Wednesday, October 20, 2021

අපේ සිංදු කීම හා රැකෝඩ් බාර් පිස්සුව

        



    මා කුඩා කල ගෙදර තිබුණේ  පැනසොනික් වර්ගයේ රේඩියෝවකි. පෙර සටහනක කී පරිදි එකළ ටීවී මෙන්ම රේඩියෝ ද පණ ගැන්වුණේ එක්සයිඩ් හෝ ලූකස් වර්ගයේ බැටරියකිනි. අවැසිනම් පිටුපස වූ පියනක් ඉවත් කර ටෝච් බැටරි ඔබා හෝ එය පණගැන්වීම කළ හැකි විය. ගෙදර කවුරුත් නැතිනම් විනා ඒ රේඩියෝ අඩු ශබ්දයකින් ක්‍රියා නොකළ තරම්ය.  එයිනුත් මුල් කාලයෙහි ජාතික ගුවන් විදුලි යේ සේවාවන් හෝ සිරස වැනි ගුවන් විදුලි නාලිකා කිහිපයක් පමණක් විකාශය වූ අතර පසුව හිරු ගුවන් විදුලියද තරු එෆ් එම් ආදී වූ නාලිකා ද පැමිණි වග මතක මුත් පිළිවෙලින් මුලින්ම ආවේ සිරස වග විනා අනිත් නාලිකා සම්බන්ධ ලොකු මතකයක් නැත. ශ්‍රී එෆ් එම් ආවේද ඔය කිට්ටුව බව මතක වුවද ඊට පෙර තවත් අද නෑසෙන පෞද්ගලික නාලිකා කිහිපයක් නව සහශ්‍රය ආරම්භය ට පෙර තිබුණා මතකය. එහෙත් මේ කතාව ඒ ගැනම නොවේ.

        මගේ සිංදු ඇසීම, රැකෝඩ් කිරීම හා  රේඩිවෙකේ යන සිංදු පොතක ලියා ගැනීම වැනි හපන්කම් මෝඩකම් හා ගොන්කම් කිහිපයක් ගැනය. මා කලින් කියූ ලෙසට ගෙදර තිබු‍ණේ පැනසොනික් වර්ගයේ රේඩියෝවකි. දෙපැත්තේ අඟල් අටේ පමණ බෆල් පෙට්ටි දෙකක් වූ අතර මැද කොටසේ රේඩියෝවද  කැසට් පීස් ධාවකය ද  තිබුණි. මා කුඩාම කල ගෙදරට කැසට් පීස් ගෙනාවේ අම්මාගේ බාලම මල්ලී චූටි මාමාය. ජයසිකුරු මෙහෙයුමෙන් ජීවිතක්ෂයට පත් වන විට වැඩි වයසක නොසිටි ඔහු නිවාඩු එන්නේ මා සොයාගෙන බව අදද ඉඳ හිටක ඔහු ගැන මතකය අවදි කරන විට සැම දෙනාම කියන්නකි. එහෙත් මාමා ගේන කැසට් පීස් වල වැඩි අයිතිය තිබුණේ ලොකු අක්කාටය. ඈ සතුව මාමාගේ කැසට් පීස් තොගයක් තිබූ බව මතක‍යේ ඇත. මාමාගේ මරණයෙන් පසු මා වඩාත්ම ප්‍රිය කළ ඔහුගේ සෝනි වෝක්මන් උපකරණයද හිමි වූයේ ඇයට බව මතකය.

තිබුණේ මේ වාගෙම රේඩිවෙකකි

        මා අට වසරට හෝ නමය වසරට එනතෙක් බ්ලෑන්ක් කැසට්ස් ඇති බවක් හෝ ගෙදර ඇති රේඩියෝවෙන් සිංදු රැකෝඩ් කළ හැකි බව මා නොදැන සිටියෙමි. ඉස්සෙල්ලාම ඉස්කෝලෙට පටිගත කළ කැසට් පීස් එකක් ගෙනාවේ අරුණය. එදා ඔහුගෙන් ඉල්ලාගෙන ගොස් ඔහු විසින් රැකෝඩ් කල සිංදු ඇසූ මටද රැකෝඩිං උණ වැළදුණි. අද ජීවතුන් අතර නැති ඔහු හා බද්ධ මතකයන් බොහෝ ය.

        ඒ දවස් වල පොල්ගහවෙල උඩහ ටවුමට රැකෝඩ් බාර් තිබුණේ එකකි. ඒ හැරෙන්නට අලුත් කැසට් පීස් විකිණුවේ දුටුගැමුණු හංදියේ සමඟි එකේ සහ ඉස්කෝලය ළඟම ජයන්ති එකේ දමිත් අයියාය. පසුකාලයේ අලුතින් එන කැසට් එකක් නෑර ගන්නට වූ නිසා දමිත් අයියා මා හා බොහෝ හිතවත් විය. ඒ දවස් වල අලුතෙන් එන කැසට් පටි ඉඳහිටක  ගත්තා විනා රැකෝඩ් කිරීමක් ගැන දැන නොසිටි මට හදිසියේ දැනගන්නට යෙදුණ ඒ අපූර්ව තොරතුර නව ලොවකට පාර කීමක් බඳු විය.

        මුල්ම දවස් වල අප කැසට් පීස් වලටත් වර්ග ඇති බව නොදැන සිටියෙමු. ඒ අප කඩෙන් මිලදී ගන්නා අමුතු නැවුම් ප්ලාස්ටික් සුවඳ ඇති පීස් වල කැසට් එකේ නම සහ ගායකයාගේ නමට අමතරව තිබුනේ නිශ්පාදිත ආයතනය සහ බොහෝ විට වාදක කණ්ඩායමේ නම පමණක් වීම නිසා සහ අපගේ අවධානය යොමු වූයේ ඊට පමණක් නිසා බව සිතමි. එහෙත් කල් යන විට කැසට් පීස් වලට විවිධ වර්ග සේම ධාවන කාලය අනුව ප්‍රමාණයන්ද ඇති වග දැනගත්තත් අපට වැදගත් වූයේ රේඩිවෙකේ යන සිංදු පටිගතකොට බැලීම හෝ අපේ කටහඬ පටිගත කර බැලීම ගැන පමණකි.


