Thursday, January 30, 2014

මං ජනාධිපති වුණොත්.... (ෆැන්ටසි)


මේ ලිපිය පිළිබද ඔබට ගැටලුවක් ඇතිවිය හැක. නමුත් මා යමක් ඔබෙන් ඉල්ලා සිටිමි. මේ ලිපිය අවසානය දක්වා කියවන්න. අනතුරුව ඔබේ අදහස නොසගවා පවසන්න.
තරව සිහි තබාගන්න මෙය එක් ෆැන්ටසියක්ම පමණි...
                                               
                                                  ************



කිසිම හේතුවක් නිසා මං වගේ පුරවැසියකුට අපේ වගේ රටක ජනාධිපති වෙන්න පුළුවන් කියන දේ මම හීනෙකින්වත් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා හිතන්න මේක විහිළුවක්. කිසිසේත්ම මං මේ විග්‍රහ කරන්නේ යථාර්ථයක් නෙවෙයි. හැබැයි මං හීනයක් දැක්කා උදේ පාන්දර ඒ හීනේ ඔබට කියනවා කියලා හිතන්න.

වැස්සකටවත් ඉස්කෝලේ යන්න ඕනමයි. 
පළමුවැනි දේ තමයි ලංකාවේ බහුතර සබුද්ධික මිනිසුන්ව පාලනය කරන්නේ ප්‍රඥාවක් නැති මිනිස්සු. ඒ නිසා මං පළමුවැනියෙන්ම කරන දේ තමයි ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, පාර්ලිමේන්තු වගේ මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට කොන්දේසියක් දානවා. ඒ කොන්දේසිය තමයි අවම වශයෙන් ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන. උසස් පෙළ පාස්වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉස්කෝලෙකටවත් පයගහලා නැති කිසිම මැට්ටකුට, අධ්‍යාපනයේ වටිනාකමක් දන්නෙ නැති කෙනකුට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙ නෑ. නීතියක් ගේනවා.
මැතිවරණවලට ඉල්ලන්න පළමුවැනි සුදුසුකම පාලකයන්ගේ පුතෙක් වෙන එක නෙවෙයි. මන්ත්‍රි කෙනෙක්ගේ දුවෙක් වෙන එක නෙවෙයි, ස්වාමියා මැරුණු බිරියට චිට් එක දෙන එක නෙවෙයි පළමුවැනි සුදුසුකම තමය උසස්පෙළ පාස්වෙලා තියෙන්න ඕන.

සතියක නඩු විභාගයකින් ඔක්කොම එල්ලනවා. 
දෙවනුව මං කරන වැඩේ ලංකාවේ මන්ත්‍රිවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ වැටුප දහගුණයකින් වැඩි කරනවා. ඒගොල්ලොම කියලා තිබුණා ළඟදී මේ ලැබෙන වැටුපෙන් විතරක් ජීවත්වෙන්න බෑ කියලා. ඒකෙන් ව්‍යංගයෙන් කියන්නේ එක්කෝ මදි නිසා හොරකම් කරන්න වෙනවා, කුඩු ගේන්න වෙනවා නැත්නම් එතනෝල් ගේන්න වෙනවා කියන එක. මේක වළක්ක ගන්න මං කරන්නේ ඒගොල්ලන්ගේ වැටුප දහගුණයකින් වැඩිකරනවා. එතනින් පස්සේ හොරකම් කළොත්, කොමිස් ගැහුවොත්, කුඩු ගෙන්නුවොත්, එතනෝල් ගෙන්නුවොත් සතියක නඩු විභාගයකින් පස්සේ එල්ලා මරන්න නියම කරනවා හරි..... ජීවත් වෙන්න මේක මදිනම් මේ වගේ දහගුණයක් දෙන්නම්. ඊටත් පස්සේ හොරකම් කරන්න බෑ.

මගේ ෆැන්ටසි ලංකාව මෙහෙමයි.  
ඒ ෆැන්ටසි ලංකාවේ පුරවැසියෝ සතුටෙන් ඉන්න ජාතියක් වෙන්න ඕන. පළමුවැනි කාරණය තමයි අපි ජීවත් වෙන්නේ අසංස්කෘතික රටක. එතකොට ඒක සංස්කෘතික රටක් වෙන්න ඕන. ඒ අසංස්කෘතික රටේ අසංස්කෘතිය වෙනුවට සංස්කෘතිය තියෙන්න ඕන. සදාචාර විරෝධය වෙනුවට සදාචාරයක් තියෙනවා.
මිනිසුන්ට පුරවැසි අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. තමන්ට කැමැති අදහසක්, තමන්ට කැමැති මතයක් දැරීමේ නිදහස තියෙනවා. තමන්ට කැමැති ආගමක් අදහන්න හෝ අදහන ආගමක් වෙනස් කරගන්න හෝ ආගමක් අදහන්නෙ නැතිව ඉන්න අයිතිය තියෙනවා.

