Monday, August 11, 2014

ස්මරණ-09- රබර් ගලවා සරුංගල් යැවීම.

                                                                      හැම කෙනාටම අනෙක් අයට කියන්නට කතාවක් තිබේ. සමහරුන් එය අන්‍යන්ට කියනා අතර සමහරුන් නිහඩව සිටී. මේ දෙවර්ගයේම අය තවත් කෙනෙක් කතාවක් කියද්දී අසා සිටිති. නැතහොත් තමන්නේ වාරය එනතෙක් ඉවසිලිමත් ව ද නොයිවසිලිමත් ව ද බලා හිදිති. එහෙත් කිසිවෙක්ට වත්  තමන්නේ කතාව පිළිවෙලකට ගලපා පැවසිය නොහැක. එසේ හැකි වුවද අවකාශයක් නැත. එකිනෙකට එකක් සම්බන්ධ සිද්ධි දාමයන් ඔවුන්ව පටලවති. ඉවසීම මනා සේ පුරුදු පුහුණු කළ තැනැත්තාට වුව මේ දුෂ්කර කාර්යයක් විය හැක. ජීවිතය පැටළුණ නූල් බෝලයකි. එහි එක් කෙළවරක් කිසිවකුගේ හස්තයේ ඇත. අනෙක් කෙළවර ඉන්නේ ඔබය මමය. පාලනය වන්නා හා පාලනය කරන්නා අතර සබදතාව රැකෙන්නේ ඒ අතර ඇති නූලෙනි. එය බිදී ගියහොත්...????? හරියට සරුංගලයක් මෙනි.

                                                                     දන්න කියන කාලයක සිට කඳු හා ඒ මත්තෙහි උසින් උසට වැවී ගිය පොල් හා රබර් ගස් වලින් වැසී ගිය පෙදෙසක විසූ අප කොහොම සරුංගල් යවන්නද. නමුත් අහම්බෙන් මෙන් ඒ අවස්තාව අපටද  උදාවිය. සමහර විට  ඒ අපේ ප්‍රිතිමත් කාලයකින් එකක් වන්නට ඇත. නමුත් මගෙ මතකයේ ඒ කෙටි කාලය පිළිබද මතක ගලක කෙටූ ඉරක් මෙන් තදින් ඇදී ඇත. ඒ සමහර විට අප කළ කී දේ නිසා ම වෙන්නට පුළුවන.

                                                                     රබර් ගස් පරණ වී ඉන් නිසි පරිදි ලභාගත යුතු කිරි ඵලදාව නොලැබී යන්නට පටන් ගන්නා විට වතු පාලනාධිකාරිය මඟින් ඒ ගස් ගලවා ඉවත් කර අළුත් පැල සිටුවිය යුතුය යන නිගමනයට එළැඹ තිබිණ. මෙසේ ගලවා ඉවත් කළ යුතු යැයි තීරණය වූ කොටස පිහිටියේ අප නිවසේ සිට මීටර් දෙතුන් සියයක පමණ දුරකිනි. එබැවින් අපට උදේ හවා ගමන් බිමන් යන විට සිසිල දුන් රබර් ගස් එකින් එක ගැලවී යන්නට විය. ගස් ගැලෙව්වේ ජැක්(ගස් ගලවන්නන් එය හැදින්වූයේ එනමින් බව මට මතකය) එකකින් බව මට මතකය. බස් එකක රිම් එකක් තරම් විශාල රෝදයක් වැනි උපකරණයක මැද අගලක් පමණ මහත වානේ කම්බියක් ඔතා තිබිණ. එහි පැත්තක වැඩුණු මිනිසෙකුගේ තන මත්තක් පමණ උස යකඩ දණ්ඩකි. රබර් ගසකට නිෂ්චිත දුරකින් මෙම උපකරණය සවිකරන ඔවුන් වානේ කම්බිය දිගහැර ගැලවිය යුතු ගසේ බදියි. අනතුරුව අර උපකරණයේ පැත්තකින් ඇති වානේ දඩුවෙන් අල්ලා තමා පැත්තට අදිති. නැවත ඉස්සරහට තල්ලුකරති නැවත අදිති. එවිට ගසේ බැන්ද කම්බිය යළි අර රෝදයේ එතෙන්නට පටනි ගනී. මේ ක්‍රියාවලිය ගස ගැලවෙන තුරුම සිද්ධ කරති. ජැක් එකෙන් එල්ල වන දැඩි ශක්තිය හමුවේ ගස ගැලවී එන්නේ අම්මා කෙනෙකු අත සිටින දරුවෙක් බලෙන් ගන්නා ආකාරයටය. එකවරම දඩස් යන අණුකරණයෙන් ගස බිම පතිත වූ පසු තවත් පිරිසක් එහි අතු සසිමින් ඒවා කුට්ටි කරති අනතුරුව ලොරියකට පැටවෙන ඒවා වත්තෙන් පිටවී සිය අවසන් ගමන් යති. මේ ක්‍රියාවලිය සම්පූර්ණ රබර් කොටසක් ගලවා ඉවත් කරන තුරු සිදු වේ.

