Monday, January 6, 2014

පොලිසිය... ලංකාවේ අපෙ පොලිසිය..-01

වෙලාව දොලහ පහුවෙලා. කළු කලිසමට  සුදු පාට අත් දිග ෂර්ට් එකක් ඇදල කළු සපත්තු දෙකක් දාන් ෂර්ට් එක කලිසමට යටකරල ටිකක් වැදගත් පාටට පේන්න බයික් එකේ නැගල මං කුරුණැගල යනව. අද දෙමළ පන්තියෙ සහතික දෙන දවස. අපිට දෙමළ ඉගැන්නුවෙ හාමුදුරු නමක්. උන්නාන්සෙ කියපු විදිහට ගෑණු ලමයි සුදු සාරි. පිරිමි ළමයි සුදු ෂර්ට් එක කළු කලිසමට යට කරල ඇදල සපත්තු දාල වැදගත් විදියට එන්න ඕන. බස් එකේ යන්න බෑ කියල හිතුණ හන්ද මං බයික් එකේ යනව.  කෑගල්ල පොල්ගහවෙල පාරෙ වලවල් වල වැටි වැටී ගැස්සි ගැස්සී ඇවිත් දුටුගැමුණු හන්දියෙන්  කුරුණෑගල පාරට දැම්ම. මට හදිසියක් නැති හිංද මං හීමීට වගේ යනව.  දුර ගමන් යන බස් ලොරි කාර් වෑන් හදිස්සියෙන් හදිස්සියෙන් මාව පහු කරල වේගෙන් යනව. ඉදල හිටල බයික් එකක් දෙකක් මාව පාස් කරගෙන මට කෝචෝක් එකට වගේ හෝන් එකකුත් ගහං හය්යෙන් හය්යෙන් යනව.මට ගානක් නැතුය මං හිමිංම  මගෙ පාඩුව යනව.

මේ මෙහම යන්න බෑ ටිකක් හය්යෙන් යමු........ මටත් එක්ක ලැජ්ජයි හලෝ..........

බයික් එක් වේගෙන් යන්න හදන ගමං මට දෝස්මුරේ දානව.

මට හදිස්සික් නෑනෙ... ඒ හින්ද බොට මොන හදිසියක්ද නෑ..... නෑ.... හිමිං..... හිමිං.......

බයික් එකට පොඩි සද්දෙකුත් දාන ගමං මං එහා මෙහා වෙලා තිබ්බ හෙල්මට් එක හදාගත්ත... පාරෙ යන අනිත් ඈයො එයාලගෙ පාඩුවෙ යනව.. ඉදල හිටල මටත් කෝචෝක් කරං යනව. මං මේ ඔක්කොම විගඩං දැක්ක නොදැක්ක ගානට හය්යෙන්ම යන්න දගලන මගේ බයික් එකටත් සැර දමං  මගෙ පාඩුවෙ මං යනව.
බුළුගොල්ල හංදිය පහුවුණා විතරයි. අස්සක ඉදල එළියට පැන්න ට්‍රැපික් කෙනෙක් මගෙ බයික් එකට අත දාල මාව නැවැත්තුව. වම් පැත්තෙ සිග්නල් එක දාල ඉක්මනටම ස්ලෝ කරල නැවැත්තුවෙ,

හය්යෙන් ආවනං එහෙම කොහොමද.........?

කියල බයික් එකටත් පොඩ් සද්දයක් දාන ගමං. මගෙ ලයිසං අනං මනං අරං මං ට්‍රැපික්ල ඉන්න තැනට ගියා. දෙන්න මාව ගනං ගන්නැතුව දෙන්නගෙ කතාවක්. මට අත දාල නවත්තපු කෙනා තරු පටි කාරයෙක්.. ඒ හිංදද කොහෙද ගෑස් වැඩි කියල මට හිතුණ. මං දිහාවෙ බැලුවෙ වත් නැති හිංද මං කතා කලා.

සර්....

ම්හු... නැ... කිසිම ප්‍රතිචාරයක් නෑ... පාරෙ එන වාහන දිහා බලාගෙන කවුදෝ ගෑණියක් ගැන දෙන්න බර කතාවක. මං ඒ පාර ටිකක් සද්දෙ වැඩිකරා.

ස..ර්....
ඇයිහ්...

හප්පෝ මුගෙ සද්දෙ... හරියට මගෙ උවමනාවට මං බයික් එක නවත්තලා ලැයිසොං පෙන්නන්න ආව වගේ..

