Saturday, May 17, 2014

හැබෑටම මේ වෙසක්මද ඈ.....?

                                                            කීප තැනකම වෙසක් පොහෝ දිනයත් ඒ නිමිති කොට ගෙන පැවැත්වෙන්නා වූ යම් යම් උත්සව ගැනත් යම් යම් කතිකාවන් ගොඩනගන්නට උත්සාහ දරා තිබෙණු දුටුවෙමි... එසේම වෙසක් ශ්‍රීය මේ යැයි කියමින් තැබුණු ලිපිද දක්නට ලැබුණි...(සොමියා  සෑම්  සිරා  තුශානි     ) එහෙත් පසුගිය වසර කීපය හා සසදන කල්හි වෙසක් සැමරීම ගැන බෞද්ධයාගේ යම් අලස බවක් හා (පසුගිය තෙවසරම වෙසක් මේ යැයි යන්න නොදුටු නිසාද කියන්නට සිතාගත නොහැක..) මන්දගාමීත්වයක් දුටුයෙමි.. එලෙසින්ම සංයමයෙන් හා ශ්‍රද්ධාවෙන් හැසිරිය යුතු දිනයක් අවිනීත අශික්ෂිත වීම කෙරේ නම් මා සෑහෙන මට්ටමකට කළකිරුණ වග නම් සදහන් නොකරම බැරිය.

                                                           පුරා දෙදහස් පන්සිය වසක් මුළුල්ලේ අප ජාතිය වෙසක් උළෙල උත්සව ශ්‍රීයෙන් සමරන්නට ඇති වග නම් නිසැකය... එහෙත් වර්තමානයේ පවතින්නා තරම් පරිහාණියක් ඔවුන් කිසි දිනෙකත් අපේක්ෂා නොකරන්නට ඇති වගද එසේම සිතාගත හැක.. නොමනා විහිළු වලින් හා අසංවර හැසිරිම් වලින් පිරුණු වෙසගක් මා මීට පෙර දුටුවේම නැති.. ඒ අතින් හොල්මන් ගුහා සහ ඔළුබක්කන් තහනම් කිරීම ගැන නම් පො.මා.ප්‍ර ව අගය කල යුතු තරමේ ක්‍රියාවකි..

                                                           රාත්‍රිෙය් වෙසක් සිරි විදින්නට යන ජනයාට, විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශවයට කරන්නා වූ නොයෙකුත් නින්දා වන් හා අසංවර විහිළු දැක පොලිස් මාමලාත් කට පියා අහක බලා හිදිති.. නැතහොත් ඊට අනුබල දෙන්නා සේ උහුද සිනා සී ඉන් තෘප්තියක් ලබති.. මේ නිසා ඉන් තව තවත් උද්දාමයට පත්වන්නන් එම වැරදි පෙරටත් වඩා විශාලව කිරීමට පෙළඹෙනවා පමණක් නොව තම මව් හෝ නැගණියට සම වයස් වන කාන්තාවන්ට අසෝබන වදන් ප්‍රකාශ කිරීමට තරම් දිරිමත් වේ... වෙස් මුහුණු දමාගෙන කරනා විගඩම්ද නොලියාම බැරිය... මේවා දාගන්න සම හරක් පාරේ යන ගමන් හිටි හැටියේ පාරට පැන වාහන වලට බාධා කරන්නේ කුමන නිසා දැයි සිතාගත නොහැකි වුණත් ඒ තම නපුංසක පොර මානසිකත්වය පෙන්වා සිටින්නට දරණ වෑයමක් දැයි අපට හැගේ... මේ ජාතියේ අයියලා සමහර විට පාරේ යන ඇන්ටි නංගිලාගේද පස්ස මිරිකන්නට නොපැකිලේ... එහෙත් ඊට එරෙහි වන්නට කිහිපදෙනෙක් හෝ එක් අයෙක් පැකිළුණත් ඒ ජාතියේ අයියලාට මතක හිටින්න පාඩමක් ඉගන ගැනීමට ලැබෙන අවස්තාද නැතිව නොවේ... මේ අතරට ඔබ්බවිය යුතු තවත් කරුණත් නං කං දෙක කීං ගාන්න තරං හයියෙන් කණටම කර පිඹින නලාය.. රුපියල් පණහක් දී මේකක් මිලදී ගන්නා  සම හරක් පාර දිගට පිඹ පිඹ යාමෙන් තෘප්තිමත් නොවී නංගිලාගේ අක්කලාගේ කණටම තියා පිඹින්නේ හරියට එහෙම නොකලා නං වෙසක් කියා දෙයක් නෑ වගේය... පොලිස් මාමලා කීප දෙනෙක් ඩෝප් වී සිටිනවා දුටුවෙමි... ඒ ගැන කිසිත් කියා පලක් නැති නිසා ඒ ගැන සදහනක් නොකරමි...

