Tuesday, September 21, 2021

මයිබින්නාලංකාර - 01 මයින් - නාග කතා වස්තුව

         

මොකාද බොල මේ තට්ට මයිනා

නුස්සය ඒ වෙලාවෙ හිටියෙ කැත්තකුත් ඇරං වැට මායිම දිගට වැවිල තිබ්බ කැලේ දෙරි ගහන ගමං. කිව්වට මොකද ඇත් පංතියක් වුණත් ලේසියෙන් හංගන්ඩ පුලුවන් ගාණට කැලේ වැවිල. හවස හා හා පුරා කියල කොටා බාපු බිත්තර ආප්ප හය හතත් යසට වැඩ කරන්න ඇරං තිබ්බ. කිව්වට ඇස්වාක් කටවාක් නෑ වාත පිට වෙන්න පටං ගත්තෙ බෙංගාල බොක්කත් කැළඹිලා යන තාලෙට. කාලෙකිං කැලේට වෙලා ඉන්නෙකේ නිදහසේ තුන් දොරම ඇරගෙන වාත පිටකරන්න තරං වාසනාවක්  මනුස්සයට තිබ්බ.


        ඕං ඔහොම කොට කොට යන කොට තමා මේ සංගෙදිය වෙන්නෙ. මහත දෙහෙතට වැවිල තිබ්බ පොඩි සිංඥොමරං පඳුරකට කැත්තෙං කොටනකොට මනුස්සය දැක්ක හුඹස් කෙටියක්.

කතාවට කියනවනේ මිටි මිනිහයි කොට හුඹහයි විස්සාස කරන්ඩෙපා කියල. ඉතිං මිනිහත් මොකද කරේ කොරන වැඩේ පැත්තකිං තියල අර හුඹස් කෙටියෙ කට දිහට්ට ඇහැ ලෑව. පොඩ්ඩක් ඉස්සරහට නැමිල කාරිය කැත්තටත් වාරු වෙනකොටම බඩටත් පොඩී සැහැල්ලුවක් දැනුණ. ඒ දැනිච්ච තරම කොයි තරංද කියනවනං  දුන්න සැර මිසයිල් ප්‍රහාරයක් ආයෙ වරදක් කියන්න බෑ  කුණු බිත්තර ලොරියක් අන්ලෝඩ් කළා වගේ පුසුඹ.. හම්මේ ඉතිං ඈ.. 


************


        ගොයං කපල එළි වෙලා තිබ්බ වෙල්යායෙ සැපට බක බක ගාන ගෙම්බො තුන් හතර දෙනෙක්ට හීන් සීරුවෙ වැඩේ දීල අහවර කරාපු  උන්නැහේ බැරි බැරි ගාණෙ ෆුල් ටොප් වෙච්චි බඩ ගෙඩියත් වාං කොරන් අමාරුවෙන් බඩගාගෙන ඇවිත් ඇලට් එකක් දාගෙන හිටියෙ සැපට. ආයෙ සැප කියන්නෙ උන්නැහේ හිටියෙ දිවිය ලෝකෙ කර ගැට්ටට ඔන්න මෙන්න. 

ඕං ඔය වෙලාාව තමා දෙහ්.. බෙහ්.. ජරස්.. චස්.. පස්.. හුචස්.. අම්මෝහ් ගාන සද්ද බද්ද ගොඩකුත් එක්ක ඉඳ හිටල ප්රාාාස්... බ්රෝ..ඕ..ඕ..ස්  ගාල අමුතු  අමුතු සද්ද ටිකක් උන්නැහේට ඇහෙන්ඩ ගත්තෙ. ඕන කෙං ගෙඩියක් ⁣ගෙම්බො විස්සයි කියල නිදාගන්න හැදුවට හරියන්නෙම නෑ. දැං එන්ඩ එන්ඩ සද්ද බද්ද වැඩියි. ඕං දැං  ඔළුවට උඩිංම  ඒ සද්ද ටික ඇහෙන්ඩ ගත්ත  . ඒ මදිවට ප්රෝ..ස් බ්රෝ..ඕ..ඕ..ස් සද්දෙත් එක්ක හීං මී කුණු ගඳකුත් එන්න ගත්ත. 


මේ මොන මී සුසානයක්ද කියල බලන්න උන්නැහේ  "ප" යන්නත් නිකං "හ" යන්න කරං එළියට දැම්ම විතරයි.