මේ..හ්

මං මගෙ ලැයිසම අනං මනං ටික දික්කලා....

කොහෙද යන්නෙ...

මිනිහ මං දිහ හොදට බලන ගමං ඇහුව

කුරුණෑගල.....
බයික් එක කාගෙද...
මගෙ... ඇයි සර්...
එහෙනං ඇයි මේ නං දෙකක්...
බයික් එක තියෙන්නෙ තාත්තගෙ නමට...
ඇයි...
බයික් එක ගන්න ගිය දවසෙ මගෙ අතිං මගෙ අයිඩෙන්ටිටි කාඩ් එක වැටිල.. ඉතිං ආපහු එන්නයැ තාත්තගෙ නමට ගත්ත.
බයික් එක තමුසෙගෙ කියල ඔප්පු කරන්න පුළුවංද...

මෙන්න යකෝ මූ අහන එක...  මගෙ බයික් එකද කියල ඔප්පු කරන්න පුළුවංද අහනව. පිස්සු බුවෙක්නෙ.

තාත්තට කෝල් එකක් අරං දෙන්නද ..............

ඒ ගන්නෙ තමුසෙගෙම තාත්තට කියල කොහොමද මං දන්නෙ... ඒ තමුසෙගෙ තාත්ත කියල  තමුසෙ කෝමද ඔප්පු කරන්නෙ ආ...

ඒක මගෙ අම්මගෙං ඇහුව නං හරිනෙ කියල කියන්නත් හදල.. කේන්තිය වහගෙන මං පොඩි පනාවක් දැම්ම... තරු පටි ගහං හිටියට කතා කරන්නවත් දන්නෑනෙ කියල මට හිතුණ. කවුරු මෙයාව පොලිසියට ගත්තද මංද. එකත් එකයම මූ වගේම මැංටල් කේස් එකක් දා ඉන්ටවිව් කරන්න ඇති... මං මෙහෙම පස් පඩංගුවෙ හිතිං බැන බැන ඉන්නකොට අනිත් එතන හිටපු කොස්තාපල් කතා කරා...

සර්...
ඇයි...
මේ නෝනට ලයිසං නෑ...

උගෙ මූණෙ තිබ්බෙ නොම්මර එකේ පැණි හිනාවක්.. කළු පාට අළුත් ඩියෝ එකක අවුරුදු තිහක විතර ලස්සන මෑලියක් (මාළුවගෙ ගෑණු සතාට එහෙම නේද කියන්නෙ) සිල් ගත්ත කොක්කු දෙන්නට අහුවෙලා. අර තරු පටි කාරය මං දිහ බැළුව. උන්දෙන්නට මං මෙතන ඉන්නෙක බාදාවක් කියල ඒ බැල්ම මට නොකිය කිව්ව.

හ්ම් යනව. මීට පස්සෙ එනකොට තාත්තගෙය බයික් එක කියල තාත්තට කියල ලියුමක් අස්සං කරගෙන එනව. ඒ එක්කම තාත්තගෙ අයිඩෙංටියෙ පොටෝ කොපියක් ඒකට අමුණං එනව.

මෙහෙම කියල මගෙ අතට මගෙ ලයිසන් එකයි ඉන්ෂුරන්ස් එකයි දුන්න. මං ඒව අරං ආපහු හැරෙන්න කලිං අර බයික් එකේ ආපු ගෑණු කෙනා දිහ බැළුව. එයාට දාඩිය දාල... මං බයික් එක ගාවටත් ගිහිං අපහු බැළුවෙ වෙන දෙයක් බලාගන්න. අර කොස්තාපල් මං ඒ පැත්ත බලනව දැකල මට රැව්ව. මං ආයෙ මොකට බාල්දි දාගන්නවද කියල බයික් එකට නැග්ගෙ මේ වෙලාවෙ ඇත්තටම මට කරන්න දෙයක් තිබුන් නැති හිංද. අනිවාර්යෙන් මේ දෙන්න අර නෝනව හොදට බය කරල එයාගෙන් ගන්න පුළුවං උපරිම දේ ගන්නව කියල මට හිතුණ. මොකද ඒ මූණු දෙකම හොදම ජරා මූණු දෙකක් කියල දැක්ක වෙලාවෙම මට හිතුණ.

