Tuesday, February 25, 2014

සිංහ දේශයේ සිංහයන් වඳව ගොස් ඇත.....

                                                                            අප ශ්‍රී ලාංකිකයෝ වෙමු... එනයින්ම අපි ආඩම්බර වෙමු.. ඉන් නොනැවතී ඇතැම් විට හදවතින්ම ශ්‍රී ලාංකික බව පවසන්නෙමු. නමුදු ඒ ලෙසින් ක්‍රියා නොකරන්නෙමු... ඒ අපේ හැටිය... ඒ මට සිතෙනාකාරයයි. සෑම දෙයක්ම කීමෙන් පමණක් තෘප්තිමත් වන අපි ඉන් ඔබ්බට නොයා ,එනම් කතාව ක්‍රියාවට නොනගා කතාව මතම නැවතී හිදින්නෙමු... සරලවම කියනවා නම් කටින් බතල කොල හිටවන්නෙමු... මේ අපේ ජාතියේ ගතියයි... කතාව මතම නොනැවතී ක්‍රියාවට ද නගන්නෝ නැති නොවේ... නමුදු එවැන්නෝ හිගය... දුර්ලභය. උන්ට කරනා අපහාසයන්ද නිමි නැතිය... ලංකාවේ උන්ට වැඩ කරනවා නම් ඔබට බැණුම් අසන්නට පිළිවන් විය යුතුයැයි අනගාරික ධර්මපාල තුමා වරක් කීයේ එබැවිණි... මන්ද මේ ශ්‍රී ලංකාව බැවිනි...

                                                                    ලංකාවේ වැඩිපුරම තටින් බතල හිටවන්නේ දේශපාලුවන්ය... මේ කීවේ 1977 ට පෙර උන් අය ගැන නොවේ ඊට පසු දේශපාලනයට ආ උන් ගැනය... ( ඒ කාලේද අපතයන් නොසිටියා නොවේ)77න් පසු දේශපාලනයේ රැදුණ අය බොහෝ විට සිදු කලේ බොරු පොරොන්දු දීම පමණි...  රටට කෙසේ වත් උන්, උන්ට නම් කිසියම් කාර්යයක් කරගත්තෝය.. මෙය අද වන විට සාමාන්‍ය ජයමනයා ටද කාන්දු වී ඇත... උන්ටද රටට හෙණ වැදුණද කමක් නැත... උන්නේ කාර්යය කොක්කෙන් නැත්තං කෙක්කෙන් හරි කර ගනී... සමහරුන් මෙයට හැකියාව කියා පවසයි... රත්තාට අනුව නම් ඒ කුප්පහි කමය.. උපන් රටට වත් කෙලෙහි ගුණ නොදැක්වීමය...

                                                                    අපේ උන්ට පුරුදු වී ඇති තවත් නරක පුරුද්දක් නම් ලංකාව පහතට හෙලා කතා කිරීමයි... කොහෙන් මේ ගතිය පුරුදු වූවාද කියා කියන්න නිෂ්චිත මූලාශ්‍රයක් නැතත් එයද ලාංකිකයාගේ ඇති කුප්පහි ගතිය නිසාම ඇති වූවක් බැවි සැලකිය හැක.. මුන්ට වෙන රටවල් ඉස්තරම්ය ලංකාව චොරය... ඒත් තාම ජීවත් වන්නේ ලංකා ධරණි තලයේමය... ඒත් මුන්නේ හැටි කියා හිත හදා ගැනීමට අපට සිදුවී ඇත...

                                                                    උපන් රටටත් ණය නැති උන් ගැන නොව මේ තරම් කුප්පහි දීනයන් ගැන වරක් නන්දා මාලිනිය ගීතයක් ගැයුවාය... නමුත් අපේ උන්නේ ගතිය කෙසේද යත් එය දේශාභිමානී ගීතයක් ලෙස සලකා ඊට ගරු නම්බු දක්වයි... ඉන් කියැවෙනා කටුක යථාව ගැන උන් හට වගේ වගක් නැත... දැනුනත් නොදැනුනා සේ පසුවෙන්නේ ඕවා නැවත සකස් කිරීම අපේ කාරියක් නොවේ කියන්නාක් මෙන්ය...