                                                                     මේ කාලයේ අපිටද ජැක් එකෙන් ගස් ගලවන පිස්සුවක් වැලදී තිබුනා හොදින්ම මතකය. අපිට නැති වූයේ දිග වානේ කම්බියක් හා ලොකු රිම් එකක් පමණි. එහෙයින් කමිබියක් වෙනුවට එළ පැටවෙකුගෙන් ගලවාගත් තේඩාවක් ගෙන එහි එක් කොණක් යකඩින්නක බැද අනෙක් පැත්ත ගසක බදී. එහෙත් මේ ක්‍රමයට ගස් උදුරුවා දමන්නට  අපිට නොහැකි විය. එය අපේ බලාපොරොත්තු කඩකරවන්නට සමත් විය. එහෙත් වත්ත පුරා තිබූ හුලං කීරියා පදුරුද, බුත්සරණ පදුරුද අපේ නොසන්ඩාල කම් හමුවේ බරස් බරස් හඩ නගමින් ගැලවී ආවේය.එසේ ගැලවූ හුලං කීරියා නම් අමුවෙන්ම බඩට ගියේය :D . ඉමිහිරි කිරි රසකින් හා සිසිලකින් යුත් ඒවා තම්බන්නට අපිට වුවමනාවක් නොවීය. එසේ අමුවෙන්ම අහර කොට ගත්තා කියා අපට හැදුණ ලෙඩ රෝගයන්ද නොවීය. නමුත් බුත්සරණ නම් හැලි වල තැම්බී පොල් සමග මිශ්‍රව අපේ බඩට ගියේ අම්මලා තම්බා දුන්නහොත් පමණි. ඕනෑ තරම් විශාල ගාල් තිබූ හුලං කීරියා සහ බුත්සරණ ගලවනවාට විරෝධය දැක්වූයේ අපේ කිරියම්මලා පමණි. කව්ද ඕව ගණන් ගන්නෙ බං කියමින් තව තව ගැලෙව්වා විනා ඒවාට කන් දෙන්නට අපට වුවමනාවක් නොවීය. පසු කාලයක අප වාසය කල නිවස කඩා වැටීමෙන් පසු ඒ ඉසව්වට නොගිය නිසා තාම ඒවා ඇත්දැයි නොදනිමු. නමුත් ලෙහෙසියකට වදනොවන හුලංකීරියා නම් තාමත් තිබිය හැකි යැයි මට සිතේ. පසු දිනෙක බ්ලොගයක හෝ මුහුණු පොතේ හුලංකීරියා ගැන සටහනක් තිබිණි. එහි සදහන්ව තිබූ ආකාරයට හුලංකීරියා යනු ඉතාමත් මිළ අධික ආහාරයකි. (කව්ද ඒ දවස් වල ඕව හිතුවෙ. නැත්තං අපට හුලං කීරිය වගාවක් දාගන්න තිබ්බ)

                                                                    ගස් ගැලවීමේ පිස්සුව ඉක්මණින්ම අපෙන් තුරන් වන්නට ඇත ඊට හේතුව වන්නට ඇත්තේ මාස දෙකක් පමණ කෙටි කාලයකදී රබර් කොටස(මෙය අක්කර පනහකට වඩා විශාල කොටසක් බව මගේ හැගීමයි) ගලවා අවසන් වීම වන්නට ඇත. කෙසේ හෝ හැමදාම කළ විගඩම් වලින් හෙම්බත්ව සිටි අපට අළුත් සෙල්ලමක අඩුවක් දැනෙන්නට විය. නිරන්තරයෙන් කදුකරයේ පැවති හුළද  අවැසි තරම් එලි පහලියද තිබුණ බැවින් කිසිවෙකු හෝ විසින් සරුංගලයක් මුලින්ම ගෙනා බව මට මතකය.  අපට වඩා වැඩිමාල්ලෙකු වූ ඔහු කව්ද කියා මතක නැතත් කලින් කොටසක සදහන් කළ කුමාර කෙනෙක් බව මට මතකය. නමුත් ආඩම්බර කම් පාමින් සරුංගලය යවමින් සිටි ඔහු එය අපට අල්ලන්නවත් නොදුන් බව මතකය. පඩ ෂෝ.. රාළයා එසේ කීවේය. ඒක කුඩු පට්ටං කරන්න ඕනෑ.. බටු ඇටයක් තරං වත් නොවැඩී සිටි බණ්ඩාරයා කේන්තියෙන් පුප්පයි. මා ඒ දවස් වල හතර වසරේ හෝ පහේ වන්නට ඇත රාළයා අපට වඩා බොහෝ වැඩිමහළුය. බණ්ඩාරෙ මොන්ටසෝරි යන කාලයයි. එහෙත් උගේ අදහස සම්මත වූ බව මතකය. සරුංගලය කුඩු කරන්නට විවිධ සැලසුම් ගැසුවා මතකය. එය ක්‍රියාත්මක කරන්නට  තෝරා ගත්තේ රාළයාය. එහෙත් සැලැස්ම ක්‍රියාවට නොනැගුණි. ඒ පිළිබදව පසුදා වන විට මතකයක්ද නොවන්නට ඇත. කෙසේ හෝ රාළයාද මමද පෙරමුණ ගෙන සරුංගලයක් සාදන්නට පටන් ගත්තෙමු. එසේම ප්‍රමාණයටත් වඩා විශාල වූ එය වවුලා මොඩලයක් බවද මතකය. වත්තේ ඇති පොල් ගස් වලට පිංසිද්ධ වන්නට හොද තංගුස් නූල් බෝල දෙකක්ද ගෙන ආවෙමු. එහෙත් අපගේ තාක්ෂණික ඥාණයේ තිබූ සුළු අඩුපාඩුවක් හේතුවෙන් තාක්ෂණික දෝසයකට ලක්වූ එය වට විසිහතක් පංසීයක් :o (අපේ නංගි තාත්තාට වවුලා කූරියා ගහපු වාර ගණන ගැන කීවේ එසේ බව මට හොදින්ම මතක ඇත.) පමණ කූරියා ගැසූ එහි හොට පැත්ත වේගයෙන් පොළව සිපගත්තෙන් අපේ සරුංගල් සිහිනය ද බිද දමමිනි. L