එකම දවසෙ එකම පොලිසියෙ නිලධාරින් දෙගොල්ලක් ඉස්සරහ මම අත්දැකපු සිද්ධි දෙකක කතාවක් කියන්නං කියල ආවට කතාව දික්වුණ හිංද දැනට කතාව නවත්තනව. ඒ හින්ද දරුණු විදිහෙ පූර්ව නිගමනයට නාවත් කමක් නෑ.. හැබැයි අර කොක්කු දෙන්න අර මෑලියට මොකක් කරාද කියල නං මං දන්නෑ.. කතාවෙ ඉතුරු ටිකත් අරං මං ඉක්මනටම එන්නං...
එතකං හිතෙන දේවල් මෙහෙ කොටල යන්නකෝ...




10 comments:

  1. පොලෝසිය හරි.. උඹ වැරදියි.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. දේසක තුමා මාර කතාවක්නෙ කියන්නෙ... මං වැරැද්දක් කලෙත් නෑ... මගෙ වැරැද්දක් ඇත්තෙත් නෑ. එහෙව් එකේ මං වැරදි වෙන්නෙ කොහොමෙයි

      Delete
  2. උඹ වැරදියි. ලයිසන් ඉන්ෂූරන්ස් තියනව නං ඔච්චර ඇඹරෙන්න ඕන නෑ. මගෙන් ඇහුව නං කියන්නෙ බයික් එක කාගෙ උනත් තමුසෙට මොකද කියලයි. මොකෝ වාහනයක් පදවගෙන යන්න ඒක තමුන්ගෙ නමට තිබියයුතුයි කියල නීතියක් නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. අනේ මංද මට ඇත්තටම වෙච්ච දෙයක් තමා මං ඔය කිව්වෙ. මං බයික් එකඅරං අවුරුදු තුන හමාරක විතරැති. ලයිසමටත් අඩුම ගානෙ අවුරුදු 3ක් වත් වයසයි. මං හුගක් දුර තැං වලට බයික් එකේ ගිහිං තියෙනව ඒත් මට එහෙම ලෙඩක් වැටුනමයි. අහගන්නවත් අදුනන පොලිස්කාරයෙක් නෑනෙ අම්මප. අපිට පොලිස් කෝමත් ඇලජික්නෙ අනේ මංද උන්නෙ පොලිසිය උන්නෙ නීතිය

      Delete
  3. පුදුම නීතියක්නේ බං මේක. යන යන තැන වාහනේ අයිතිකාරයත් දාගෙන යන්නද?

    ReplyDelete
    Replies
    1. ඌට ඒ වෙලාවෙ සල්ලි උවමනාවක් තිබුණද දන්නෑ. ඒත් උට ඕන කම තිබ්බෙ නං මට හිතුණ විදිහට මාව බයකරල කීයක් හරි ගලවන්න. අර ඇන්ටි කෑල්ල කඩා පාත් වෙච්ච හින්ද මං බේරුණ එයාට නං මං හිතන්නෙ අබ සරණයි

      Delete
  4. ඔය ඉතිං එදාවේල හම්බකරං දෑතෙ මහංසියෙන් ජීවත්වෙන අහිංසකයොනේ....පව් ඇඩෙනවා.....ඔය වගේ කතාවක් මටත් තියනවා.ඒකත් ලගදිම දාන්නම්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත අහිංසක නරිනෙ පව්ව්ව්ව් එයාල. එයාගෙ අහිංසක කමේ තරම මං උගෙ තඩි බඩෙං දැක්ක. මං අහල තියෙන විදිහට එයාලැයි බඩ තඩි වෙන්න තඩි වෙන්න අහිංසක කම උපරිමයි...
      හිහ් හිහ් හී..........

      Delete
  5. // හ්ම් යනව. මීට පස්සෙ එනකොට තාත්තගෙය බයික් එක කියල තාත්තට කියල ලියුමක් අස්සං කරගෙන එනව. ඒ එක්කම තාත්තගෙ අයිඩෙංටියෙ පොටෝ කොපියක් ඒකට අමුණං එනව.//

    ඒක ආච්චිගේ නීතියක්නේ බං.. එහෙම එකක් නීති පොතේවත් තියෙනවද කියලා හොයලා බලන්නම වටිනවා..

    ReplyDelete
    Replies
    1. මාත් කොයි වෙලේ හරි පොලිස් කාරයෙක් අල්ලං ඕක අහනව. මොකද මාත් ඔහොම සිද්දියක් ගැන කලිං අහල තිබ්බෙම නෑ... අන්තිමේ මූ දකින දකින තැන මගෙං ගලවන්න බලයි. මොකද අපි නිතරම කුරුණෑගල යනවනෙ

      Delete