Sunday, December 5, 2021

ස්ටවුතියාව - 04 ශාරධා - i

    තෙවැනි දිගහැරුමට    

         ත්සව ශාලාව පුරා බටහිර සංගීත නාදයෝ ඝෝෂා පවත්වමිනි. කාගේම හෝ සවන් යුඟක් නිස්කාංසුවේ තබන්නට අකමැත්තේ මෙනි.  නීල පීත ලෝහිත ඕදාත  ආදී නෙක වර්ණයන්ගෙන් ප්‍රභාස්වර වෙමින් ශාලාව තුළ එළිය වපුරමින් නෙත් වියවුලට පත් කරමින් සැණකෙළි වර්ණ මවමිනි. තැන තැන ඕපාදුප කටගැසුම් පිඟන් අට්ටි ගණනට සිස් කරන නෙක  පැහැ ඇඳුම් ආයිත්තමින්ද  පමණට වඩා තරුණ පෙනුමක් ගන්නට උවන සිසාරා වත්සුණු තවරාගත් ලලනාවන්ය. ඔසරිය සමඟ ඇටමාලය රත්‍රං වලලු ය. සාරියට ඉමිටේසන් සෝබනය. ඉඳ හිටක පාවෙන තට්ටු වළාකුළු ගවොම්ය. අතරින් පතර ඇස් වලින් මල් හි විදින අනංගයන්ය. ශාලාවේ පසෙකම සැණෙළි විදින නිශ්චල  ඡායා හරඹයන්ට මැදිවන යුවලය. මම තනිවමය.

            ඇගේ ඇරයුම් පත තැපෑලෙන් පැමිණියේය. නන්නාදුනන අංකයකින් ඇමතුමක් ආවේය. ඔයා එන්නම ඕනෑයි කියූ කිංකිණි රාවයක් ගලා ආවේය. සවනද්දරින් පටන් ගෙන සියුම් කේශ නාලිකා පවා කුල්මත් කරන ඉසියුම් ස්වරයක් මා ගත මොහොතකට කුල්මත් කළේය. ගොළුව ගිය මොහොතක් ගතවිණ. ඉසියුම් සුස්මනයක හඬක් විද්‍යුත් අවකාශය හරහා පාව විත් සවනත හැප්පුණි. කොහේදෝ ඈතාභ්‍යන්තරයකින් මතුව ආ එලියක යුවළක් දඟ කරන සිතුවමක් මනසද්දර මැවුණි. 

මට ඔයාව හම්බෙන්න ඕන. එකම අවසාන වතාවකට...

කොහේදෝ අස්සක හැංඟී තිබූ වචන කිහිපයක් එළියට පැන්නේ ය. දුරකථන මං දිගේ පැන දිව්වේය. ඈ සවන් සිම්බේය.

තවත් සුස්මක්...

බ්..බෑ..හ්..

දුර්වල හඬක් සවන් රිද්දමින් ඇණි නොඇණී ගියේය.

ඕන තැනකට.. ඒත් එනව නං සදහටම.. නැත්තං නෑ...

                හදිසියේ රැහැන් රහිත දුරකථන මාර්ගය තුළ අති ධ්වනිකාරී බෝම්බයක් පුපුරා ගියේය.. අත වන  ජංගමය ඇතිවම මා තිගැස්සී ගියෙමි. යහනත ඉන්ද වුණෙමි. ඒ භයංකර බෝම්බයට පසු මොහොතක නිහැඬියාවක් ගලන්නට විය. කිලෝ ටොන් එකක ජලකර බෝම්බයකටත් වඩා ඒ නිහැඩියාව සවනට පීඩා කරන්නට වන්නේය. ශබ්දයක් නැති කම සවන් හාරා දැම්මේය.

