Wednesday, February 12, 2014

තරු සිහින...

දේදුන්නේ සප්ත වර්ණයන් හට ඔච්චම් කරන්නට, එහි කීර්තිය උදුරා තමන් නතු කරගන්නට මෙන් ආඩම්බරයෙන්, මාන්නයෙන් පිරී ඉතිරී ගිය කෘතීම වර්ණ ධාරාවෝ සිය කාන්තිමත් ආලෝකයෙන් අදුර පලවාහරිමින් සිය නෙක වර්ණාවලියන්ගෙන් හාත්පස්ම අතුරුසිතුරු නැතිව පුරවා හරිම්න් සියල්ලටම ඉහලින් නිසොල්මනේ රැදී සිටියි.. අදුර ඒ මාන්නක්කාර රශ්මි කදම්බයන් කෙරේ පිරුණු තරහයෙන් යුතුවම මුලු ගැන්වීගෙනය... තමන්ට අභියෝග කරන මනුසත වෙත වියරු ඇස් බමවාගෙනය... ඔරවාගෙනය..  මේ කිසිත් නොතැකූ නොසිතූ සහසක් තරම් ප්‍රේක්ෂක තරලයක් නිර්වින්දන මානසිකත්වයකින් යුතුව ආලෝකයද අදුරටද අතරමැදිව පනවන ලද අසුන් මත සිහියෙන් මුත් අව සිහියෙන් වාඩිලා සිටියෝ. නැත එසේ වාඩි වීමට ඔවුන්ට බල කර තිබුණි.

මායාත්මක ප්‍රීතියකින් හා අවට සකල සිදුවීමිහි සැබෑප්‍රතිරූපය නොපෙනෙනා ලෙස නිර්මාණය කරන ලද නාඩගමකින් ඔවුන්ව නිර්වින්දනය කර තිබිණි. උහු සැබැවින්ම ඊට හසුවී ඊට අනුගතව තිබිණි.. උහු ඉදිරියේ රගදක්වන්නා වූ සංගීතමය මායාව දෙස ප්‍රීතියෙන් මුත් ඊර්ෂ්‍යෙවන් පෙලෙමින් ඒ බවක් නොපෙන්නා ජයඝෝෂා නගමින් හුන්නේය.. තරු පිරි අහසේ තවත් තරුවක් වෙන්නට කැස කවන්නන් පිරිසක් ඔවුන් ඉදිරියේ නගා තිබූ වේදිකාව මස්තකයේ මවාගන්නා ලද සිනහවකින් අනෙකා කෙරේ වූ බොරු හිතවත් කමකින් මුත් අනෙකාව දවා හල හැකි තරමි වියරුවකින් වුව මවා පෙන්නන ලද සාන්ත භාවයකින් සිටගෙන සිටියෝය...


වේදිකාවද මනාව නෙක වර්ණාවලියන්ගෙන් ආලෝක කර මිහිමත සුරපුරයක් මවා තිබිණ.. ඒ මත ස්වර්ගයට යන්නට නිකුත් කරන්නාවූ ගණනින් එකමෙකක් වූ ටිකට් පතක් ලබාගන්නට පොර කාගත් තවත් පොරකමින් සිටිනා තරගකරුවන්ය...උන්ගේ කුතුහලය උනන්දුව මෙන්ම සකල වූ ක්ලේෂයන් අඩුමාවක් නැතවම උන්හට කවනා නිවේදක තැනය..

සිසිර ටීවී කෝකිල ස්ටාර් පස්වන අදියරේ අවසන් මහා තරගයට සුදුසු කම් ලබන අවසාන කෝකිලාවිය වන්නේ ..........ඔබ දෙදෙනාගෙන්............. කව්ද........???????
..
..
..
ඔව් ...ඒ ...තරුගුණය පිරි වාසනාවන්ත ගී කෝකිලාවිය වන්නේ....
කෝකිලා මධුභාෂිණී... ඔබ නොවේ.... චංචලා මධුමතී ..... ඒ ඔබයි... ඔබයි ඒ ගී කෝකිලාවිය.....