        අප වැඩියෙන්ම උනන්දු වූයේ සී 90 ප්‍රමාණයේ කැසට් පීස් සොයාගන්නටය. අලුතෙන් එන සිංදු කැසට් එකක් ගන්නටත් අමාරුවෙන් මුදල් එකතු කළ මට බ්ලෑන්ක් කැසට් පීස් එක්කට මුදල් වියදම් කරන්නට ලෝබ සිතුණි. එබැවින් දන්නා හදුනන අයගෙන්ද පාසලේ සමහර මිතුරන්ගෙන්ද පරණ කැසට් පීස් සොයා වෙහෙසුණෙමි. සමහර විට ලැබුණේ සී 40 වර්ගයේ කැසට් පීස් ය. කලාතුරකින් සී 90 ද ඉඳ හිටක සී 70 හෝ සී 60 ද ලැබුණි. මෙසේ ලැබෙන සමහර කැසට් පීස් වල නැවත රැකෝඩිං අපහසුය. කැසට් පටිය පරණ වීම නිසා හෝ භාවිතයට නොගෙන පැත්තකට දමා තිබීම නිසා හෝ ඒ කාරණා දෙකම නිසා හෝ විය හැක, හඬ පටිගත වන චුම්භක ක්ෂේත්‍රය කුඩුවී ගැල වී යයි. එවිට එයින් ගන්නා එකම ප්‍රයෝජනය වන්නේ ප්ලාස්ටික් ආවරණයෙන් ඉවතට ගන්නා දුඹුරු පැහැ පටිය ගලක ගැට ගසා පොල් ගස් වලට එල්ල කොට වෙර යොදා විසි කිරීමය. එවිට පොල් ගස් දෙක තුනක් උඩිං ගිය විට එක කොණක් එක් ගසකද අනෙක තවත් ගසකද පැටලේ. එවිට සුළං හමන වෙලාවට  හූඌඌඌම්  හඬක් නැ‍ඟේ.

c-90 ප්‍රමාණයේ කැසට් පටයක්

        එසේ සෙ‍ායාගන්නා කැසට් පටි ගෙදර ගෙනවිත්  කැසට් පට ධාවකයට දමා රේඩිවෙකේ  කැමති සිංදුවක් යනතෙක් කල් මරමි. බොහෝ විට වාදනය අසා හුරුපුරුදු නම් හෝ නිවේදකයා සිංදුවේ නම කියා අවසන්ව වාදනය පටං ගන්නා විටම රැකෝඩිං බටනය ඔබන්නෙමි. නැවත සිංදුව අවසන් වන විටම රේඩිවෙක නවතා පටයට මදක් ඉදිරියට ඇදෙන්නට දී රැකෝඩිනය නවතා දමා නැවත රේඩියෝම දමා බලා සිටිමි. නැවත එයම කරමි. මෙසේ කිහිප වරක් කරන විට එක පැත්තක රැකෝඩ් විය යුතු උපරිම සිංදු ප්‍රමාණය රැකෝඩ් වී අවසන්ය. සමහර විට නැවත ධාවනය කර බලන විට බොහෝ විට අවසාන සිංදුවේ කොටසක් නැත. අනතුරුව කැසට් පටයේ අනෙක් පැත්තද දමා එම ක්‍රියාවලියම සිදු කරමි. හිරු එෆ් එම් එකෙන් රැකෝඩ් කළ ඒවා ධාවනය වන විට සිංදුව මැදිං හිරු එෆ් එම් යැයි මහ හඬින් කියයි. ෂා එෆ් එම් එකෙන් රැකෝඩ් කළ විටද එසේය. බොහෝ විට රේඩිවෙක අසල නැති වෙලාවක කැමති සිංදුවක් විකාශය වන්නේ නම් ගෙදර ඇති බඩු මුට්ටු පවා පෙරලාගෙන ගොස් රැකෝඩ් කරා මතකය. මේ විකාරය නිසා කී වතාවක් හනසු පාර කෑවාද යන්න මතක නැතත් එක කැසට් පට‍යක්ම අවසන් වන තෙක් බැණුම් කන්දරාවක් රැකෝඩ් වී තිබුණේ අම්මා රේඩිවෙක වැහුවාට රැකෝඩිං වීම නවත්තන්නට නොදැන සිටි නිසාය. එහෙත් ඒ කිසිවකින් අප කළ කී දේ නැවතුනේ හෝ අප කළ ක්‍රියාවේ වටිනාකමෙහි අඩුවක් හෝ අපට නොදැනුණි. මා ‍රැකෝඩ් කරන එක පසුදා අරුණටද අරුණ ගේ එක මා හටද ලබා‍ගෙන අපගේ රැකෝඩිං වල ප්‍රගතිය බලන්නෙමු. මෙලෙස කීපවාරයක් එකම කැසට් පීස් එකේ රැකෝඩ් කල විට එහි තත්වය බාල වේ. අවසානයේදී හඬ පටිගත නොවෙන විට පෙර කී ලෙස ප්ලාස්ටික් ආවරණයෙන් පටිය ඉවත් කර පොල් ගස් මතින් යවන්නෙමි. එකල ගේ අසල පොල් ගස් සෑම එක්කම පාහේ කැසට් පීස් පටියකින් එල්ලෙන ගලක් දක්නට තිබුණි.

