Saturday, December 18, 2021

ඇ මරණය පිළි නොගත් වෑ දිය කියූ කව

 



 

සියක් සියපත් නිදන විල් තෙර

තනිව හිඳ දුර අහස විමසන

කිරිලියකි පියපත් සිඳී ගිය

ප්‍රේමයක මහදුක් දරාගෙන..


ඉපල් පෑදුන ගසක් සේ වත

පෙනෙන්නේ දුක් සාංකාමය

නිවන්නට පපුතුරෙහි ගින්දර

හොයා ආවෙද නිසල දියවර..


ගෙවී යන මේ අඳුරු දින ‍කැටි

ගණන් කොට රැක තබා ඵලනැති

පිපෙන්නට පෙර බිම ලා කැකුළු පොඩි

මහ ගසක් වුව මියෙන්නේ නැති...


19 comments:

  1. +++++++++++
    +++++++++++(❁´◡`❁)

    මදියි කියන්න නං එපා. වැටවල දෙකක් ගහලා මලුත් හිටෙව්වා.

    ReplyDelete
    Replies
    1. ටොමියව එවන්නං, මල්වලට වතුර දාන්න. වැටක් දැක්ක ගමන් උගෙ අණ්ඩ-ස්ටෑන්ඩ් වෙනවා.😂

      Delete
    2. ටොමියව කලකින් දක්කෙන් නෑ නෙව

      Delete
    3. මාත් +++++++++++++++++++++**************************

      Delete
    4. මේ දවස් වල බරටම වැඩ මිත්‍රෝරුනි... කමෙන්ට් නෑ. රිප්ලයි නෑ. මාත් නෑ.
      අමනාප නෑ කියල හිතනව 🙂🙂❤️

      Delete
    5. එහෙම බෑ නොවැ. අවන්හලට ගොඩවදින අයට කෝකිය පෙන්ට ඉන්න එපා හිටං

      Delete
    6. පුලු පුලුවන් විදිහට පේන්ඩ ඉන්නවෝ...
      ස්තූතියි හොයල බලනවට

      Delete
    7. ස්ටවුතිගෙ 5වන දගහැරුම දිගෑරගන්ට කී වංගියක් ගෑටුවද... ආ දැන් ඔන්ට දිගෑරෙනව

      Delete
  2. අයියෝ, හාර්ට්තුරෙහි ෆයරය නිවන්නට වගේ කෑල්ලක් නෑනෙ.

    ලෝර්ඩ් බුර් ?

    ReplyDelete
    Replies
    1. ඒම කෑෑලිනෑ හිටං 😃😃😃😃

      මේ දවස් වල බරටම වැඩ නේ ඉතිං කමෙන්ට් නෑ. රිප්ලයි නෑ. මාත් නෑ.
      අමනාප නෑ කියල හිතනව 🙂🙂❤️

      Delete
  3. මහේෂ්ගෙ කවි කොලයක් නද්දත් ඇහුව..
    ඔය තියෙන්නෙ මල් මසුරංවට.

    ReplyDelete
    Replies
    1. හෙහේ.. ස්තූතියි...

      සමාවෙන්න ඕන ප්‍රමාදයට

      Delete
  4. නිවන්නට පපුතුරෙහි ගින්දර
    නිම කරන්නට අවට ගනඳුර
    දිනිඳු එනවිට තිමිර බිඳ හැර
    තාමරස සුපිපේවි සුන්දර

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි..
      සමාවෙන්න ඕන ප්‍රමාදයට

      Delete
  5. හ්ම්
    හ්ම්
    හ්ම්
    හ්ම්

    ReplyDelete
  6. හරුකි මුරකමිගෙ කතාවක සිත්තරපටියක්
    https://hashanrandika.blogspot.com/2021/12/drive-my-car-2021.html

    ReplyDelete
    Replies
    1. ගියෙමි කියෙව්වෙමි. ඒ සලරුව බලනු රිසින් තෘෂ්ණාභරිතව ගියෙමි.
      තුති වෙමි එ ඔත්තුවට

      Delete
  7. ඔබගේ කලින් පල නොවූ නිර්මාණ යොමු කරන්න.

    ReplyDelete