Tuesday, May 20, 2014

එන්න සඳ නුඹ පායලා.....


මතක් ඉතිරෙන ජීවිතේ
සබ නුඹ පමණයි සිතේ
සිනා මල් පෙති විසිරුණා
කදුළු වැහි දිය ඉතිරුණා
ඉන්න බෑ තව දුක දරා
එන්න ඔබ කොහෙදෝ ගියා.....

මලක්  සේ මා ජීවිතේ
සුව දුන්නා මිහිරියේ
මලේ පෙති පොඩි කර තියා
මටත් නොකියා නුඹ ගියා
ඉන්න බෑ තව දුක දරා
නටුව විතරක් තනි වෙලා.....

දුක් සුසුම් සුළගේ එතී
මාරුතය මැද වැලපෙමී
හීනයක රස ඉහිරුණී
සතුට නොව දුක ඉතිරුණී
ඉන්න බෑ තව දුක දරා
එන්න ස නුඹ පායලා.....

50 comments:

  1. අමරසිරි පීරිස් මහත්තයට නම් නියම ගීතය, යවලා බලමුද ?

    ReplyDelete
    Replies
    1. ඔයා දන්න කියන කෙනෙක් නං යැව්වට කමක් නෑ අනේ...
      ඇයි අප්ප ඒ තරං හොදද ඈ

      Delete
    2. ඇයි බං කසුන්ට උනත් මේක නරකම නෑ..

      Delete
    3. දිනේෂ් අයියට එහෙම හිතෙනවද...
      හ්ම්.හ්ම්. ස්තුතියි
      ඒත් මොකද මේ පැත්තකිං එල්ලිලා

      Delete
    4. සෑම්
      මක්කෙයි මේ...
      හැක්

      Delete
    5. අමරසිරි උන්නැහේට යවන්න කැමති නම් මට හැකියි එය ඉටුකර දෙන්න...මොකද කියන්නෙ ගොයියො....ඊට කලින් පද රචනාවෙ අඩුපාඩු තියේද කියලා දැනගෙනම දුන්නා නම් හොදයි. ඒකටත් ප්‍රවීන ගීත රචකයො ඉන්නවා සබදතා තියෙන...මොකද කියන්නෙ...

      Delete
    6. එහෙව් යමක් කරල දෙන්න පුලුවං නං සිරා ඇත්තටම ලොකුම ලොකු උදව්වක්...
      ඒත් අමරසිරි පීරිස් මත්මය අපි ලියන ඒවට කැමති වෙයිද..
      මේ සම්බන්ධව යම් දෙයක් කරන්න ඔබට පුලුවං නං පද පේලි ටික ලබා දෙන්න පුලුවං... නැතත් ඔබට මෙයින් කොපි කරගත හැකි... එ් සදහා මගෙන් බාධාවක් නෑ...
      කරදරයක් නෙවේ නම් උත්සාහ කර බලන්න..

      Delete
    7. මම මුලින්ම මගේ අතිජාත හිතවතෙක් වන ස්වාධීන රූපවාහිනී සේවයේ සුරවීර අයියට පද පෙළ පෙන්වන්නම්...සමනළ වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත් කියලා දිවුල්ගනේ ගායක තුමා ගායනා කරන ගීතය ඇතුලු සාර්ථක ගීත කීපයක්ම ඔහු අතින් ලියවෙලා තියෙනවා...ඔහුගෙන් හොදයි කියන වචනය ගන්න අමාරුයි...ඒ සැබැවින්ම හොද දේකට පමණයි ඔහු හොදයි කියන්නෙ...අපි බලමු...මම අනිවාර්යෙන්ම මේ ගීතය යවන්නම්.....

      Delete
    8. බලන්න බලන්න සිරා ඉක්මනින් ම. අමරසිරි පීරිස්ට ම තමා අගේ.