        අප මේවායේ රැකෝඩ් කලේ රේඩිවෙකේ ඇසෙන සිංදු පමණක් නොවේ. අප කියන සිංදුද රටේ නැති කුණුහරුපද රැකෝඩිං බටනය ඔබා රැකෝඩ් කලෙමි. එහෙත් රේඩිවෙක අස්සටම ගොස් මහ හඬින් කෑ ගසා කී මෙන් පමණක් යම් පැහැදිලි තාවයකින් යුතුව ‍රැකෝඩි වීමද අහල පහල ඇසෙන සෑම ශබ්දයක්ම රැකෝඩ් වීමද නිසා ඒ ක්‍රියාවලිය අත්හැර දැමුවෙමි. එහෙත් ආසන්නම හේතුව වූයේ ගුණසිංහ මාමාගේ කුණුහරුප සජ්ජායනාව කිසිදු හිරිකිතයකින් තොරවම රේඩිවෙක විසින්ම  රැකෝඩ් කිරීමත් එය තාත්තාට අසන්නට සැලැස්වීමත් යන කුමන්ත්‍රණය  නිසා බව මතක ඇත.

        අපේ සිංදු පොත් හැදිල්ලද ඔයිට වෙනස් නැති බව මගේ මතකයයි. මුල් කාලයේ රේඩිවෙකේ යන සිංදු කටු අකුරින් හැකිතාක් වේගයෙන් ලියා ගන්නෙමු. බොහෝවිට මේව‍ාගේ මැදින් කොටස් නැත. නැවත ඒ සිංදුව ඇසෙන තෙක් දවස් ගණනාවක් සිටිය යුතුය. එසේ සිට ලියාගන්නා සිංදුවල නිවැරදි තාවය බැලීමට තවත් දවස් ගාණක් සිටිය යුතුය. සමහරක් විට සිංදුව ඇහෙන්නේම වැරදියට‍ය. එවිට ලියැවෙන්නේ වෙනම අබුංගාතය. පස්සෙං පහු සිංදු වල වචන වෙනස් කර කුණුහරුප සිංදු හැදුවේද මේ වචන වෙනස් වී ඇසීම නිසා වෙන්ඩෝනෑය. එහෙම නැතිව මල් වගේ හිත් තිබූ ළමයින් අන් කෙලෙස නරක් වෙන්නද..? එහෙත් අපේ රැකෝඩ් බාර් වැඩේ පටං ගත් විට එය වඩාත් පහසු විය. අවශ්‍ය සිංදුව රේඩිවෙකේ යන විට රැකෝඩ් කරගෙන නැවත ධාවනය කරමින් සිංදුව ලියා ගන්නෙමු. සිංදුව මදක් ධාවනය වන්නට ඉඩදී පිවුස් බටනය (පෝස් බටනයට එකල අපි කියුවේ එලෙසය) අදාල කොටස ලියාගන්නා අප නැවත නැවත එම ක්‍රියාවලිය කරමින් සිංදුව ලියා අවසාන කරන්නෙමු. එකළ සංගීත උණ පිස්සුව තදටම තිබූ අප අතර අතින් ලියූ  විසාල සිංදු පොත් තිබුණි. එහෙත් පඩ ෂෝ එකට ළඟ තියාගත්තා මිස ඒවායින් වැඩක් ගත් බවක් මතකයේ නැත. ඊටත් නිතරම ඇසීමෙන්ද කීමෙන් ද කටපාඩම් වූ නිසා සිංදු පොත් වල පිහිටක් අවශ්‍ය වී නම් ඒ කලාතුරකිනි.

        ඉන් පසුව ඕඩියෝ සීඩී යුගය පැමිණි අතර කැසට් පීස් වල වටිනාකම ක්‍රමයෙන් අහෝසි වන්නට විය. කෙමෙන් කෙමෙන් ගෙවල් වල ඉතිරිව තිබූ කැසට් පීස් වල පටි කුඹුරු අස්සද්දන කාලයට පැල තවාන් උඩින් ඇදෙන්නට වූයෙන් මතක සටහනක් ලෙස තබා ගන්නට තරම් වත් කැසට් පීස් එකක් ඉතිරි නෙ‍ාවීය. මා සතුව තිබූ අවසන් කැසට් පටය චන්දන ලියනාරච්චි මහතාගේ ලියතඹරා මල වූ අතර කාමරය අස් කරන අවස්ථාවක අනෙකුත් අවශේෂ හා එළියේ දමා තිබූ එයට පුංචි පාතාලයේ මැර ප්‍රහාරයකට ලක් වන්නට සිදු වූයෙන් මතක සටහනක් ලෙස හෝ ඉතිරිව තිබූ අවසන් කැසට් පටයද මා හට අහිමි විය.

ලියතඹරා මල කැසට්ටුවේ සීඩී කවරය


මෙහි ඇති සියළුම ඡායාරූප අන්තර්ජාලය මඟින් සොයාගත් ඒවාය. එම ඡායාරූප වල හිමිකම ඒ ඡායාරූප වල අයිතිකරුවන්ටය. 

 

58 comments:

  1. මේකත් අර බැස්ටි පෝස්ට් එක වගේ නැගලා යන පාටයි. උදේට, ඇහැරුනාම එන්නම්.👌🙏😊

    ReplyDelete
    Replies
    1. තාම නෑ වගේ.. 😃😃😃 ඒනං ඇහැරල එන්ට. ජයි හෝ 😃😃

      Delete
    2. බැලුවා. මෙන්න මෙහෙම ලියහං, උක්කුං පුතේ. අපි දෙඤ්ඤං කමෙන්ට් දොඹෙන්. ආය එන්නම්, වල් ටුවර් එකක් දාගෙනම වටේ ගිහින්. 😊🙏👌

      Delete
    3. පුලුවන් විදිහකට ලියනව කියල දන්නව නොවැ. 😃😃😃 එන්ට එන්ට. ඕන වෙලාවක ඔය බසු බොක්සර ප්‍රජාව පිළිගන්නව කියල දන්නව නෙව 😃😃