           ඕන තැනකට.. ඒත් එනව නං සදහටම.. නැත්තං නෑ... ඒ වචන කිහිපය නිහැඩියාව තුළ කුණාටුවක්ව හමන්නට විය. භූමිකම්පාවක්ව දෙදරන්නට විය. සුනාමියක්ව ගොඩගලන්නට විය. මා හෘදයාභ්‍යන්තරය ගිණි තියන්නට විය.

            අවසානයක් නැතැයි හැඟුණ මොහොතකට පසුව දුරකථනයේ එහා ඉමෙන් ඉසියුම් හඬක් නික්ම මා සවන් සිපගත්තේය.

එන්න.. ඇවිත් යන්න.. ඔයාගෙ නැතිව වෙන කෙනෙක්‍ගෙ වෙන මගෙ මූණ බලල යන්න. ඒ මූණ බලල සතුටු වෙලා යන්න. මම අඬද්දි හිනාවෙලා යන්න.

ඇමතුම විසන්ධි වන හඬ අකුණක්ව සවන් පාරා දැමුවේය.

අතීරණාත්මක දවස් ගණනක් ගතවිණ.

            ඉදින් තනිව මම මෙතැනය. ඈ එතැනය. ඔහු ඈ අත අත නෑරම ඉන්නේය. උස්සා දුවන්නට තරම් තෘෂ්ණාබරිතය. එහෙත් අලසය. උදාසීනය. නමුත් පෙම්වත්ය. ඈ කය මනලෝලය. මනහාරය. අතැර යා නොදෙන සුළුය. අමතක නොවන සුළුය. ඈ හා ගෙවූ හෝරාවන් මතකයෙන් පළවා නොහැරිය තරමට තෘෂ්ණාබරිතය. ලාලසවත්ය.

                හදිසියේම මා අසලම යමෙක් අසුන්ගන්නවා දැනි මා හිස හරවා බැලීමි. නාදුනන්නියකි. මා දෙස බලන්නී මද සිනා පාන්නීය. ප්‍රති සිනහවක් පාමි. යළිඳු අන්සතු ඇය දෙස බලමි. හිත නිවාගමි. බිඳ ගමි. සුසුම් ලමි. නොහඬා හඬමි.

            හදිසියේ ආ මිතුරු කුණාටුවකින් ඈ ද ඔහු ද වටවී ගියේ ය. දෑස් ඉබාගාතේ පා වෙන්නට විය. නන්නාදුනන්නිය අස නෙත් නැවතිණ. ඇය ද ඒ මේ අත බලමිනි. ජංගමය ඔබමිනි. අඩක් අවසන්ව ගිය රක්ත වර්ණ පෑ සිසිල් බීම බඳුන ඈ සිහින් අතැඟිලි වලට සිරවය. නිදහසේ කඩා හැලෙන තෘතීමව සෘජු කළ  කෙස් කළඹ ඇඟිලි තුඩින් නිරන්තරව සකසමිනි. ඈ සවනටත් වඩා විසල් අරුංගල් වළළු ඈ මුහුණට අපූරු පෙනුමක් එක් කළාය. ඊටම සරිලන අඳුරු පැහැ ඒක උරහිස්මය ගවොමය. අත රිදීමය ඔරලෝසුවකි. එපමණකි.  හදිසියේ ඈ මවෙත හැරුණි. ඉවත බලන්නට අවකාශයක් නොවූයෙන් මා සිනාවක් පා කරමි. ප්‍රති සිනහවකින් මහට සංග්‍රහ කළ ඈ ම දෑස් මත එක එල්ලේ සිය දෑස් තත්පරකලේ යළිත් වතාවක් සිනහවක් පා සිය ජංගමයට එබුණාය.

