Tuesday, January 28, 2014

අහම්බය

එ දහවල
බොදුන් හලේදී
බත් පතත් වතුරෙකත්
ළං කරදී
විස්සෙ ටිප් එක
ගත්තු ඈ
හමුවුණා
එක සවසෙක
වීදි කොණෙක
පහන් එළි මායිමේ
අදුර රවනා වෙලාවක
ඇරියුමක ඉගියක්
ඇස් යට රුවාගෙන....

පිකුව ඉස්සුවේ මෙතනින්....
http://jasreflections.wordpress.com/tag/sad/page/4/

10 comments:

  1. විස්සේ ටිප් එක ගිය දුරක්....! ඉතින් ඊට පස්සේ...?

    ReplyDelete
    Replies
    1. මොනා වෙන්නද ඉවාන් අය්ය මුකුත් නෑ අනේ මේ ඇත්තමයි

      Delete
  2. විස්සේ ටිප් එක වැඩි කරනවා දැං..

    ReplyDelete
  3. ටිප් දෙන එකෙත් වාසි තියෙනවා එහෙනම් ...හැක් හැක්
    ඇරයුම මොකෑ වුණේ

    ReplyDelete
    Replies
    1. මොනා වෙන්නද මෙයා ඒක අහම්බයක් විතරමයි. මං හිතුවෙ නෑ ඒ මුඩුක්කුවෙ ඒ ගෑණු කෙනා හම්බෙයි කියල..

      Delete
  4. විස්සෙන් පස්සේ මොකද වුනේ?

    අදහස නම් නියමයි බං..

    ReplyDelete
    Replies
    1. හය්යෝ මොකුත් නෑ අය්යෝ
      මේක මගෙ ඇත්තම අත්දැකීමක්. මට හිතුණ කවියක් ලියන්න. ඉබේටම ගලාගෙන ආපු ඇත්තම හැගීම තමා මං අකුරු කරෙ දිනේස් අය්ය
      වෙන මොනවත් උනේ එහෙම නෑ ඕං

      Delete
  5. මේ තත්වයට පත්වුනු අය ඉන්නවා මහේෂ්. කාන්තාවන් පාරේ පොඩි හෝටල්වල වේටර් වැඩේ කරන කාලයක් ඉස්සර තිබුනේ නැහැ. පසුව ඒක එහෙම වුනා. මට මතකයි ඔහොම සිද්ධියක් වුනා මම බම්බලපිටියේ ඉන්න කාලේ. බම්බලපිටියේ හන්දියේ හෝටලයක වැඩකරපු වේටර් ගෑණු ළමයෙක් එහෙම වුනා. මට ඇයව එවන් තැනකදී මුණ ගැසුනා. පසුව දහවලට මම කන්න යන ඒ පොඩි හෝටලයේදී ඇය මාව මගහරින්න ගත්තා. ලැජ්ජාවට වෙන්න ඇති. ඇයව අපහසුතාවයට පත්කල නොහැකි නිසාම මම ඊට එහා පැත්තේ හෝටලය තෝර ගත්තා. මේවාට උත්තර සොයන්න යෑම නිශ්ඵලයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරූ මේකට මේ සමාජ ක්‍රමයත් වග කියන්න ඕන. මොකද කාන්තාවො අතේ උවමනා පමණට මුදල් තියේ නං කවුරුත් මේ වගේ කුප්ප වැඩ වලට පෙලඹෙන්නැතිවෙයි කියනෙක තමා මගේ හැගීම

      Delete