                                                        තවත් කිව යුත්තක් ඇත ඒ දන්සැල් සම්බන්ධවය.. බොහෝ ඈයන් දන්සැල් දෙන්නේ පින් සලකා නොව ආතල් එකට බව පෙනෙන්නට තිබේ.. ලියාපදිංචි නොකරන දන්සැල් වලට පමණක් පනින පීඑච්අයි මහත්තරුන් සිටින රටක ඒ වගේ දන්සැල් වල තත්වය ගැන නම් කියන්නටම දෙයක් නැත... බොහෝ විට මෙවන් දංසැල් වලින් ස්ත්‍රී පාර්ශ්වයට ලැබෙන වාසි මෙන්ව අපහසුතාද එමටය.. ලියනවා නම් ඒ ගැන වෙනම ලිවිය හැක. බෞද්ධ කෙඩිය දන්සැල් වල භාවිතය තහනම් වීම නිසා කොල්ලන්ට කොඩිය සරමක් මෙන් ඇගේ පටලාගැනීමේ අවස්තාව ඇහිරි ගියේය.. එහෙත් සමහර පැති වල තවමත් බෞද්ධ කොඩිය මේ සදහා යොදා ගන්නා බව මා සියැසින් දුටුවෙමි... එසේම දන්සැල් වල පෝලිම් වල සිටිද්දී කොළු නඩයකට ඉදිරියෙන් සිටින්නේ ස්ත්‍රියාවක් නම් ඇයට සිදුවන්නේ වෙසක් එකෙත් මෛත්‍රී කිරීම නොව වෛර පාරමිතා පුරන්නටය..

                                                         තවත් මේ ගැන කියන්නට දේවල් ඇතත් ලිපිය දික් ගස්සන්නට උවමනාවක් නැති නිසා හැමදාම දකින එක් දෙයක් ගැන  පමණක්, කවදාවත් නිවැරදි නොවෙන දෙයක් ගැන කියා ලිපිය හමාර කරමි...

                                                       දන්සැලක් තිබෙන ස්ථානයක හෝ ඊට ආසන්න ස්ථානයක දන්සැල අහවල් දින අහවල් වෙලාවට අහවල් දේ දෙනවායි කියමින් අටවා ඇති බෝඩ්, (බොහෝවිට මේවා බැනර්ය,) ඔබ දැක ඇතුවාට සැක නැත.. මේ දැන්වීම් වල සදහන් වන කිසිදාක නිවැරදි නොවෙනා එක් දෙයක් මා හැමදාම දකිමි..

මහා බත් දන්සැල, මහා නූඩ්ලස් දන්සැල, මහා කෝපි දන්සැල.. මහා අරක මේක

                                                      යනුවෙන් සදහන් කටවුටු වල නිවැරදි නොවෙන්නා වූ මේ ව්‍යාකරණ දෝෂය එක් රූපවාහිණි නාලිකාවක විද්වත් කතිකාවකට එක්වූ මහාචාර්ය වරයෙක් පෙන්වා දුන්නේ යළිත් මෙලෙස මේ වැරැද්ද නොකරන ලෙස ඉල්ලමිනි.. එහෙත් අද දක්වාම නිවැරදි නොවූ මෙය එලෙසින්ම යොදනවා මම දැක ඇත.. වඩාත් විහිළුවට කරුණ නම් එම සාකච්චාව පැවැත්වූ රූපවාහිනී නාලිකාව සංවිධානය කරනා බත් දන්සැල් වල පවා උක්ත වැරැද්ද එලෙසම සිදු කර තිබීමයි...