පදුරු තැලිල්ල මටද බෝවී ඇත. කණගාටුවට කාරණයක් නෙමේද.....??

(පිතූරෙ නං ඉස්සුවෙ විකිපීඩියාවෙන් ඈ.. මොකෝ මට පොටෝ ගහන්න යන්න තියෙනව කියලැයි)

72 comments:

  1. බොහොම සංතෝසයි මචෝ. උඹේ ලිවීමේ හැකියාව දවසින් දවස මුවහත් වෙනවා. මේ පාර කතාව පටන් අරං තියෙන විදියම ඉතා අනර්ඝයි.

    \හැම කෙනාටම අනෙක් අයට කියන්නට කතාවක් තිබේ. සමහරුන් එය අන්‍යන්ට කියනා අතර සමහරුන් නිහඩව සිටී. මේ දෙවර්ගයේම අය තවත් කෙනෙක් කතාවක් කියද්දී අසා සිටිති. නැතහොත්......//

    පේනවනෙ විශිෂ්ඨයි.

    ඊළඟට මෙන්න මේ යෙදුම.

    \\ජැක් එකෙන් එල්ල වන දැඩි ශක්තිය හමුවේ ගස ගැලවී එන්නේ අම්මා කෙනෙකු අත සිටින දරුවෙක් බලෙන් ගන්නා ආකාරයටය//

    ඉතාම මනරම් උපමාවක්. සුබපතනව මහේෂ්...

    බුත්සරණනම් කාල තියෙනවා. ඒත් හුලං කීරිය කාල නෑ. රහ බලන්න ආසයි.

    සරුංගල් ගැන කියනවානම් මැයි ජූනි හිඳෙන වැව් පිට්ටනියෙ ඇතිවෙනතුරු සරුංගල් නම් යවන්න වාසනාව ලැබුන අපිට.



    ReplyDelete
    Replies
    1. මුලින්ම
      ස්තූතියි මනෝ මාව අගය කළාට... මගෙ ලිවීම් අගය කලාට
      බුත්සරණ වලයි හුලං කීරිය වලයි ඒ හැටි වෙනසක් නෑ මනෝ.. වෙනසකට තියෙන්නෙ හුලංකීරිය තම්බන්නෙ නැතිව වුණත් කන්න පුලුවං එක...
      බලමු දවසක කන්න ලැබෙයි... හිහි...
      සරුංගල් යවන්න අපිට හමුබවුනේ ඒකාලෙ විතරයි... අවුල් තමා..මක් කොරන්නද

      Delete
    2. අනේ පල බුත්සරන මොන මල ජරාවක්ද , පව්කාරයා උඹ අපායේ යයි හුලංකීරිය අල වලට අපහාස කරල

      ආයේ වෙන අල නැ දිවියලෝකෙවත් හුලංකීරිය අලවලට ගහන්ඩ

      Delete
    3. හරි හරි ඉතිං හොද නැති අලයක් අහුවුනාම පොඩි හුජ්ජ රහක් තියෙනව තමා
      නැද්ද
      මේ අර අපායෙ යන්න කියපු එක ආපහු ගන්නකො මං හෙන බයයි යක්කුන්ට

      Delete
  2. සුපිරියි මහේෂ්.... මටනං පඳුරු තැලිල්ලක් පේන්නේ නෑ.. රසවත්.. ජැක් එකෙන් ගස් ගලවනවනං දැකලා නෑ.. අදම තමයි ඇහුවේ...
    හුලං කීරියනං කාල තියනවා ඇති පදං හැබැයි ඒවා වටිනව කියලනං දන්නනේ නෑ අද වෙනකං... සරුංගල් කූරිය ගහන එකනං ආතල් වැඩැක් අපි හදන ඒවත් වට විසිහත් පන්සීයක් විතර කූරියා ගහනවා.......................................