                                                                       **********
අදුරු පැහැ වීදුරුවෙන් හා මල්කම් කල සුදු තිර රෙදි වලින් ආවරණය කර සුදු පැහැ නියෝන් එළියෙන් ආලෝකමත් කළ කාර්යාල කාමරයේ  නුවරඑළි සිසිලස සෙවූ වායුසමීකරණයෙන් එන මුදු සුවදායී සිසිල විදිමින් ඈ වාඩිවී සිටියාය... නෙත් බිමට හරවා මොහොතකට පෙර ලද්දා වූ ජයග්‍රහණයෙන් උදම්ව ආනන්දයෙන් පිරි සිය සංගීතාත්මය පිරිමදිමින් ඇගේම වූ සංගීත විමානයකට වී සතුට මුසු කෝලයකින් යුක්තව වාඩිවී සිටියාය.. ඈත පිටිසරකින් විත් කොළොම්තොට තරණය කල මානවිකාවී කොලොම්පුරයේ විච්චූරණ රකුසා ඈ ගිල ගැනීමට මාන බලද්දී වුව සිය ගැමිකම අභ්‍යාන්තරයෙන්ම රකිමින් සිය නොකිළිටි අහිංසකත්වය රැක ගෙන සිටියාය.. එනයින්ම ඈ සහොදර තරගකරුවන්ගේ උපහාසයටද ඇගේ යටත් කොට ගත නොහැකි අභිමානය නිසා ඊර්ෂ්‍යාවටද බදුන්විය..එසේම ඈ වටාවූ ප්‍රේක්ෂකාකර්ෂනයද නිතැතින්ම පුළුල් විය...

කෝකිලා.....

වැඩසටහන් අධ්‍යක්ෂක අසනඝ ගේ ගොරතර රළු පිරිමි කටහඩ ඈව සිහින ලොවින් උස්සා පොළවේ ගැසුවේය..... කෝකිලාවිය වික්ෂිප්ත විය එනිසාම බියට පත්විය... ඈ ඉදිරියේ මේ වාඩිවී සිටින්නේ ඈ හට නිරන්තරයෙන් ගුරුහරු කම් දුන් අතහිත දුන් කෝකල ස්ටාර් සංගීත වැඩසටහනේ ප්‍රධානියාය... ඉදින් ඈ ගෞරව සම්ප්‍රයුක්ත විය..

ස...සර්...
මොකද බිං බලං ගල් ගිලල වගේ ඒ මගිවට වෙව්ලනව...
නෑ... සර් ටිකක් අමුතුයි... ටිකක් සතුටුයි... ඒ හින්ද වෙන්නැති...

අසනඝ සිනා භරිත විය... ඈ දෙස මොහාතක් බලා සිටියේය.. ඔහුගේ අසංවර දෙනයන ඇගේ සකල සර්වාංගවම නිරුවත් කරන්නට වෙර දරයි සිතින් ඈ වත රැදි ඇගලුම් ඉරා දමමින් ඈ හා රමණයේ යෙදෙන්නට තැත් කරයි...

කෝකිලා දන්නවද වැඩක්.....
මොකක්ද සර්......?
චංචලා ඔය ප්ලේස් එකට ආව හැටි....? හරිනං ඔය ප්ලේස් එක ලැබෙන්න තිබ්බෙ තුෂානිට...!

ඇය තිගැස්සිණ... නිරන්තරයෙන් බියට පත්වන සිත ඇ බිය කළේය.... ඇතුලාන්තයෙන් කිසියමි අනතුරක සේයාවක් ඉගි කරන්නට විය... නමුදු ඒ කුමක්දැයි හදුනාගැනීමට ඈ අපෝසත් විය...

ස...සර් මොනාද මේ කියන්නෙ.....? එහෙමනං චංචලා කොහොමද ෆයිනල් සිලෙක්ට් වුණේ...?
හහ් හහ් හා..... කෝකිලා කෝකිලා.... ඔයා තාම පොඩි බබෙක්නෙ බලාන ගියාම... මෙහෙ ඕනම දෙයක් ඕනම විදිහකට වෙන්නත් පුළුවන් .....මට ඕන විදිහකට වෙනස් කරන්නත් පුළුවන්... මොකද මම තමයි මෙහෙ සර්ව බළධාරී... මේකෙ වෙන්නෙ මං කැමති දේ විතරයි...