      Delete
    9. ස්තූතියි සිරා මේ කරන උදව් වලට...
      ඇත්තටම මට කියාගන්න වචන නෑ..
      බොහොමත්ම පිං

      Delete
    10. දිලිනි ටත් එහෙම හිතෙනවද...
      මං කීවෙ අමරසිරි පීරිස් මහත්මයාට මේක ගැලපෙයි කියල

      Delete
  2. මහේෂ්,

    හරිම අගේ ඇති ගේය පද රචනාවක් කියලා තමයි අපිට හිතෙන්නෙත්. කවි ලියන එක ගැනනම් අපි එකෙන්ම කැමතියි. කොහොම වුණත් ඔබ හොද කවියෙක් කියලානම් මේකෙන් කියැවෙනවා. අනික විරහව කියන දේ මිනිස්සු පිස්සන් කරන අතර බොහොමයක් කවියනුත් බිහිකරනවා.

    කොහොම වුණත් ලස්සන ගීතයකටනම් නියමයි........... මොකද උත්සහ කරලා බැලුවොත් ....////

    ReplyDelete
    Replies
    1. කොහොම වුණත් ලස්සන ගීතයකටනම් නියමයි........... මොකද උත්සහ කරලා බැලුවොත්///
      කට්ටය මාව අඩවන්න තමා ඔය හදන්නෙ ඈ... ඉදල ඉදල කාලෙකිං කවියක් ලීවෙ අය්යෝ...
      ඒත් ඔයාල හොදා කියල කියනව නං ඇත්තටම හොද ඇති ...
      ස්තූති කුරුටු

      Delete
  3. කවියෙක් කියන්නේ එක්කෝ ජීවිතේ කලකිරුණු මිනිහෙක්ලු...නැත්තම් ප්‍රේමවන්තයෙක්ලු...කවුරු හරි කෙනෙක් ඕන්න ඔහොම කියල තියෙනවලුනේ...දැන් උඹ ඔය දෙකෙන් මොන එකටද අයිති? ;)

    විරහ වේදනාව නිසාමද මන්ද....පද පේලි ටිකට මං කැමතියි... :)

    ReplyDelete
    Replies
    1. හෑ...

      මං මේ ඇහැව්වමයි...
      තාම කළකිරිල නං නෑ අයාල්... ඒත් පේමතෝ ජායතී සෝකෝ...
      ස්තූතී අයාල්

      Delete
  4. බෝමැ දුක හිතෙන කවක්.

    ReplyDelete
    Replies
    1. කවියක් දුක හිතෙන .
      එහෙමද...
      කාලෙකට පස්සෙ නෙව කවියක් ලීවෙ ඉතිං හිතට ආව දේ එහෙම්මම ලීව

      Delete
  5. ඉන්න බෑ තව දුක දරා
    එන්න සඳ නුඹ පායලා.....

    පට්ට බං. සිරාවටම ලස්සනයි. ගීතයකට නම් නියම තමා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියෝ....

      අගය කිරීම සතුටක්

      Delete
  6. අැත්තටම මේකට තනුවක් එහෙම දාල ගනිමුද??

    ලස්සන ගීපද රචනයක්....

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානෙ.....
      බලමු ඉදිරි කාලෙ අවස්තාවක් ආවොත් මොකක් හරි කරන්න... ම්ම්..
      ස්තූතියි

      Delete
  7. ඇත්තටම මේකේ කවියකට වඩා තියෙන්නේ ගීතවත් බවක්. හැමෝම කියනවා වගේ, පොඩ්ඩක් උත්සාහ කරල බැලුවොත් නරකද??

    ReplyDelete
    Replies
    1. අදමයි නේද ආවෙ සාදරයෙන් පිළිගන්නව අවන්හලට... එන්න බලන්න හැමදාම...
      ස්තූතියි ඔබගේ අගය කිරීමට...
      බලමු අනාගතේදි ඒ සම්බන්ධයෙන් යමක් කරන්න

      Delete
  8. කියන්න දෙයක් නෑ රහයි වෙනදා වගේම උඩ ඇයෝ කියනවා වගේ පොඩි තල්ලුවක් මෙකට දලා බලහන් ,

    ReplyDelete
    Replies
    1. බලමු දොඹේ.. එත් මේ ඒකට හරිම වෙලාව නං නෙවී...
      පලමු ඉස්සරහට මොකක් හරි කරන්න...
      ස්තූතියි

      Delete
  9. නියමයි මහේෂ්...
    හොදට රසවින්දා...

