Tuesday, December 17, 2013
Thursday, December 12, 2013
පින....
හීන් සීතලක්
තියෙන සෙලින්කෝ ඔෆිස් එකේ වීදුරු දොර ඇරගෙන මං එළියට ආව. ක්‍රීම් පාටට හුරු
දිලිසෙන ටයිල් අල්ලල තියෙන පඩිපෙල බැහැගෙන
ඇවිත් කොන්ක්‍රීට් අතුරල හදල තියෙන මිදුලට බහිනකොටම වගේ ඉස්සරහට හම්බවුණ පරණ
යාළුවෙකුටත් හිනාවෙලා පරක්කු උණා යන්නම් මචං... පස්සෙ හම්බුවෙමු කියාගෙන මං
පාර දිහාට පල්ලම් බැස්ස. කොළඹ නුවර පාර ගාවට ඇවිත් පාරෙ උඩහ පැත්ත බැළුවෙ ටවුමට
යන්න බස් එකක් එනවද බලන්න. ඈතින් හිමීට හිමීට එනව දැකපු රඹුක්කන ඉදන් කෑගල්ලට එන පරණ
පාට රෝස වෑන් එක දැකල මම ටිකක් නතර වුණා. ඒක එන වේගෙත් එක්ක බලපුවම ඊට කලින් ටවුමට
යාගන්න පුළුවන් කියල හිතුනත් කකුල් දෙක ටිකක් මාව කම්මැලි කරපු නිසා මම නැවතිලා
බලන් හිටිය. හිමීට හිමීට ආපු බස් එකට අත දාන්නෙත් නැතුවම එල්ලිලා පුට් බෝඩ් එකේම
හිටගත්ත. දම් පාට මහත ඉරි ඇදල සුදු පාට ගාල තිබුණ රෝස එකට වගේම ඒකෙ ඩැයිවර
උන්නැහේටයි කොන්දාස්තර තැනටයි තිබ්බෙත් මහ කම්මැලි පෙනුමක්. හිමීට හිමීට ආපු බස්
එක හිමීට හිමීටම ටවුම දිහාට පල්ලම් බහින්න ගත්තෙ ආයෙ වෙන වාහනයක් පාරෙ එන්
නැතිවෙයි කියල වගේ. රෝස එක එනව දැකල අතේ ගුලි කරන් හිටපු රුපියල් දහයෙ කාසිය මං
කොන්දොස්තර උන්නැහේට දීල ආයෙම පාර දිහා බලාගත්ත. එක එක මිනිස්සු යනව උඩහට යනව පල්ලහට
හැමතැනම යනව. ඒත් මේ කිසි කෙනෙක් එක වගේ නෑ නේද කියල මට නිකමට හිතුණ. එක එක පාට
ඇදගත්තු එක එක උදවිය. හිමීට හිමීට ආපු රෝස බස් එක ඔරලෝසු කණුව ළග ඉර ගාව පාර
පනින්න හිටපු වයසක අම්ම කෙනෙක් දැකල වේගෙ අඩුකළා. ලංකාවෙ ට්‍රැෆික් වලදි බයික් ත්‍රීවීල්
වගේ වාහන හරියටම මාර්ග නීති පිළිපදිනව කියල දන්න හින්ද කෝකටත් පස්ස බලලම මාත්
එතනින්ම බස් එකෙන් පැන ගත්ත. ප්‍රයිවෙට් බස් එක්ක මේ වගේ වෙලාවට යනවට වඩා බර
කරත්තෙක යන එක හොදයි කියල දන්න හින්ද මං කහ ඉර මාරු වෙලා සී.ටී.බී බස් නවත්තලා
තියෙන තැනට හෙමිහිට ඇවිදගෙන ආව. කුරුණැගල
බෝඩ් එක ගහල තිබුණ ලේලන්ඩ් බස් එක තව විනාඩි 5කින් පිටත් වෙනව කියල කොන්දොස්තර