ඔහු කියන්නට වූයේ සිය අසුනින් නැගිට මේසය වටා විත් ඈ අසල මේසයට පිටුපස හේත්තු කරමිනි... ඈ සිත තුළ යම් ජුගුප්සාජනක හැගීමක් ඉල්පෙන්නට විය...

ඒක අමතක කරන්නකො තව ටික කාලයක් යද්දි ඕව ඉබේම තේරෙයි... මං මුල ඉදලම කෝකිලාට කැමැත්තෙන් හිටියෙ කෝකිලා ඉස්සරහට එනවට කැමැත්තෙන් හිටියෙ... මං ඒකමයි සමහර වෙලාවට කෝකිලාට උදව් කළේ.. ඔයා දක්ෂයි.. ඔයාගෙ දක්ෂ කම හරියට පවිච්චි කරන් ඉස්සරහට යනේද ඔයාගෙ වැඩක්... ඒත් කෝකිල ඔය ආව වගේ සිංදුවක් කියල ප්‍රෝග්‍රෑම් එකේ ඉස්සරහට යන්න නං බැරිවෙයි....
ඒ කිව්වෙ... ම..මට තේරුන්නැ ...

සිත තුළ යම් අනුමානයක් ගොඩනැගෙන්නට වුවද එම ප්‍රශ්නය ඔහුටම යොමු කළාය...

ළමයෝ.. මේ අහන්නකො...

ඒ කටහඩේ වූයේ මවාගත් ආදරණිය බවකි.. එය ඈ සිතේ වූ ජුගුප්සාජනක බව වැඩි කරලන්නට විය... ඈ උන්නේ සෙල් රුවක් මෙන් ඉදිරියම බලාගෙනය ඔහු නෙත් ඈ උවන ඉමහත් කෑදර කමකින් ලෙවකමින් උන්නේය...

ඔයාට අපිට සලකන්න වෙයි....
අ..අපි දුප්පත්... ස..සර්ට දෙන්න සල්ලි නෑ අපි ළග...
හෙහ් හෙහ් හේ... කව්ද කීවෙ සල්ලි ගැන ඔයා ගාව ඊට වඩා හොද දෙයක් තියෙනව. මං කියන්නේ ඒ ගැන... 

ඔහු පැවසුවේ ඇග් උවන අසලටම සිය කෑදර නෙත් ළං කරමිනි... ගොනා ටක්කෙටම පොල් පැලේ කන්නටම නතර වූ වග ඈට වැටහුණි...
ස..සර්.. ඇයි මෙහෙම කතා කරන්නෙ මං සර්ට කොයි තරං ගෞරව කරාද...?..
කෝකිලා කෝකිලා..... මේ ලෝකෙ කිසිම දෙයක් නිකං ලැබෙන්නෙ නෑ.. ඒක තේරුං ගන්න...මං ඔයාට උදව් කළා මට දෙයක් බලාගෙන.. දැං ඔයාගෙ වාරෙ ඔයාට ඕන දේ ඔයාට ලැබෙයි...... ඒත්... ඊට කලිං මට ඕන දේ දෙන්න වෙයි..  මං ඉල්ලන්නෙ සුලු දෙයක් මාත් එක්ක ටික වෙලාවක් හිටිය කියල ඔයාගෙ ඇගෙන් කෑල්ලක් යනවද නෑනෙ...

යක්ෂයා සිය කටින්ම දොළපිදේනිය ඉල්ලයි... කෝකිලාවිය අසරණ විය... සිය පෙම් කෝකිලයා මතක් විය.. ඔහුගේ ආදරය උතුරන උවන මතක් විය... කරන්නට දෙයක් නැත නිධානය ගන්න නම් පිදේනිය දෙන්නම වෙන බව ඈට හැගුණි.. අවසන ඈ තීරණයක් ගත්තාය.. නමුදු එක වරම ඒ ප්‍රකාශ කරන්නට මැලි විය... ඈ හෙට්ටු කරන්නට තැත් කළාය... නමුදු කොලොම්පුරයේ පිදේනි ඉල්ලා තග දමන යක්ෂයා ඈට වඩා කපටි වග ඈට පසක් විය..