                යුවළ සිය මිතුරු පිරිවර හා සල්ලාප වෙමිනි. සෙල්ෆිමය මොහොතක් ගෙවමිනි. සිනහවන් විසුරුවමිනි. කිසිත් නෑසෙන ඒ කතා මා හද පාරමිනි. හුන් තැනින් නැඟිට ගමි. කබායට උඩින් ගෙල වටා ඇති ස්කාෆය මදක් සකසමින් එතැනින් නික්ම යමි. යම් විමර්ශනාක්ෂියක් මා පසුපස ලුහු බඳිනු දැනෙන්ට වුව ද ආපසු හැරෙන්නට සිතක් නොවී.  ශාලාව පුරා නොඋන් පුරුෂ පරාණ සියල්ලම එකට කැටිවෙමින්, කැළතෙමින්, දියවෙමින් උන් මධු සාදය තැනෙක ප්‍රිතිමත්ව ද තැනෙක උද්යෝගීමත්ව ද තැනෙක හැඟීම්බරවද තැනෙක ඇල්මැරුණ ස්වරයෙන්ද ගලා යමිනි. මා ඒ අතරින් පාව යමින් ‍කවුන්ටරය වෙත පියමනිමි. මත්පැන් කවුන්ටරයෙහි සිටින්නා මා කැමැත්ත විමසයි. අනුමැතිය ලැබීමෙන් පසු විස්කි බඳුනක් ගෙන අයිස් කැට කිහිපයක් දමන්නේ විස්කි ස්වල්පයක් වත් කරයි. මා ඇණවුමෙන් ප්‍රමාණය වැඩි කරන ඔහු ම දෙස බලයි. අයිස් කැට ගිලෙන සීමාවේ ඔහු නවත්තන මා වීදුරුව ඔසවා තුති ඉංගිතයක් පාමින් එතැනින් පිටවෙමි.  ශාලාව පුරා වියරුවෙන් ආධිපත්‍ය පතුරමින් සවන් බලහත්කාරයෙන් ආක්‍රමණය කරන සංගීතයට ද ආලෝක වැසි වස්වමින් නෙත් කෙවෙණි පාරන ආලෝක සැණකෙළියටද පිටුපාමින් ශාලාවේ පසෙක වන දොරක් විවර කර කුඩා සඳැල්ලකට පිවිස දොර වසා ලමි. සංගීතය සිය රිදවුම් සරින් පහත් ස්වරයකට පිළිපන්නා සේ ය. එළිමහන් වාතාශ්‍රය ප්‍රාශ්වාස කරමින් පපුව පුරවා ගමි.  සීතල සුළං රැල්ලක් මා වටා වෙළෙමිනි.  රාත්‍රිය මනරම්ය. සිහිල්ය. එහෙත් හුදකලාය. විස්කි බිඳක් උගුර තෙමාලමින් සිත උණුසුම හැඟීම් පුරවන්නට වෙයි. මුව ගොළුය. සිත දොඬමළුය. සඳැල්ලේ ආවරණයට බරවී රාත්‍රිය විනිවිදින දෙනෙතින් වැව් තලය දෙස බලමි. එහා ඉවුරේ තැනක දෙකක දැල්වෙනා විදුලි පහන් වැව් දිය චමත්කාරයක පුරවමිනි.

                එකවනම මා අවධානය බිඳුණි. සංගීත කාහලය  සදැල්ලට පිවිසෙන දොර විවර කරමින් සවන් හරහා මොහොතකට එබුණි. යළි පැරද ශාලාව තුළ සිරවුණි. මා හට හැරී බලන්නට අවැසි නොවිණ. සිත නොරිස්සුම ඉතිරුණි. එතැනින්  නික්මෙමියි සිතමින් සදැල්ලේ වාරුවෙන් බර ඉවත් කළෙමි. නන්නාදුනන්නී ය මා අබියස ය. මුවඟ දුම්වැටියකි. කලබලකාරී අත් සහ මුව සුළඟ හා පොරබඳමින් දුම්වැටිය අවුලුවන්නට උත්සාහ කරමිනි. ආවරණිත අතෙහි පිහිටෙන් එය දිප්තිමත්ව දැල්විණ. කලබලයෙන් දුම් උගුරු දෙක තුනක් පෙණහලු තුළට ගත්තී සන්සුන්ව යන්නට තනමින් දුම ආපසු පිට කළාය. නැවතත් නැවත නැවතත් වටපිටාව ගැන අවබෝධයකින් තොරවම. දුම් වළල්ලක් පිටවන සෑම තත්පරයකදීම ඇය මදක් සන්සුන් වන්නට වූවාය. හදිසියේම ඈ මා දුටුවාය.