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානෙ...
      පදුරු තැලිල්ලක් කියල කීවෙ ඇයි දන්නවද කියන්න ආවෙ සරුංගල් ගැන කියන්න වුනේ ගස් ගැලවිල්ලක් ගැන ඒකයි..
      මාත් හුලං කීරිය වටිනව කියල දැනගත්තෙ පහුගිය දොහක තමා ඕං...
      මොකද අපිට නිතර දෙවේ ලේ දකින්න හම්බෙන ඒව අපි ගනන් ගන්නෙ නෑ නෙව

      Delete
    2. වටින හුලං කීරිය එකේ ගස වල් හුලං කීරිය ගසට වඩා මිටියි.
      ගසේ තරමට අල නැති නිසයි.මිල අධික.වාණිජ වැවිල්ලක් විදියට ලංකාවේ වවනවා අඩුයි.

      Delete
    3. ස්තුතියි මල්

      Delete
    4. ඒකත් එහෙමද මල්මියො දැනං උන්නෙ නෑ නෙව...
      අපි ඉතිං උදේ හවා දකින්නෙ අර වල් හුලං කීරිය එතකොට ඈ

      Delete
  3. මේරියන්ස් ඩ්‍රම් ගහපු ජුඩ් අයිය සරුංගල් ගැන මාරු කතාවක් කිව්වා.

    මේරියන්ස් බෑන්ඩ් එකට ගහන කාලේ ජූඩ් අයිය ගියාලු අනුරාදපුරේ පැත්තේ ෂෝ එකකට
    වාද්දුවේ ගෙදරට එනකොට පාන්දර 4.00 ලු
    ෂෝ එකක් ඉවරවෙලා එනකොට ටිකක් අනුමත වෙලත්ලුනේ එන්නේ. ඉතින් පට්ට නිදිමතලු
    දොරට තට්ටු කරපු ගමන් දොර ඇරපු අක්ක කියනවලු පොඩි එකාට පහුවදාට ඉස්කෝලේ ගෙනියන්න සරුංගලයක් හදල දෙන්න කියල.
    නිදියවිල්ල පැත්තක තියල මහා පාන්දර පොල්කොළ කපල ඉරටු සුද්දකරගෙන, සරුංගලේ ගෙන්න කියපු ටීචර් ගේ මෑණියන්වත් මතක් කරකර එළිවෙනකල් සරුංගලේ හැදුවලු.

    ReplyDelete
    Replies
    1. අක්ක නං මරු...
      අර මනුස්සය එන කං ඉදල ඒක කියන්නත්...
      හිහි..
      මං වගේ එකෙක් වුණා නං උදේ පාංදරම හොම්බ කට සිවට් වෙනව... ඔව් ඉදගෙන...
      ඇයි යකෝ මහන්සි වෙල වෙලා ගෙදර එද්දි ඕම කියද්දි මළ පයින්නෙ නැත්තෙ කාටද නැද්ද ඈ

      Delete
  4. අපේ ගේ පල්ලෙහත් උඩහත් දෙපැත්තේම රබර් වතු....රජයේ ඒවා අපේ නෙවෙයි... :D

    මේ දවස්වල ගස් ගලවනවා...ජැක් වලින් නම් නෙමේ මං හිතන්නේ....ඒ තැන්වල කොලු කුරුට්ටෝ සරුංගලුත් යවන්නේ ඔය.හරියට ඒක බලං ඉදලා කිවුවා වගේ...අපි නම් සරුංගල් යැවුවේ මිදුලේ තමයි.ඒ දවස්වල අපේ අයියා ඉරටු වලින් සරුංගල් බැඳලා ඇඟිල්ල උඩ තියලා බැලන්ස් කරනවා.එහෙම බැලන්ස් උනහම කුරියා ගහන්නේ නෑ .තව කිතුල් කෝට්ටෙනුත් සරුංගල් බඳිනවා.ලොකූ සරුංගල්.දිග නැට්ටක් අලවලා ඒකට කියන්නේ නයිහාමි කියලා...

    අම්මෝ මුළු අතීතේම මතක් කොලා මෙයැයි ....

    ReplyDelete
    Replies
    1. ජැක් එක ජැක් එක කීවට ඒකට කියන හරි නම නං ජැක් එක නෙවේ වෙන්න ඕන...
      ඒ මනුස්සයො කියන දේ අහං හිටිය ඇර අපිට ඕවයි තේරුමක් තිබ්බයැ..
      ඉරටු වලින් සරුංගල් බැඳලා ඇඟිල්ල උඩ තියලා බැලන්ස් කරනවා///
      මේ වගේ මූලික ශිල්පීය තාක්ෂණය මොකවත් දන්නෙ නැතිව තමා අපි සරුංගල් හැදුවෙ.. මොකද ඒ කදු උඩ මොකා කියල සරුංගල් යවන්නද..
      පස්සෙ පස්සෙ ඒව නං හරි ගියා..
      දැං නං සරුංගල් එක්ස්පර්ට්