ඒ... ඒත් සර්...
ඒත් මේත් කියල මොනව කරන්නද....? මට ඕන දේ දෙන්න....... ඔයාට ඕන දේ ගන්න... එක වෝට් එකක් වත් නැතුව වුනත් මං ඔයාව දිනවනව.. එච්චරයි... තව දවස් හතකින් ෆයිනල් එක... ඔයාට තව දවස් දෙකක් දෙන්නං හොදට හිතන්න මේක ඔයා ආපු ගමන පස්සටම ඇදල දාන තැන වෙන්නත් අනන්තෙටම ඇදගෙන යන තැන වෙන්නත් පුළුවන් තීරණය ඔයාගෙ අතේ....

සිත උපන් තීරණය නොකියාම ඈ අදුරු සීතල කාමරයෙන් එළියට ආවාය... ඈ හට සුභ පතන්නට වූ කාර්ය මණ්ඩලය හා වුව මොහොතක් හෝ නොරුදී බොරු අසනීපයක් මවා පන්නා ඔවුන්ගෙන් සමුගත් ඈ කිසිවකුට නොකියාස සිය නවාතැන සොයා නික්මුණාය...
                                                            ***********
සිත නියං සායකින් දවමින් කාලය ඉගිලුනි.. ඈ දරුණු වුව ඒක තීරණයක් ගත්තාය...
                                                            ***********
දින හතක් ගෙවී ස්වර්ගයේ දොරටුව අසල ඈ සිටගෙන සිටියාය..ඈ අසලම ඇයට පිටුපසින් හෙවණැල්ලක් මෙන් හුන් යක්ෂයා ඇගේ අනාගතය පුරා කළු සෙවණැල්ලක් අදිමින් ඇගේ කකුලෙන් අදිමින් සිටියේය...
                                                            **********

සිසිර ටීවී කෝකිල ස්ටාර් පස්වන අදියරේ අවසන් මහා තරගයට සුදුසු කම් ලබන අවසාන කෝකිලාවිය වන්නේ ..........ඔබ දෙදෙනාගෙන්............. කව්ද.?????.......ඔබද....??? නැත්නම් ඒ ඔබද...???????
ඔව් ...ඒ ...තරුගුණය පිරි වාසනාවන්තිය...... ඒ කෝකිලාවිය වන්නේ....
කෝකිලා මධුභාෂිණී... ඔබ නොවේ.... චංචලා මධුමතී ..... ඒ ඔබයි... ඔබයි ඒ ගී කෝකිලාවිය.....
                                                            ***********
තරුවක් වෙනු සිතන්
තරු පිරි අහස් ඉම
මගෙ තැන සොයන්
යන අතර මග
ෂයිලොක්ව
හමුවුණා මට...
ඉල්ලු මස් රාත්තල 
නොදුන් වරදට
වියරුවෙන් ගිණි වැදී
තරු හීන උදුරා
පොළවෙ ගැහුවා
පායන්නටත් පෙරම
අරුන්දතිය මියැදුණා.....


29 comments:

  1. මරේ මරු බං.. ඒ කියන්නේ ඔක්කෝම් ස්ටර්ල කරන්න බෑ කියලනේ.. සමහර විට ඇත්ත දේවල් මේ කතාවේ තියෙන්න ඉඩ වැඩියි.. ලස්සන නිර්මාණය.. මේක පෙන්නන්න ඕන ඔය පුක උඩ දාගෙන යන කෙල්ලොන්ට බං..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක තුමා...
      ඒක නං ඇත්ත මොකද හුගක් කෙල්ලො හිතන් ඉන්නෙ ඒක තමා ස්වර්ගය ඉතිං හරි පාරිශුද්ධය කියල... ගිහාම තිබ්බ සබ්බ සකලමනාවත් නැති කරං එන උන්දල කී දෙනෙක්ද කියල ඉතිං ඕව ඕගනයිස් කරන උංම තමා දන්නෙ

