Thursday, November 27, 2014

නික්ම යයි ජීවිතය...


විසල් ෆර් ගසෙක
පත් සෙළවෙනු දුටිමි
සුළගට පාව විත්
බිම සිපගන්න 
මොහොතකට පෙරාතුව....
නොසිතුවෙමි එවිට වුව
මරණය නිත් බැව්
නුඹේ වියපත් සිරුර
ඉදුණ ෆර් පතක් මෙන්
දුබලව වැනෙන තුරුම.....

61 comments:

  1. Replies
    1. ලයික් එක ලයික් කොලා මං නං

      Delete
  2. සබ්බේ සංඛාරා අනිච්චාති
    පින්තූරෙ එන්නැතෝ....

    ReplyDelete
    Replies
    1. පිංතූරෙ නැතත් කවිය රස වින්ද නෙව ඒ මදෑ

      Delete
  3. දවසක සියලු දේ විනාස වෙනවා බං.

    ReplyDelete
    Replies
    1. මං කැමතී ඒ හැම දේම විනාස වෙන දවසට විනාස නොවී ඉන්න

      Delete
  4. //නුඹේ වියපත් සිරුර
    ඉදුණ ෆර් පතක් මෙන්//
    ඉදුණු ෆර් පත් ගැන කවර කතාද බොහෝම ජව සම්ම්පන්න තරුණ පත්‍රත් නොසිතූ ලෙස කඩා වැටෙනකොට..
    ඕස්ට්‍රේලියානු යොවුන් පිතිකරු ෆිල් හ්‍යුස් ගේ අකල් මරණයෙන් කම්පිතව ඉන්න වෙලාවේ කියවන්න ලැබුණේ.. මං ජාතී ආගම් නැති ක්‍රිකට් ලෝලියෙක් නිසා කණගාටුව ඕස්ට්‍රේලියානුවෙකුට වගේමයි..

    ReplyDelete
    Replies
    1. මං ජාතී ආගම් නැති ක්‍රිකට් ලෝලියෙක් නිසා කණගාටුව ඕස්ට්‍රේලියානුවෙකුට වගේමයි///
      කිරිකොට් නෙවී මොන දේටත් ජාති ආගම් ඉස්සර කරගන්ට හොද නෑ ආයිබංඩ

      Delete
  5. ඒක සුපිරි

    ReplyDelete
  6. යකෝ අපේ කඳු නීතීඥ තුමියව මතක් උනා. සුපිරියි ඈ..

    ReplyDelete
    Replies
    1. අපෝ බලාගන උඹ අපහාස කලා කියල නඩු දායි ඈ...
      අපිට ඒ තරං ලං වන්න වත් කොහෙද බං..
      ස්තූතියිඅගය කලාට

      Delete
  7. සියල්ල අනිත්‍යය.. !
    ඒක නෙමේ මලයා... මොනවද ෆර් පත් කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. යකෝ ෆර් දන්නැද්ද? චෑ චෑ චෑ.... අර ෆර් බං.....

      Delete
    2. Fir tree කියලා ගහලා බලන්න.

      Delete
    3. උත්තරේ අරූ අය්ය දීල තියෙන්නෙ

      Delete
  8. කා ගැනද මේ කියන්නේ. කවුරු වුනත් වැඩිහිටියෙක් හරිය?
    ඔවුන් මියයන තුරු දැන්ම මිය නොයාවි කියා සිතන එකද?
    විහිලු කරන්න බයයි බං. මේක උඹට සංවේදි සිද්ධියක්ද නොදැන.

    ReplyDelete
    Replies
    1. මේක හිතලුවක් විතරයි
      මොහබ්බතින් පිලුම බලල තියේද ඒක ආයෙත් බැලුව ඊට පස්සෙ මට හිතුණ දෙයක්
      එච්චරයි

      Delete
  9. කයිය නම් අමුතු රහක් තියේ... එත් මොනාද අර ෆර් ??