***********


        මං හිටියෙ  ඒ වෙලාවෙ තට්ට මයිනගෙ  වැට මායිමේ රත් නවසි ගහ උඩට වෙලා.  ඔව් ඉතිං පොල් ගහකට නඟින්නෙ තණකොල කපන්න මිසක්කා  ඇට්ටි ගණං කරන්ඩයැ.. ගහට නැඟල පිහිය අතට ගන්ඩ වුණේ නෑ. මෙන්න මේ යකා එනව කැත්තකුත් අරගෙන. දැං මොකේ දං වළඳන්නද. ගහෙං බහින්ඩයැ. කරටිය උඩට ගොඩවෙලා හරිබරි ගැහිල වාඩි ⁣වුණා. පිපාසාවෙ බෑ. කීයට බහින්ඩ වෙයිද කවුද දන්නෙ.  ළඟම තිබ්බ කුරුම්බ ඉත්තෙං ගෙඩියකුත් කඩාගෙන  කපල ඇරං  ඕන්නං උගුරු පහ හයක් බොන්න ඇති. ආයෙ ඒකත් ලේසි පාසු ගහක් නෙවෙයිනේ.  කලයක් සයිස් ගෙඩි. මාත් කරන්න දෙයක් නැතිව විරෝගන මේකා දිහා බලනව. අහල පහළ ගස් වල කරටි දිහා බලනව. අපරාදෙනේ. නිකං හැදෙන ගෙඩිනේ. ගහටත් බ‍ර වැඩීනේ. ගස්සොල බරවත් හෑල්ලු කරල කරල දෙන්න එපැයි කියල.  ඉතිං මෙන්න මේකා එක පාරටම කොටන එක නවත්තල කැත්තට ඒම බරවෙලා හොඳට හරිබරි ගැහිල ඇරිය නේද වාතයක්. හම්මාහ්. එහෙම ගඳක්.  මට ගහේ කරටිය උඩටත්  දැනෙනව වගේ.. හම්මාහ්. නිකං කුණු බිත්තර වලකට පැනල නෑවත් එච්චර ගඳක් නැතිව ඇති. හ්ම්හ්.. ඒ වෙලාවෙ තමයි තට්ට මයිනගෙ මූණ ඉස්සරහින්ම  නයි තඩියෙක් මතුවුණේ.  ඒකගෙ "ප" හැබැයි නිකං "හ" යන්න වගේ. උටත් අරූගෙ වාතෙ සුවඳට සිහි විසංඥ වෙන්ඩ ගිහිංද කොහෙද. 


බුදු අම්මෝ…

....බුදු අම්මෝ....


        හිතාගන්න බෑ නයාද කෑ ගැහුවෙ තට්ට මයිනද කියල. නයි තඩිය පොඩි සිංඤමරං ගාලත් පොඩි පට්ටං කරගෙන දිව්ව දිවිල්ලක්.. ආයෙ නෑ කංකොට බඩ සෝමෙ පරාදයි. අනික් පැත්තට කොණ්ඩෑරුමක් ගහපු තට්ට මයිනත් ආත බූත කඩං දිව්වෙ නිකං මහ දවාලෙ කට කලු සෝම රෙද්ද කඩං ඉන්නව දැක්ක වගේ. ඒ දුවපු පාරට තට්ට මයින ගිහිං හැප්පුනේ නැට්ට උස්සං හිටිය රත්ති වැස්සිගෙ පස්සා පැත්තෙ. නහය හරියටම අතෙන්ට සෙන්ටර් වෙන්න, මෙච්චර වෙලාවක් තිස්සෙ සොබාදහම දූෂණය කළාට දඬුවම එසැණින් දුන්නද කොහෙද . මයින හැප්පුණ ගමංම වැස්සි කකුල උස්සල දුන්න පාරෙ සැරට මෑන්ගෙ නිබ්බුත පද දෙකම එක සැරේ නිවන් දැක්ක වෙන්න ඕන. මිනිහ අත්දෙක දෙපරැන්දෙ ගහගෙන බිම ඉන්දවෙනකොටම රත්ති කරන්න සූජානං වෙලා හිටිය වැඩේ පටං ගත්ත.


31 comments:

  1. සැක් විතරක්. අප්ප්ප්රසන්නයි.

    ReplyDelete
  2. මේ වගේ කතා ලිවිම තහනම් කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒ පාර මොකෝ.. 🙈🙈🙈😃

      Delete
    2. අපි දවල්ට කන්නේ නැත්ද

      Delete
    3. 😔😔😔 ඔහ්... ඒ තරං අපුලයි වගේද..
      මං හිතන්නෙ කතාව ලියන විදිහ ටිකක් වෙනස් කරන්න වෙයි වගේ නේද..?
      සොරි ඉතිං 🙂🙂

      Delete
    4. ඔය ඉතින් හපොයි තේරුන් ගත්ත හැටි. ඒ කිව්වේ හොඳයි කියල. එච්චරට මැවෙන්න ලියල. මේ ඉමොජි දාන්නේ කොහොමද බ්ලොග් එකේ

      Delete
    5. ඔහ්.. 😃
      ෆෝන් එකෙන් කමෙන්ට් කරද්දි පුලුවන්. නැතිනම් එමොජි වලට තියෙන කෝඩ් වලින් තමා. ෆෝන් එකෙන් කමෙන්ට් කරන එක ලේසියි. 🙂
      ස්තූතියි 🙏 🙏

      Delete
    6. 🤔😷😊 මේ මම ශෝක් එකට කම්පූටරෙන් ඉමෝජි දාන්නෙ. මම හිතෙන්නෙ ඉස්සෙල්ලම, ඉමෝජි කම්පූටරේ ඉන්ස්ටෝල කරල තියෙන්නෙ ඕනෙ. එතකොට රයිට් ක්ලික් කරාම "Emoji & Symbols" ඔප්ෂන් එක එනවා.

