Monday, August 18, 2014

ස්මරණ 10 - සුද්දන් කිරිකට් ගසද්දී අප ක්‍රිකට් ක්‍රීඩා කළෙමු.

                                                                           "මෙලොව වාසය කරන සියල්ලෝම යමක් බලාපොරොත්තු වෙති. නමුත් සෑම දෙනාටම ඔවුන් ප්‍රාර්ථනා කරන ආකාරයේ දේවල්ම හමු නොවෙති. ඔබට අවශ්‍ය නිවෙසක් නම් ඔබට ඉඩමක් ලැබී යා හැක. තවකෙකුට ඊට හාත්පසින්ම වෙනස් වූ ආකාරයේ වස්තුවක් ලැබී යා හැක. අපට අවශ්‍ය කාර්යය අපට ලැබෙන දේ අනුව ඉටුකර ගැනීමට අපි උත්සාහවන්තයන් විය යුතුය. සමහරුන් බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. නමුත් වෙහෙස වී ඒ සදහා වැඩ නොකරති. නැතහොත් තමුන්ට ලැබෙන දේ කපා ඔප මට්ටම් කර ගැනීමට නොසිතා එය ප්‍රතික්ෂේප කරති. දෛවය අප බලාපොරොත්තු වූ දේම අපට ලබා නොදෙයි. අපට ලැබෙන දේ අනුව පිරිමසාගැනීම ට අප උවමනාවන් එමගින් ඉටු කරගැනීමට අප ප්‍රඥාවන්ත විය යුතුය. ඉලක්කය සාක්ෂාත්  වන්නේත් අපට අවශ්‍ය ආකාරයටම අප කාර්යය නිම වන්නේත් එහි වටිනාකමක් අපට දැනෙන්නේත් එවිටය. සරලය. නමුත් ගැඹුරුය. තේරුම් ගැනීම අත්‍යාවශය ය."

                                                                           අප හට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවැසි විය. එහෙත් ඒ සදහා ප්‍රමාණවත් දැනුමක් හෝ අවශ්‍ය ක්‍රීඩා උපකරණ හෝ අවම තරමේ ක්‍රිකට් ක්‍රීඩාවක් සදහා සුදුසු භූමියක් හෝ අපට නොතිබුනි. එහෙත් අප ක්‍රිකට් ක්‍රීඩා කලෙමු. මතක් වෙනවිටත් සිනහ උපදන ඒ අතීතය මගේ වර්තමානයට කෙතරම් පිටිවහලක් වීද එතරම්ම පන්නරයක් අප ඒ ක්‍රීඩාව තුලින් ලැබුවෙමු.

                                                                         
 වත්තේ කෙළවරක එක් මිනිසෙක් විය. කොල්ලන් ඔහුට බගේ බගේ යැයි කීවෝය. නමුත් අප කිසිවෙකුත් ඔහුගේ නියම නාමය නොදැන සිටියෙමු. (පසු කලෙකදී ඔහුගේ නම තිලක් බවත් බිරිද අන් අයෙකු හා වහන් වී ගිය බැවින් සමාජයෙන් දුරස්ව කාලය ගත කරන බවත් මා දැනගතිමි)  මේ කියනා බගේ ක්‍රිකට් පිස්සෙකි. ඔහුට සචින් තෙන්දුල්කාර් වත් සනත් ජයසූරියවත් තරම් දොන් බ්‍රැඩ්මන් හොද නොවන්නට ඇත. සමහර විට බ්‍රයන් ලාරා ළදරුවෙකු ලෙස සලකන්නට ඇත. නමුත් ඔහු ෂේන් වෝන හට ඉමහත් ප්‍රිය කළේය. ඉහත කී ආසියාතික ක්‍රීඩකයන් දෙදෙනා තරම් ඔහු ඇළුම් කල කිසිවෙකුත් නොවීය. නමුත් කිසි දිනෙක ඔහුඅපට ක්‍රිකට් උගන්වන්නට නාවේය. අප ඔහුගෙන් ඉගන ගත්තානම් ඒ සුද්දන් ගහන්නේ කිරිකට් බව පමණි. එහෙත් මොකද්දෝ කරුමයකට අප සෙල්ලම් කලේ ක්‍රිකට් නමින් හැදින්වූ වෙනත් අටමගලකි( ක්‍රීඩාවකි).