                                                                  අද දවස වන විට වැඩියෙන්ම ඇහෙන්නට ඇත්තේ මීළග මස පැවැත්වෙන්නා වූ ජිනීවා සමුළුවයි... මගේ දැනීමේ හැටියට මේ කාරණාව මේ තරම් දුර දිග නොයා කටයුතු කරගන්නට අපේ ඇත්තන්ට හැකියාව තිබිණි... ඒ එක්සත්ව එකාවන්ව කටයුතු කිරීමෙනි... එහෙත් හැම එකාම බලයට ලෝභී විය.... රටට මක් වූවත් අපට කමක් නැත පොරවල් වන්නටය අපට වුවමනා කියනා වේශයකින් කටයුතු කළ මුන් නිසා නියපොත්තෙන් කඩන්නට තිබූ දේ අද වන විට පොරවෙන් කපා වත් වෙන් කර දැමිය නොහැකි තත්වයකට ඔඩු දුවා ඇත... උද්ගතව පවතින තත්වය හමුවේ වුව එක්සත් වෙන්නට උන්ට උවමනාවක් නැත... හැම එකාම සිතන්නේ පවත්නා රජයට ගෙළවූවා නම් හරි කියාය... නමුදු එවිට ප්‍රශ්නය අළුත් ලෙසකින් ඇරඹිය හැකි වග කිසිවකුටත් නොපෙනේ...

                                                                  අපවම පහතට හෙලා කතා කිරීම, එකමුතු බවක් නොපෙන්වීම, සුළු හෝ වාසියකට අවනත වී දීන චෝරයන් රජ කරවීම, වැනි මේවාට වඩා යමක් කතා කල යුතු වෙතත් ඔබටත් යමක් හිතන්නට ඉඩ තියා මෙම ලිපිය හමාර කරමි..

                                                                   මා සදහන් කළ මේ සෑම කාරණාවක් සදහාම සෘජුවම හෝ වක්‍රව අපද වරදකරුවන් වෙමු... මේ සටහන ලියන මට හෝ ඉන් ගැලවිය නොහැක...  මෙය ලියා මට අවැසි වන්නේ පොරක් වීමටද නොවේය... ඔබට හිතන්නට යමක් ඉතිරි කිරීමය... එබැවින් මෙය කියවූ විට ඔබට දැනෙන දේ ලියා යාම ඔබගේ වකීමය...


46 comments:

  1. මම අහලා තියෙන විදිහට සුනිල් ආරියරත්න යන්ට හා නන්දා මාලනියට ඔය සිංදු කියපු ලියපු කාලේ ගොඩක් බලපෑම් තිබිලා තියෙනවා ...

    උඩ කාරණා දැන් නම් එපා වෙලා අෆ්ෆා ...අහන් ඉදලම ....

    ReplyDelete
    Replies
    1. ඒ කාරණය නං මාත් අහල තියෙනව....
      එපා වෙලා එපා වෙලා කීවට මේව ඉදල හිටල වත් මතක් කරල කට්ටියව ඇහැරවන එක හොදය් නෙව සහෝදර තුමා... නැද්ද මං අහන්නෙ

      Delete
    2. http://sinhalaya19.blogspot.com.ar/2014/01/blog-post_22.html
      බලන්න මමත් ලියනවා වැඩක් වෙයි ද මන්දා ..ඇහැරෙයි ද ඇත්තටම කස්ටිය

      Delete
    3. ම්ම්ම ගියා ඒ පැත්තෙ.... අපි බලමු එකෙක් හරි ඇහැරෙයි නෙව... ඌත් උට පුලුවං දෙයක් කරයි නෙව

      Delete
  2. මේ කරණා ගැන කොච්චරවත් නම් කතා කරනවාද? ඒත් අපේ මිනිස්සු හැදෙනවා හැදිලා ගොඩාක් කල්

    ReplyDelete
    Replies
    1. එහෙම එක පාරටම උදාසීන වෙලත් බෑ නෙව... නේද යක්ෂයා..... අපි පුලුවංදෙයක් කරන්න ට්‍රයි කරමු අද එකෙක් හැදෙනව කියන්නෙ හෙට වෙද්දි ඌ දිහ බලල තව එකෙක් හැදෙනව කියනෙක....