ඇයි කළිං සිගරට් බොන ගෑනු දැකල නැද්ද.

දුම්බිම ගැන සමාවක් ඉල්ලීමකින් ‍තොරවම ඈ වදන් වැලකින් මට දමා ගසන්නීය. සිනහවකින් ඈ වදන් ප්‍රතික්ෂේප කරමින්ම මා මත් බඳුන මුවට ළං කළෙමි.

ඕ..හෝ.. ඔයා නේ අර මට එහා ඉදං බ්‍රයිඩ් දිහං බලං හූල්ල හූලල හිටියෙ..

මා විස්මපත් වෙමිනි. ඊටත් වඩා නොරිස්සුම් සහගත වෙමිනි.

මම ඉඳගෙන නං හිටිය තමා. ඒත් මොන එහෙකට හූල්ලන්නද. තනියම...එපා වෙලා ... 

මම බොරුවක් නොවන බොරුවකින් දමා ගසමි. එය පිළිනොගන්නා උපහාස ඉංගිතයකින් කට ඇද කළ ඇය දුම් උගුරක් ඉහළට ඇද්දාය.

මටත් එපා වෙලා හිටියෙ. මම දැක්ක  ඔයා තනියම ඉන්නව. ඒත් ළඟට ආවහමයි දැක්කෙ මනමාලිව ඇස් දෙකෙන් කන්ඩ හදනව. 

ඈ සරදම් සිනහවක් පාන්නීය. මම නිරුත්තර වෙමි.  නිශ්ශබ්ද මොහොතක් ගතවෙයි.

මට ඉන්විටේෂන් ඇවිත් තිබ්බ. ඒත් චිට් එක්කුත් තිබ්බ.

ඈ අනාරාධිතවම කතා ලතා සදන්නීය. මම ඈ දෙස බලමි.

ම දෑසේ වූ ප්‍රශ්නාර්ථය ඇය  දකින්නට ඇත.

එන්න එපා කියල.

සැහැල්ලු වදනක් විසිකරමින් ඈ සිනාවක් රාත්‍රී අහසට පා කළාය.

මා මුවින්ද සිනහවක් විසිරුනි.

මට නං අනික් පැත්ත.

අවසන් විස්කි බිඳුව ද  උගුර හරහා හවමින් මම කීවෙමි.

ඈ නැවතත් සිනා විසි කරන්නට විය. හිස සලමින් සිනා සෙන්නට වූ ඈ අත වූ සිඟරට් කොටය සදැල්ලේ ආධාරකයෙහි ඇන අතහැරියාය. මා දෙස බැලුවාය.

මට හිතුන...

ඈ නැවතත් සිනා සුනාය.

මොකක්ද..

මං වගේ තවත් ඔටුවෙක් කියල...

....

‍ස්..සොරි සොරි...

ඇගේ සිනහවට නිමක් නොවීය. මා ඉවසිලිමත්ව බලා උන්නෙමි.

ඈ සිය අත වූ ඔරලෝසුවට නෙත් ‍යොමු  කළාය.

අපි යන්ද..

කොහෙද..

එහා  පැත්තෙ තියනව හොඳ  රෙස්ටොරන්ට් එකක් . මට යකෙක් කන්න තරං...

ඈ අත දිගුකරන්නේ වැවෙන් එහා පැත්තටය.

මම හිතුවෙ බිව්වෙ මම කියල..

මා ඈ උපහාසයට ගනිමිනි.

නෑ..හ්.. මට මෙතනින් කන්න උවමනාවක් නෑ.

මොහොතක නිහැඩියාවකි.  

