Wednesday, December 25, 2013

මරණය

ඉකිගසා හැඩුවෝ උහු
මිරිකෙනා කල ද්වේෂයේ හස්තයෙන්
බියෙන් ඇලලී
හෙට දිනක් නොදැකම
මියගියෝ..........
ගුගුර ගුගුරා කඩා පනිනා
වියරුවේ මර දූතයෝ
උදුර උදුරා සිදළුවෝ
සිතුවිලිද නිදහසද 
මියැදුනෝ.........
නොමළ වුත් මළවුන් විනා
ශේෂ නැත ජීවයෝ
නිවට වෙස්ලූ සිංහයන් මැද
රජ කරන සද කැණහිළුන්.....

2 comments:

  1. ලස්සනයි මහේෂ් අයියේ.....
    දිගටම ලියන්න සින්ඩි දෙක තුනකට බ්ලෝග දා ගත්තානම් හරි නේද?

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තුතියි උමා සින්ඩි වලින් මාව අයින් කරලද මංද කෝම උනත් මං සිංඩි කීපෙකටම ඇඩ් වෙලා ඉන්නෙ... දිගටම එන්න

      Delete