      Delete
  3. කතා කලාට වැඩක් නෑ අප්පා.. ඔක්කෝම කතා ටික දවස් 14ක් යනකන් විතරයි.. ඊට පස්සේ සේරම ටික අමතකයි.

    ReplyDelete
    Replies
    1. ඕකත් අපේ අයගෙ නිදහසට කාරණාවක් වෙලා දැං... මං ආසම නැති කතාවක් තමා ඔය සති දෙකේ කතාව

      Delete
  4. කතාව සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. හ්ම්.....
      ආවට ස්තූතියි අවන්හලට....
      එන්න පුලුවං නං මේ අහට හැමදාම

      Delete
  5. ඇත්ත බන් අපි ගොඩක් තැන්වල කෙළව ගත්තෙ නියපොත්තෙන් කඩන්න තිබ්බ දේවල් පොරවෙන් කපන්න හැරපු නිසයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒත් අපේ අය ඕක ගේරුං ගන්නෑනෙ ප්‍රියා ඒකනෙ මෙතන තියෙන ප්‍රශ්නෙ

      Delete
  6. ඔබ සමග මා එකයි.
    මෙවැනි කරුණු අපේ ගොන් හැත්තට නැවත නැවත මතක් කර දිය යුතුමයි.
    යුධ සමයෙ පරිනතයි කියන දේශපාලුවො සහ උපදේසනයෝ හැසිරිච්ච මරිමෝඩ විදිය නිසා තමයි ඉල්ලන් කන්න වෙලා තියෙන්නෙ.
    යුද්ධෙ පරාජය කරන්න සාර්ථකව සැලසුම් කළා වගේ ලෝක ප්‍රජාවව දැනුවත් කිරීමටත් හරි ක්‍රියා මාර්ගයක් ගත්තා නම් මුළු ලෝකෙ බලවත් රටවලින් මේ මොහොතෙ උදව් ගත හැකිව තිබුන,

    ReplyDelete
    Replies
    1. ඇත්ත කෙන්ජි.....මේ සඳහා කලයුතු සහ නොකලයුතු වැඩපිලිවෙලක් ජෙප්පෝ යුද්දෙන් පස්සේ රජ්ජුරුවන්ට දුන්නා. ජෙප්පෝ බලුවුනා..රජා මහරජා වුනා. කෝ රාජ්‍ය තන්ත්‍රික හැසිරීම්? මුන් මචං නාන ගමන් අපිටත් කියනවා වතුර කෝප්පයක් ඔලුවට දාන්න කියලා. දාන්න පුළුවන් අඩුම ගානේ වෙනිවැල්ගැට ටිකක් දාලා වතුර එක උනු කරානම්. දැන් ඉතින් කකුල කපලා වත් වැඩේ බේරන්න බැහැ. සජින් වාස්ට කඩුව දීලා ජාතියම පෙති ගහන්න. කැරියර් ඩිප්ලොමැට්ස්ලාට කලකිරීමක් තියෙන්නේ. විදුලි පුටුවට යන්නේ මහ එකා නම් හිත හදා ගත්ත හැකි. ජාතියම විදුලි සොහොනක දාන එක පේන්නේ නැහැ මේ හක්ගෙඩි බූරුවන්ට.

      Delete
    2. Thanks අරූ ...මා අඩුව ලියූ ටික ඔබ ලියුවාට .
      සහතික ඇත්ත.

      Delete
    3. @ කෙන්ජි &අරූ
      යුද්ද කාලෙ හොදට ප්ලෑන් කලා යුද්ධෙ කලා කියමුකො... ඒත් ඊට පස්සෙ උඩ පැන්න වැඩී...
      ඒක තමා හුගක්ම නරකට හිට්ටෙ... මොකද ප්‍රාණඇපකරු සිද්ධිය මතතද...? කව්රුත් කිව්වෙ කව්රුවත් මැරුන්නෑ කියල... ඒත් ජාත්‍යන්තරය ඒක පිළිගන්නෑනෙ... ඒක මේ මරි මෝඩයෝ තේරුං ගත්තෙ නෑ...
      අනික කිසිම විමර්ෂන කණ්ඩායමකට ලංකාවට එන්න දුන්නෑ..
      දැං නිකං උඩු බුරනව..
      වැරැද්ද අපේ රහමජාගෙම තමයි