ඔයාගෙ අත අල්ලගෙන අර දෙන්න ඉස්සරහට ගිහින් දෙන්න එක්ක බලෙන්ම ෆොටෝ එකක් ගහල මූණ  ඉඹල විෂ්  කරල ලියුං කවරෙකුත් දීල ඒ මූණත් තහඩුව බලන්ඩයි මට ඔ්න. ඔයාව දැක්ක වෙලේමයි  මම ඒ්ක ප්ලෑන් කළේ.  කැමතිද.

            ඈ කුමන්ත්‍රණකාරී වෙමිනි.   බලහත්කාරී යෝජනාවක් කරන්නීය. මා ද ඊට ඈදන්නට තනන්නීය. මා ගල් ගැසි යමිනි. වික්ෂිප්ත වෙමිනි. ඈ බස් බැහැර කරන්නට තතනමිනි.  එවැන්නක් සිහිනෙන් හෝ මා සිතා නොසිටියෙමි. මෙතැන රැදෙන්නට අවැසිතාවක් නැති බව ඇත්තය. එහෙත් ඈ  රිදවන්නට වුවමනාවක් නැත.

ම..මම මොකටද එහෙම කරන්නෙ.. මම ඔයාව දන්නෙ වත් නෑ... මම නිදහට හේතු විසිකළෙමි. ඒවා දියාරුය. පිළි‍නොගන්නා සුළුය. ප්‍රතික්ෂෙප වන්නටත් පෙරම ප්‍රතික්ෂේපිත වන සුළුය.

ඕහ්.. මම ශාරධා... අනික එයා බැන්දෙ ඔයාව නෙවීනෙ. අර මූකලං බස්ස නේ.. මොනවට හිතනවද. ඊටත් සත්‍ය ප්‍රේමවන්තයෙක් වගේ හැසිරෙන්න ඕන නං එයාගෙ හිත හැදෙයි කියල වත් හිතල ඔයා මේක කරන්න ඕන.

-මතු සම්බන්ධයි-

පස්වන දිගහැරුමට



සමාව භාජනයක ලෑම - වැඩ වැඩිය. ඉඳ හිටක බුකිය දිගේ උඩ පහළ ඇදුනද පෝස්ටුවක් කියවන්නට ලියන්ට නිස්කාංසුවක් නොවීීය. හැකි සෑම විටම  පුළුවන්  විදිහකට හැම තැනකටම ඔළුව දමා යන්නට එන්නෙමියි කියමි. අදට නවතිමි.


45 comments:

  1. Replies
    1. වැටවල්ම ගහන්නෙ.. මොනා හරි දොඩනෝකො.. සෑහෙන කාලෙකින් දැක්කෙ ආයිබංඩ.. 😃😃😃

      Delete
    2. හුටා! මේක දැක්කෙ දැන් නෙව?🤔😂🤣
      //අනික එයා බැන්දෙ ඔයාව නෙවීනෙ. අර මූකලං බස්ස නේ.//

      මේවට මුකුත් කියන්න බයයි ලොකා. කොහෙන් කට වැරදිලා පත්තුවෙයිද නොදන්න නිසා?🤔

      Delete
    3. මොනා කිව්වත් මොකෝ අනේ.
      ස්කන්ධය දිරල ඉතුරු වෙන්නෙත් ආතල් විතරයි නේ.
      ඕක බසූ ඒම් කරල ලිව්ව එකක්මත් නෙවී ඉතිං. (නැත්තං තරහ වුණොත් හේම)
      😂😂😂

      Delete
    4. අඹතලේ චරිතාත් ඉන්නවද මේ කතාවෙ?

      Delete
    5. ශාරධා කියන්නෙ චරිතාගෙ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකක් වෙන්න පුලුවන් නේද 🙈🙈🙈😃

      Delete
    6. සත්ත පේමවන්තය ලිං පඩියෙ ලිස්සුවනෙ එහෙ

      Delete
    7. 😂😂😂😂😂😂
      සත්ත පේමවන්තය නිදි ඇති නේ. 🙈🙈

      Delete
    8. අමූලික බොරු, ඒක ලිඳක් නෙමෙයි නාන පොකුණ.😂

      Delete
    9. රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
      මල්මද බිසවුනි කොයිදෝ යන්නේ...

