කෝ බං
නෙල්ලි......
මොකද්දෑ මේ
නෙල්ලි කතාව මචං....
කවද්ද දැං ඕක
දාන්න හිතං ඉන්නෙ අපි වල කජ්ජ ගැහුවමද...?
පහුගිය ටිකේම
කට්ටියම මගෙන් අහන්නෙ මේ නෙල්ලි කතාව මොකද්ද කියලම තමයි... බැනුං කෝටියයි. අහන
එව්වට උත්තර දුන්නාම කිසි ගතියක් නෑනෙ බං.... ටිකක් ඉවසපත්තලා කීවට කොහෙදෑ මුංට ඕනම මාව භක්ෂනය කරන්නමයි. ඉතිං අද මේ
නෙල්ලි කතාව පටං ගන්නයි යන්නෙ. නෙල්ලි කියන්නෙ මොකද්ද කියලා විස්තර කරන්න ගියොත්
තව කුණු කතා ටිකක් නං ෂුවර්...(හි..හි..) මොකද
ඒක කියන්න ගියොත් කට්ටියට මගෙ බ්ලොග ට කලිං මාව තමා එපා වෙන්නෙ. ඉතිං වැඩි
අටුවා ටීකා නැතිව මං වැඩේ පටං ගන්නම්. හැබැයි අද මං දෙන්නෙ පොඩි කමිං කෑල්ලක්
විතරයි... හොදම හරිය තව ඉස්සරහට... ඉතිං ඉවසගෙන මාත් එක්ක ඉන්න කියල ඔයාල හැම
කෙනාටම කියන ගමං අපි පටං ගමු එහෙනං..........
අවන්හලට කවි
පිටුවට වඩා යමක් අවැසි යැයි යන හැගීමෙන් මා පෙළුනේ අවන්හල ආරම්භයේ පටන්මය... කාව්‍ය
වින්දනයට වඩා, කවියෙන් පරිබාහිර තවත් කුමන හෝ රස ගුලාවක් අවන්හලට එකතු කරන්නට මා
දැරූ ප්‍රයත්න අනන්තය. මුල් කාලීනව වඩා සුළුවට මා පෙලන්නට වූ ඒ හැගීම දැං උච්චාවස්තාවකට
පත්ව තිබේ. ඉදින් මාස කිහිපයක් මුළුල්ලේ හිත් ගැබේ ගැබ්බරව හුන් සිතුවිලි කළලය
මෝරා ප්‍රසූත කරන්නට කාලය මේ බැව් මට හැගෙයි. මා මීට මෙතරම් පමා වූයේ මන්දැයි ඔබ
විමසනවාට සැකයක් නැත. එය සාධාරණ හැගීමක් බව මාද කියමි. මන්ද යමක් ලිවීමට නම් පස්
මහ බැළුම් බැලිය යුතු නැතැයි බොහෝ දෙනෙකුට හැගෙන බැවිනි. නැත එය එසේ නොවේ යැයි මම
කියමි. මන්ද මෙය තවත් එක් බ්ලොග් සටහනක්ම නොවීමට ඇති ඉඩ ඉතා අල්ප බැවිනි. එසේම
අළුත උපදිනා ළදරුවකුට නමක් අවැසිය. එය කුමක් හෝ නමක් වූවොත් බිලිදා කෙතරම් ලස්සන
වුවත් ඔහුට ඇතිවන වටනාකම අල්ප විය හැකිය. ඉදින් අළුත අවන්හලට ගොඩවදින මේ රස
අමුත්තා ට නෙල්ලි යැයි නම තුබූයේ මා බෙහෙවින් සිතා බලාය. එය මීට කෙතරම් උචිතද
අනුචිතද යන්න තීරණය ඔබට බාරය. ඊටත් වඩා කුමක් හෝ කියවනවාට වඩා ලිවීම අපහසු වීමයි.
මට කුමක් හෝ ලියා දැං හරි යැයි කියා ගසා බසා දමා ගිය හැක. එහෙත් ඉන් කාටවත් වන
පලක් නොමැතිනම් මෙලෙස ලිවීමේ තේරුම කුමකුදැයි ඔබ අසනු නියතය.. ලියන්නේ තමාට පමණක් නොවන බව සිහි තබාගෙන ලිවිය
යුතුය. මන්ද යත් හැම කුණු ගොඩක්ම ඔබේ ඇගේ ගසා දැං මං ලිව්වා උං ඕන මගුලක්
කරගන්නැතෑ කියා අත පිහිදා ගත නොහැකි නිසාය. එය වගකීමක් බවට පත්වන නිසාය. සමාජයක
කිසියම් ආචාර ධර්මයක් අප විසින් රැකිය යුතු නිසාය. මා ලියන දේ කුමක් වුවත් ඒ ඔබට
නව්‍ය අත්දැකීමක් නොවන්නේ නම් ඉන් ඔබට වින්දනයක් නොලැබේ නම් ඔබ දිගින් දිගටම මා හා
රැදී නොසිටිනු ඇත. එනම් මා ඉදිරිපත් කරන දේ කුමක් වුවත් ඒ හා ඔබ බද්ධ විය යුතුය.
මගේ ඉදිරිපත් කිරීම ඔබ හා අනුගත විය යුතුය. සාහිත්‍යමය භාෂාවෙන් කියනවානම් සහෘද හදවත්
ඇතිවිය යුතුය. මගේ කාර්යයේදී එය කෙතරම් අපහසු දැයි ඔබ දන්නා බව මා විස්වාස කරමි.
එලෙසින්ම ඔබෙන් එල්ල වන දහසක් විවේචන මෙන්ම චෝදනා යෝජනා වලටද මා මුහුණ දිය යුතුය.
ඒවා මා අගය කරමි මන්ද ඔබේ ප්‍රතිපෝෂණ නොමැතිව මා හට තනිවම මේ ගමන යා නොහැකි
බැවිනි.
මීට වඩා
කිසිත් පැවසීමට මට අදහසක් නැතග අවසන මා ඉල්ලීමක් පමණක් කරමි. ඒ දිගටම මා සමග රැදී
සිටිමින් මා හට සහය දෙන්න කියා පමණි.
නමුදු ඒ තීරණය
කිරීම ඔබට බාරය. මන්ද ලියන්නේ මා වුවද මෙහි සර්වබලධාරී අයිතිකරු ඔබ වන බැවිනි. ඊට
පූර්ව පාඨ සැපයීම ඔබට කරනා නොමනා වූ මදි පුංචි කමකැයි මා තරයේ විස්වාස කරන බැවිනි.
ඉදින් මෙය විවේචනයද... අගය කිරීමද මෙතැන් සිට ඔබට බාරය.
No comments:
Post a Comment