මෙවර අපේ සහයෝගයෙන් පැවැත්වුණා වූ දන්සැලද  නිසි ආකාරවම සිදුවුණි.. පිඑච්අයි මහත්වරුද කියන්නට වැරදි නැති තරම් වූ නිසි ප්‍රශංසා කර ගියෝය.. එහෙත් උක්තව මා සදහන් කළ ව්‍යයකරණ දෝෂය නිදොස් කර අවැසි වදන්ද සකසා අවශ්‍ය ආකාරයද මෙලෙස යැයි දැනුවත් කර බැනරය මුද්‍රණය කරන්නට දුන්නේ මා විසින්මය... මට පුෂ්පය විකසිත වුනේ නිදොස් කර ලියා තිබූ වාක්‍ය මූ විසින් නැවත වෙනස් කර තිබීම නිසාය.. අපේ මාමාට පිංසිදුවෙන්න උට උගේ ගතමන්ට් එක ලැබුණා විණා මම තනියෙන් ගියා නම් උට උගේ බැනරයද මුදල්ද නැතිඅ වන්නට තිබූ ඉඩකඩ ඉතාම වැඩිය.. ඇයි යකෝ ලැජ්ජාව..... :D

පසු සටහන--- මා මෙය ලිවුවේ හුදෙක් මා දුටුවේ හොදට වඩා වැරදි කප්පරක් තරම් යැයි සිතුණ නිසා මිස කිසි වෙකුට හෝ පහර ගසන්නට නොවේ... එසේම මේ මා අත් දැකි දේ විනා අසා ලිවීමක්ද නොවේ.. මා මේ වසරට පෙර අවසන් වරට වෙසක් උත්සවයක් දුටුවේ 2010 දීය... එදා හා අද දුටු දේ වල දොස් පරොස් සොයන්නට යාම නිෂ්ඵල ක්‍රියාවක් යැයි  සිතමි... එනිසා ලිපිය මේ ආකාරයට වෙනස් කර පළ කළෙමි.

ප.ප.ලි.- ඔබෙන් යමක් අසන්නෙමි... අකමැත්තක් නැතිනම් පිළිතුරක් දී යන්න...
             මහා තොරණ් රාජයා හරිද වැරදිද...???? හරි නම් ඒ ඇයි..?? වැරදි  නම් ඒ ඇයි...??

32 comments:

  1. ඔව්ව ගැන කතා කරල වැඩක් නෑ කියල තමා කියන්න තියෙන්නෙ. වෙසක් කියන්නෙ මොකක්ද කියල වත් සමහරුන්ට අමතක වෙලා.

    ReplyDelete
    Replies
    1. කතා කරල වැඩක් නෑ කියල අපි පැත්තකට වෙලා ඉන්න හිංද තමා මේව මේ විදියට වෙන්නෙ කියල හිතෙන්නෙ නැද්ද.. උංගෙ අං ගලවන්න ක්‍රමයක් හොයාගන්න බැරියවයිද හැබෑටම ඈ

      Delete
  2. මේ ගැන නම් කතාකරල වැඩක් නෑ මහේෂ්. මේ රටෙ තරුණ පරපුර කාලකන්නි වෙලා.වරද කොතනද කියල කතාකරන්න ගියොත් මේක කමෙන්ට් එකක් නෙවෙයි පෝස්ට් එකක් වෙනවා. අනේ මංද මහේෂ්. රටේ කොඳු නාරටිය වෙන්නෝනි තරුණ පරපුර අද මේ රටේ නිකංම නිකං "හාල් පෙන්දො" ටිකක් වෙලා.

    මේ ගැන ලියපු තවත් පෝස්ස්ටුවක් සොමිය ලියල තිබුනා.

