Friday, December 27, 2013

නුඹ සහ මම

ඈත අතීතයෙ දවසක
එකෝමත් එක මොහොතක
උන්නු හැටි අපි ආදරෙන්
මතක් වෙනවා ආයෙ ආයෙත්
හිත හුගක් රිද්දමින්.....
නුඹ යන්න ගිය වෙලේ
මගෙ ළගින් නික්මිලා
අහස් කුස රතු කරන්
මළ හිරුත් බැස ගියා
මට තාම මතකයි.......
පුර හත් පායාවි
නුඹ ආයෙමත් ඒවි
හිත හිතා ළතැවුණත් මං
නුඹ ආ වගක් දැක්කෙ නෑ.....
හිරු අවර මියගියා
නුඹ හිතින් නික්මුණා
නුඹ කියූ නිබ්බුත අතර
අපේ මතකය
නැවතුණා..........


9 comments:

  1. පස්ටයි මහේෂයා ! එළ එළ

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා චූටි මල්ලි...........

      Delete
  2. ආදරෙයි කියන්නේ විරහව එන සොදුරු විදවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. සොදුරුයි තමයි හැබැයි දුකම විතරයි... ඇබ්බැහිය භයානකයි

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි යාළුවා. පැරදුනාම අපිට අපිවත් නෑ වගේ තමා හිතෙන්නේ. මටත් මගේම නොවන ආදරයක් තිබුනා කාලෙකට කලින්.

      Delete
    2. අපි හැමෝගෙම කතාවෙ කොතන හරි වැරැද්දක් වෙලා තියෙනව සහෝ... අපිට හොයාගන්නවත් බැරි වැරැද්දක්

      Delete
  4. තව තව කවි සිතුවිලි පහල වේවා!!

    ReplyDelete
  5. ඔබට ස්තුතියි සහෝදරී.... ඒත් ඔයාගෙ සකල විද ප්‍රාර්ථනා නම් ඉෂ්ට සිද්ධ වේවිද සැකයි.. ඔබටත් සුභ නව වරකට ආසිරි

    ReplyDelete