                                                                           මම ගමේ සෙල්ලම් කළාට වඩා වෙනස් ක්‍රිකට් ක්‍රීඩාවක් නගරයේ පාසලේදී ක්‍රීඩා කලෙමි. එහෙත් නගරය හෝ ගම කිසි විටෙක පටලවා නොගතිමි. නමුත් පාසලේ ක්‍රීඩාවෙන් උගන්නා සියලු දේ ගමේ ක්‍රීඩාවට යෙදවූවෙමි.

                                                                            අප ක්‍රීඩා කරන්නට පටන් ගන්නා කාලයේදී අපට බැට් එකක් හෝ බෝලයක් නොතිබුණ බව මට මතකය. අප ක්‍රීඩා කලේ පොල්පිති බැට් එකක් කපා ගෙනය. අපට  පොල්පිති බැට් මිලදී ගන්නට අවැසි තාවක් නොවිනි. එහෙත් ඒවා පරිහරණයේදී ගැටළු පැන නැගේ. ටෙනිස් බෝල පොල්පිති බැට් වලට ඔරොත්තු නොදුනි. වැඩි දවසක් යන්නට මත්තෙන් බෝලය පැලී යයි. ඒ සදහා හොදම විසදුම් වූයේ ඔට්ටපාළු බෝලය හෝ එල්ලේ ක්‍රීඩාවට යොදාගන්නා වර්ගයේ රබර් බෝලයි. එහෙත් ඔට්ටපාළු බෝලයෙන් ක්‍රීඩා කිරීම අපහසුය. අවාසිය. බෝලය ඉක්මණින් අතුරුදහන් වන සුළුය. අවශ්‍ය තරම් ඔට්ටපාළු ලබාගත හැකිව තිබුණත් එය අපව අපහසුතාවයට පත් කලේය. අවසන එල්ලේ බෝලය අප පිහිටට පැමිණියේය.

                                                                            විකට්ටුවක් සදහා භාවිතා කරන්නට අප වැටහිරි පොලු සොයන්නට කම්මැලි වීමු. ඒ සදහාද භාවිතා කලේ හොද පොල් ඔළුවකි. ස්ටම්ප් හිටවූ විකට්ටුවකට වඩා පොල්පිති විකට්ටුවට පන්දුව යොමුකිරීම අපහසුය. එහෙත් එයට ද අප ඉක්මණටම පුරුදු වීමු. පිතිකරුවා පාර්ශ්වයේ පොල්පිති  ඔළු විකට්ටුවද  පන්දු යවන්නාගේ පාර්ශ්වයේ තරමක ගල් ගෙඩියක්ද විකට්ටු සදහා භාවිතා විය. ඉදහිට වැටහිර පොලු කීපයක් සොයා වැදගත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කලද අප මනාපය තිබුණේ පොත්පිති විකට්ටුවටය. එයටත් හොද හේතුවක් තිබිණ. වැටහිර පොලු යොදා සාදාගන්නා විකට්ටුව ප්‍රමාණයෙන් මහතය. පොල් ඔළුවට පන්දුව ඉලක්ක කල වුන්ට එයට බෝලිං කිරීම කජු කන්නාක් මෙනි. එය බොහෝ විට අපට අවාසිය ගෙන ආ අතර පොල් පිති ඔළුවේ ගුණ ගායනා කිරීමට ද අප අමතක නොකළෙමු. අවසන පොල් ඔළුව අපේ ස්ථිර විකට්ටුව බවට පත් විය.