    ReplyDelete
    Replies
    1. අරූ අය්ය උත්තරේ දීල තියෙන්නෙ ලස්සනට හිහි ඒකයි විසිටරයට මං දාපු රිප්ලයි එකයි බලන්ටකො
      ස්තූතියි දිලිනියො

      Delete
  10. වෙන ගස් වලත් කොළ හැලෙනවා නේ..
    මොකො ෆර් පතක්ම මතක් උනේ... හික්ස්

    ReplyDelete
    Replies
    1. ෙමාහබ්බතින් ආයෙ බැලුව ඒකයි
      පීලිං සැජ්ජයි

      Delete
  11. ලස්සනයි .කතාවක් කියවන්න ආවෙ .එත් අවුලක් නෑ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කතාවක් ලියන්න ඕක වෙලාව හිගයි
      ස්තූතියි සහෝදර

      Delete
  12. කවුදෝ ඇවිත් ඒ ඉදුණ ෆර් පත්‍රය ඇහිඳගෙන , මතක් වෙන්න තියාගන්න, පරිස්සමට මතක පොත අස්සෙ තැන්පත් කලාලු ....

    ReplyDelete
    Replies
    1. හප්පත සිලි

      Delete
    2. සුවර් එකටම ෆර් කියන්නෙ අක්කපාන!

      Delete
    3. ^ මේඩ් මයි ඩේ :D

      Delete
    4. හංසියෙ ඒ මතකයක් පාවෙලා ඇවිත් මගෙ බ්ලොග් එකේ එල්ලුනලු හිහි

      දිලිනි ඇයි අලේ.............

      උමට සුවර්ද බං විසිටරයො.

      මක්ක කීව අසාන් කොලුවො

      Delete
    5. ඇයි යකෝ අර හංසි කියන්නෙ පොතක් ඇතුලෙ දැම්ම කියල. පොත් ඇතුලෙ දාන්නෙ අක්කපාන නෙ.
      අෂාන් කිව්වෙ මං කියපු එකට.

      Delete
    6. හිකිස් ඒකත් එහෙමද එතකොට
      හාකො හාකො

      Delete
  13. ලස්සනයි .කතාවක් කියවන්න ආවෙ .එත් අවුලක් නෑ
    ජයවේවා
    සහෝදරව කොපි පේස්ට් කරා.

    ReplyDelete
    Replies
    1. හී
      එහෙම වත් කියමු හිහි

      Delete
  14. කවුරුත් හිතන්නෙ නෑ මහේශ්... වියපත් වෙන්නම ඕනෙත් නෑ... නික්ම යන්න

    ReplyDelete
    Replies
    1. වියපත් නොවී නික්ම යන එක නං දුකක්
      ඒ ගැන කතා නොකර ඉම්මු

      Delete
  15. "සබ්බේ සන්ඛාරා......."ඉතුරු ටික දන්නේ නෑ මචෝ.
    කවියනම් ලස්සනයි.මාත් ෆර් ගැන දැන ගත්තේ අපේ "කඳු" මැඩම්ගෙන්.මම හිතන් හිටියේ ෆර් ගස් තියෙන්නේ උසාවි අයිනේ කියල.දැන් තමයි දන්නේ "අවන්හල්" වලත් තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. මම හිතන් හිටියේ ෆර් ගස් තියෙන්නේ උසාවි අයිනේ කියල.දැන් තමයි දන්නේ "අවන්හල්" වලත් තියනවා කියලා.///
      හිහි
      හැම තැනම හැම තැනම
      හිහි

      Delete
  16. හ්ම්ම්...වෙනස්

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර
      ස්තූතියි

      Delete
  17. නියමයි අයියෙ.. නිමිත්ත නොදනිමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ
      නිමිත්ත උඩ කියා ඇත
      අමනාප නොවී බලන්ට

      Delete
  18. ඒක තමයි සත්‍යය කියලා බුදුහාමුදුරුවොත් කිව්වේ මහේෂ්....................

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒත් ඒව පිළිපදින්නම අමාරුයි කුරුටු

      Delete
  19. ඇත්ත කටුකයි. මුහුණ දිය යුතුමයි. ඒකට කලෙයක් තැනක් කිසිම දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඇත්ත දිනිති අක්ක

      Delete
  20. පද පේලි කීපයක් උනත් හිතට තදින් දැනුනා..

    ReplyDelete
    Replies
    1. කවි පෙළ වින්ද නම් සතුටක්...

      Delete
  21. අයියේ ෆර් ගස් කියන්නේ මොනාද?
    ඒක නොතේරුනාට ලොකු තේරුමක් තේරුනා පද ටික ඇතුලේ....ලස්සනයි අයියේ...

    ReplyDelete
    Replies
    1. මචෝ අර අරූ අය්ය කියල තියෙනව වගේ ෆර් ට්‍රී කියල ගූගල් සර්ච් කරාන්කො
      බොලාට එතනිංම බලාගත්තැකි
      ස්තූතියි මලේ

      Delete