      Delete
  2. මේ ලඟකදී අපේ නෝනලයි ගෙදර පරණ බඩු කාමරයක් කඩලා ඇස කරද්දී 'කැටස් පීස්' බර තොගයක් හම්බුනා.. 5S ක්‍රමේට ඒවා විසි කරන්නම ඕනි උනත් මම ඒ ටික අන්තිමට විසිකරන්න තියාගෙන විසිකරන්න කලින් ෆොටෝ දෙක තුනකුත් ගත්තා.. කොහොම විසිකරන්නද එහෙම ලේසියෙන් පරණ මතක.. අනික උඩින්ම තිබ්බේ නිරෝෂා විරාජිනිගේ කැසට් එකක්.. අළුපාට හැන්දෑව ද කොහෙද.. ඉතින් බලපං.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. නිරෝෂගෙ කැසට් බර තොගයක් තිබ්බ. ආාය බස් අජිත් ගෙ. ප්‍රින්ස් ගෙ. අතුල ශ්‍රී ගෙ නාමල් ගෙ හම්මෝ.. අතුල ලොක්ක යි චන්දන බොසයි තමා ඒ දාස්සොල ෆේවරිට්. 😃😃😃 ඔය අලුපාට හැන්දෑව ආව දවස් වලම ගත්ත එකක්. මට ඒකෙන් ඒ දවස් වල සින්දු කීපයයි සෙට් වුණේ. මොකද අර්ථ රසයට වඩා ශබ්ද රසය නේ එක. පස්සෙ තමා ටික ටික නැඟල ගියෙ 😃😃😃

      Delete
    2. බස් අජියගෙ සිංදු හොඳද? එයා සිංදු කිව්වෙ බස් වල විතරද? අර අනිත් අජිය "පාර්ලිමේන්තුවට බල්ලො බුරනවා" කියපු හාදයගෙ නං සිංදු හොඳා.ඔය කාලෙ වෙනකොට, රට බල්ලට ගියා, බල්ලො රට ගියා.🤔

      Delete
    3. ඔය බස්අජිත් කතාව කොල්ලො හැදුව එකක් නෙ. හේතුව තමා හුගක් බස් වල අජිත් මුතුකුමාරණ ගෙ කැසට් පීස්ම දාපු එක 😃😃😃 අනික අලියෙට්ට හයියෙන් පඩයක් ගියත් හින්දි මෙලඩියකට සිංදුවක් කියන ජාතියෙ පොරක් වුණා අන්තිමට 😂😂😂

      හැබැයි පොරගෙ මුල් කාලෙ සිංදු පීස් පට්ටයි.
      අදරයක කඳුළු අහල අහලම ඒකෙ පටියෙ ට්‍රැක් අවුල් ගියා 😃😃

      https://youtu.be/sDuFElL6qPc
      ඔය තියෙන්නෙ ෆුල් ඇල්බම් එක. ලලිත් වසන්ත ලොක්ක ඒ දවස් වල විරහ ගීත වල රජ්ජුරුවෝ. අජ්ජ නැගල ගියෙත් ලලිත් ලොක්ක හින්ද වෙන්නෝන.

      Delete
  3. අප්පේ රේඩියෝ කතා... ජීවිතේ වින්ඳ අවසන් දරු පරපුර අපි කියල වෙලාවකට හිතෙනවා මහේෂ්. ඒ තරන් දැන් දරුවන්ගෙ ජීවිත වෙනස් වෙලා. බොහෝ අයට අපිට වගේ සුන්දර ළමා කාලයක් නෑ.

    ඔය කරා වගේ මාත් ඒ දවස්වල සින්දු රෙකෝඩ් කරා අද වගේ මතකයි. ඒවානම් හරිම සුන්දර මතක.....

    ReplyDelete
    Replies
    1. රෙකෝඩ් කරනවට වඩා ආතල් වැඩක් තිබ්බ. පටි පැටලුනාම 😂😂😂 පෑනක් දාල කොයි තරං කියල කරකවන්නද.
      අම්මෝ.. ඒමත් කාලයක් නමී. ආතල් ඈ

      Delete
    2. හුම් හුම්ම්ම් 😃

      Delete
  4. +++++++++++++++++++++++++++
    මහේෂ්ගෙ හොදම පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා තුමා..
      හැබඅයි මේ කමෙන්ට් එක ගැන එකේක ඒව හිතෙනව දැං. 😃😃😃

      Delete
    2. මමත් මේක ස්ථීර කරනවා. කොකා සංගමේ සබාපති, තුන්පත් නයා මහත්තයාගෙ අනුමැතිය ආවාම, අපි මේක හැන්සාඩ් ගතකරනවා.

      Delete
    3. අනුමැතිය අනුමත කරමි.

      -னයා-
      සභාපති කො.කා.ස.

      Delete
    4. හිතෙන ඒවා ලියන්න MRතුමා

      Delete
    5. හැන්සාඩ් කරමු හේනං... 😃😃😃

      @ ප්‍රා හිතෙන හැම දේම ලියන්ට හොඳ නෑ නෙවැ 😃😃😃 ඒම ලියන්නත් දෙයක් තියෙන්ටෙපැයි තිං 😌😌😌

      Delete
    6. හ්ම්...බලමු
      බැස්ටි...ලිව්වා
      රේඩියෝ....තට්ට සෑර් ලිව්වා
      කැස්ට්......ඒකත් හරි

      B & W TV .....ඇන්ටෙනාව දොරකඩ කොස්ගසේ ඇටවීම සමඟ
      VHS............
      ඩයල් අප් මොඩම් ඉන්ටනෙට්..ක්..රීන්, කු...රුං....ඤැහ්,ඥුහ්,ඤැහ්

