Thursday, September 25, 2014

වැහි බිංදු

වැහි නැති දවසක
අව්ව මුවා කල
උඹෙ කුඩය
එක අනෝරාවක
වෙන කාගෙද අතක
මං ගැන ගානක් වත් නැතිව
තෙමුණ අපූරුව....



ප.ලි- ජංගම සටහන්

49 comments:

  1. Replies
    1. දේශිකා කුඩේ හදන්න දීලද නන කැඩිලා...

      Delete
    2. මටත් ඒක තමා හිතෙන්නෙ සිරා අය්යෙ....
      නැත්තං කාස්ටකේ වේලෙන්නෙ මක්කටද

      Delete
  2. ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...

    සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    පද රචනය - සුනිල් ආර්. ගමගේ
    ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ අපූරු සිංදුවකුත් එක් කරල...
      ස්තූතියි මනෝ....

      Delete
  3. Replies
    1. බකං නිලා සිටිනවා හැර නැද්ද

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඒ කුඩේ වට
    නොදැක්කාද නුඹ
    මගේ අතින් කල
    ලියකම් පෙළ?

    අදත් එදා මෙන්
    මම ඉහිලනතුරු කුඩ...
    බලන් උන්නු හැටි
    මහා වැස්සක වුව?

    ReplyDelete
    Replies
    1. ඒ හන්දාමද
      යන්නටම ගියේ වෙන්ව...
      හිතෙන් දුරකට

      Delete
  6. කුඩ ඉහලුනු
    අව්කාස්ටේ
    ඒ අතීතය මැදින්
    කුඩ නැතිව
    තෙමෙන කොට අද
    බලන් හෙමිහිට
    වැහි කැට පරයා
    වැටෙන කඳුළු කැට

    බයවීද හෙණ හඬට
    නුඹ

    ReplyDelete
    Replies
    1. වැස්සට වඩා බර
      කදුළු කැටයක
      බරට තිබුණේ
      අපේ අතීතය නොවෙද...

      Delete
  7. Replies
    1. හිහි...
      මත් නොවෙන බිදු...

      Delete
  8. ඉතින් යළි කුමකටද - නෙතින් ආරාධනා
    අතින් අත්හල විටදි - සෙවනකුත් නුමනා
    කාස්ටකෙ ගිය නමුදු - අතින් නුඹ බඳ බදා
    වැහි කෝඩෙ තනිව යමි - ලොවට පාමින් සිනා

    ReplyDelete
    Replies
    1. අපූරුයි කවිය දිලිනියො...
      ඇත්තටම ලස්සනයි...
      ජයවේවා

      Delete
  9. පට්ට කවියක් මහී... :) super

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි....
      මොකෝ මේ තැන් දෙක්ක...
      අමතක බැරි වුනා නේහ්

      Delete
  10. " එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
    මල් පිපුන ගහ ගාව තවම ඉඩ තියනවා
    නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
    මම තවම මට අහිම මගේ කවිය ලියනවා "

    https://www.youtube.com/watch?v=gAkLpGoUcyw

    ReplyDelete
    Replies
    1. අනාගත වාළුකා කතර මැද තනිවෙලා
      කෙසේ පා ඔසවම්ද සා පවස විද දරා...
      පුර පසක නොවී නුඹ අවපසක සද වුණා
      මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

      Delete
  11. මං තාම ඉන්නේ නිට්ටඹුවේ දන්නවනේ නිට්ටඹුවට සිග්නල් නෑ.. දැං හදිසි වැඩකට පස්යාලට යන ගමං. ලැප් එකත් උස්සං ආවා.. තව ටිකකින් ආයේ නිට්ටඹුවේ එතකොට ආයෙත් බඩු බනිස්...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහෙද යන්නෙ
      මල්ලෙ පොල් පුතේ...
      ඔහැක්

      Delete
  12. සුසුමක උණුසුම නොම විඳි හදකට
    සුසුමක් වුණේ ඔබයි..
    කඳුලක සිසිලස නොහැඟුණු නෙතකට
    කඳුලක් වුණේ ඔබයි..//

    මිහිමත සැඟවුණු විසිතුරු ලොවකට
    පියවර ලකුණ ඔබයි..
    විසිතුරු මිහිමත සැඟවුණු රුදු ලොව
    හෙළිකල දෙනෙත ඔබයි..
    සුසුමක උණුසුම නොම විඳි හදකට..
    හදවත පිරිමැද සිතිවිලි පොබකළ
    පැතුමක අරුණ ඔබයි..
    වදනට නොනැගෙන සිත තුළ ගොනුවන
    නොපිපෙන පැතුම ඔබයි..
    සුසුමක උණුසුම නොම විඳි හදකට..

