Monday, December 23, 2013

දැන් පෙන්නනවා....... දැන් පෙන්නනවා.......වරද කාගෙද.....?

හීන අරුමෝසම්
මවන ගෙත්තම්
පෙනෙයි පුරහ
මැද අමාවක.......
කියන විගඩං
කරන ගොංකං
කටත් බලියං
අපිත් හොල්මං.........

පාරෙ වලවල් නොපෙනුණා
කුප්පි ලාම්පුව හැංගුණා
බස් එකත් අමතක වුණා
උන්දැටම කතිරේ ගැස්සුණා
දඩ...බඩස්.. වලවල් මතුවුණා
ලාම්පුවෙ තෙල් මදිවුණා
බස් එකත් කොට උඩ ගියා
මොලේ මලකඩ ගැලවුණා....... 

2 comments:

  1. මොලේ ටිකක් මතු උනා
    ලොක්කට උන් බැන ගියා
    ඊළග ඡන්දෙත් එළබුනා
    ලොක්කගෙ.....
    බත් ගොට්ටට,
    දුං වැටියට,
    කහිප්පුවට අහු උනා...
    බස් යනකොට හැමදාමත්
    වලවල් උඩ ඩකස් බකස්
    කැරකෙන රෝදේ රවුමට
    හැමදාමත් මේ ටික වෙයි


    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුන්ට උන්වම අමතක වෙන ලෙඩේ හොද වෙන දවස වෙනකං ඕක වෙයි මලය

      Delete