      Delete
    7. B&W වල පොඩියක් බැස්ටි පෝස්ට් එකේ තියෙයි. පුල් එකක් ලියන්න ගියොත් ආතල් කෝටියක් තියෙයි මෙතන. 😂😂😂
      VHS ලියනව නං තව ඒව ලියන්න ඕන. ඒ මොනවද කියල අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ. 😂😂😂

      බසු ලියමුකො ඩයලප් මොඩම් 95 එක්ක කතා ටිකක්. මම පටං ගන්නෙම xp හෝ 2000 වලින්. නමුත් මගෙම කියල යන්නෙ හතේ පුතයි දර්ශනයයි එක්ක. ළඟක් වෙනකං හතේ පුතා එක්ක දීග කෑව. දැං එකෙළෙහට යන්ට හදනව. බෑලු 😂😂😂

      Delete
    8. අපිනං ඩෑල්අප් මොඩම් එක්ක වැඩකරේ ජනේල 98 දි. 95 තිබ්බ කාලෙ මේ පැත්තෙ ඉන්ටනෙට් ජනප්‍රිය වෙලා තිබ්බෙ නෑ.

      Delete
    9. වින්ඩෝස් 11ට තවම, නොගිහින් ඉන්න එකම තමා හොඳ. වින්ඩෝස් 11 තාම,හරිහැටි ස්ථාවර නෑ. මම මල්ටි-බූට් විදිහට දාගත්තට, පාවිච්චි කරන්නෙ වින්ඩෝස් 10.

      මේ කතා හැමෝටම රසට ලියන්න බෑ. B & W TV සහ ගස් මුදුනේ ඇන්ටෙනා ආතල් ලියන්න හොඳම, ඇන්ටෙනා හදපු, කො.කා.ස. සභාපතිතුමා. නැත්නම් යාං හෑල්ලේ සුරංග. කොහෙද, දෙන්නම ලියන්නෙ නෑ නෙව?

      Delete
    10. හා, ඔය කියන්නෙ? ඩෑල්අප් මොඩම් කියන්නෙ, ඉන්ටනෙට් එකේ මුල් අවදිය. සිංහල අකුරු, වීඩියෝ තියා ගූගල්වත් තිබ්බෙ නෑ. මේල් බලන එක, වෙනමම කෝස් එකක්. මතක විදිහට මේල් ක්ලයන්ට් ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා සෙටප් කරන්න ඕනෙ( වෙනම ප්‍රොටෝකෝල් එකක්). තව තිබ්බා BBS- බුලටින් බෝඩ් කියල ජාතියක්. එව්වා වල නං (කැහ්,කැහ්..) පිංතූරත් තිබ්බා.🤣🤔😂

      Delete
    11. ඩෑලප් මොඩං නං යූස් කල්ල නෑ හිටං 😃😃 අපිට කොයින්ද ඒ දාස්සොල පූසො මාළු 😃

      ඔය කියන ඒව දැකල තිබ්බට යූස් කරල අත්දැකීම් නෑ නෙව
      ඔය සුරංගයගෙ මං ළඟ තියන නම්බරෙත් වැඩ නෑ කියාන්කො. නැත්තං මං අමතල මෙලාකට


      බසූ. ඉන්න ගමං අර මං කිව්ව ජාත්යෙ එකක් ලියාං ඕං ඈ 😏😏

      Delete
    12. //බසූ. ඉන්න ගමං අර මං කිව්ව ජාත්යෙ එකක් ලියාං ඕං ඈ//

      බැහ්. ඒ වැඩේට ගැලපෙන රචනා රටාව මට නෑ. තට්ට බොසා, උඹ නැත්නම් කොකා සබාපති තමයි හරි යන්නෙ. 🤔

      Delete
    13. ඩෑල්අප් කාලෙ මේල් බැලුවෙ අවුට්ලුක් එක්ප්‍රස් වලින්. POP3, SMTP සෙටින්ග්ස් හදාගෙන පාස්වර්ඩ් දීල යන්න ඕන වැඩ ටිකක් තිබ්බ ඒකෙ.

      Delete
    14. අනික ඒ දවස් වල ඉන්ටනෙට් වුණත් වැළලෙන්න හිතෙන තරං ඉස්පීඩ් නෙව නැද්ද පොසන්නයිය

      Delete
    15. @බසූ.. මම නං හරියන්නෙම නෑ. මිස්ටර් තට්ස් ගෙන් අහල බලම්මුද හෙනම් 🙈🙈🙈

      Delete
  5. මහේෂ් ෂර්, සිරස FM පටන්ගත්තෙ මහිතේ අනූගණන් වල මුල. හැබැයි සංස්ථාවෙන් FM ස්ටීරියෝ සේවිස් එකක් පටන්ගත්ත 81-82 වගේ කාලෙ. ගජේ ගහන්ඩ පේරාදෙණියේ ගියාම එහෙ මිත්‍රයෙක් ගාව තිබ්බ සුද්දෙක් දීපු සැට් එකක්. ඒකාලෙ රදැල්ලෙන් දෙනවා ටෙස්ට් ට්‍රාන්ස්මිෂන් එක. අන්න බඩු!. රතුපාට ඉස්ටීරියෝ බලුප් එක එහෙම පත්තුවෙලා, දෙපැත්තෙන් වෙන වෙන මියුසික් එනකොට, අනික ඔරිජිනල් රෙකෝඩ් ප්ලේ කරන නිසා කොලිටි උපරිම!. හැබැයි නන් ඉස්ටොප් ඉංග්‍රීසි සින්දු. වෑ...ඩක් නෑ.
    ෂර්ට කියන්ඩ, නොවේ මෙවන් වින්දනයක් ලොවේ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඔහෙට කියන්න හැට්ටරේ, ඒ කාලෙ මේං මෙච්චර විතර තඩි පවර් IC තිබ්බා, මුළු ඈම්ප් එකම ඒක ඇතුලෙ. ඕක ගෙනැල්ලා, අහක්වෙලා, ඔය අවසේස කැප්ස්,රෙසිස්ටර් අටෝල හයි කොරන්නෙ, නානාගෙ කඩෙන් ඉල්ලං එන වැනිලා සුරුට්ටු පෙට්ටියෙ.