    ReplyDelete
    Replies
    1. http://sonduruminisa.blogspot.com/2014/05/18.html

      Delete
    2. අනේ මංද මනෝ... හැම එක්කෙනාම ඔහොමම හිතන්න ගත්තොත් අන්තිමට අත පිහිදං නිකා ඉන්න තමා වෙන්නෙ....
      ඔන්න මං ලිංක් ටිකම එකතු කලා...

      Delete
    3. ඉස්සල්ලා ම මහේෂ් ඇත්ත තත්වය ඕකයි... අද වෙන කොට වෙසක් කියලා දෙයක් නැති තරම්.

      සොමියත් ඉහළ මනෝෂ් දැක්වූ ලින්ක් එකෙන් දැකිය හැකි නිමය ලිපියක් ලියලා තිබුණා....

      Delete
    4. ඒක මං උඩට ඇතුල කරල තිවයන්නෙ...
      ඒක නෙමේ මොනද මේ රිප්ලයි කමෙන්ටුවකට යටවෙලා

      Delete
  3. මගේ ව්‍යකරන ගැන අයේ කියන්නෙ දෙයක් නෑනේ හී හී ....එත් දන්න තරමින් තොරණ් රාජයා නෙවෙයි ,තොරණ වෙන්න ඕන...

    දැන් වෙසක් පාටියක් වෙලා නේ ජොලි කරලා බාල් නැටුම් නටන,ඔය ගොන් ආතල් ගන්න ටික දෙනෙක් නිසා දෙනෙක් කට්ට කනවා ......

    මං හිතුවේ දැන් බොගිය අමතක වෙලා කියාලා ....පොඩි කවි කැල්ලක් හරි දාහන්.....මේ ලයික් හිගා කන සෙද්ද පුළුවන් නම් අයින් කරලා දාහන මට නම් වදයක් ඕං

    ReplyDelete
    Replies
    1. තොරණ තමා දොඹේ...

      මං මේ දවස් ටිකේම හිටියෙ නිකං පිස්සු හැදිල වගේ... කිසිම නිදහසක් තිබ්බෙ නෑ ඔළුගෙඩියට..
      බලමු මං කෝමත් මේකෙ එල්ලල තියෙන ගැජට් කන්දක්ම අයින් කරන්න ඉන්නෙ... ඒව කරල බොග ආය හදාගන්න සෑහෙන වෙලාවක් යනව.. නිවාඩුවක් හම්බවුණ ගමන්ම මං කරනව
      ටිකක් ඉවසන්න

      Delete
  4. වෙසක් එකත් මොඩ් වෙලා තියෙන්නේ. ඒකයි කරුමේ.

    ReplyDelete
    Replies
    1. මොඩ් වීම නමං ඉවසන්න පුලුවං.. ඒත් හැමදේම දැං නුහුරට නොව යන්නෙ ...

      Delete
  5. ඔය ඔක්කොම ඇත්ත බං.

    //පෝලිම් වල සිටිද්දී කොළු නඩයකට ඉදිරියෙන් සිටින්නේ ස්ත්‍රියාවක් නම් ඇයට සිදුවන්නේ වෙසක් එකෙත් මෛත්‍රී කිරීම නොව වෛර පාරමිතා පුරන්නටය..// මේවට සම හරක් "කොළු කමට කරන වැඩනෙ" කියනවා. ඒත් මම නම් කියන්නෙ මේවා "**න කමට කරන වැඩ" බං. කොල්ලො නෙමේ කෙල්ලො නෙමේ වයසක උන්දැලා පවා විනෝද වෙන්න ඕන නම් විනෝද උනාට අපිට ප්‍රශ්ණයක් නෑ (වෙසක් යනු දැන් දැන් විනෝද වීමට වෙන්කර ඇති දිනයක් නිසාවෙන්). ඒත් තමන්ගෙ විනෝදෙ අනිත් එකෙක්ටවත් අවහිරයක් නොවන විදිහට.

