Thursday, December 19, 2013

නුඹ නැතිදා....

හිනාවෙන්න ආසයි මට
ඇස් කෙවෙනි පිරුණත් කදුළු කැට
එනව නම් ආසයි තවත්
නොඑන වග දන්නව වුණත්.....

මල් පිපෙනවා තමයි ඇස් අස
ආදරෙන් හිනැහෙනව වගෙයි
ඒ වුණත් නුඹ වගෙ නෙමෙයි
නුඹට විතරක් ආදරෙයි......

ජීවිතේ ගෙවෙනව වගෙයි
ඒ වුණත් ඉස්සර වගෙ නෙමෙයි
ආදරේ නුඹ නැතිව මගෙ ළග
ජීවිතේ මියැදෙනව වගෙයි.....

2 comments:

  1. කාලෙකට කලින් අපෙන් ඈතට වෙන් වෙලා ගිය අය මතක් උනා නේද???

    ReplyDelete