      ඊලඟට පීකරේ ගෙනත්, බපල් හදන්නෙ, ඇතුලට පුලුං පුරෝල. බපල් එක තියන්ටෝනැ, බිත්ති මුල්ලෙ පිටිපස්ස හරෝල. ආන්න එතකොට, තමා බේස් පපුවටම දෙන්නෙ දෙමෝලෙන් පිටි කොටැන්නැහෙ.🤔

      Delete
    2. සැර් හැට්ටර. ඔව් සිරසාවෙ අනූ ගණං වල මුළ නෙ. මේ කතා පටං ගන්නෙ අනූව දශකය අගිං. ජයසිකුරු මෙහෙයුම තිබ්බෙ 98 නෙ. එතෝට මම සිස්සත්ත ඇච්චෙක්. ඔය හිරු තරු ෂා නැගල යන කාලෙ දෙදාහ කාලෙ. මේ රෙකෝඩිං සීන් වෙන්නෙ 2001-2003 වගේ කාලෙ මතක විදිහට.
      අදටත් මතකයි රදැල්ලෙන් එෆ් එම් මෙගා හර්ට්ස්... 😃😃😃
      ස්තූතියි හැට්ටර. ඒ මතක අඩුක්කුවට ❤️

      Delete
    3. බසූ.. ඔය රේඩියෝ ගැජට් කෑලි මාත් කලා. දැං නං මතකත් නෑ. හැබැයි ඔය බපල් ආතල් එක. ඒක වෙනම එකක්.
      ඔය මම දාල තියෙන පෙනසොනික් කටුව තියේ නේ. ඕක මේ ළගක් වෙනකං ගෙදර තබ්බ. දෙපැත්තෙ බපල් නැතිව. ඒව ගෙ ස්පීකර පුපුරල. පැහ් ගෑව. පරරරර බරරර ගෑව එච්චරයි. ඔය රේඩි කෑල්ල හොයාගන්න බලන්න ඕන. ඕක අදත් වැඩ තියෙනව නං. සුපිරිම බාණ්ඩයක්

      Delete
    4. කළගෙඩිය උඩින් ඉස්පිකරේ තියල නැතෙයි.
      ඔරිජිනල් දේශීය තාක්සනේ.
      අන්න බේස්. වහලේ වැලි ඔක්කොම බිම.
      ස්බ්බූපර් මක්කැයි එව්වත් එක්ක බලන කොට.

      Delete
    5. කළගෙඩිය උඩින් ඉස්පිකරේ? අඩේ අප්පා, කොහෙද අපට ඒ වගේ දේශීය තාක්සනික උපදේසයක් දෙන්න කෙනෙක් හිටියෙ නෑ නෙව? ඔය කළගෙඩිය. දමිල අයගෙ එළ සංගීත බාන්ඩයක්. තඩි බඩකුත් ඕනෙ, නියම හඞ ගන්න.🤔😊😂

      Delete
    6. ඝඨම්, මං ආසම ඉන්ස්ට්රුමන්ට් එකක්. මුදු ඔක්කොම දාල ගහනකොට මරු ඈ.
      ඇයි තව පන්ජාබි ධොල්.
      https://www.youtube.com/watch?v=9XCtFGSGCyg

      Delete
    7. ටහුඩු.. ට්‍රයි කරල බලන්ඩෝන.. ඔක්කම කුපාඩි වැඩ කරන්ඩ ඉතිං ලංකාවම කාල ඉන්ඩ එපැයි සැර් හැට්ටර. නැද්ද බසූ 😂😂

      ඒ මරු නේ.. 😍😍😍

      Delete
    8. බොලා ඕව ට්‍රයි කරන්න ගිහිල්ල ගෙදර තියෙන කළේ බින්දොත් පවුලගෙන් හොඳ මියුසික් එකක් හම්බවෙයි ඉඳගෙන.

      Delete
    9. 😃😃😃😃 පවුල ගහයිද ගැට්ට කරේ හිටින්ට 🙈🙈🙈

      Delete
  6. පරණ අය අලුත් පෝස්ට් දාලා.😊
    මේක තමා කලින්ම කියවල ඉවරකලේ. තාක්සනේ කරපු අවුලක හැටි. හපෝයි, කැසට්,සීඩී,ඩීවීඩී වලට වුනු දෙයක්? දැනට ඉතුරු DVD තොගයක් පෙට්ටියක තියනවා, මලාට එලියට අදින්න හිතෙන්නෙ නෑ. චිත්‍රපට, ඇනිමේ කලෙක්ෂන් එකක් අමතර හාඩ්-ඩිස්ක් එකේ තියනවා.සිංදු නම් ඒ වෙලාවට ජාලෙන් අහනවා, එච්චරයි.

    පෝස්ට් එක අපූරුයි.මාවත්, මතක මං පෙත් දිගේ යැව්වා. අනෙක් අයටත් එහෙම වග කමෙන්ට් වලින් පේනවා.🙏👌

    //ගෙදර ඇති බඩු මුට්ටු පවා පෙරලාගෙන// මේක නං අපි වැඩි දෙනෙකුට අදාල ඇති. 😂🤣

    ReplyDelete
    Replies
    1. ඒ ඩීවීඩී නං වැඩක් නැතුං ඇති. මම ළඟ තිබ්බ. ඒවගෙ පුස් වර්ගයක් අල්ලනව නේද. ඔක්කම සවුත්තු වෙලා. එකක් වත් බලන්න බෑ. ෆිල්ම් බර ගාණක්.
      දැං ඉන්න උංට කැසට් පීස් එකක පටිය ඇදල දෙන්ඩෝන බලන්ඩ. ආතල් එක කෝමද කියල. 😃😃😃

      Delete
  7. කැසට් පිස්, බෆල්, මේවා තමා සිංහල slang.