      චාකක බූකක චාකක බූ...
      😂😂😂

      Delete
    10. බස්සා ට එහෙමද වුනේ. මම ත් හිතුව මේ අපේ කාගේ හරි කතාවක් කියල. බලනකොට D G M

      Delete
  2. ස්වීට් රිවේන්ජ් මම නං හරි කැමති දෙයක්
    ශාරදා හරිය, ඒකට දෙමි ලකුණක්
    පරාජිත හැඟුම් වෙත දී පා පහරක්
    ඉස්සරහට යන එක නං නියම වැඩක්!

    ReplyDelete
    Replies
    1. අපූරුයි ඒ කවි කමෙන්ටුව.. 😃😃😃
      බලමු ශාරදාවෝ ඉස්සරහට මොනව කරයිද කියල. 😃😃😃
      ස්තූතියි ❤️

      Delete
  3. අන්න කෙල්ලො.

    හැබැයි මම සිගරට් බොනෙවුන්ට කැමැති නෑ. නෑ නෑ, ගෑනුන්ට විතරක් නෙවෙයි, පිරිමින්ටත්. සිගරට් දුම නාහෙට වදිනකොට මට ඔළුව කැක්කුම හැදෙනව.

    ReplyDelete
    Replies
    1. මං සිගරට්වලට ලොකු කැමැත්තක් හෝ අකමැත්තත් නෑ.
      සුරුට්ටු හා පයිප්පවලටනම් හුඟක් කැමතියි

      Delete
    2. අන්න කෙල්ලො//
      සැර් බුරා සන්තෝසෙන් නං මාත් සන්තෝසෙන්.
      මම මෙයාට සිගරට් එකක් දුන්නෙ වෙනසකටත් එක්ක. 😃😃 නැත්තං ගෑල්ලමයි තරහ වුණොත් සම අයිතීන් දෙන්නෑ කියල 🙈🙈🙈

      සිගරට් වලට නං මමත් මනාපයක් නෑ. නමුත් අවස්ථානුකූලව පොඩි වෙනස් කමක් කරන්නත් ඕන නේද.

      ඉස්සරහට බලමු ශාරධා මොනව කරයිද කියල 😉

      Delete
    3. @ප්‍රා.. කමෙන්ට් එක දැක්කෙ දැං. සුරුට්ටු වලට කැමති මගෙ දෙවනි මිත්‍රයා තමයි ප්‍රා.. 😃😃😃
      ඒ ෆීලින් එක වෙනස් ද.

      Delete
    4. @ සැර බුරා ගෙන් අද මට අදහසක් නෑ. 😔😔මෙතන වෙනස් වෙන්න ඕන වචන දෙකක් තියේ.

      Delete
    5. මමත් සිගාර්ස්වලට නං කැමැතියි ප්‍රා. හැබැයි ඒක වෙනමම ආර්ට් එකක්. සහ එක්ස්පෙන්සිව් හැබිට් එකක්.

      // ඒ ෆීලින් එක වෙනස් ද //

      හොඳ කෑම වේලකින් පස්සෙ බ්‍රැන්ඩි ඩිංගක් දාපු කොෆී එකක් එක්ක සිගාර් එකක් කියන්නෙ වෙනමම විඳින්න පුළුහං ෆීලිං එකක්.