      Delete
    7. බසු තුමා ඒ ඉමොජි ඉන්ස්ටෝල් කරන සීන් එක නං දන්නෑ. ⁣ඒක ටිකක් බලන්ට ඕන.
      ස්තූතියි 🙏

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කොණ්ඩෑරුමක් කියන්නෙ කරණමක් කියන එකද? ලියල තියෙන රටාව නියමයි.මේ කාලෙට ඔබින්නෙ, මෙහෙම හිත සැහැල්ලුවෙන කතා තමයි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. කොණ්ඩෑරුම් කියල කරණමටත් කියනව. නැතිනම් හදිසියෙ කකුල් පැටලිල ඇද වැටිල කැරකිල ගිහිං නවතින එකටත් කියනව ❤️

      ස්තූතියි ඇගයීමට... ❤️❤️

      Delete
  5. සද්ධෙන වාතං නහී ගන්ධස්කාරං
    නිස්සද්ධෙන වාතං අති ගන්ධස්කාරං

    ස්වස්ති සිද්ධම්!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් උන්නැහේ, ඕක ඉතිං පාලි හයියෙන් කයන්න එපැයි ගතියක් එන්න. ඒ නිසා වෙන්නැති අපේ දුහුනෝ ඔය සොලෝකෙම මේන් මෙහෙම හෙලුවට නඟලා තියෙනවා.

      ඩෝං පඩේ - ගඳ නැතිය පඩේ
      චූස් පඩේ - මිනි මරණ පඩේ

      තරහ නැහැනෙ කිව්වට?

      Delete
    2. හෙළ ගී මියැසියට කවුරු නැතත් මං නං මනාපයි නොවැ ලොකු සර්.

      ඕක තවත් කෙටිකරලා පාලි හල් කොරන්නෙත් නැතුව සුද්ද හෙළ බසින් බාලාංශ පංතිවලදී ඉගැන්නුවෙ
      අඬ පඩේ ගඳ නැතේ
      ගඳ පඩේ අඬ නැතේ කියලයි ආයිබොවන්ඩ

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. ඔය ශ්ලෝකය බොහොම ගාම්භිර කාලෙට කිවුවා 3 Idiots film එකේ චතුර් රාමලිංගම්

      උත්තමම් දදදාත පාදම්
      මධ්‍යම් පාදම් තුචුක් තුචුක්
      කනිෂ්ඨම් තුඩ් තුඩීය පාදම්
      සුර් සුරී ප්‍රාණ ඝඨකම්

      Delete
    4. ඕ ඕ හැට්ටර.. අපිත් ඕක කියනව ඉස්කෝලෙදි නිතරම 😃😃😃

      @නිදි තුමා ඒමයි ඒමයි. 😃😃😃

      @බුරතීනෝ
      මතකයි සීන් එක අරුං කතාව වෙනස් කරපු තැන නේ.. ඕඩියන්ස් එක ඉස්සරහ මෑන්ව බුලි කරනවනේ 😃😃😃

      Delete
  6. මහේෂ්, බීභත්ස්ය රසය නං වැහෙන ලියවිල්ලක් තමා.....

    ReplyDelete
    Replies
    1. මම ටිකක් අසාර්ථක බව කමෙන්ට් කියවුවාම හිතෙනව. ස්තූතියි. මීළඟ පාර හාස්‍ය මෙයිට වඩා මතු කරන්න උත්සාහ කරන්නංකෝ..

      ස්තූතියි ගොඩ වැදුණට ❤️

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Replies
    1. හෙහේ... කෝමද හොඳද 😃😃😃

      Delete
  9. රහයි.කාලෙකින් කතාවක රහ දැනුනෙ.අවන්හල සරුවේවා!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මිතුරේ...
      අනිවාර්යෙන් ඉස්සරහට සරු කරන්නයි හිතං ඉන්නෙ... ඔයාල දිගටම ඉන්නව නං අපිත් ඉන්නෝ 🙏🙏❤️

      Delete
  10. ඉහත කොමෙන්ටුව සුජීවා වන මා විසින් එල්ලන ලදී

    ReplyDelete
  11. වවුල තාම මෙතෙන්ට ඇවිල්ල නැද්ද?
    னයා ඌව හොයනව.

    ReplyDelete
    Replies
    1. වවුලගෙ හොල්මන ඇවිල්ල ගිහිං තිබ්බ ඕං... 😃😃😃
      දැක්කොත් කියන්නං ණයා හොයනව පරිස්සං වෙලා ඉන්ටය කියල 😃😃😃
      🙏🙏🙏

      Delete

  12. අයියෝ..... සද්ද බද්ද ටික තමා හිනා කාල මැරෙන්නෙ

    ReplyDelete