Wednesday, September 15, 2021

ගිණි පුපුරු විසි වෙන්නෙ ඇවිලන්නමයි..!

 

කිනකොට ලස්සනයි

බලං ඉන්නත් ආසයි

ඇහෙනවා නිතරෝම

සිනාසෙමි ඉවසාන.,


ඒ වුණත් ගිණි පුපුරු

බලන්නෙම ඇවිලෙන්න

නිවී ඉන්නෙත් මෙහෙම

කැමැත්තෙන් නෙවෙයි.,


ඇවිලෙන්න ආසයි

ඒ වුණත් ගිණිගන්න පපු කැනති

නිවන්නට බෑමයි

මහතුනේ ඔය වදන් කඳ

අපේ බඩ පුරවන්නෙ නෑ සත්තයි..



ඡායාරූපය ගත්තෙ -  ආ... ඒක මගෙ එකක්..

5 comments:

  1. හා... හරි හරි. (මං කිව්වෙ ඡායාරූපය ගැන) කවිය ගැන පස්සෙ කියන්නං

    ReplyDelete
    Replies
    1. ‍හෙහ් හේ... කියාන්කො ඒනං

      Delete
  2. වැඩිය මුණනොගහෙන මාතෘකාවක්. අපූරුයි

    ReplyDelete