      Delete
  2. ලස්සන ලියවිල්ලක්... දේශකයා කියන්නා වාගේ හැමෝටම ස්ටාර්ලා වෙන්ඩ බෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තරුවක් වෙන්න තරු ගුණයත් වාසනාවග් බලපානවමංහිතන්නෙ...
      ඒත් දැං කාලෙ නං ඇස් ඇම් ඇසුත් බලපානව
      හිහි

      Delete
  3. තරුවක් වෙන්න දඟළන අයට මේ දේවල් කියවන්න දෙන්න ඕන. මේවා ඇතුලේ මහා ජුගුප්සාජනක දේවල්වෙන බව අහලා තියෙනවා. ළමයිව තරු කරන්න මරු වැඩ කරන අම්මලාත් ඉන්න බව කියනවා. හිතාගන්න පුළුවන් පොඩි පොඩි ස්ටාර් වැඩ සටහන්වල දෙමව්පියන්ගේ පිස්සුව දැක්කාම. තරුවක් කියන්නේම පිස්සුවක් බං.

    ReplyDelete
    Replies
    1. පිස්සු කියන්නේ හොදම එකය... පිස්සන් කොටුවේ ඉන්නේ හැබෑම පිස්සන් දැයි හිතෙන්නේ මේ වගේ විකාර දකිනකොටය...
      කෙල්ලන්ට බලෙන් දුන්නත් උං මේව කියවන්නෑ අරූ අය්ය... උං කැමති නෑ උං ගොඩනගාගෙන ඉන්න ෆැන්ටසිය කඩං වැටෙනවට...

      Delete
    2. අරූ ++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. නියමයි මචං කතාව.. තරු සිහින වල යතාර්ථය තමයි ඉතින් මේ.. කතාව නියමෙටම ලියලා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ....
      හැම කෙනාටම තරුවක් වෙන්න බෑ කියල තේරුණ දාකට මේ වගේ කතා ලියන්න ඕන නෑ දිනේෂ් අය්ය

      Delete
  5. කියන්න වදන් නොමැත...
    එතරමට ලියවිල්ල පස්ටය......

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද හිතාගන්න බැරිය... කෙන්ජි මෙහි ඇවිත් ඇත මට තන්තෝසේ බැරිය... කෙන්ජි කාට හරි හෙදයි කීවා කියන්නේ ආයෙ අහන්නට දෙයක් නැත... තැන්කියු වේවා... හැකි වෙලාවට ඇවිත් යමක් කමක් කියල යන්න...
      සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  6. ලිවිල්ල ගැනනම් කියන්න තියෙන්නෙ පට්ට කියල තමයි මචෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ්.... ඔයාලගෙ දිරිමත් කිරීම මට හැම දේටම වඩා වටිනව

      Delete
  7. කතාව නියමයි බන් ...තරු වල ඇත්ත කතාත් මේ වගේ තමා ,,,,,,,,,,මම නම් දන්නෙ නෑ ඕන ...හැක්
    බලහන් ඔය පොඩි උන් අල්ලාගෙන තරු කරන්න දගලන විකාරේ බලන්න ලජ්ජයි ..ශික්

    ReplyDelete
  8. ලැජ්ජයි කියන්නෙ විළිලැජ්ජයි... මං ඒත් බැලුව සහෝදර තැනට අපිව අමතක වෙලාද කියල... මොකද වෙනද ඉස්සරෝම එන්නෙ ඔබ තුමා නෙව

    ReplyDelete
    Replies
    1. අමතක වෙලා නෙවි බන් ,පොඩ්ඩක් වැඩ මේ දවස් වල ,කමෙන්ට් කිරිල්ල සැහෙන්න අඩු වෙලා

      Delete
  9. ලියවිල්ල නම් නියමයි බන්. එළ.

