
සැනසුම උදුරා අරගෙන
කදුලැල්ලම බෙදනවා........
සැගව ඉන්න සිතුවත්