මහත්තය කියපු හින්ද පිටි පස්ස දොරෙන් නැගල බස් එකේ ඉස්සරහ සීට් දිහාවෙ බෙල්ල කරකෝ
කරකෝ බැලුවෙ වාඩිවෙන්න පුළුවන් සීට් එකක් හොයාගන්න පුළුවන්ද බලන්න. බස් එකේ මැදට
වගේ වෙන්න දකුණු පැත්තෙ සීට් එකක එක්කෙනෙකුට වාඩි වෙලා යන්න පුළුවන් තරමෙ ඉඩක්
ඉතුරු වෙලා තියෙනව දැකල කෝකටත් කියල එතෙන්නට ගියා. එක්ස්කියුස් මී... මෙතන
කවුරුවත් ඉන්නවද දන්නෑ... සුදු පාට බ්ලවුස් එකක් ඇදල සුදු පාටම දිග සායක් ඇදල සුදු
පාටෙන්ම හදපු කොණ්ඩ බෝලයක් දාගෙන හිටපු වයස හතලිහක් විතර හිතෙන ඇන්ටි කෙනෙක්ගෙන්
මං ඇහුව. නෑ.. කියල එයා ජනේලෙන් අහක බලා ගත්ත. එතකොටයි මම දැක්කෙ එයා අතේ තිබුණ
බෑග් එකත් සුදු පාටයි කියල. මොකක් හරි පිං අතේ වැඩකට ගිහින් එනව වෙන්නැති කියල මට
හිතුණ. ජනේලෙන් එළිය පැත්ත බලල ආයෙත් මං
දිහාවෙ බලද්දි මං හිනා වුනත් එයා නිකංම අහක බලාගත්තු හින්ද මාත් ඉස්සරහ බලාගත්ත.
Monday, December 9, 2013
මියැදුණි සෙනෙහස....
ආරම්භය
අවසානයද වී
වියරුවෙන් ගිනිවැදී
හුස්ම ගන්නත් පෙරම
ගෙල මිරිකා මරා හල
ලේ කැටි සෙනෙහසක
වරදකාරී නුඹ....
උඹ කළ පවට
දුක් විදින මම...
හණමිටි මලකඩ කතුරකින්
අවසානයද වී
වියරුවෙන් ගිනිවැදී
හුස්ම ගන්නත් පෙරම
ගෙල මිරිකා මරා හල
ලේ කැටි සෙනෙහසක
වරදකාරී නුඹ....
උඹ කළ පවට
දුක් විදින මම...
හණමිටි මලකඩ කතුරකින්
Wednesday, December 4, 2013
සීතලම පෙම් කදුළ
මා එක්ක
දිනෙක
නුඹ
ඇවිද
ගිය පාර දිග
තනිකමෙන්
විඩාවී
ඇවිද
ගිය එක් දිනෙක
අපි එකට
ඉද උන්නු
තරහ
වුණු යාළු වුණු
හසරැල්ල
කදුලැල්ල
ආදරෙන්
බෙදාගත්
රොබෝරෝසියා
ගහ මුල
සීතල
සිමෙන්ති බංකුව
හමුවුණා
අද මට.........
මොහොතකට
වාඩිවී
අතීතේ
එක් දිනෙක
ගිලිහි
ගිය සීතලම පෙම් කදුලක්
Sunday, December 1, 2013
නොමියෙන මතක
වසන්තය මල් වරා
නුඹ මගේ නොවෙ කියා
කිරි සිනහ මියැදිලා
ලොවම කදුලක් වෙලා.....
නිදි වරන රැය පුරා
නුඹ ගැනම සිහි කළා
වෙනකකුගෙ අත පතා
Saturday, November 30, 2013
නික්මන
සිනා මලක් වී
නුඹ පිපුණත්
සුවද දැනෙන්නෑ
පෙර වාගේ.....
කදුළු ගගක් දී
නුඹ ගිය දවසේ
සුවද දියවුණා
ආදරයේ.......
හීන ගෙනත් දී
ලොවම මගෙ කියා
Friday, November 29, 2013
අසමි නුඹ..