ප්‍රඥාව ආයෝජනය කරනවා.  
මගේ සංවර්ධන උපාය මාර්ගය වෙන්නේ ප්‍රඥාව. ලෝකෙට අපේ රටෙන් ආයෝජනය කරන්න පුළුවන් හොඳම දේ ප්‍රඥාව. අපි කෘෂිකර්මාන්තය ගැන කතා කළාට අපේ රටේ හදන අර්තාපල් ප්‍රමාණය ලංකාවට මදි. අපේ රටේ හැදෙන ගෝවා ගෙඩි ප්‍රමාණය අපිට කන්නත් මදි. මං හිතන්නේ අපේ රටේ ප්‍රඥාව තමයි මිල කරන්න පුළුවන් දේ. උදාහරණයක් කිව්වොත් ලංකාවේ එකවුන්ටන්ලා ඉන්නවා ලෝකෙටම ගණන් හදන්න පුළුවන් ප්‍රමාණයට. ඒ නිසා ප්‍රඥාවන්තයෝ තමයි මගේ ආයෝජනය වෙන්නේ.

ඉංග්‍රීසියෙන් කතා කරලා සිංහලෙන් අස්සන් කරන්න. 
මම සිංහල භාෂාව සංකේතයක් හැටියට තියාගෙන ඉංග්‍රීසි භාෂාව ප්‍රමෝට් කරනවා. අනන්‍යතාව වෙනුවෙන් සිංහලෙන් අස්සන් කරන්න කියනවා. මොකද ලෝකෙත් එක්ක වැඩ කරන්න සිංහලෙන් බැරි නිසා.

කසිප්පු බොන්න බෑ : විස්කි බ්‍රැන්ඩි විතරයි 
ඊළඟට ලංකාවේ වකුගඩු ප්‍රශ්නය ගමු. දැන් අදහසක් තියෙනවානේ මතට තිත කියලා. සන්නස්ගල චින්තනය යටතේ එකක් ගේනවා ‘මඳ පමණට මත’ කියලා. ඒකෙදි කරන්නේ කසිප්පු බොන එක නවත්තනවා. ඒවාට යූරියා දාන එක, කටුදාන එක, එතනෝල් දාන එක නවත්තනවා. ඕන කෙනකුට තමන්ගේ ගෙවල්වලම හැළි අරක්කු ටිකක් හදාගන්න අවසර දෙනවා. කිතුල් රා ටිකක්, පොල් ගහක් මැදගන්න අවසර දෙනවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාවට අනුව ‘මඳ පමණට මත’ කියන්නේ. බාර් කියන එක නැති කරනවා. ඕනම සිල්ලර කඩයක කොකා කෝලා එකක් ගන්නවා වගේ හොඳම වර්ගයේ මත්පැන් ටිකක් ගන්න පුළුවන්. ගමේ කසිප්පු බොන අයට කියන්නේ විස්කි පොඩ්ඩක්, බ්‍රැන්ඩි පොඩ්ඩක් මඳ පමණට ගන්න කියලා.

ප්‍රයිවට් බස් එකේ ආවත් එකයි. සී.ටී.බී. බස් එකේ ආවත් එකයි 
රෝගියෙක් වුණාම බෙහෙත් ගන්න ඕන. මට වැඩක් නෑ රෝගියා බෙහෙත් ගන්නේ ප්‍රයිවට් ඉස්පිරිතාලෙන්ද මහ ඉස්පිරිතාලෙන්ද කියන එක. රෝගියා සුවපත් වන එක තමයි අරමුණ. මට වැඩක් නෑ මනුස්සයෙක් අවිස්සාවේල්ලෙ ඉඳන් පිටකොටුවට එන්නේ ප්‍රයිවට් බස් එකෙන්ද, සී.ටී.බී. එකෙන්ද කියලා. ගමනාන්තයට පහසුවෙන් යන්නෙ මොකක්ද ඒක තමයි පුරවැසියාගේ සතුට. අධ්‍යාපනයත් එහෙමයි. ටියුෂන් කරලා ඒ මනුස්සයා ගොඩ යනවද, ඉස්කෝලේ ගිහින් ගොඩ යනවද කියන එක නෙවෙයි අධ්‍යාපනයේ ගමනාන්තයට යන්නේ කොහොමද එතන තමයි සතුට තියෙන්නේ.

