Thursday, September 30, 2021
ස්ටවුට්, නට්ස් ඇන්ඩ් මෙමරීස්
Sunday, September 26, 2021
ස්මරණ 16 - රබර් ගලවා සරුංගල් යැවීමේ අවසානය
ස්මරණයන් ට නැවත පණ දෙන්නට සිතී ආපසු හැරී බැලූ කල මා දුටුයේ අවසාන ස්මරණය දිග හැරී වසර හයකට අඩු දින කිහිපයක් පමණක් බවයි. ඉනුත් මා කුඩා කල මතක දිගහැරි එක දිගට පරිච්ඡේද ලෙසින් ලියැවුණ අවසන් ස්මරණය ට වසර හතකට ආසන්න බව දුටුවෙමි. එකළ මා ලියූ දේ අද කියවන විට දැනෙන්නේ ආඩම්බරයකට වඩා ලැජ්ජාවකි. ඒ ඒවායේ අන්තර්ගතයන් නිසා නොවේ. එතරම් අපූරු භාෂා භාවිතයක් තිබූ මා පල්ලමකට අත හැරි ටයරයක් ඇදී යන තරම් වේගයකින් මොට වෙමින් පවතිනා බව දැනෙනා නිසාය. කෙසේ වතුදු මේ උත්සාහය ඒ නොස්ටැල්ජියාවෙහි ගැලෙන්නට නොවේ. පටන් ගත් ගැල ඉදිරියට ඇද අවසානයක් කරා ළං වන්නටය.
Tuesday, September 21, 2021
මයිබින්නාලංකාර - 01 මයින් - නාග කතා වස්තුව
![]() |
මොකාද බොල මේ තට්ට මයිනා |
මනුස්සය ඒ වෙලාවෙ හිටියෙ කැත්තකුත් ඇරං වැට මායිම දිගට වැවිල තිබ්බ කැලේ දෙරි ගහන ගමං. කිව්වට මොකද ඇත් පංතියක් වුණත් ලේසියෙන් හංගන්ඩ පුලුවන් ගාණට කැලේ වැවිල. හවස හා හා පුරා කියල කොටා බාපු බිත්තර ආප්ප හය හතත් යසට වැඩ කරන්න ඇරං තිබ්බ. කිව්වට ඇස්වාක් කටවාක් නෑ වාත පිට වෙන්න පටං ගත්තෙ බෙංගාල බොක්කත් කැළඹිලා යන තාලෙට. කාලෙකිං කැලේට වෙලා ඉන්නෙකේ නිදහසේ තුන් දොරම ඇරගෙන වාත පිටකරන්න තරං වාසනාවක් මනුස්සයට තිබ්බ.
Wednesday, September 15, 2021
Friday, September 10, 2021
දකුණු මායිමේ - හරුකි මුරකමි
මුරකමිගෙ "දකුණු මායිමේ" පරිවර්තනය කියවන්න කලිං මම කියවල තිබුණෙ ඉන්දික ලියපු කවි පොත් විතරයි. එතනිනුත් "හිතේ කෙටූ ටැටූ" නං ටැටූ එකක් වගේම නොමැකෙන්න පත්තියං වෙලා තිබ්බෙ.
Sunday, September 5, 2021
ප්‍රේමාලාප - වැහි පොදක මතකයක්..!
එළියෙ එක සීරුවට වහිනව. මේ තරං වෙලා කියව කියව හිටිය මුරකමි ගෙ "දකුණු මායිමේ"** පැත්තකිං තියල ටික වෙලාවක් වැස්ස දිහ බලන් හිටිය. උදේ ඉදං වහින වැස්සකට මනුස්සයෙක්ව කොයි තරං අලස කරවන්න පුලුවන්ද. සමහර විට රොමෑන්තික හැඟීමකින් පුරවල දාන්න වුණත් පුලුවන් ඇති. වැස්ස ගැන හුඟක් අය ඒ වගේ සටහන් ලියනව මම දැකල තියෙයි. වැස්ස එක්කම රසවිඳින්න පුලුවන් වැහි චිත්‍රපට පවා හැදිල තියෙයි . වතාවක් දෙකක් එහෙම ඒව බැලුවට ඒ චිත්‍රපට වලත් ලොකු විශේෂත්වයක් නෑ කියල මට හිතෙන්න ඇරං තිබුණ. ඒ වෙලාවට හිත ප්‍රේමයෙන් අනුරාගයෙන් පුරවන රොමෑන්තික ගතියක් නැතිව නෙවෙයි. ඒ වුණත් චිත්‍රපටයෙ රහ ටිකින් ටික මතකයෙන් මැකිල යන්න පටං ගත්තම ඒ දැනෙන්න ගත්ත හැඟීම් වුණත් වියළිලා යන්න පටං ගන්නෙ හරියට වැස්ස වැහැල නැවතිල දවස් දෙක තුනක් විතර අව්ව පායන්න ගත්තම තියෙන පරිසරය වගේ.