                                                                             වත්තේ අප වාසය කළ කොටසේ හොදින් ඉඩ කඩ සහිත  ගෙමිදුලක් තිබුණා නම් ඒ අප නිවෙස ඉදිරිපිට පමණි. එබැවින් පහසුව තකා මුලින්ම අප ක්‍රිකට් ක්‍රීඩා කරන්නට තෝරා එත්තේ එතැනය. මුලින් මුලින් අප ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වූ වැඩිහිටියන්ද පසුව පසුව එයට අංචි අදින්නට විය. එයට මූලිකම හේතුව වූයේ බෝලය වැදී  පොල්ලතු වහලය ට හානි සිදුවීමය. එබැවින් එය අවම කරගැනීම සදහා වහලයේ බෝලය වැදුණ හොත් පන්දුවට පහර දුන් ක්‍රීඩකයා දැවි ගිය ක්‍රීඩකයෙක් ලෙසට නම් කරන ලදී. මෙලෙස වහලෙ අවුට් නීතිය ක්‍රිකට් ක්‍රීඩාවට එක් විය. එසේ  වහලෙ අවුට් නීතිය හදුන්වා දීමත් සමග ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමේ ඉඩ කඩ සීමා සහිත විය. එබැවින්  නිවෙසට ප්‍රතිවිරුද්ධ පැත්තට නිතරම පන්දුව යොමු කරන්නට ක්‍රීඩකයෝ එවිට උත්සුක විය. ඒ පැත්තේ තිබූයේ මා පෙර දිනෙක සදහන් කළ හුළං කීරිය ගාල හා ගල් අන්නාසි ගාලකි. එබැවින් පන්දුව ගැනීමට යාම ඉතා අපහසු විය. එනිසා කැලේට පන්දුව යොමු කල ක්‍රීඩකයා දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසට නම් කරන්නට සිදුවුණි. කැලේ අවුට් නීතිය ද  එලෙස එකතු විය. දැන් පන්දුවට පහර දෙන විට පන්දුව යොමු කල යුත්තේ ඉදිරි පසට පමණි. එවිට පන්දුවට නිසියාකාරව පහර දෙන්න හෝ නොහැකිය. මෙනිසා ක්‍රීඩා පිටිය නව තැනකට මාරු කරන්නට සිදුවිය.

                                                                               එය කොට්ට කන්ද නම් විය. එතැනට යාමට  කිරියම්මලාගේ ලැයිමද පසුකර තවත් පහලට පැමිණිය යුතුය. මෙම ස්ථානයේ තිබුණේ එක් නිවසක් පමණි. . එහි අප මිතුරෙක් වාසය කලේය. හයේ සීමාව වැටුනේ ඔහු ගේ නිවසේ මිදුලටය. වහලයට වසා තිබුනේ තාර ෂීට් බැවින් පන්දුව වැටී වහලය ට හානි වීමේ අවධානමක්ද නොවීය. ඊටත් අප සෙල්ලම් කලේ වත්තේ තිබූ තැනිතලා කොටසකය. පන්දු යවන අන්තයේ පාරත් ඉන් එහා නිවසත් පිහිටා තිබින. ක්‍රීඩකයාගේ වමින් හා දකුණින් කුඩා දොළ පහරවල් දෙකකි.(මෙහි වතුර ගලන්නේ වැහි කාලයට පමණකි) පන්දු රකින්නාට පිටු පසින් ක්‍රම ක්‍රමයෙන් උස්ව ගොස් එක වරම යෝධයෙකු සේ සිට ගන්නා දලුග්ගලය. සෑහෙන කාලයක් තිස්සේ අප ක්‍රීඩා කලේ මෙහිය.

                                                                               සුද්දන් කිරිකට් ක්‍රීඩා කරද්දී අප ක්‍රිකට් සෙල්ලම් කළ බව මා මුලින් කීවා ඔබට මතක ඇත. මා මේ සුදානම් වන්නේ ඊට හේතුව පවසන්නටය. ඕවරයකට පන්දු හයකි.  පිළකට ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකි. සහ තවත් නීති බොහෝ විය. එහෙත් අපේ ක්‍රිකට් වල තිබුණේ ඕවරයේ පන්දු හයේ නීතිය පමනි. එය උල්ලංඝනය කරන්නට කිසිවෙකුත් ඉදිරි පත් නොවීය. අපට නිසි ආකාරව එකොළහක් පිලකට ගන්නට තරම් පිරිසක් නොසිටියේය. එබැවින් සිටිනා පිරිස හරි අඩකට බෙදා පිල වෙන් කර ගනී. කුමක් හෝ අවස්ථාවක එක් අයෙක් වැඩිපුර ඉතුරු වුවහොත් නායකයන්ගේ කැමැත්ත මත ඒ කෙනා එක් පිළකට ලබා දී එහු වෙනුවෙන් අනෙක් පිලේ හිසුවූ ඉඩ ට හුංගෙක් පත් කරයි. හුංගා වෙනුවට ක්‍රීඩා කරන්නේ ඒ පිලේ දක්ෂතම යාය.