මගේ අගමැති ශිරාණි 
මගේ අගමැති වෙන්නේ ශිරාණි බණ්ඩාරනායක. හේතුව තමයි එකක් ඇය ස්ත්‍රියක් වීම. දෙක ඇය සවිඥානික කෙනෙක් වීම. ඇය උසස් අධ්‍යාපනය ලබලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වශයෙන් ඉඳල තියෙනවා. අධිකරණ ක්‍ෂේත්‍රය සම්බන්ධ මහා ප්‍රඥාවක් තියෙනවා. ස්ත්‍රියක් විදියට ලංකාවේ අගවිනිසුරුවරිය බවට පත්වෙලා තියෙනවා. බොහොම ප්‍රකට පාසල්වල වගේම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය වගේ දුෂ්කර පාසල්වලත් ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ කාරණා ටික හොඳටම ප්‍රමාණවත් ඇයව අගමැති වශයෙන් පත්කරගන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙන නීති රීති ක්‍රියාත්මක කරන්නත් මට ඒක වාසියක් වෙනවා.

දෙමළාට වගේම සිංහලයාටත් විසඳුමක් දෙනවා 
දෙමළාට තියෙන ප්‍රශ්නය දෙමළ ප්‍රශ්නයක් කියලා පිළිගන්න ඕන. සිංහලයාට තිබෙන ප්‍රශ්නය සිංහල ප්‍රශ්නයක් කියලා පිළිගන්න ඕන. මේ රටේ ඉන්න මුසල්මානුවන්ටත් ප්‍රශ්නයක් තියෙන බව පිළිගන්න ඕන. මේ රටේ කුල භේදය කියලා දෙයක් තිබෙන බව පිළිගන්න ඕන. මේ රටේ ආගමික පීඩාවක් තියෙනවා කියලා පිළිගන්න ඕන. එතකොට මම ජනාධිපති වුණු ගමන් ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න මට පුළුවන් වෙනවා.

ඩයස්පෝරාවෙන් රටේ කෑල්ලක් ඉල්ලුවොත් 
උදාහරණයක් ගත්තොත් මගේ ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දරුවෝ දෙන්නටම මේ ගෙදර අයිතිවාසිකමක් තියෙනවා නම් එහෙම නිදහසේ හැසිරෙන්න, කවුරුවත් දරුවෙක් මේ ගෙදර එක කාමරයක් වෙන්කරගෙන පදිංචි වෙන්න උත්සාහ කරන එකක් නෑ. මොකද කාමරේ දෙන්නටම අයිති හින්දා.

ඔළුවට මොළයක් බද්ධ කරනවා 
යං ජෙනරේෂන් එකට ඔළුවක් තියෙනවානේ. උන්ට දෙන්න ඕන මොළයක්. ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන ඔළුවක් දීම තමයි තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්යභාරය වෙන්නේ.

මගේ ප්‍රධානම හතුරා 
ජාතිවාදීන්, ආගම්වාදීන් මගේ ප්‍රධානම හතුරා වෙයි.

පුතා දේශපාලනයට එන්න ඕන කිව්වොත් 
මම පැනලා කියනවා කරපන් කියලා. අප්පාට බැරිවෙච්ච දේ පුතා කරන්න ඕන. අප්පා කරපු දේ පුතා නොකළොත් උෟ නොට්ටිගේ පුතා වෙනවා.

හත්මුතු පරම්පරාවකටම හම්බකරගන්නේ 
මම හත්මුතු පරම්පරාවකටම හම්බ කරලා ඉවරයි. ඒ නිසා ඔය ටික ඔක්කොම කරලා මාසයක් විතර ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා.

ඇමරිකාවෙන් පාලනයට ඇඟිලි ගැහුවොත් 
මං ඇමෙරිකාවට කියනවා මටත් ඇඟිලි 10ක් තියෙනවා, මමත් ලංකාවේ හොඳට ඇඟිලි ගැහුව කොල්ලෙක් තමයි කියලා.














මව්බිම හටන අතිරේකයේ මං ජනාධිපති වුණොත් නම් විශේෂාංගය වෙනුවෙන් සුභාෂිණී ගුණරත්න උපුල් ශාන්ත සන්නස්ගල නම් ගුරුවරයා සමග කළ සාකච්චාවකි.

උපුටනය-2013.01.23 මව්බිම හටන ටැබිලොයිඩ් අතිරේකයෙනි

18 comments:

  1. ෆැන්ටසියක්ම පමණයි මහේශ් අයියෙ.

