Thursday, April 28, 2016

හා හා ඉතිං පෝළිමට ආව නං.. හිත එපා.. හිත එපා.. අත දෙන්න..අත දෙන්න.. අත.. අත...

                                                                හිත එපා අතයි ඕන කිවම මෙන මොනව හරි හිතයිද මංද... හෙහ්.. කෝමත් අපි එහෙම නෙව වැල්වටාරං වලට දස්සයො.. අපේ රවි තුමා හැලපෙ උන්නහේගෙන් ඇහුව නං හිටගෙන නිදිකිරා වැටෙන උනුත් විරිත්ත විරිත්ත හරි ඒ කතා අහයි. හෙහ් ඒ තරං. හරි හරි ඒව පස්සට. මං මේ අත ඉල්ලුවෙ ගෙනියන්නවත් ඔතාගෙන යන්නවත් වෙන අටමගලෙකට නෙවී ආයිබංඩ. මේ දවස් වල අර වසන්ත  කියල එකෙක් මේ බ්ලොග් අව්වස්සෙ කරක් ගහන වෙලාවෙ මේ වගේ වැඩක් වත් අපි කරන්න ඕන කියල හිතුණ. හ්ම් හ්ම් කතා ඇති හෙනං. දැං කියන්නංකො මොකටෙයි මේ අත ඉල්ලුවෙ කියල.

                                                            දැං ඔය  බ්ලොග් මහත්තුරු නෝනල ඉන්නව නෙ ඒ මහත්තුරු නෝනල ඉතිං අලුතෙං බ්ලොග් කොටන්න පටං ගන්න උන්හේලට අත දෙන්න රුසියො නෙව. ඒ අවුවස්සෙ සමහරු හිත පුදන්න ගිහිල්ල ඇදගෙනත් නානව කියලයි ආරංචිය. හෙහ් හෙහ්. ඉතිං හිත පුදන්න ඕන නෑ අත පොඩ්ඩක් මෙන්න මේ අලුත් කොළු කෙලිත්තියන්ට (ඇත්තටම කීප දෙනෙයි අලුත් අය ඉන්නෙ. අනිත් බ්ලොග් මේ පෝස්ට් එකට ඇතුලත් කලේ ඒ ගැන නොදන්න යම් කෙනෙක් වේ නං යන්න. විසේසෙං අර වයලිං කාරය පරණ එකෙක් නොවැ.) දුන්න නං උනුත් ටිකක් දියුණු වෙයි නේ.. එහෙනං ඕං .....

Monday, April 18, 2016

අඳුර පැරදවිය හැක්කේ ඔබටමය. Child of the Dark- The Diary of Carolina Maria De Jesus

 “...මම මෙහෙට ආවේ මට අසනීප නිසා උපකාරයක් ඉල්ලන්න. ඔහේ මාව එක එක තැනට යැව්වා. මාත් ගියා. එතැනින් මාව අර ඉස්පිරිතාලෙට යැව්වා. මා ළග තිබුණ එක්කොම සල්ලි එහාට මෙහාට යන්න වියදම් වුණා.
මෙයාව ඇරන් යනවා.. සොල්දාදුවෙක් උගෙ තුවක්කුව මගෙ පපුවට එල්ල කළා. මම උගෙ ඇස් දෙක දිහ බැලුවා.
මම දුප්පත් නිසයි මෙතෙන්ට ආවෙ. දොස්තර මසාල්ඩෝ ඩී බැරෝසා පැමිණියා.. ඔහු අපේ නගරයේ ඉන්න බොරු පරිසර වේදියෙක්. ඔහු මෙහෙම කිව්වා..
පොලිස් කාර් එක්කට එන්න කියනවා
පොලිස් කාරයෝ ආපහු මාව මුඩුක්කුවට එක්ක ගිහින් දාල සුභ සාධක ඒජන්සියේ ආපහු කලබල කළොත් කූඩුවට දානවා කිව්වා.
සුභ සාධක ඒජන්සිය
සුභ සාධනේ කාටද..? ...                                                  
                                                                                                           අන්ධකාරයේ දරුවා (පිටුව 48)

Monday, March 14, 2016

ඉදින් සසර තව දුර ඇවිදිමු දේවී....