    මට නම් ඔය මඟුල් පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔච්චර තරහ එපා නාකිවෙයි ඉකමණට............. හිහි

      Delete
  10. ලස්සනයි! ගොඩක් රස වින්ඳා! ජය!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙ ආවට.... එන්න හැමදාම...
      ස්තූතියි ඔබගේ අගය කිරිමට හැකි සෑම විටම හොද නිර්මාණයක් ඉදිරිපත් කිරීම තමා මගේ අරමුණ

      Delete
  11. නියමයි ,හරිම ඉහලයි ඔයාගේ අදහස,, ඉතාම හොද ලිපියක් මහේෂ් ..කලින් කියෙවුවට කොමෙන්ට් කරන්න බැරි වුණා

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික කියවනකල්ම මං බයෙන් කියෙවුවෙ ,,

      Delete
    2. ස්තූතියි මගේ ඉල්ලීම පිළිගෙන මේ අහට ගොඩවැදුණට...
      හැකියාවක් ඇත්නම් පැමිණෙන්න උත්තසාහ කරන්න ඉඩක් ලැබෙන හැම වෙලේම..
      ඇයි... බයෙන් බයෙන් කියෙව්වෙ... මොකද්ද අවුල....?

      Delete
  12. වැඩේ කියන්නේ මහේෂ්, මීට අවුරුදු බර ගානකට ඉස්සෙල්ලා වුනත් සිනමා හෝ වෙනත් තරුවක් වෙන්න ගියත් දෙන්න ඕනේ දොළ පිදේනි ඕවමනේ. ඒක වෙන්න ඇති නිළියෝ කියන්නේ ඉතින් ආයෙ ගන්නම දෙයක් නෑ කියලා සමාජේ මුල් බැහැගත්ත අදහසක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හිහික් ඔය තේරෙන්නෙ යස අගේට... පහුගිය දවසකත් ජන(අ)ප්‍රිය කියන කෙනෙත් ඕ වගේ අල්ලසක් ඉල්ලුව කියල පත්තර වල පට්ට ගහල තිබුණ...
      කාලෙ වෙනස් වෙනව මින්ස්සුත් වෙනස් වෙනව ඒත් සමහර දේවල් ආරෙට යනව...
      ස්තූතියි ආවට මෙහෙ... එන්න බලන්න හැමදාම...

      Delete
  13. අදයි මේ පැත්තෙ මුලින්ම ආවෙ... මහේෂ් ඔයාට ලස්සනට ලියන්න පුළුවන් නිවැරදි ව්‍යාකරණත් එක්ක... ඔය ස්ටාර් තරග ගැන ඇහෙන එක එක කතා අනුව මේකම වෙන්න පුළුවන් ඇත්තම තත්වෙ... එහෙම නම් සැබෑ දක්ෂකම් තියෙන කෙල්ලො කී දෙනෙකුට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්න ඇද්ද? ඒවත් එක්ක ඈඳිලා තියෙන මුදල් කන්දරාව දැක්කම ඒකට තියෙන ආශාවෙන් කී දෙනෙක් තමන්ගෙ ආත්මය පාවල දෙන්න ඇද්ද ? ඒත් මේ අවස්ථාවෙ එහෙම කළා කියලා ඒක එතනින් නතර වෙන එකක් නැතිවෙයි... ඒ මිනිහගෙ යාළුවො, ඒ යාළුවොන්ගෙ යාළුවො, තව තව අවස්ථාවාදියො... සමහර අයට එහෙම කළා කියලත් කිසිම දෙයක් නැතුව ආපහු හිටිය තැනටම එන්න වෙලත් ඇති... කවුද දන්නෙ...

    ReplyDelete
    Replies
    1. මටත් ඒකම තමා කියන්න ඕන උනේ... මේ මං කියවපු හොදම කමෙන්ට් 1... ස්තූතියි මේ අහ ගොඩ වැදුනට... එන්න බලන්න හැමදාම පිළිගන්නව ඔයාව මේ පැත්තට...

      Delete
  14. දැන් කවුද එතකොට නියම තාරකාව

    ReplyDelete
  15. විදානේ ගේ මලදානෙන් දැකල තමයි මේ පොස්ට් එකට ආවේ. ඒ කතාවේ අවසානයට වඩා මේ කතාවේ අවසානයට මම කැමතියි.. ඇත්තටම දිනුවේ ඇයයි

    ReplyDelete