Thursday, September 18, 2014

මතකයක සිරව මියැදුණෙමි..



යළි නොඑයි ගිම්හානය
සිසිරයක සිරව ඇත 
හදවත
වසන්තය මිහිරි කළ
දම් පැහැය
ශ්වේත වර්ණ තුහිනයක 
සිරව ඇත...
යළි නොඑයි ගිම්හානය...

51 comments:

  1. කවි වලට උත්තර බඳින්න තේරෙන්නේ නම් නෑ බන්. ඒත් මොකක්දෝ දෙයක් දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. දැනෙන දේ අකුරු කරන්න තේරෙන්නෙ නැතිවා වත්ද...
      ජයවේවා...

      Delete
  2. අකුරු ටිකක් කරපු හරඹයක්
    මිතුරු සිතක මැවුන පදවැලක්
    අකුරු කරලා ලියපු හරුපයක්
    සොදුරු නොවේද මෙහෙම රසඟුලක්

    ReplyDelete
    Replies
    1. සොමිය ඇවිත් ලියල පදවැලක්
      දීලා මට සවිය වාරුවක්
      කරනවාට දිරිය හැම දිනක්
      සොමියො මෙන්න උඹට මල් මිටක්

      Delete
    2. මට මොටදැයි දුන්නේ මල් මිටක්
      මම දෙන්නෙයි? උඹට මල් ගහක්
      මල් නෙළාලා ඔතන් මල් බීඩියක්
      මල් වාගේරසැති ලියන් තව කවක්

      :D

      Delete
    3. ගහක් නොව හේනක්
      දුන්නොතින් පිංකමක්..
      අස්වැන්න මහ හුගක්
      නෙලා දකිමි මල් හීනයක්...

      හෙක් හෙක්

      Delete
  3. අන්න මහේෂ්ගෙන් මිනි කවියක්. හොඳටම වින්දා. ඉස්තරම්.

    "යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිවිට
    යළි නොඑතැයි ගිම්හානෙට පෙර"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ...
      කවියකට ගීතයකින් පිළිතුරු බැද අගයක් එක් කලාට...
      නොවත් තුති උඹට හැමදාම මාව දිරිමත් කරනවට..
      ජයවේවා

      Delete
  4. ගිම්හානෙ ඒවි කවදා හරි…
    බය නොවී හිටපිය කෙසේ හරි!! :D :D

    එළ මහියො එළ!!

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්... ස්තූතියි ප්‍රියා.... :D :D
      ස්තූතියි මාව හැමදාම ඇවිත් අගය කරනවට...
      ජයවේවා

      Delete
  5. හද තවන දම්පැහැය
    නිමාකොට ,
    නැවත නොඑනා
    වසත් සමයකට වැලපුම
    පලක්වෙද ?

    විකල් හද අවදිකොට
    දෙඋර සොලවා වරක් හෝ
    කියනුමැන

    නවමු සිහිලැල් මදනලට
    එන්ට කවුළුව අරිනලෙස!

    ReplyDelete
    Replies
    1. කව්ලුව වසා දැම්මේ
      බොහෝ කලකට පෙරය
      මතක තුහිනයන්
      කව්ලුවෙන් විත් හද පාරනා හින්දාම

      Delete
  6. නැත පුත , ගිම්හානය යලි එනවා සත්තයි

    ReplyDelete
    Replies
    1. එසේ එ් නම් වැලද ගන්නෙම් පෙර නොවූ ආදරෙන්....

      Delete
  7. හිත නැවතුම්පලක් නොවේ
    යන එන කල ගිම් නිවනට
    සබඳිනිය් ඇවිත් යන්න
    එන්න එපා ජිවිතයට

    ගිම්හානය අහිමි උනත්
    වියපත් වුනු අතීතයට
    ඔබ වනපස මලක් වෙලා
    පිපියන් හෙට වන් දවසක ...

    ReplyDelete
    Replies
    1. හම්මේ දිලිනියො පට්ට නෙව... ඒකත් නියම පිළිතුරු කවියක්...

      ඇවිත් ගිය හුළගක්
      හිත නිවා මොහොතක්
      හිද නැවති ටික කලක්
      හිතට දී සැනසුමක්...