      Delete
  7. කියලත් ඇතිවෙලා , අහලත් ඇතිවෙලා, ලියලත් ඇතිවෙලා ...මම බොරුද කිව්වේ මහබඹා අපේ එවුන්ට මොලේ දීලා නෑ කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ.. සමහරුන්නෙ මොලේ ඉදගෙනම ප්ලැට් වෙලා

      Delete
  8. අනේ මන්දා සිරාවටම සිංහලයට මෙවා මොකා බෝ කරාද කියලා ඕක මේ අන්තිම රජ පෙලපත් පැවති කාලේ ඉදන් එන ඒවනේ එකාට එකා නෑ බලේට මරාගන්නවා රටට මොනව උනාද දන්නෑ අන්තිමට

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේ හැම එකකටම වැරැද්ද උනේ බලලෝභය...
      ස්තූතියි ඔබේ අදහස් බෙදාගන්න මෙහෙට ගොඩ වැදුණට... එන්න හැමදාම

      Delete
  9. රටක් විදිහට මිනිස්සු එකට එකතුවෙනව නම් ප්‍රශ්ණ හුඟකට විසඳුම් තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි නමුත් එහෙම වෙන්නැති එකනෙ අවුල....

      Delete
  10. ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි උත්තර තියෙන තාම හොයාගෙන නැති.

    ReplyDelete
    Replies
    1. උත්තර තියෙනව... හොයාගෙනත් තියනව... ඒත් ඒව ඉදිරිපත් කරොත් ඒ කරන එකා හෙට ඉදල ලංකාවෙ නෑ... එකය් මෙතන අවුල

      Delete
  11. මහේෂ්.......පුස්තකාලයක් ගිනිතිබ්බොත් වරදකාරයා අල්ල ගන්න පුළුවන්...වේයෝ..කාවෝ බෝකරොත් වැඩේ නිකම්ම වෙනවා...මේ ඉන්නේ රට කන්න ආපු වේයෝ කාවෝ ටිකක්. යටි අරුතක් ඇතිව මේ කියන්නේ. මේ අවසාන විනාඩියයි.

    ReplyDelete
    Replies
    1. මට තේරෙනව අරූ...
      මෙ පාර ජිනීව එක නාගන්නෙත් ඔය වේයො හින්ද තමා

      Delete
  12. වැඩක් න බං මේවා ගැන හිතිලා.. සිහයන්ව හීලෑ කරලා දාලා දැන් හුඟක් කල්..

    ReplyDelete
    Replies
    1. හීලෑ කරල නෙවේ වද කරල.... අපි මේ පාර තමා නාගන්නෙ ඇඩ්‍රස් නැති වෙන්න

      Delete
  13. නියම වීරයෙක් හා නායකයෙක් නැති කම.. තමා

    ReplyDelete
    Replies
    1. නායකයෙක් හිටියට කිසිම වැඩක් නෑ... ඒකයි මෙතන තියෙන එකම ගැටළුව...

      Delete
    2. නියම නායකයෙක්ට කරන්න පුළුවන් දේ බොලා දන්නේ නෑ.. අපි නොදන්න හිට්ලර්ලා, ලෙනින්ලා, ලින්කන්ලා

      Delete
    3. හිට්ලරිට වඩා නං මෙයා හොදා.... ඒත් අනිත් දෙන්නට අලගු තියන්ට වත් බෑ

      Delete
  14. //අපේ උන්ට පුරුදු වී ඇති තවත් නරක පුරුද්දක් නම් ලංකාව පහතට හෙලා කතා කිරීමයි.//
    සහතික ඇත්ත..ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ "ලංකාවෙ ඉඳලා ඇති වැඩක් නෑ, ලංකාවෙ ඉඳල කවදා දියුණු වෙන්නද, ලංකාව වගේද මෙහෙ?" ඔය වගෙ කතා තමයි.
    ඉතින් ඒ වගේ හිතන මිනිස්සු ඉන්න රටක මොනව කතා කලත් වැඩක් තියේවියැ

