Thursday, June 19, 2014

After






බුදු පුදට පැමිණි දන
සුදු වතින් සැරහි ගෙන
මලුත් පඬුරුත් අතින් ගෙන
පිං පාට පුරවගෙන

දිවි රථෙන් බැස විත් පුදන
දනන් දෙස නෙත් හයාගෙන
වැඩ සිටි උපාසන සිල් නොමිදුන
අනේ සාදු...යි පැතී දෙව් විමන





සිඟනුන්ට තහනම් බිමෙක
සේරි වාණිජ තවුස් වෙස් ගෙන
රගති නොයෙකුත් නර්තන විසූක
පන්සලක් යැ කියු සැණකෙළියක


රෝගීන්  මැද  නිරෝගී       ව
ආතුරයන්  මැද අනාතුර      ව
සිටින්නෙකු හිඳ සංසුන්      ව
සොයා වැටි නෙත් විඩා      ව








                      
                               පිංතූර ගත්තේ-srilanka.for91days.com හා www.island.lk වෙතිනි


38 comments:

  1. මක්ක කොරන්නද බං...

    ReplyDelete
    Replies
    1. මක්ක කොරන්නද ඇහුවෙ....

      Delete
  2. කවිය නම් හරිම අගෙයි. පන්සලක් ගැනද කියන්නේ.... සමහර විට ශ්‍රී මහා බෝධිය ගැන ද කියලත් හිතුනා. වෙන තැනක් වෙන්නත් පුළුවන් නේද???

    කොහොම වුණත් ලස්සන පද ටික. අපි ඉතින් කවි කිව්වොත් උඩින් ම සහය දෙනවානේ...

    ReplyDelete
    Replies
    1. හුගක් ප්‍රසිද්ධ කියල කියන පංසල් මේ වගේ නේද...
      ඒ වට වන උපාසක තැනුත් එහෙමමමනෙ...
      බුදු පුදට යනවට වඩා හිත කිළිටි කර ගන්න යන අය වැඩී...
      ස්තූතියි කුරුටු

      Delete
  3. ගොඩක් සිද්ධස්ථාන ඔහොම තමා බං. නිවන් දකින්නටත් පුළුවන් සල්ලි තියේ නම් විතරයි.

    පද ටික නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ප්‍රියා...
      දෙය්යො වුණත් කැමත් මොණර කොල වලට නෙ...
      හැක්

      Delete
    2. ඒක වෙන්නැති බං සල්ලි, දෙයියන්ගෙ මල්ලි කියන්නෙ.

      Delete
    3. ආයෙත් අහල... මේ දවස් වල නං දෙය්යන්ට බැරි දේවල්ත් සල්ලි වලට කරන්න පුලුංව

      Delete
  4. \\රෝගීන් මැද නිරෝගී ව
    ආතුරයන් මැද අනාතුර ව
    සිටින්නෙකු හිඳ සංසුන් ව
    සොයා වැටි නෙත් විඩා ව//


    ඇත්තෙන්ම මහේෂ්. කොච්චරනම් අමාරුද. හැමදෙයක්ම නිකං ව\චාවක් වෙලා, මෝස්තරයක් වෙලා, අර කියන්නෙ ඉස්ටැයිල් එකට කියලා. අන්න එහෙම වෙලා.

    සිල් ගන්නෙ ස්ටයිල් එකට
    පංසල් යන්නෙ ස්ටයිල් එකට
    පෙරහැර කරන්නෙ බිස්නස් එකකට
    ආගම තියෙන්නෙ වවාගෙන කන්න

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත මනෝ...
      හැම දේම ස්ටැයිල් තමා....
      පිරිහීමේ ගති ලක්ෂන විනා වෙන මොනවද...
      ස්තූතියි මනෝ

      Delete
  5. //සිල් ගන්නෙ ස්ටයිල් එකට
    පංසල් යන්නෙ ස්ටයිල් එකට
    පෙරහැර කරන්නෙ බිස්නස් එකකට
    ආගම තියෙන්නෙ වවාගෙන කන්න//

    එකඟයි බං. අවාසනාව. වෙන මොකක්ද?

    ReplyDelete
    Replies
    1. අපේ විතරක් නෙවි අපේ අනාගත පරපුරෙත් අවාසනාව...
      නුගුණ විතරයි තියෙන්නෙ

      Delete
    2. කවි ලස්සනයි ... ඒත් මට හිතා ගන්න බැරි සමස්ත බෞද්ද මිනිස්සු ගැන හිතන කැත විදිහ ගැන
      ...ඔයාලට මුණ ගැසුන බොහෝ දෙනා එහෙම වෙන්න ඇති ... ඒක නිසා වෙන්න ඇති ඔයි වගේ දේවල් කියන්නේ ..නමුත් ඔයාලට අහන්න ,දකින්න පිනක් නොතිබුනත් කෝටියක් සංවර සීලයක් ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලා වගේම,දසසිල් රකින සාමනේරයන් වහන්සේලා වගේම අටසිල් රකින උපාසක අය ,පන්සිල් රකින පෘතක්ජන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා....කියන්න කනගාටුයි මේ වගේ බ්ලොග් සයිට් එහෙකින් මීට වඩා ගොඩක් හොද දෙයක් ,සාමජයට වැඩ දායක කියවන කෙනාට යම්කිසි අවබෝදයක් ලබාගන්න පුළුවන් කම තියන හොද දේවල් කරන්න පුළුවන් කම තියෙද්දී ඇයි මේ වගේ කුණු ගොඩවල් අව්ස්සල , බලන මිනිස්සුත් කලකිරවන ,කාටවත් යහාපතක් නොවෙන දේවල් ලියන්නේ...කියවන කෙනාගේ හිත දුෂණය වෙන එක නේද වෙන්නේ ...සහෝරයා ඔය මේ කමෙන්ට් එක ඩිලේට් කරත් කමක් නැ මම කියපු දේ ගැන හිතන්න...ඔයාට තියන හැකියාවෙන් ඔයිට වඩා හොද දෙයක් කරන්න බලන්න ..... හිත රිදුනනම් සමා වෙන්න 100% මම හරිය කියල කියන්නේ නැ...ඒත් මම කියන දෙයින් ඔයාට ගන්න පුළුවන් දෙයක් ඇති ...බෙස්ට් ඔෆ් ලක් මචන් මහේෂ් ...