නුඹ ලියපු කව
හිතම හඩවපු තරම්
අපෙ මතකයන් මැද
මාව තනි කරන්
මගෙ ළගින් උන්නු නුඹ
දුර සැගව ගිහින්
නෙතු කදුළු පිසලාන
එන්න නුඹ සොයන්
හිතම හඩවපු තරම්
අපෙ මතකයන් මැද
මාව තනි කරන්
මගෙ ළගින් උන්නු නුඹ
දුර සැගව ගිහින්
නෙතු කදුළු පිසලාන
එන්න නුඹ සොයන්
Wednesday, November 27, 2013
නෙල්ලි-01
දර්ශන සර්ගෙ සිංහල
පංතිය ඉවර උනා විතරයි. සර් පංතිය ඉස්සරහ කෙටි වේදිකාව උඩට වෙලා ළමයි පංතියෙන්
එළියට යන හැටි හිනා වෙවී බලං ඉන්නව. සර් හිනා වෙන කොටත් මාර ගතියක් තියෙනව කියල මට
හිතුන. මෙච්චර වෙලා සර් දිහා බලං හිටපු මාත් නැගිට්ට. ගෑණු ළමයි පිරිමි ළමයි කළවමට
තමං නැගිටල හිටපු බංකු වලින් නැගිටල අපිළිවෙලට හරි කළබලයකින් වගේ ඉස්සරහ දොරකොඩින්
පිටවෙනව. ඉක්මනට එළියට ගියපු අය හිනාවෙවී තමන්නෙ සගය එනකං ඉන්නෙ “ අපෝ ඔයා හරි
ස්ලෝ නෙ” කියන්න වගේ.
තවත් හිටපු තැන හිටං ඉන්නෙ මොකටද කියල මාත් තෙරපි තෙරපි පංතිය ඉස්සරහ සිමෙන්ති
බැම්ම පහු කරගෙන එළියට ආවා. තෙරපෙන එකත් නරකම නෑ කියල හිතුනෙ මං ඉස්සරහයි
පිටිපස්සෙයි හිටපු ගෑණු ළමයි දෙන්න හිංදද කොහෙද... එළියට ආපු ගමන් ඇතුගල්පුර ගිනියමට මුළු
ඇගම පිච්චුණා වගේ. ඇතුගල රත් වෙන කොට මුළු ටවුමම රත්වෙනව. ඇතුගල්පුරටම ආවේණික ඒ
රස්නය අපට කොයිතරං හුරු වුණත් එක පාරටම මුළු කුරුණැගලම පුච්චගෙන වගේ හමන හුළං
රැල්ල නං ඕනම නෑ කියල ඒ වෙලාවෙ මට හිතුණ.
නෙල්ලි-00
කෝ බං
නෙල්ලි......
මොකද්දෑ මේ
නෙල්ලි කතාව මචං....
කවද්ද දැං ඕක
දාන්න හිතං ඉන්නෙ අපි වල කජ්ජ ගැහුවමද...?
පහුගිය ටිකේම
කට්ටියම මගෙන් අහන්නෙ මේ නෙල්ලි කතාව මොකද්ද කියලම තමයි... බැනුං කෝටියයි. අහන
එව්වට උත්තර දුන්නාම කිසි ගතියක් නෑනෙ බං.... ටිකක් ඉවසපත්තලා කීවට කොහෙදෑ මුංට ඕනම මාව භක්ෂනය කරන්නමයි. ඉතිං අද මේ
නෙල්ලි කතාව පටං ගන්නයි යන්නෙ. නෙල්ලි කියන්නෙ මොකද්ද කියලා විස්තර කරන්න ගියොත්
තව කුණු කතා ටිකක් නං ෂුවර්...(හි..හි..) මොකද
ඒක කියන්න ගියොත් කට්ටියට මගෙ බ්ලොග ට කලිං මාව තමා එපා වෙන්නෙ. ඉතිං වැඩි
අටුවා ටීකා නැතිව මං වැඩේ පටං ගන්නම්. හැබැයි අද මං දෙන්නෙ පොඩි කමිං කෑල්ලක්
විතරයි... හොදම හරිය තව ඉස්සරහට... ඉතිං ඉවසගෙන මාත් එක්ක ඉන්න කියල ඔයාල හැම
කෙනාටම කියන ගමං අපි පටං ගමු එහෙනං..........
Subscribe to:
Posts (Atom)