    ReplyDelete
    Replies
    1. ඒකට මාත් එකගයි. ප්‍රියා. ගොන්නුඋනත් තප්පු ලන් නැතිව ඉන්නව නම් උන් හොදයි කියන්න පුලුවන්. ඒත් මෙහෙම උන්ට ගොන්නු කියනෙක ගොන්නුන්ටත් නින්දාවක්. නැද්ද මන් අහන්නෙ

      Delete
  6. හරිද වැරදිද කියන්න දන්නේ නෑ මචං, හැබැයි වෙසක් කියන උත්සවයේ මූලික හරය අමතක් කරලා තිබෙන රටක වයාකරණ වැරදි ගැන කවර කතාද ?

    ReplyDelete
    Replies
    1. අපේ සම හරක්ට සිංහල වැරදෙන එකත් වරද්දන එකත් පොස් කම පෙන්නන ඉස්ටැයිල් 1හින්ද ඒ ගැන කවර කතාද. මන් ඒක් ඇහුවෙ හැදෙන 1ක් හරි හැදෙඉ කියල. ඒ තරන්ම හිතන අය අඩුයි නොවැ.

      කොටින්ම බුද්ධා කියන්නෙ විහිලුවක් වෙලා

      Delete
  7. ඔබත් වෙසක් ගැන අන්තයටම කලකිරිලා වගේ, වෙසක් නං වෙනස් වෙලා නෑ, එත් මිනිස්සු වෙනස් වෙලා, මිනිස්සුන්ගේ හදවත් වෙනස් වුන නිසා මිනිස්සුම වෙසක් වෙනස් කරගෙන තියෙන්නේ.

    ඔබ කිව්වා වගේ ඔය මහා කෑල්ල හැම එකක් ඉස්සරහටම එකතු කරගන්නවා සෙනග ඇද්ද ගන්නත් එක්කයි , අයි ලොකුවටම දෙනවා කියන්නයි, එත් ඇත්තටම ටකරන් මඩුවක් අටවන් බෞද්ධ කොඩිය වන වන විකාරයක් කරනවා, දන්සල් දෙන බහුතරයක් දානය කියන වචනය හා එහි අංශු මාත්‍ර තේරුමක් නොදැන ඔහේ දන්සල් දෙනවා.

    ඊළඟට ඔය තොරණ, එක පස්සට රාජයා කෑල්ලක් ගහගෙන තොරණට ඔටුනු පල්න්දනවා, අනේ මන්දා බල්බ් ගොඩකුයි, රූප ටිකකුයි, උණ හරි පුවක් හරි දඬු ටිකක් රාජයෙක් වෙන්නේ කොහොමද කියලා, එකා මහා රාජයා. එත් ඇත්තටම එක තොරණක් විතරයි, අපි පන්සලේ මකර තොරණට මකර තෝරන් රාජයා කියන්නේ නෑ නේද, එක පන්සල තියෙනකන් සදාකාලිකාවන් තියෙද්දී මේ තාවකාලිකව අටවගත්ත එකක් රාජයෙක් වෙන්නේ කොහොමද නේද?

    ඊළඟ වචන හරුපේ තමා වෙසක් එකට වෙසඟ කෙයාන එක, මන්දා මටනං එක ඇහෙද්දී වචනයේ සංදී ගැලපීමත් එක්ක ඇහෙන්නේ වෙස+අඟන විදියට, එතකොට වෙසක් කියන්නේ මේ ගණිකාව කියන එකද? ගණිකාව ගැන වෙනම කතා කල යුත්තකි, ඒ නිසා ඒ කරුණ එදිරියට කතා කරමු. වචන හරඹ වලින්ද වෙසක් මංගල්‍යය වෙනස් කර හමාරය. බුදුන් වදාළ පරිදි වෙනස් නොවන කිසිවකුත් නොමැති කල වෙසක්ද කාලයේ තාලයට වෙනස් වේ, පුහුදුන් දන යටි ගන් බලා ගංගා ගලන අතටම යද්දී සුදනන් උඩුගං බලාම යෙත්.