      Delete
    2. //අපේ ගේ පල්ලෙහත් උඩහත් දෙපැත්තේම රබර් වතු....රජයේ ඒවා අපේ නෙවෙයි... :D//

      හොද වෙලාවට කලින්ම කියුවේ , නැත්තං මං හිටියේ ඔට්ටපාලු කෑල්ලක් ඉල්ලන් යන්ඩ එන්ඩ

      Delete
    3. එහෙම නං ඒක එහෙම වෙච්ච එකම හොදා..
      නැත්ත අටං අය්ය වෙන මක්ක හරි කොරල

      Delete
  5. හුළං කීරිය ගැන මතකය අවදිවුනා.ඉස්සර නං ඔය අල ජාතිය වකාරෙට කැලේට වැවිල තිබ්බා මෑතක නං කාපු කාලයක් මතක නෑ.බුත්සරණ කියන අල ගැන හොදිසියක් නෑ.

    ReplyDelete
    Replies
    1. බුත්සරණ වල අලුත් මොඩල් එකක එනව කැනස් කියල ඒවගෙයි ඊට වඩා මල ලස්සනයි... රතු පාට දම්පාට හැදෙනව

      Delete
  6. උඹත් දැං මරුවට ලියන්න අරන් නෙව.. අරූ විශ්‍රාම යැව්වද?? හැක්... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. අනේ මංද අරුවට වෙච්ච දෙයක් නෑ නේන්නං...
      ස්තූතියි දේශකයො

      Delete
  7. /හැම කෙනාටම අනෙක් අයට කියන්නට කතාවක් තිබේ. ......../
    මේකට තවත් කෑල්ලක් මගෙන්.සමහර වෙලාවට අපේ කථාව වෙනත් කෙනෙක් අපිට වඩා ‍ෙහාදට කියනවා.

    මේ සරුංගල් මාසෙද.
    සරුංගල් ඇරීම තවම මගේ ඉටුනොවු සිහින අතර.

    සරුංගල් ලුහුබදින්නා (kite runner) පොත/චිත්‍රපටිය බලා තියෙනවද?
    මේ රබර් ඇට පිපිරෙන කාලය නේද?මම කැමතිම සංගීතයක්!

    මේක ලියවිල්ලක් නෙමෙයි..අපිව වත්තට එක්ක යෑමක්.මට මැවිලා පේනවා අදුරු සෙවණවල පොඩි රතු මොට්ටු ඇති හුලං කීරිය ගාල්.
    බුත්සරණ අර රතුපාට,රෝසපාට,මල් පිපෙන එකේ අල කනවගක් මං දැනං උන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. කයිට් රනර් කියන්නෙ අර ඇෆ්ගනිස්තානේ කතාව නේද මල්මි.සැක් අම්මපා පිස්සු හැදෙනවා ඔයා මතක් කරපු පොතට.මොන තරං රසවත් ග්‍රන්ථයක්ද?ෆිල්ම් එක නං බලල නෑ හොයාගන්න තියෙන්නෙ කොහෙද?දැන් ඉතිං අද හැන්දෑ වරුවෙම සරුංගල් ලුහුබඳින්න හොයන්න වෙනවා ඔක්කොම වැඩ පැත්තක දාලා.අනේ ඇත්තට ඔයත් කරන වැඩ.

      Delete
    2. @ මල්මි
      දැං දැං සරුංගල් උඩ යන්න පටං ඇරං... තව දවස් කීපයක් වේද්දි දවසකට විස්සක් තිහක් දකින්න පුලුවං වෙයි...
      ඔයා ඔය කියන්නෙ කැනස් වෙන්න ඕන..
      බුත්සරණත් ඒ වගේ වුණාට මල තද පාටක් තියෙන්නෙ...
      නිකං දම් පාටට හුරු කුණු ලේ පාට වගේ...
      කැනස් එක්ක මික්ස් වෙලා හොයාගන්න බෑ දැං

      @ හැලපෙ..
      කයිටි රනර් එක පාරක් අතටම ඇවිල්ලත් බලන්න බැරිවුනා...
      මේ වගේ හොදයි කියල දන්නව නං කෝම හරි බලනව..
      සැක් ඉතරක්

      Delete
  8. හම්මේ මාව පොඩි කාලෙට ගෙනිච්චා..
    අගෝස්තු ඉස්කෝල නිවාඩුවට සරුංගල් කොච්චර අරින්නැද්ද. ඕවයින් තුන හතරක්ම නැවතුනේ ගස් වල පැටලිලා නැත්තං කඩා ගෙන ගිහිල්ලා..

    ReplyDelete
    Replies
    1. අපේ ඒවං නං රැදුනෙ පොල්ගස් වල... දෙක තුනක් කඩං ගියා කියලත් මතකයි

      Delete
  9. මේ කාලේට වෙනදා නම් සරුංගල් තමයි.ගෙදර තියෙනවා මගේ ලග හදපු එවා එකතුවක් ,රබර් ගස් කිව්වාම මට මතක් වෙන්නෙ මගේ ආච්චිව දවපු විදිය මොන හේතුවකටද දන්නෙ නෑ දැන් එක මතක් වුණා ...අමු රබර් ගස් වලින් තමයි අපි පොඩි කාලේ දවන්න සෑය හැදුවෙ ......