    කැසෙට් වල රැකොඩ් කිව්වම මතක් උනේ, අපේ ගම දෙකට බෙදුන වලියක්. ගමේ ඉහල පංතියේ කොල්ලෙක් පස්සෙන් අවා කියල චර්ටර් කෙල්ලක් කියපු අපහාස කතාවක් කව්ද රෙකෝඩ් කරලා ලීක් කරලා, කීප දෙනෙක් හොස්පිටල් ගත උනා.😂🤣

    නුගේගොඩ සුප මාකෙට් එකේ තමා මම ගිය රෙකෝඩ් බාර් ඒක තිබුනේ (හ්ම් ගූඩ් ඕල්ඩ් ටඉම්ස්)

    ReplyDelete
    Replies
    1. අපි චූ කොල්ලො කාලෙ අපේ කිරිඅම්මල ඕවට කිව්වෙ කැටස් කියල. අපිත් ඒම කිව්ව. ඉස්කෝලෙන් චාටර් වෙලා හැදෙනකං. බපල් පෙට්ටි කැටස් පීස් සබ්බූපර 😃😃😃
      විජේබාහු ත් මරු වැඩ කරල තියේ බලං ග්යාම 😃😃😃
      ඒ රෙකෝඩ් බාර් සමහරක් අදටත් තියේ. කාලෙත් එක්ක වෙනස් වෙච්ච. බැරි වුණ අය කාලය විසින්ම දිය කරල දැම්ම.

      ස්තූතියි මේ අහ ගොඩ වැදුණට ❤️

      Delete
  8. මම හිතන විදියට සිරස එන්න ඉස්සර සීඩී ආව. හැබැයි ඒව පිටරට ගහල එන ඔරිජිනල් සීඩී හින්ද හත්අටසීයක් උනා එකක්. මා ගාව සුනිල් එදිරිසිංහගෙ සඳකඩ පහන ඒ වගේ ආපු සීඩී එකක් තියෙනව. හැබැයි ආසාවට ගත්තට ඊට අවුරුදු දෙක තුනක් යනකල් ඒක අහන්න ප්ලේයර් එකක් අපේ ගෙදර තිබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නමුත් සීඩි වල ජනප්‍රියත්වය වැඩි වෙන්න තරං දියුණු බවක් තිබ්බෙ නෑ නෙව. ඉතිං කැසට් පීස් සෑහෙන කාලයක් අල්ලං හිටිය. කැසට් වලට සාපේක්ෂව සීඩී වලට වත් ඩීවීඩී වලට වත් ඒ ඇල්ලිල්ල අල්ලං ඉන්න බැරි වුණා නේ.
      ඔරිජිනල් සීඩී එක්කට කියල තිබ්බෙ ඉංගිරිස් එකක්. නමත් මතක නැති ඒක ඔය පොල් ගහක් උඩිං පියාඹල කොහෙ හරි ලෑන්ඩ් කරන්න ඇති. 😃😃😃

      Delete
  9. ඒ අතිං බලපුවම අපේ රෙකෝඩිං ඉතිහාසෙනං ඔයිට ගොඩක් පරණයි. මුලින්ම කැසට් එකක් කියල හම්බඋනේ ඒ කාලෙ ඔරිජිනල් නැෂනල් පැනසොනික් ප්ලේයර් එක්ක දෙන ටෙස්ට් කැසට් එක. බීතෝවන්ගෙද කාගෙද සිම්ෆනි එකක් ඒකෙ තිබ්බෙ. ඒක විනාඩි පහක් විතර තමයි ප්ලේ වෙන්නෙ. මුලින්ම රෙකෝඩ් කළේ ඒකෙ තමයි. ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ තමයි හින්දි සින්දු පිස්සුව පටන් ගත්තෙ. රත්නපුරේ චර්ච් රෝඩ් එකේ තිබ්බ රෙකෝඩ් බාර් එකට අලුතෙන් එන හැම හින්දි කැසට් එකක්ම මම ගත්ත. පස්සෙ කාලෙක ඒව අහන්න බැරි පුලුවන් කියල බලන්නැතුන ඔක්කොම ගිනි තියල දැම්ම. හැබැයි තාමත් සිංහල, හින්දි කැසට් කීපයක්ම මා ගාව තියෙනව වගේම ඔය උඩ දාල තියෙන ජාතියෙ කැසට් ප්ලේයර් එකක් සහ නැෂනල් පැනසොනික් ප්ලෙයර් එකක් අපේ ගෙදර වර්කිං කන්ඩිෂන් එකෙන් තියෙනව.

    ReplyDelete
    Replies
    1. පෙසන්නයිය තරං නාකි නෑ නෙව ඉතිං 😃😃😃 අනික අර වත්තක ඇතුලෙම හිටිය අපෙන් එළියට ගියෙත් මාත් එක්ක කීප දෙනයි. ඊටත් අලුත් ලෝකෙ හාරාවුස්සන්ට තරං සල්ලිත් තිබ්බෙ නෑනෙ. හුඟක් දේවල් මඟෑරුණා ඒකෙන්.
      ඔය රේඩිවෙකේ බපල් කෑලි දෙක නැතිව මැද කෑල්ල අදත් කොාහ හරි මුල්ලක ඇති. එකක් ෂුවර්. බඩු වැඩ 😃😃😃
      පොලේ ගැහුවත් බඩු වැඩ

      Delete
  10. C90 විතරක් නෙමෙයි 120 ඒවත් ආව. හැබැයි හොඳ ප්ලේයර් එකක දැම්මෙ නැත්තං ඒව ඉක්මනට ඇදිල සවුත්තු වෙනව. නෝමල් ප්ලේයර් වලට සෙට් වෙන්නෙ 60 එක තමයි. ඒකාලෙ එම්ප්ටි ගන්නකොට TDK තමයි හොය හොය ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. TDK එක්ක SONY 😃😃😃 120 සෙට් වුණේ නැති තරං. අරුණය ළඟ එකක් තිබ්බ මතකයි. ලංකාවට 150 ඒම ආවෙ නෑ නේද.