    ReplyDelete
    Replies
    1. ළඟ වචන හරුපේ තමා වෙසක් එකට වෙසඟ කෙයාන එක///
      මේ සම්බන්ධව මම හොයල බලල කියන්නං...
      ඔයා කියනව වගේ මිනිස්සු වෙනස් වෙලා ඇත්ත.. ඒකට හේතුව මාධ්‍ය කියලයි මට හිතෙන්නෙ අපේ මිනිස්සුත් ඖන කුණු කංදක් ඇගේ ගහගන්නවනෙ නිකං දෙනව නං මේකත් ඒ නිකං දෙන දේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව භාරගැනීමේ ආදීනවයක් තමා... ඇත්තෙන්ම රජයට වැඩසටහන් තහනම් කරනවට වඩා නුගුණ ඇති වැඩ සටහන් නොබල ඉන්න එක තමා මිනිස් යුතුකම.. එතකොට පවත්නා දේ යම් පමණකට වෙනස් වුණත් එහි අව ගුණයක් පෙන්නන්නෙ නැති වෙයි

      Delete
  8. කතාවට එකඟයි.මම කියන්න ආවෙ ඒක නෙවෙයි මොකද මේ මැදට ඇඩ් එකක් එන්නෙ ලයික් කරන්න කියල,ඒකත් මහා කියන කෑල්ල වගේ අත්‍යාවශ්‍යද.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔය මුල් කාලෙ නොදැනුවත් කම හිංද දාපුව නෙව.. මේ හැම දේම වෙනස් කරල අලුත් ඉන්ටෆේස් එක් එක්ක එන්නං ටික දවසකටඉවසන්න..
      එතකොට අවන්හල පෙනුමෙ තරමටම සරල වේවි

      Delete
  9. මම 2001 ට පස්සෙ වෙසක් එකක් දැක්කේ එක පාරයි.

    ඒක නෙවෙයි මහේෂ්. මොකක්ද මහා බත් දන්සැල කියන එකේ තියෙන වැ‍රැද්ද? ඒකත් පෙන්නලා දුන්නානම්.

    ReplyDelete
    Replies
    1. මේකයි හෙන්රි අය්ය
      මහා කියල කියන්නෙ මොකක් හරි දෙයක් විශාලයි කියල හදුන්වන්න යම් පදයක මුලට දාන විශේෂනයක් නෙ.. සාමාන්‍යයෙන් මහා බත් මහා නූඩ්ලස් සහා කෝපි කීවහම එතන වැරැද්දක් පේන්නෙ නැද්ද..
      මේකයි මහා බත් කියන එක ගන්නකො
      මහා ඒ කියන්නෙ ලොකු බත් දැකල තියනවද... අපි දකින හැමදේම ප්‍රමාණය අනුව නෙ මහා කුඩා කියල කියන්නෙ නේද... එතකොට මහා බත් වුනොත් ඒක බත් කියන දේ පට්ට සයිස් වෙන්න එපෑ...
      දන්සල ලොකුවට පවත්වන හිංද මහා වෙන්න පුලුවං ඒත් ඒ දන්සලේ සදන දේ මහා වෙන්න විදියක් නෑ නෙ.. නේද..
      ඒක හිංදයි මහා බත් දංසැල
      බත් මහා දංසැල විදියට නිවැරදි වෙන්න ඕනය කියන්නෙ

      Delete
  10. හැබෑටම මේ වෙසක්මද කියල තමයි අපිටත් අහන්න තියෙන්නෙ.. වෙසක් එකත් විච්චූරණයක් වෙලා.

    ReplyDelete
    Replies
    1. විච්චූරණ කියන එකටත් වඩා විකාරයක් කියන වචනෙ සැර වුණත් හොදයි කියල හිතෙන්නෙ නැද්ද සංචාරක