    කියවගෙන ඇවිත් ආවසානේ කැවා,මෙකෙ පදුරු තැලිල්ලක් නෑ,මේ කතා සෙට් එකට මං නම් බොහොම කැමැති වන සරණ,අරණකට පෙම් බැද වගේ පොත් මතක් වෙනවා...ලිවිල්ල මට සුපිරි ,,හිතපන් මං කොටස් යන කතා වලින් දිගටම කියවන්නෙ ස්මරණ සහ දිලිනි ගේ කතාව විතරයි ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ අගය කලාට...
      අමු වුණාට රබර් කියන්නෙ ඉක්මණට දැවෙන දෙයක් නේද...
      ඒ හන්ද වෙන්න ඇති...

      Delete
  10. පඳුරු තැලිල්ලක් නම් පේන්නෑ බං. ඒත් උඹේ ලියවිල්ල නම් සිරාවටම දියුණු වෙනවා එන්න එන්නම. පට්ට

    ReplyDelete
  11. පඳුරු තැලිල්ලක් නම් මටත් පේන්නේ නෑ... සුන්දර මතකයක් ගොඩකට ගෙනිච්චා වගේ .. අපූරුයි..

    ReplyDelete
  12. බඩජාරි කම ඉස්මතුවෙලා මට සරුංගලේට වඩා හිත ගියේ හුලංකීරිය වලට. මම අවුරුදු බර ගානකින් හුලංකීරිය අලයක්වත් දැකලා නෑ. නමුත් පොඩි කාලේ අපේ තාත්තලගේ මහ ගේ පිටිපස්සේ වැවුනා ගාලක්. ඒ අල තම්බලා කාපු රස දසක ගානකට පස්සෙ තවත් හිතට එනවා. පුදුම රස අල ජාතියක්. දැන් නම් පොලක වත් දකින්න නෑ.

    ReplyDelete
    Replies
    1. පොලේ නං තියේ ඒත් හැම එක්කම නෑ...
      ඒත් අපි කාපුවා නෙවී.. දැං තියෙන්නෙ ලොකු ජාතියක් ඒවයි රහ කොහොමද නං දන්නෙ නෑ

      Delete
    2. මාත් මේ ඉන්ඩ බැරුව බං හෙන්රි අයියේ ඉන්නේ , ඇයි බං එච්චර රහ , අපි පොඩි කාලෙත් එහෙමට කන්ඩ ලැබුනැ බං , වැඩිම උනොත් මමත් දහදොලොස් වතාවක් කාල ඇති

      Delete
    3. මට පුලුවං කමක් ආවොත් ගෙලන්න දෙන්නංකො ඈ...
      සිරාවටම

      Delete
  13. හුලංකීරිය හෙවත් arrow root අල පිටි සාදා අරලුප්පිටි ලෙස විකුනනු ලැබේ..

    ReplyDelete
    Replies
    1. ඈ.....................
      ඒමක්කෙයි ඒ

      Delete
    2. ඇ යකෝ

      කෙලල තියෙන්නේ

      ''අරලුප්පිටි''

      කෝ කෝ දාහං බලන්ඩ විස්තර ටිකක්

      Delete
    3. කාටවත් ඇහෙන් නැති වෙන්ඩ රහසින්

      ..............සිංහලෙන් තියන ඒවා විතරක් දාහං මයේ අම්මා...........

      Delete
    4. ඔව් ඔව්...
      සිංහලෙන් දාන එකම තමා හොද..
      කාටවත් කියන්න එපා..
      මාත් දන්නෙ නෑ ඔය ඉංගිරිස් කාරිය

      Delete
    5. පොඩි කාලේ බඩේ අමාරු හැදිලා අරලුප්පිටි කාලා නැද්ද? හුලංකීරිය අල පිටි කරලා තමා අරලුප්පිටි හදන්නේ...
      එහි Gluten නැමති අසාත්මික කරක ප්‍රොටීනය නැහ...ඒ වගේම එහි පිශ්ට කනිකා වලින් ලබෙන පිශ්ටය ජීර්නය කරන්න පහසුයි කියනවා...බඩේ අමාරු වලට දෙන්නේ ඒ නිසා වෙන්න ඇති. ආහාර තාක්ශනයේදී Thickening agent විදියටත් පාවිච්චි කරනවා.... පලතුරු යුශ එක්ක මිශ්‍ර කලත් cloudy වෙන්නේ නැති නිසා ගොඩාක් food products හදද්දී පාවිච්චි වෙනවා

      http://en.wikipedia.org/wiki/Arrowroot

      Delete
    6. http://www.maduraonline.com/?find=arrowroot

      Delete
    7. අම්මට සිරි ඒකත් සෑහෙන්න වටින විස්තරයක් නෙව...
      බඩේ අමාරුවට අරලුප්පිටි කන්න දැනන් තියෙන්න එපෑ...
      හිහි
      අපිට ඔය බඩේ අමාරුවක් හැදුනම දෙන්නෙ වදකහ ගල ගාල මිසක් වෙන මොකද්ද...
      ස්තූතියි ඈ...