      ප්‍රසන්නයිය ටෙක් ගැජට් බැජට් වගේම මේව ගැනත් සෑහෙන්න දන්නෝ නොවැ. 😃😃

      ස්තූතියි ප්‍රසන්නයිය මේ මතක ගඟ දිගෑරියට ❤️❤️

      Delete
  11. ඉස්සර මමයි මල්ලියි නංගියි රෙකොඩ්‍ කරන වැඩෙ ජයටම කරනවා. පරණ වටිනා කැසට්‍ වලට ඔය ඉරණම අත් වුණා.
    නියම කතා ටිකක් ! ++++

    ReplyDelete
    Replies
    1. පරණේව තමා දං ගෙඩියට යැව්වෙ අපිත්. මරු වැඩේ ඒකත්. රෙකෝඩ් කරල කරල බැරිම තැන අන්තිමට නතර වෙන්නෙ පොල් ගහක කරටියෙ පීස්සෙකේ පටියෙන් එල්ලිලා. 😃😃😃
      ස්තූතියි අක්කා මේ අහ ආවට ❤️❤️

      Delete
  12. මහේෂ්,
    හරුකි මුරකමි පොත ගැන විචාරය බැලුව. කැමති අයට පොත මෙතන තියනවා epub ෆෝමැට් එකට.

    https://ca1lib.org/book/3678822/a414b5

    ReplyDelete
    Replies
    1. ❤️ ඉස්තූතියි... අහන අහන උදවියට යවන්නං මමත්.. ❤️❤️❤️

      ඒක නෙවී අර බොක්සර තඩියට කියන්ට ඔය මගෙ රෝල දිගේ ටිිකක් යන්ට පුලුවන් නං මළගිය බොලොග් ප්‍රාණ ටිකක් හම්බෙයි කියල 😏😏❤️

      Delete
    2. දඩබලු වුණාට ඉහත සංදියේ
      මං හොල්මනට බයයි උංගියේ

      බව්...වව්...බහූ.......👌😊

      Delete
    3. 320 ක් විතර තියේ ෆලෝ කරපුව. වැඩක් නෑ. ඒත් තියං ඉන්නව. ඔයිට වඩා තිබ්බ. ඒත් ගූගලය 2015-16 කාලෙ ඉතර භීෂණයක් දැම්ම 300 ට වඩා පලෝ කරන්න බෑ කියල. ඉතිං යටම හිටිය මළගිය ප්‍රාණකාරයො ටික යන ලෝකෙකට යන්න කියල අලුත් අය ඇඩ් කරන්න ගත්තෙ. ඒත් දැං ඒ භීෂණේ නැතිිනිසා අවුලක් නෑ. ඒ හින්ද දැං ඉතුරු වෙච්ච තියේ තාම

      Delete
  13. අතීතයටම අරන් ගියා මහේෂ්. රෙකොර්ඩ් කිරිලි ලෙසටම කළා. සින්දු පොත් ලීවෙ අක්කල. මම කලේ උන්ගෙන් ඒවා උස්සපු එක. හප්පේ ඒ කාලේ. මහේෂ් ල පොල්ගහවෙලද. මම හිතුවේ අනුරාජපුරේ කියල

    ReplyDelete
    Replies
    1. අජිත්තයිය එක් වතාවකුත් මගෙන් ඕක ඇහුව. මතක විදිහට නෙළුම් ාය 2 දි. ඕ පැටලවිල්ල එන්න ඇත්තෙ කලිං හමුබුණ වතාවක (එතකොට මම හිඟුරක්ගොඩ හිටියෙ) එන්න ඕන කියල කලිං ආව එකට වෙන්න ඕන. ඒ දවස් වල හිඟුරක්ගොඩ හිටියෙ සහ යනේන එක මළ මරණයක් වගේ. ඉතිං ටැපලිල්ල ඕක වෙන්න ඕන 😀😀

      Delete
  14. උඹලා මල්ලී හඳ පෙන්නුවාම මම ඇඟිල්ල ගැන රචනා ලියන්නේ; උඹ පෙන්නුවේ හඳ කියලා නොතේරුම් කමට නෙවෙයි; මම දන්නේ ඇඟිල්ල ගැන ලියන්න විතරක් වීම නිසයි!

    දැනුයි කථාව පටන් ගන්නේ. හැබැයි මාර දිග එකක නම් නොවෙයි. ඔය උඹ පල්ලෙහායින් එක්ල්ලලා තියෙන පිංතූරේ විරාජ මානව වැඩ වාසය කරණ චන්දන ලියනාඅරච්චි කියන්නේ මම ඉහලින්ම රස විඳින ගායක බුවෙක්. ඇත්තටම ඔය චන්දන, සංගීත්, බාච් සුසාන් වගේ ගායකයින්ව ලංකාවේ මීටර් ගත කලා අන්තීම වරදියි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  15. දෙයියනේ වැරදිලා පබිලිස් එබුනා නොවැ! මට මුලින්ම මතක ෆිලිප්ස්, සෝනි වගෙ කැස්ඩට් කෑලි. මට කැසට් කිව්වාම මතක් වෙන තවත් සිද්ධි දෙකක් තියෙනවා.
    1. පටිය හෙඩ් එක අස්සේ ගිහින් එතීම.
    2. පෑනෙන් එතීම.

    ReplyDelete