      ගෙන වියරු වේසයක්
      නටබුන් කලා පෙම් හිතක්
      නැත යළිත් හීනයක්
      ඇ එක්ක මතු මතුත්

      Delete
  8. කවි වලින් පිළිතුරු දෙන්නමට නම් බැරිය

    ReplyDelete
    Replies
    1. උත්සාහ කලොත් නොබැරි වන්නට බැරිය
      ඒ නැතත් දෙන දිරිය හොදටෝම ඇතිය

      Delete

  9. හයිකු කවියක් වගේ... ඊට වඩා ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිඳු අක්ක... සන්තෝසයක් මට කියනකොට එහෙම...

      Delete
  10. එනු මැන නැවතත් ...... ගිම්හානයවත්......... සිසිරයවත් නොව......
    වසන්තය පමණක්......

    ReplyDelete
    Replies
    1. වසන්තය එනවා සත්තයි...
      ඒත් වැහි කුණාටු හිත තෙමයි

      ස්තූතියි නිහිංසා

      Delete
  11. වසන්තයත් ගිම්හානයත් දෙක ම ජීවිතයට පොදු යි නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්....
      ඒත් සිසිරයක හිර වුණාම

      Delete
  12. සිසිරයක හද නතර උන
    මතකය
    අරන් හෙමිහිට
    එනු මැන වසන්තයට
    අරඹමු
    සොඳුරු ගිම්හන ...

    ReplyDelete
    Replies
    1. යළිත් එ්නම් ඒ අරුමැසි ගිම්හානය
      විදින්නට ආසයි ජීවිතය
      තුරුළට ගෙන...

      ස්තූතියි හංසි යෙ....
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට...
      ජයවේවා

      Delete
  13. සං තෝසයි මහේ,ෂ්....

    කවිය හරි අගෙයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදාෙන....
      ජයවේවා...

      Delete
  14. වෙලාවකට හංගලා දමලා ගහන අකුරු බඳින උඹගේ හැකියාව සුපිරි මල්ලියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු අක්ක
      ...අගය කිරීමක් අහන්න ලැබීමත් සතුටක්
      ජයවේවා

      Delete
  15. ටික වුනත් හොඳා...යි...ඈෑෑ

    ReplyDelete
  16. Replies
    1. එලද බ්‍රා මෙන්ඩො ඈ....
      තැන්කුයි වේවා

      Delete
  17. ඉර්තු කචල් එකක්... හැක්..

    ReplyDelete
    Replies
    1. උයාට ඉතලයි හලියටම තේලුනේ අනී :D

      Delete
    2. ශුවර්ද දේශො මේක එහෙම එකක් කියල...

      දිලිනි :D :D :D :D :D

      Delete
  18. චූටි උනාට පහර. බය වෙන්න එපා. ගිම්හානව කවද හරි එයි. ඉවසන් ඉන්න....................

    ReplyDelete
    Replies
    1. නොයෙන ගිම්නයක් ගැන
      නෑ මචං හීනයක්...
      මග බලා ඇතිව
      නික්ම යන්නයි සූදානම...

      ස්තූතියි මචෝ අගය කළාට ජයවේවා

      Delete
  19. බොලා තුන්ඉරියව්වෙන්ම කැපී පෙනෙන බොග් කරුවෙකු බව අපිට පේන්නෙ මෙවැනි නිර්මාණ වලින් තමා....රසවින්දා ගොයියො...මදි නොකියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා අය්ය... සතුටක් මට
      ජයවේවා

      Delete
  20. පොඩි වචන ටිකක්. ඒත් මොන තරම් ලොකු කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. පොඩි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියනව නෙ...
      ස්තූතියි නිල් මානෙල්

      Delete
  21. කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
    හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
    ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
    පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ අපූරු සිංදු කෑල්ලක්...
      ස්තූතියි වයෝ

      Delete
  22. කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
    හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
    ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
    පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

    ReplyDelete
    Replies
    1. දෙක ෙදක එන්ෙන අද වැඩි වුනාද ඈ...
      යහතින් ගෙදර ගියා නෙව

      Delete
  23. ඔහොම මතකයන් කාට කාටත් තියනව ඉතින්.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ චන්දන...
      ස්තූතියි මෙහෙ ආවට...
      සාදරයෙන් පිළිගන්නව...
      ජයවේවා

      Delete