      Delete
  14. හුළංකීරිය මන් ඇහැව්වමයි.....මාත් පුංචි කාලේ සරුංගල් ඇරලා තියෙනවා...අතීතය මතක් උනා....මල්ලි මේ ස්මරණය ලිපි සෙට් එකට මම ගොඩක් කැමති....ඉක්මනින් ඊ ලග කොටසත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඊළග කොටස ඊළග සතියෙ.. හිහි.
      හුලං කීරිය ගහක් වත් මේ අහල නෑ අක්කෙ නැත්තං පොටෝ වග් ගහල දාන්න තිබ්බ
      ස්තූතියි අගය කරනවට

      Delete
  15. ඇයි බං මේ ලංකාවෙත් නැති අපිට මේවා මතක් කරලා දීලා අප්සට් කරන්නේ උඹලා..

    ReplyDelete
    Replies
    1. හිහි...
      ඉදල හිටල ඕව මතක් කරන්නත් එපෑ...
      මකුලු දැල් කැඩිල එන්න

      Delete
  16. සෝයි ලිපිය මම නම් ජීවිතේටම එකම වතාවක් සරුංගල් ඇරලා ඉස්පිරිතලෙත් හිටිය ඕන්...එදා ඉඳල කොයිතරම් ආස උනත් කලේ නෑ.. :(

    ReplyDelete
    Replies
    1. මං මේ ඇහුව මයි සරුංගල් යවල ඉස්පිරිතාලෙ ගිය මනුස්සයෙක් ගැන...
      හික් හික්...
      මක්කයි උනේ හැබෑටම අෑ

      Delete
    2. සරුංගලේ දිහා බලං පස්සෙන් පස්සට ගිහිං පස් කණ්ඩියකින් පහලට වැටිලා ගලක ඔළුව වැදිලා සිහි නැතිවෙලා නෙව ... :(

      Delete
    3. මල්ලියේ තාම ඉන්නේ අසනීපෙන්ද

      Delete
    4. @ දිලිනි..
      ඒක නං මාරම කේස් එක තමා.. හිහි..
      දැං පොඩි මොලේ කචල් එක්කුත් තියෙන්නෙ ඒ හන්ද වෙන්නැ

      @අටං අය්ය...
      එයාට පොඩි අවුලක් තියේ තමා.. හෙක් හෙක්...
      යකෝ පව්නෙ උපං දා ඉදල තිබ්බ අයිටම් මාරු කරන්න යන්නෙ
      හිහි

      Delete
  17. මේ ලියන විදිහ අවුලක් නෑ... හැබැයි පුතේ... වැඩිය පඳුරු තලන්න යන්න එපා.. එතකොට ලිපිය කියවන්න එපා වෙනවා !

    ReplyDelete
    Replies
    1. වැඩිය නෑ ටිකයි ටිකයි...
      හිහි

      Delete
    2. පඳුරු තලනවා කියන්නේ මොකද්ද ඈ....??

      Delete
    3. ඒක දන්නැතෙයි...
      කියන්න ආපු දේ නොකිය වෙන වෙන වැල්වටාරම් කියනවට තමා පදුරු තලනව කියන්නෙ...
      හොදම උදාහරණය තමා හැලපෙ හා රවිය

      Delete
  18. රබර් දර දාලා පාන් පුච්චපුවාම අමුතු ගතියක් තියෙනවා කියලා මම අහලා තියෙනවා...ඒ ගැන බොලා මොකුත් දන්නවද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නං දන්නෑ...
      සමහර නිය අමු රබර් දානව නෙව...
      අමු රබර් පිච්චෙද්දි අමුත කුයිලක් එන්නෙ ඒක වැදිලද දන්නෙත් නැ..
      මං හිතං හිටියෙ එහෙම වෙන්නෙ දර පෝං පාං හන්ද කියල

      Delete
    2. හුටා...
      පෝං පාං නෙවී...
      පෝරං පාං ඈ...
      සොරි වෙන්න ඕන

      Delete
    3. සොරි උනා...බොලා දීපු සිංහල කියවනයෙන් මම දැන් හිටි කියලා කියවනවා...ඒක එළ බං...

      Delete
    4. සියළු හොදයි ඕන දෙකට නැද්ද මං අහන්නෙ...
      සිංහල විතරක් නෙවී ඕන ඉලව්වකට...
      ඒක ප්‍රයෝජනයක් වුනා නං සතුටක්

      Delete
  19. අපිත් පොඩි කාලේ හැදුවා සරුංගල්. උඩයන එකක් හදාගන්න තවමත් බැරි උනා අප්පා. :)

    ReplyDelete
    Replies
    1. ඈ....
      මාරයිනෙ අප්ප....

      Delete
    2. සයුරි: මරු කතාව ඒක ! හොදටම ෂුවර් ද හැදුවේ සරුංගල් කියල...?