      Delete
    3. රුවන් මචෝ

      මේකයි මම දැක්ක අහන සහ විදින දේ විතරයි මම ලියන්නෙ අනික සංවර සිල් රකින හාමුදුරු ගොල්ල නෑ කියල මම කියන්නෙ නෑ එහෙම උපාසක උපාසිකාවො නෑ කියල මම කියන්නෙත් නෑ...
      ඒත් ඒ ඉන්නව නං සමස්තයෙන් සීයට පහක් දහයක් විතර කොටසක් විතර තමයි
      අනිත් එක හොදට කල්පනා කරපං මචං
      පන්සලකට ගියත් පිංකමකට ගියත් අපිට දකින්න තියෙන්නෙ විසූක දස්සන
      සරලවම කීවොත් මම දැකල තියෙනව සමහර පන්සල් වල ගහල තියෙනව බෝඩ්
      සංවරව හැසිරෙන්න
      හිස්වැසුම් පාවහන් ගලවා ඇතුල් වන්න
      සුදුවතින් සැරසී පැමිනෙන්න
      උස් හඩින් කතා නොකරන්න

      මචං අපි බෞද්ද නං විනයවත් නං අපි දැනගන්න ඕන ඔය උඩ කියල තියෙන ටික බෝඩ් නැතිව හරි කරන්නමහ ලොකුවට අපි කියාගන්නව බෞද්ධ කියල ඒත් වෙලාවකට අපිම කරන කුප්පහි වැඩ බලපං..
      මේකයි කියනවා නං කරන්නත් ඕන ඒකීවෙ අපි කියනව නං අපි බෞද්ධ කියල අපි සැබෑ විදියටම ඉන්න ඕන එහෙම නැතිව වචන විසි කර කර දගලල වැඩක් නැ...
      මාත් එක්ක අමනාපවෙන්න එපා
      ඒත් ලංකාවෙ ඉන්නෙ උප්පැන්නට නමට බෞද්ද වුං...

      Delete
  6. මතක් වුනා නවගමුව දේවාලේ පින්කැටේ ඉස්සරහ ඉන්න යාචක පිරිස

    ReplyDelete
    Replies
    1. ඒකත් එක්තරා ව්‍යාපාරයක්නෙ ඉවාන් අයියේ.

      කාලකණ්නිකම බං ප්‍රියා.

      Delete
    2. මම නං ඒ පැත්තෙ ගිහිං නෑ ඉවාන් අය්ය...
      ඒත් මේ පැත්තෙ පිං කැට දිහා දකින කොට හිතාගන්න පුලුවං

      Delete
    3. මනෝ ශුද්ධ ලාභ උපයන්න පුලුවං හොදම බිස්නස් එක තමා පිං කැටේ...
      කාලකණ්න කම හැර වෙන මොකද්ද

      Delete
  7. පංසලෙත්
    බෝ මලුවෙක්ත
    ාෙකන ාෝඒ ාෙිිාොාේිාාෙිාෙිාොේි්ේාෙ

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මක් කීව....
      හැක්
      මක්ක වෙලාද විදානෙට

      Delete
  8. ඇත්තටම ඇයි මේකට After කියලා මාතෘකාවක් දැම්මේ????

    ReplyDelete
    Replies
    1. මට දාන්න ඔ්න වුනේ After Everything කියල
      ඒත් පස්සෙ Everything කෑල්ල හැලුව..
      මේ හැම දේකටම පස්සෙ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද...
      අන්න ඒකයි මම අදහස් කලේ

      Delete
  9. අනේ මන්දා බං.. අද සමාජේනේ..

    ReplyDelete
    Replies
    1. අර ප්‍රියා මනො ්කියනව වගේ කලකිරීම විතරයි

      Delete
  10. සමාජෙ ගැන කලකිරෙනවා..

    අපුරු ගැලපිමක් මල්ලි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනිති අක්කේ...
      ගොඩක් ස්තූතියි

      Delete
  11. කාලයේ තාලයට බොහෝ දේ වෙනස් වෙනවා....වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි කියලනෙ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ...
      ඒත් ඒ වෙනස ගැලපෙන විදියට වෙනව නං හොදයි නෙව

      Delete
  12. මෙ යන්නෙ අර මොකෙද කියපු වගෙ මැනික් යට ගිහින් ගොමරිටි උඩ ඇවිත් රගපාන කාලේ.

    ReplyDelete
    Replies
    1. දමිත් අය්ය හරි...
      මේ දවස් වල මැණි ක් හොයාගන්න නෑ...
      සක්ක විතරයි

      Delete
  13. අපූරු පද ගැළපීමක්...

    ReplyDelete
  14. මොකක්ද බං බ්ලොග් රෝලේ අවුලක් කියුවේ

    ReplyDelete
    Replies
    1. ෆලෝවර් ලිස්ට් එක අප්ඩේට් වෙන්නෙ නෑ අටං අය්යෙ...
      කියවන්න යන්න බෑ

      Delete
  15. අපූරු පද ගැලපුමක්

    ReplyDelete
  16. පද පෙලත් අපූරුයි.පින්තූරෙත් අපූරුයි

    ReplyDelete