      Delete
    6. // වෙල්කම් ඩ්‍රින්කය
      ස්ට්‍රේට්මය කෙස් කළඹ
      ෂෝල්ඩරීය ගවොමය
      රිදීමය ඔරලෝසුවකි //

      අර උඩ දාපු තුනෙන් පස්සෙ රිදීමය ඔරලෝසුවක් කියන්නැතුං සිල්වරීමය ඔරලෝසුවක් කිවුවානං ගැලපෙනවා. :-D

      // සෙල්ෆිමය මොහොතක් //

      මේක සිරා

      // සැර බුරා ගෙන් අද මට අදහසක් නෑ //

      අදහස් කිවුවෙ නෑ ඉතින්. හැමදාම ඇවිත් ඇදකුද විතරක් හොයනවා වගේ වැඩක් නෙව ඒක. ඒකයි.

      Delete
    7. රිදීමය රිස්ට්වොචය

      Delete
    8. මං පයිප්පෙටත් කැමතියි. ලෝර්ඩ් බුර්ගෙ රටේ යාලුවෙක් දුන්න එක පාවිච්චි කරනවා. එහෙ ගිය වෙලාවක මං ගත්ත පයිප්ප දුම්කොල ෆ්ලේවර්ස් 3කින් තියනවා. කෝවිඩ් කාලෙ නිසා ලඟදි පාවිච්චි කලේ නෑ. එකම ප්‍රශ්නෙ පත්තුකිරීම හා පවත්වාගෙන යාම ලේසි නෑ.

      චොකලට් එක්කත් බ්‍රැන්ඩි නියමයි. ඒත් කොහොම බොන්නද. එම්ආර්තුමා දන්නවනෙ. බ්‍රැන්ඩි තියා අරක්කු පාවිච්චි කරන්නත් මිලියනයර් කෙනෙක් වෙන්න ඔනෙ ලංකාවෙ දැන්.

      Delete
    9. චොකලට් එක්කත් බ්‍රැන්ඩි? දෙකම මෙහෙ ලාබ නිසා, විදිහ කිව්ව නං, උතුමාණෙනි?

      Delete
    10. ඇයි මයෙ බකමූණු තාත්තෙ, අහන්නකො අන්කල් ගූගල් ගෙන්.

      Delete
    11. බස්තුමා,.
      එකක් - ඩෙසර්ට් එකට චොකලට් කන ගමන් බ්‍රැන්ඩි සිප් කිරීම

      තව එකක් - ආෆ්ටර් ඩිනර් බ්‍රැන්ඩි සිප් කරන ගමන් චොකලට් හැපීම

      තවත් එකක් - බ්‍රැන්ඩි ලිකියර් පුරවපු චොකලට් කන්න

      Delete
    12. සමාවෙන්න ඕන ප්‍රමාදයට. වැඩ වැඩිවෙනකොට ඩාම් ූම් වෙනව නොවැ.
      @සැර් බුරා
      ඇදකුද හෙවිල්ලක් නෙවී නොවැ. වැරැද්දක් පෙන්වා දීමක් නේ. මමත් පුලුවන් තරම් සිංහලයෙන්මයි ලියන්න හදන්නෙ. ඒත් ඇත්තටම සමහර තැන් වලදි හිරවෙනව. පසු සංස්කරණයකදි වුණත් මඟැරෙන්න පුළුවන් නෙ.

      රිදීමය ඔරලෝසුවක් කියන්නැතුං සිල්වරීමය ඔරලෝසුවක්// සැර් බුරා පිළිගනීද මංද මුලින් ඔතන තිබ්බෙත් සිල්වරීය ඔරලෝසුවක් කියල 😀😀

      ෂෝල්ඩරීය ගවොමය// මේක ඒක උරහිස්මය ගවොම කියල වෙනස් කරනව. වන් ෂෝල්ඩර් ෆ්‍රොක් කියන එකට ගැලපෙන තේරන නමක හදාගන්න ෑහෙන්න වෙලා ගියා.

      ස්ට්‍රේට් කෙස් කළඹට නං වචනයක් තාම නෑ
      😀😀

      ඔය බ්‍රැන්ඩි කතාවට ලංකාවෙ ඒව හරියයිද. ඔක්කම එසන්ස් නේ.
      @ප්‍රා.. අපි හම්බුණ වෙලාවක ටිකක් ට්‍රයි කරල බැලුවොත් හොඳයි හිතෙනව
      😀
      @බසූ.. එන්ජෝයි කරල පෝස්ට් එකක්ම දාමු..