      Delete
  11. මහේෂ් ඔබත් මා මෙන් පිටරටක සිටින්නෙක්ද ? 2010 පස්සෙ වෙසක් උළෙලක් දුටුවෙ කියලා තිබුන නිසයි එහෙම ඇහුවෙ....ඔබ කියන කථා දිහා බැලුවාම..ලංකාව යන්නෙ කොතනටද කියලා ලොකු කලකිරීමක් ඇති වෙනවා...තවත් ටික කාලෙකින් ගෑණු ළමයෙක්ට පාරෙ නිදහසේ යන්න බැරි තත්වයක් උදා වෙයි වගේ....වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනාම ඒ කෙරේ තියෙන ජනතා විශ්වාසය බිද වැටෙනවා...නීතිය අකුරට පිළිපදින පොලිස් නිලධාරියෙකුට ඉහළින් බලපෑම් ආවම ඔවුනුත් කලකිරෙනවා...ඒ අනුව මේ ගැටලු වලට යම්තරමකට රට කරවන අයත් සම්බන්ධයි.

    ලංකාවෙ මා ඇතුලු අති මහත් බහුතරය උප්පැන්න සහතිකයේ බෞද්ධ කියා ලියවෙන නිසා නමට බෞද්ධ...නමුත් කීයෙන් කී දෙනාද බුදු දහම අධ්‍යයනය කරලා තමන්ගෙ ජීවිත හැඩගස්වාගන්න උත්සාහ කරන්නෙ. හැම තැනම තියෙන්නෙ ආමිස පූජා...ප්‍රතිපත්ති පූජා කරන්නෙ අතලොස්සයි.

    ReplyDelete
    Replies
    1. පිටරට නං නෙවී ලංකාවෙම තමා ඒත් මං කරන රැකියාවත් එක්ක අපිට නිවාඩ්‍ු නැති තරං..
      අවුරුද්දට වුණත් ගෙදර එන්න හමිබුනොත් ලොකු වාසනාවක්..

      සිරා කියන කතාව ඇත්ත ලංකාව යන තැන නං ඒ තරං හොද වෙන්න බෑ...
      අනාගතේ ලොකු ප්‍රශ්න කන්දක් මේ හිංද ඇති වෙන්න පුලුවං

      Delete
  12. සැබැ වෙසක් සැමරුමක් දකින්න නැති තරම්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත හුගක් අය කැමති විගඩං වලට

      Delete
  13. ඕවා ගැන නම් කතා කරන්න හිතෙන්නේ නැති තරමට එපා වෙලා තියෙන්නේ.වෙසක් උත්සවේ තියන වටිනාකම විනාස කරලා දානවා අද කාලේ

    ReplyDelete
    Replies
    1. ඒ ක ඇත්ත.. හුගක් අය වෙසක් එක බිසිනොස් එකක් කොරගෙන...
      ඒකෙ තියන වටනාකමටත් මිලක් නියම වෙයි දවසක

      Delete
  14. උඹේ මහන්සිය අගය කරමි. පිස්සන්ට ගිය රටක්. මේවාට විද්‍යුත් මාධ්‍යත් හරි හරියට වග කියන්න ඕන. නටලා නටලා මහන්සිවෙන දවසක් එයිද?

    ReplyDelete
    Replies
    1. මං නම් හිතන්නෙ නෑ අරූ අයිය මේ නැටිල්ල ඉවරයක් වෙයි කියල. මොකද නටල මහන්සි වෙන අයට හුලං ගහන්න අය ඕන තරං ඉන්නව. ඒත් වැරදි කියන්න එකෙක් වත් නෑ.
      කවද හරි ලංකාවට ඇත්තටම ආදරේ එකෙක් පාලකය උනොත් හෝ කරගත්තොත් අන්න එදාට අපිට මේවිගඩං දකින්නෙ නැතුව ඉන්න පුලුවන් වෙයි

      Delete
  15. ඔන්න මහේෂ් අයියේ, ඔයා එදා එන්න කිව්වට අදයි මෙහෙට ආවෙ.
    මමත් දැක්ක තරමක් දැක්කේ නීරස පිළිකුල් විකාර ගොඩක් මිසක සැදැහැ සිත වඩවන කිසිවක් දකින්න නැති තරම්.
    වෙසක් බලා ආපසු ගිය ගමන් මමත් වෙසක් ගැන අච්චාරුවේ දැම්මේ ඒ එපා වීම එතරම් දරුණුවටම වැදුණු නිසයි.

    ReplyDelete