    ReplyDelete
    Replies
    1. ඇත්ත චාම්ස්... වැඩක් නෑ තමා... මේ වගේ දෙයක් පුරුදු වෙන්නෙ දෙමාපියන්නෙන්... ඒ අයගෙ අදහස් උදහස් ඉස්සරෝම වෙනස් කරන්න ඕන නැතුව බෑ...
      ස්තූතියි අවන්හලට ගොඩවැදුණට...
      එන්න බලන්න හැමදාම

      Delete
  15. කොච්චර කතා කලත් වැඩක් නැහැ. අපේ මිනිස්සුන්ට හැම එකක්ම ඉක්මණට අමතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ නුහුගුණේ තමා නැති කරන්ට ඕන... මං චාම්ස් ට කීව වගේ යහ ආකල්ප ඇති කරන්න ඕන.. ඒව පටන් ගන්න ඕන දෙමාපියන්ගෙන්...

      Delete
  16. කෙනෙකුට තම රට ගැන තිබිය යුත්තේ හීනමානයත්, අධිමානයත් අතර ඇති දැක්මක් බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ඒකට කියන තනි වචනය නිහතමානී කම කියල තමා මට හිතෙන්නෙ... ඊටත් වඩා රට ගැන පවතින්නා වූ අනුපමේය ආදර කැක්කුම කීවොත්......?

      Delete
  17. "....තුන් හෙලේ කැලෑවල සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්...."

    ReplyDelete
    Replies
    1. බොහෝ කාලයකට පෙරම නේද උමේෂ් සහෝ.........

      මොකද දැං ලියන්නෙ නැත්තෙ..........?

      Delete
  18. මේකේ කමෙන්ට් බැලුවම ඔයා නගන චෝදනාවටත් උත්තර තියෙනවා. අපේ මිනිස්සුන්ගේ තියෙන කිසි දෙයකින් සෑහීමකට පත් නොවන ගතියත් මීට හේතුවක්.

    ReplyDelete
  19. මේ වගේ නුගුණ හැසිරීම්.... ආගල්ප නැති කරන්න නං මුංව මකල ගන්න වෙයි කියල හිගෙනව... අපේ මිනිස්සු අල්ප දෙයින් සෑහෙනව කිය කිය හොයන්නෙම ලොකු දේවල්... කරන්නෙම සල්ලි පොදි ගහන එක....
    ස්තූතියි අදහස් බෙදා හදා ගන්න මෙහෙ ආවට... පුලුවන් හැම වෙලේම එන්න .....
    සාදරයෙන් පිළිගන්නව අවන්හලට

    ReplyDelete
  20. 77දේශපාලන, ආර්ථික පෙරළිය අද රටේ ප්‍රශ්ණ බොහෝමයක වගඋත්තරකරුවෝය.

    ReplyDelete
    Replies
    1. ඒක නං එහෙමයි... නිර්මලා... අපේ මිනිස්සුන්නෙම මෝඩ කමයි කම්මැලි කමයි නෙව.......

      Delete
  21. menna cyber lokaye sinhayoo
    http://hotldv.blogspot.com
    Hotldv Web Solution

    ReplyDelete
  22. මේ කතාව අමූලික ඇත්තය... ඒ වාගේම තිත්තය... අපේ මිනිසුන් මේ රට පහත් කර සැලකීම, අනිත් උන්ට හෙණ ගැහුවත් තමන්ගේ වැඩේ කර ගැනීම වගේ දේවල් කොහෙන් පුරුදු වුණත් ඒවා දැන් සමාජයම බොහෝ දුරට වෙළාගෙන ඇත... කොටින්ම ඔවුන්ට කිසිවකට සංවේදීතාවයක් නැත... අසල්වැසියාට වත් සංස්කෘතියට වත් පරිසරයට වත් කොටින්ම රටේ සිදු වෙන්නේ රටට සිදු වෙන්නේ කුමක්ද කියා වත් සංවේදීතාවයක් නැත... සියලු හැඟීම් නිර්වින්දනය කර ගත් උන් සේ මොකද්දෝ පසුපස දුවගෙන යාම පමණක් පුරුදු වී ඇත...

    කියවන අය වෙලාව තිබේ නම් මීට ටිකක් ළඟින් යන මා ලියූ මේ ලිපියත් කියවන්න...
    http://deyyangeratey.blogspot.com/2014/05/blog-post_16.html

    ReplyDelete