      මේක අවන්හල නෙව ආයිබංඩලා. මේකෙ කෑම බීම කතා කරන්නැත්තං වෙන කොහෙ කරන්ඩද හා...
      මගෙ සන්තෝසදායකම දේ තමා සංවාදය 😀😀😀😀😀😀😀 සහ කෑම බීම

      Delete
    13. ස්ට්‍රේට් කෙස් කළඹ -> ඍජු කල කෙස් කළඹ

      ෂෝල්ඩරීමය ගවුම කිවුවෙ one shoulder frock කියන එකද? හුටා! මම හිතුවෙ shoulderless frock කියල.

      Delete
    14. ෂෝල්ඩරීමය ගවුම/// වන් ෂෝල්ඩරීමය ගවොම කියල නේ තිබ්බෙ හිහි

      Delete
  4. ඉසියුම් කියන්නෙ සියුම්වල අල්ට්‍රා එකද?

    ReplyDelete
    Replies
    1. ඔව්..
      ඉසියුම් > ඉතා සියුම් වගේ අදහසක් දෙන්නෙ. 🙂

      Delete
    2. ඔය නොදන්න අණ්ඩර දෙමළ වලට හොට දාන්න ගියොත් "සුං".🤔

      Delete
    3. අණ්ඩර දෙමළ නෙවී පිංවත.. සිංහල. සිංහල. 😃😃

      Delete
    4. සම්පූර්ණ ඇත්ත බස්තුමනි.

      //සුස්මනයක// //ඉංගිතයක් // වගේ එස්කිමෝ බාසාවෙන් එලු හා පාලි හරහා සිංහලට වලට ආව වගේ වචනත් තිබුනා.
      ඒත් ඒවායේ පෙලපත අහන්න බය හිතුනා.

      //වෙල්කම් ඩ්‍රින්කය // ගැන සිංහල ලැන්වේජ් හෝලිඕඩරයේ ග්‍රෑන්ඩ්මාස්ටරයන් වන ලෝර්ඩ් බුර් තාම යුද්ධ ඩික්ලෙයාරකරණයේ යෙදීත් නෑනෙ සෝ ෆාර්යේ.

      Delete
    5. මමත් ඒකට අදහසක් සැර් බුරා දෙයි කියල බලං උන්නෙ. තව වචනයක් තියේ හැදෙන්න ඕන. ප්‍රා තුමාට ඒක සෙට් වෙලා නෑ තාම 😃

      Delete
    6. ඇක්චුවලීම කියනවනම් මම ඒ වර්ඩයන් හොයන්නම ගියෙනෑ. ඕල්මැ වර්ඩයන් ලෝර්ඩ් බුර් කියයි යන එක්ස්පෙක්ටේෂණය තිබුන නිසා.

      Delete
    7. @ප්‍රා බෝම අමාරුවෙන් ටික ටික ඇදං යන්නෙ. සතතාභ්‍යාසයක් නැති කමින් මම නොසෑහෙන්න මොට්ට වෙලා

      Delete
  5. අන්සතු ඇය දෙස තමයි බැලෙන්නෙ

    ReplyDelete
  6. ප්‍රේමය ශෘංගාරය විඳින්නට වයස බාධාවක්ද?

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නෙ. ඒම කවුරු හරි කියනව නං කනට දෙකක් ගහල Hugh Hefner ව පෙන්නන්ට පීස්

      Delete
  7. අඩෝ this is getting better and better...

    ReplyDelete
  8. යකෝ මෙච්චර කල් කල් මරලා අද කියෙව්වෙ. මෙයාද ශාරධා එතකොට? මම හිතන් ඉඳියේ කලින් විස්තර කරපු එක්කෙනා කියල.

    ReplyDelete