ඇඟිලි තුඩු අගිස්සෙන් නළල මිරිකා
ඉතිරි වී තිබු එකම හීනෙත්
තුට්ටුවක් ගෙන විකිණුවා
ඒ වුණත් අදටයි හෙටටයි මිසක්
ඇතිද අඩු ගාණෙ සතියකටවත්
ඇහෙන නෑහෙන තරමින්
යසෝදරාවිය මොනවද  කියන්නී....

Wednesday, March 9, 2016

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන...

                                                                            පි දෙන්න වාඩි වෙලා හිටියෙ මූණෙන් මූණ බලාගෙන. බොහොම පටු ඉඩක් තියෙන අවන්හල් මේසෙ උඩින් අත තියාගෙන. ඈ මගෙ මුදුගිල්ලයි සුළැගිල්ලයි පටල පටල මොකක් හරි කරනව. ඇත්තටම මොනවත් නැති වුණත් මොනා හරි කරනව කියල හිතන්න මම කැමති වුණා. ඈ උන්නෙ මොන මොනවද කියව කියව. ඒ කියවන ගමන් මගෙ ඇඟිලි දෙක අල්ලගෙන නටවන්නෙ අනිච්ඡානුගත හැගීමකින් වග ඒ මූණෙ පැහැදිලිවම ලියවිල තිබුණ. ඈ කියවන්නෙ මොනවද කියල මට පැහැදිලි හැගීමක් තිබුනෙම නැති තරං. ඇත්තටම ඈ කතා කරන්න පටං ඇරං විනාඩියක් යන්නත් කලිනුයි ඒ කියන දේවල් නෑහෙන්න ගත්තෙ. ඇත්තටම ඒ මං ඈට ආදරේ නැති හංද නෙමෙයි මම උන්නෙ ඇයට වශී වෙලා. හැමදාම නැතත් පුලු පුලුවං දවසක කොහෙ හරි ගිහිං රෑ කෑම ගන්න අපි දෙන්න පුරුදු වෙලා හිටිය. අද ආවෙත් එහෙම ගමනක්. අපි ඉස්සරෝම එහෙම ඇවිත් ඉස්සරෝම වාඩි වෙලා හිටිය තැන, ඒ අවන්හල් මේසෙ, ඒ විදියටම අදත් වාඩි වෙලා. ඒත් එදාට වඩා ඈ ගැන මගෙ හිතේ තිබ්බ හැගීම වෙනස් වෙලා. මං ඈට ආදරේ කරන්න පටං ඇරං. ඒක මහ පිස්සු කතාවක් වගේ දැනෙන්න පුලුවං බව මං පිළිගන්නව. ඒත් විස්වාස කරන්න ඈ ව විවාහ කරගනිද්දි මේ ලෝකෙ වඩාත්ම මගෙ වෛරයට පාත්‍ර වුණ කාන්තාව වුණේ ඇය. මං දන්නව ඒක ටිකක් දරුණුයි වගේ කියල ඒත් ඒක ඇත්ත. එහෙම කෙනෙක්ට අද වෙද්දි තමන්ටත් වඩා ආදරේ කරනව කියන්නෙ, ඒක ටිකක් ඕනවට වැඩී වගේ නේ. විස්වාස කරන්න මාව. ඇයට පුලුවන් වුණා සම්පූර්ණයෙන්ම ඈ තුල මාව අතරමං කරවන්න. කොටිංම කියනව නං එදා එක්ක අද බලද්දි අද වෙද්දි මාත් ඇයත් දෙනේනෙක් නෙවෙයි එක්කෙනෙක් කියල මට හිතෙන්න පටං ඇරං.          

Wednesday, February 17, 2016

සමාවෙනු මැනවි සොඳුරිය.. මුදුව හිමිවූවේ ඇයට...