      Delete
    3. හරි නෑ නේද උපේක්ෂ ඒක අහපු එක...
      මාත් ලියල හිටන් ආපහු මකල තමා ඕ ටිකත් ටයිප් කරේ...
      හෙක් හෙක්

      Delete
    4. හිහ් හිහ...මටත් මේ ඒක ෂුවර් නැතුව ඉන්නේ.

      Delete
    5. හපොයි...
      ඒකත් එහෙමද

      Delete
  20. මමත් හිත හිත හිටියේ මගේ සරුංගල් පිස්සුව ගැන මේ සරුංගල් මාසෙම ලියන්න ඕනේ කියල. කොහෙද අනේ බැරි උනානේ. මටත් තියෙන්නේ ජොලිබර සරුංගල් අතීතයක්. මේ මතක වලට අපි හරි ආසයි නේද? අපේ ගෙවල් ගාව මේ පාරත් සරුංගල් තරඟයක් තියෙනවා. ඒකෙ පින්තුරත් එක්කම ලියන්නම්කො පරණ කතා.

    ඔහොම රබර් ගස් ගලොනවා ඇහුවමයි. මට හිතෙන්නේ ඒක අලුත් මෙතඩ් එකක් වෙන්න ඇති කියල ( ඒ දවස්වල) මොකද මිනිස් ශ්‍රමය අඩුවෙන් වැයවෙන හින්ද. ඇත්තම කියනවා නම් ගස් ගැලවෙනකොට මට දැනෙන්නේ ඔයා ලියල තියෙන උපමාවමයි... මාව ගැස්සිලා ගියා ඒක දැකල.. කොයි ගහ කපනවා දැක්කත් මට දැනෙන්නේ හරි වේදනාවක්.

    නියමයි

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඒක අලුත් මෙතඩ් එකක් වෙන්න ඇති කියල///
      මං මේ ලිවුවෙ අවුරුදු ගානකට කලිං සිද්ධියක් ගැන හැබැයි තාමත් ගස් ගලයන්නෙ එහෙම තමා ආයෙ නෑ මුලුත් එක්කම එනව ඇදිල...

      ඇත්තටම මාත් අකමැතිම දෙයක් තමා ගස් කපන ගලවන කොටින්ම ඒ වගේ විනාස කාරී වැඩ... ඒත් රබර් ගස් වලට එහෙම නොකලොත් කිරි කපන අයට මක්ක වෙයිද කියල හිත හදා ගන්නව.. මොකද ඒ කට්ටියට වටිනකමක් හැදිල තියෙන්න ඒ හන්ද නෙව...

      ඔන්න එහෙම නං උපේස්සො මං මේකෙ සරුංගල් ගැන ලියන්නෙ නැතිව බලං ඉන්නව හරිනෙ ලියන්න ඕන ඉක්මණටම.. මාත් පට්ට ලැයික් වැඩක් තමා ඕ සරුංගල් කේස් එක.. හම්මේ කීපාරක් ගුටි කාල ඇද්ද..

      ස්තූතියි අගය කළාට... ටිකක් නෙවී ගොඩාක්

      Delete
  21. හුලංකීරියා හා බුත්සරණ ගමේ කඩෙන් කන්න පුළුවන්. තව අවිස්සාවෙල්ලේට කලින් රත්නපුර පාරේ යෑම්ස් කඩයක් තියෙනවා.
    මම නම් මොනවා නොකෑවත් ගමේ කඩේට ගිහින් අල වර්ග ඔක්කොම කාලා එනවා.
    මොකද පොඩි කාලේ එහෙම අල අපි කාලා තිබුනේ නෑ. කෑවත් මතකත් නෑ.

    සරුංගල් යවන පිස්සුව මට ආවේ නැත්තේ මොකෝ කියලා මම කල්පනා කලේ. ඉස්සර අපේ ගෙදර කුඹුරේ කොල්ලෝ එකතුවෙලා සරුංගල් යවනවා. ඒත් අයියාවත් මටත් වැඩි උනන්දුවක් තිබ්බේ නෑ. අපි ආස වෙලා හිටියේ වෙසක් කූඩු හදන්න. සමහරවෙලාවට කන්දක් උඩ හිටිය අපේ සරුංගල් ඉක්මනට ගහගෙන යන නිසාද දන්නෙත් නෑ එහෙම වුනේ.

    ReplyDelete
    Replies
    1. ගමේ කඩේ කීවේ සෙංකඩ එකට හොඳේ

      Delete
    2. සරුංගල් පිස්සුවත් හැම කෙනාටම බෝ වෙන්නෙ නැ නෙව..
      අපෙත් හිටිය යාලුවො කීප දෙනෙක් සරුංගල වලට මනාප නැති..
      ඒ ඉතිං එක එක අයගෙ කැමැත්ත නේද..
      ඒකට මක්ක වත් කියන්න බෑ නෙව..

      එතකොට බූරුබබා අවිස්සාවේල්ල කිට්ටුවද...

      Delete