    ගායනය - එඩ්වඩ් / මාලනී බුලත්සිංහල

    ReplyDelete
    Replies
    1. අපූරු සිංදුවක් අහල බලන්ට ඕන කලිං අහල නැද්ද මංද
      ස්තූතියි සිරා අය්යෙ මගෙ අකුරු වලට වටින කමක් දුන්නට

      Delete
  13. සමහරක් වෙලාවට එහෙමත් වෙනවා....... හිතන්න තරම් දෙයක් නැ. කවුරු හරි තෙමෙන්න ගිය කෙනෙකුට කුඩේ දෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හිහි... ඒ හන්ද වෙන්න ඇති නෙව ඒ කුඩේ ගත්තු කෙනාට තුරුළු වෙලා ගියෙ
      හිහි

      Delete
  14. සුපිරි පද ටික මහියො..

    ReplyDelete
  15. පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා

    ReplyDelete
    Replies
    1. පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා
      මගේ ම ලියුමක රටකජු ඔතලා ඇය මා හට දෙනවා
      ලියුම බලන්න ද රටකජු කන්න ද මගෙ හිත ළතැවෙනවා
      මගේ ම ලියුමක මොනව බලන්න ද මම රටකජු කනවා....

      Delete
    2. https://www.youtube.com/watch?v=BCEufZtmJ3M

      අනිවා මේක බලන්න. අමරදෙවයන්ම කියන කතා

      පෙරදිනයක මා පෙම්කල යුවතිය තවකෙකු දක්කනවා
      මගේම කලිසම ගජයට ඇඳගෙන ඌ තව හොට් වෙනවා

      Delete
    3. ඉවාන් අයය දැං නං පොඩි එකාට අවුරුච්චකට වඩා ඇති...
      දිලිනි බැලුවෙ නැතෙයි සොමිය දීලතියෙන ලිංකුව..
      හිහ ඒක නං පට්ට...
      මාස්ට සර්ම කියන කතා
      හෙක් හෙක්

      Delete
  16. තැවෙන්නේ කුමට අහිමි හෙවනට
    යනෙන මගතොට හමුවේවි
    ජීවිතේ නවාතැන්පළ

    ReplyDelete
    Replies
    1. මම ධනුද්ධර නොවුණත්
      හැමදාම මගෙ කතාවට
      ඉන්නව වැදි රජෙක්...

      Delete
  17. මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ ඇතුලේ තුරුළු වෙලා...
    අද ඔබ යනවා වෙනකෙකු බදා මා වැස්සේ තනි කරලා...
    කවුරුත් දන් නෑ මම දුකෙන් කියා මම රහසේ දුක් වින්දා...
    තවමත් මට ඔබ ගැන සිහිවීලා රෑ නින්දෙන් ඇහැරෙනවා...

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=_2tH_t5KreI

      Delete
    2. අය්යෝ.. සමාවෙන්න... මේ සින්දුව නම් අන්තිම සවුත්තුයි! එක්කෝ ලිරික්ස්, නැත්තම් මියුසික්, ඒත් නැත්තම් වොයිස් එක.... මොකද්ද මන්ද... අජූතයි

      Delete
    3. ඇත්ත ඇත්ත..මේක නම් පුදුම අජූත සින්දුවක්...

      සින්දුවක් කියල කියන්න අපිට ලැජ්ජයි...

      සමා ව ඉල්ලන්න දෙයක් නැහැ උපේක්ෂා..

      මහේෂ් ගේ පොස්ට් එකේ කුඩේ දැකල එක පාරටම කුඩේ ලිරික්ස් තියෙන සින්දුවක් විදියට මතක් වුනේ මෙච්චරයි..එකයි දැම්මේ..

      මෙව්වට සින්දු කියනවා නම් ඉතින් අමරදේව ල කියල තියෙන්නේ බයිලා වෙන්න ඕන...

      Delete
    4. හිහි මේකට ගැලපෙනවනං තමා...
      ඒත් අර උපේස්ස කියනව වගේ මද මංද...
      ලැක්ක කියල හිතුණ...
      විභිය තරහද මංද...

      Delete
  18. වාව් කවිය නියමයි...............

    ඇත්තට ම මහේෂ්............. ඔබේ නිර්මාණකරනය නම් අපූරුයි...............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු....
      ජයවේවා

      Delete
  19. මල් කුඩ ඉහලන මල් වරුසාවේ....
    කුඩ මිට ද අහිමි විය
    තවත් කුඩ ඇති ඕන තරම්
    අල්ලන්න ඉන් එකක්.. :D :D :D

    කවිය හොඳයි මහේෂ්. මං ඔය උඩ විකාරෙ කුරුටු ගෑවෙ ආතොල් එකට බව සලකන්ට :)

    ReplyDelete
    Replies
    1. කුඩ නනයක් වත් නෑ චන්දන අය්ය
      හෙක් හෙක්

      Delete
  20. අඩේ බොට මොනා වෙලාද? කොහෙද වහංවෙලා ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. සරිකිට් අවුලක් තිබ්බ බං තාම විඩින් විඩේ සෝට් වෙනව...
      හිහි
      තව ටික දවසකින් හරියයි

      Delete
  21. සීතල
    රාත්තිරියට
    ඔබම විතරක්
    උණුසුම සඟවන්
    යන්න යන හැටි

    ReplyDelete
    Replies
    1. මට නොදුන් උණුහුම
      වෙන කාටදෝ
      ලෝබ නැතිවම
      බෙදනහැටි

      Delete