සෑම හිතකම සියුම් රිදුමක් ඇත
කිසිම දවසක නිමාවක් නොදකින
මහම මහ සතුටකට පසුවත්
එකම එක මොහොතක නැගී ආ හැකි...

Wednesday, February 3, 2016

නෙල්ලි 09 - ඈනුං යන නයිට් කඩ, මහ බඩගින්න සහ පොල්ලතු නයිට් කඩේ කෝපි එක...



                                                                       සුදු පාට නිදිබර නියෝන් එළි වේගෙන් වේගෙන් පහු වෙමින් තිබ්බ. අතරින් පතර නයිට් කඩයක කොළපාට නිල් පාට දිග එළිය පොලු වල එළිය මහ පාරෙ සලකුණු වෙලා තිබ්බෙ මහ පාරෙ කළු පාටයි නිල් කොළ එකතු වුණු අපූරු පාටකුයි හදන ගමන්. වෙලාව රෑ එකත් පහුවෙලා හින්දමද කොහෙද ඉ හිටල වේගෙන් පියාඹන දුර ගමන් සේවා බස් ඇර පාරම නිස්සද්දයි. හෙඩ් ලයිට් එක වත් ඩිම් කරන්නෙ නැතිව පැයට කිලෝ මීටර් සීයටත් එයා යන බස් වල හුළං පාර බයික් එක පාරෙන් එළියට විසි වෙන්න තරම් තදයි. රෑ මැද දැනෙන සීතල මකන්න ටී ෂර්ට් එකයි ෂෝටයි කොහෙත්ම ප්‍රමාණවත් නොවුණ හින්දමද කොහෙද විටින් විට අත් දෙකයි කකුල් දෙකයි වෙව්ලුම් කනව. ඊට සමාන්තරව දත් ඇදි දෙකත් කට කට ගාල වදින්නෙ සීතලේ තරම මේ තරං කියල කියන්න වගේ.

Monday, January 25, 2016

අවර්ණ...

මරණය
නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම්
මා කැමැත්තෙමි
මරණයේ මිහිරි ගීතය
සවන් අද්දර කොඳුරනවා
නම් කැමැත්තෙමි
නුඹ පැමිණි කල
දෙවරක් නොසිතාම
පිළිගන්නෙමි
නුඹ තුළට කිඳා බැස
දියව යන්නෙමි...

Tuesday, January 5, 2016

දහවල දිගු නොවිය යුතුමය..

ඉදින් ප්‍රිය මිතුර
ම තුරු තරින් නික්මෙන්න
රැයක් තිස්සේ නුඹ එළා ලූ
සේද මිහිදුම් සළුව ගෙනයන්න..

Friday, January 1, 2016

එන්න මල් පිපී දැයි බලන්න..

                                      හිස් පිටුවක කවියක් කතාවක් ලියනවට වඩා අමාරුයි ජීවිතේ ලියන එක.. මේ මේ විදියට වෙන්න ඕන කියල සැලසුමක් නැතිඅනාගතය අපට ඕන ව්දියට අතීතයෙ දවසකදි කපල කොටල අපි විසින්ම හදාගෙන පස්සෙ අමතක කරල දාල අනාගතයෙ දවසක ඒකෙ ප්‍රතිඵල ලැබෙන කොට අපි ඒකට දෛවය කියල බොරු නමක් කියනව.

Thursday, October 29, 2015

තරු දෑස් යුග නුඹ සොයන සද සඳ ගෙනෙත් දෙමි කොයිබින්දා....


වසන්තය නික්මුණේ
පැදුරටත් නොකියමය
මහ නියං පැමිණියේ
මහ දොරත් බිගෙනය...

කේෑරි වැහි ඇඟිලි දෙක තුනක්
ඉඳ හිටක ඇද හැලුණ වග ඇත්තය
මුදුන් ලීයත් උගුලුවන් ගිය
කුණාටුව ආවෙ ඒ එක්කමය...