    ReplyDelete
  10. Replies
    1. හෑ.....
      අප්පා දේශක තුමා කියනව බේං දුකයි කියල
      හැක්

      Delete
  11. ලස්සණයි මහේෂ්...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි...
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  12. හිරුට හැකිද රෑ ගනදුර දුරලන්න
    සඳ ඉක්මණින් මගෙ ලෝකෙට පායන්න

    නියමයි මහී...ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජානියො.
      මාව දිරිමත් කරනවට

      Delete
  13. පද රචනයනම් විශිෂ්ඨයි මහේෂ්. ඇත්තටම මේක ගීතයක් කරගන්න තිබුනනම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ....
      බලමු ඉස්සරහට මොනා හරි කරගන්න...

      Delete
  14. ලස්සන පද වැල් ටිකක්... ගීතයකට හොඳට ගැලපෙනවා ...

    ReplyDelete
  15. අර කිව්වත් වගේ ගීයකට ලියනවා නම් මේක මරු !!!

    ReplyDelete
    Replies
    1. අමරසිරි පීරිස්ට යවලා බලමු ද ?

      Delete
    2. ස්තූතියි මධු අය්යෙ...
      බලමු නේ.... පුලුවං කමක් තිබ්බොත් අනිවා මං කරනව...
      ස්තූතියි

      Delete
  16. ඉඳහං රෑට පායලා එනකල්. මොකක්ද මේ කවදාවත් නැති කලබලේ?
    -සඳ-

    ReplyDelete
    Replies
    1. දන්නැද්ද හෙන්රි අය්ය ඉතිං අපිටත් ඉදල හිටල කාපු බූට් මතක් වෙනව නෙව

      Delete
  17. ලස්සනයි සහෝ....... අපූරු සිතුවිල්ල...ලස්සන පද වැල්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොමි....
      ස්තූතියි අගය කලාට

      Delete
  18. ඇයි බන් ආදරය බැලූ බැලූ අත දුකෙන්ම කෙළවර වෙන්නෙ...ඒ දුක අපට මේ තරම් දැනෙන්නෙ...ආදරයේ රස විදින උනුත් ආදරයේ දුක ගැන ලියවෙන කවි සින්දු අහන්න රසවිදින්න කැමති....දුක කියන්නෙ රසයක්ම පමණද...මට උත්තර නෑ බං මේවට....

    ReplyDelete
    Replies
    1. උත්තරයක් නැති පුශ්නයක් සිරා අහන්නෙ...
      අනේ මංද...ආසියාතිකයනි වැඩිපුරම කැමති හිස්ටීරියාවට... ඒකයි දුකට මේ කරං ලොල් වෙන්නෙ..
      දුක කියන්නෙත් ආදරය කියන පැක් එක ඇතුලෙ තියෙන විදීම් ලයිස්තුවෙන් එකක් නෙව

      Delete
    2. /////දුක කියන්නෙත් ආදරය කියන පැක් එක ඇතුලෙ තියෙන විදීම් ලයිස්තුවෙන් එකක් නෙව/////

      ඒ විඳීමත් යම්තාක් දුරට රසයක් කරගන්න පුළුවන්.

      Delete
    3. ඒ විදීම නොවැ මේ කවි වෙලා එළියට පනින්නෙ....
      නැද්ද මංඅහන්නෙ...
      දුකත් රසයක් .... නැතිනම් අපේ රටවල් වල විරහවට මේ තරං ඉල්ලුමක් තියේවියැ

      Delete
  19. මොකද මහේෂ්.....දුකට කියන කවි....
    රසවත් කවි පෙළක්.

    ReplyDelete
    Replies
    1. අරූ අය්යය මේකනෙ කතාව...
      අපි ඉතිං ලව් කලා ඉලව් වුණා දැං කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන බූට් එකේ රසය විදිනව...
      ස්තූතියි අරූ අය්ය

      Delete