Pages
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
Sunday, December 1, 2013
නොමියෙන මතක
වසන්තය මල් වරා
නුඹ මගේ නොවෙ කියා
කිරි සිනහ මියැදිලා
ලොවම කදුලක් වෙලා.....
නිදි වරන රැය පුරා
නුඹ ගැනම සිහි කළා
වෙනකකුගෙ අත පතා
Read more »
Saturday, November 30, 2013
කදුළු බිංදුව
උණු කදුළු වැටුණාවේ
නෙතු දෑල තෙමුණාවේ
නුඹ නැතිව මගේ ළග
සිනහ නොම රැදුණාවේ....
Read more »
නික්මන
සිනා මලක් වී
නුඹ පිපුණත්
සුවද දැනෙන්නෑ
පෙර වාගේ.....
කදුළු ගගක් දී
නුඹ ගිය දවසේ
සුවද දියවුණා
ආදරයේ.......
හීන ගෙනත් දී
ලොවම මගෙ කියා
Read more »
Friday, November 29, 2013
අසමි නුඹ..
නුඹ ලියපු කව
හිතම හඩවපු තරම්
අපෙ මතකයන් මැද
මාව තනි කරන්
මගෙ ළගින් උන්නු නුඹ
දුර සැගව ගිහින්
නෙතු කදුළු පිසලාන
එන්න නුඹ සොයන්
Read more »
Wednesday, November 27, 2013
නෙල්ලි-01
දර්ශන සර්ගෙ සිංහල පංතිය ඉවර උනා විතරයි. සර් පංතිය ඉස්සරහ කෙටි වේදිකාව උඩට වෙලා ළමයි පංතියෙන් එළියට යන හැටි හිනා වෙවී බලං ඉන්නව. සර් හිනා වෙන කොටත් මාර ගතියක් තියෙනව කියල මට හිතුන. මෙච්චර වෙලා සර් දිහා බලං හිටපු මාත් නැගිට්ට. ගෑණු ළමයි පිරිමි ළමයි කළවමට තමං නැගිටල හිටපු බංකු වලින් නැගිටල අපිළිවෙලට හරි කළබලයකින් වගේ ඉස්සරහ දොරකොඩින් පිටවෙනව. ඉක්මනට එළියට ගියපු අය හිනාවෙවී තමන්නෙ සගය එනකං ඉන්නෙ
“
අපෝ ඔයා හරි ස්ලෝ නෙ
”
කියන්න වගේ. තවත් හිටපු තැන හිටං ඉන්නෙ මොකටද කියල මාත් තෙරපි තෙරපි පංතිය ඉස්සරහ සිමෙන්ති බැම්ම පහු කරගෙන එළියට ආවා. තෙරපෙන එකත් නරකම නෑ කියල හිතුනෙ මං ඉස්සරහයි පිටිපස්සෙයි හිටපු ගෑණු ළමයි දෙන්න හිංදද කොහෙද... එළියට ආපු ගමන් ඇතුගල්පුර ගිනියමට මුළු ඇගම පිච්චුණා වගේ. ඇතුගල රත් වෙන කොට මුළු ටවුමම රත්වෙනව. ඇතුගල්පුරටම ආවේණික ඒ රස්නය අපට කොයිතරං හුරු වුණත් එක පාරටම මුළු කුරුණැගලම පුච්චගෙන වගේ හමන හුළං රැල්ල නං ඕනම නෑ කියල ඒ වෙලාවෙ මට හිතුණ.
Read more »
නෙල්ලි-00
කෝ බං නෙල්ලි......
මොකද්දෑ මේ නෙල්ලි කතාව මචං....
කවද්ද දැං ඕක දාන්න හිතං ඉන්නෙ අපි වල කජ්ජ ගැහුවමද...?
පහුගිය ටිකේම කට්ටියම මගෙන් අහන්නෙ මේ නෙල්ලි කතාව මොකද්ද කියලම තමයි... බැනුං කෝටියයි. අහන එව්වට උත්තර දුන්නාම කිසි ගතියක් නෑනෙ බං.... ටිකක් ඉවසපත්තලා කීවට කොහෙදෑ මුංට ඕනම මාව භක්ෂනය කරන්නමයි. ඉතිං අද මේ නෙල්ලි කතාව පටං ගන්නයි යන්නෙ. නෙල්ලි කියන්නෙ මොකද්ද කියලා විස්තර කරන්න ගියොත් තව කුණු කතා ටිකක් නං ෂුවර්...(හි..හි..) මොකද ඒක කියන්න ගියොත් කට්ටියට මගෙ බ්ලොග ට කලිං මාව තමා එපා වෙන්නෙ. ඉතිං වැඩි අටුවා ටීකා නැතිව මං වැඩේ පටං ගන්නම්. හැබැයි අද මං දෙන්නෙ පොඩි කමිං කෑල්ලක් විතරයි... හොදම හරිය තව ඉස්සරහට... ඉතිං ඉවසගෙන මාත් එක්ක ඉන්න කියල ඔයාල හැම කෙනාටම කියන ගමං අපි පටං ගමු එහෙනං..........
Read more »
Monday, November 25, 2013
ඔයා නිසා
සදට තරුව සේ සැමදා ළග ඉන්න
දෑතට තුරුළු වී ඔබෙ උණුහුම ගන්න
මතු සසරේ වත් ඔබ හා එක් වන්න
උතුරන සෙනෙහසින් දෝතක් මට දෙන්න......
ඔබ හා ගෙවුණ ඒ කාලය සිහි වෙනවා
Read more »
හීන සමනලී
අපෙ මතක මුණ ගැහෙන
අතීතේ වෙලී මම
දග කරන නුඹෙ කෙහෙරැල්ල
පිරිමදිනවා එක සීරුවට
පුංචි ඇස් තව හීනි කරන්
බලන හැටි අමනාපයෙන්
රතුවෙලා තරහවෙන්
සුදු මූණ හරි දුකින්.....
ඒ දවස් ආයෙමත්
Read more »
Tuesday, November 19, 2013
පැතුම
වසන්තයේ සීතල දෑතට මිටි කරන්
අදුරු බර ගුවනට රිදී රේඛා අරන්
කුණාටු සයුරට නිසසල වැසි අරන්
නුඹ ආවේ මගේ ලොවට සිහින දොරගුළු ඇරන්.....
Read more »
Sunday, November 17, 2013
මතක සුවඳ
පිච්ච මල් පිපී
සුවඳින්
සිතම මා දොවයි
එක්ව කී කතා
දෙසවන
දෝංකාර දෙයි....
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)