    එක තැනක පවුල් දේශපාලනය ප්‍රතික්ෂේප කරනඔහුම අන්තිමට තමන්ගෙ පුතාවත් දේශපාලනයට ගේනවලු.

    ReplyDelete
    Replies
    1. දේශපාලනයෙ කව්රුත් සැබෑ අවංකයො හෝ සබෑ වංකයො නෑ චතුව.. හැම කෙනාම අනෙකට සාපේක්ෂයි.. උන්ව මැනල බලන්න තියෙන එකම මිනුම් දණ්ඩ ඒකම තමයි මට හිතෙන විදියට. ස්තුතියි මේ පැත්තෙ ආවට එන්න හැමදාම .

      Delete
  2. මම පෞද්ගලිකව සන්නස්ගලට ආදරය කරන පොරක් ය ,ඒ ඔහු ගේ සිංහල රස විදිම/ ගීත හා තවත් දෑ නිසාය ,

    මේ කතාව ගත් විට ඇත්තටම මේවා ෆැන්ටසි විතරයි ....සමහර කාරණා පිලිගත හැකි මට්ටමට තිබුන ද ?මේ ක්‍රමය තුල වැඩක් නැත මොකද විධායක ජනාධිපති කියන්නේ යන්න නොදැන කල ප්‍රකාශ වේ ..කොම වුණත් හිනා වෙන්න හොදයි

    ReplyDelete
  3. මං මේක ඉදිරිපත් කලෙත් මේක කියවන අයගෙ අදහස් දැන ගැනීම සදහා විතරයි... ඉන් එහා ගිය දෙයක් අපේක්ෂා කරන්න අමාරුයි තමයි...
    ස්තුතියි අදහස්දැක්වීමට

    ReplyDelete
  4. බ්ලොග් කියන්නේ පත්තරේ තිබෙනා දේ ගෙඩි පිටින් උස්සා කොපි පේස්ට් කිරීම නොවේ..

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්න ඕනෑය මට මේක කියෙව්වාම පුංචි ආතල් එකක් ආවේය ඉතිං ඒ ආතල් පිටම මේ අහ මේක අතෑරියෙමි නැවත ඒ වාගේ දෙයක් කරන්නට අදහසක් නැත

      Delete
  5. මරු අදහස් ටික.. මට කියන්න තියෙන්නෙත් ඉතින් ෆැන්ටසියක්ම පමණයි කියලා තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙයා කෝමත් ෆැන්ටසි කාරය නෙව

      Delete
  6. සන්නස්ගල ඔය වගේ දේවල් කියනවා සහ කරනවා එක එක වෙලාවලට. එක පාරක් ඡන්දෙකට එන්න, නො එන්න ,ගන්න එපා හැබැයි ගන්න වගේ ඉන්න වැඩක් කරා.

    මොනවා වුනත් ඉතින් ෆැන්ටසි ඊස් ෆැන්ටසි නේ.

    ReplyDelete
    Replies
    1. යා... මිනිහ ඕ වගේ කතාවල් වලට දස්සය නෙව

      Delete
  7. සන්නස්ගල කොහොමත් ෆැන්ටසිකාරයා තමයි ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒක නං ඇත්ත

      Delete
  8. ඔය ටික පත්තරේ මම කියව්වා..

    ReplyDelete
    Replies
    1. මං මේක දැම්මෙ කට්ටියට කියෝල හිනා වෙන්න සෑම්
      මේ අහට ගොඩ වැදුණට ඉත්තූතියි...
      එන්න බලන්න හැමදාම

      Delete
  9. ෆැන්ටසියක් වුනාට අදහස හොඳයි. මෙයා දේශපාලනයට ආවත් කරන්නේ පිටින් පෙන්වන දේ නොවෙයි බොහෝ අය වගේ. නොකියවූ ලිපියක් කියවන්න සලස්වුවාට ස්තුත්යි

    ReplyDelete
    Replies
    1. මකසි කියනවා වගේ අදහස හොදයි. ඒත් මෙයා චන්දෙ ඉල්ලලා දින්නම කියන්නකො. ඒත් මෙයා ඕ කියන විදියටම වැඩේ සිද්ද කරයිද... නැත්තං අනිත් අය වගේම වෙයිද කව්ද දන්නෙ.
      ස්තුතියි මේ අහ ආවට. එන්න හැමදාම

      Delete
  10. මෙයා දස්සයා.මිනිහට විකුණන්න පුලුවන් දේ තෝරගෙන විකුණනවා.ඒ තමයි "වචන". තේරුමක් ගැන මිනිහට වැඩක් නෑ.. අපි තේරුමක් හොයන්න ගියොත් අපිත් විහිලුවක් වෙනවා.

    ReplyDelete