                                                                             එක පන්දුවකට ලබා ගත හැකි ලකුණු සීමාව හයක් හෝ හතරකි. දුවමින් ලබා ගත හැක්කේ ලකුණු හතරක් පමණි. එහෙත් අප එවන් නීතියක් නොදැන සිටියා හෝ තැකීමක් නොකලා විය හැක. එක් පන්දුවකට හැකි තරම් ලකුණු රැස් කලෙමු. උදාහරණයක් ලෙස පන්දුව ගසක රැදුණා නම් එය ගන්නා තුරු අප දුවමින් ලකුණු රැස් කලෙමු. මෙය වඩාත්ම සිදුවූයේ අප නිවෙස අසල ක්‍රීඩා කරද්දීය. මගේ මතකය නිවැරදි නම් එක වරක් මා පන්දුවකට ලකුනු හැත්තෑ අටක් රැස් කර ඇත. ඒ මගේ ක්‍රිකට් දිවියේ ලද වැඩිම ලකුණු ප්‍රමාණයයි.

                                                                             සුද්දන්ට වඩා අපේ ක්‍රිකට් හොද වීමට තවත් හේතුවක් තිබිණ. අප ක්‍රීඩා කලේ විවිධ වයස් මට්ටම් වල අය සමග බව මා මුලින්ම සදහන් කලෙමි. ලොකු අය මෙන්ම පොඩි වුන්ද මෙලෙස අප හා සිටියෝය. පොඩි එකෙකු පන්දුවට පහර දෙන්නට පැමිණ ලකුණු නොලබා දැවී ගිය බොහෝ වට ඌ හඩමින් බෙරිහන් දෙයි. බොහෝ විට නවතින්නේ ගෙදරය. එබැවින් උන්ට තවත් වරක් ක්‍රීඩා කරන්නට අප විසින් අනේක වාරයක් අවස්තාවන් දෙන්නට ඇත.

ගමේ ක්‍රිකට් වලට වඩා වෙනස් වූ ඉස්කෝලෙ ක්‍රිකට් ගැන ලබන සතියෙ බලමු ඈ...





45 comments:

  1. ඉස්කොලේ කිරිකට් ඔයිටත් වෙනස් නේ...

    ReplyDelete
  2. අම්පයර් ලා හිටියෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. අම්පයර්ල බොහෝ වෙලාවට නෑ...
      හිටියත් බැටිං කරන පිලේ එකෙක් තමා ඉන්නෙ
      හෙහ් හෙහ්

      Delete
  3. අපි ඉස්කෝල යන කාලේ බුක් ක්‍රිකට් කියල එකකුත් කළා ඒක දන්නවද?

    ReplyDelete
    Replies
    1. ආ එතකොට වන්බම්බ් ක්‍රිිකට්

      Delete
    2. පොකට් බිලියර්ඩ් එහෙම ගැහුවේ නැත්ද?

      Delete
    3. නලිං අය්ය
      බුක් ක්‍රිකට් නං කාලෙ කන්න හොදම දේ ඈ..
      කව්රු හරි කෙනෙක් උගන්නන්න නැත්ත අපි කරපු අපත වැඩ වලිං හොදම එක...
      වන් බම්ප් ගැන නං ඒ හැටි මතකයක් නෑ...

      පොකට් බිලියඩ් තියා බිලියඩ් මේසයක් දැක්කෙත් කුරුණෑගල සොපං කොම්පෙස් එකේදි...
      හිහි

      Delete
    4. මේ වගේ වැහි දවස් වලට බුක් ක්‍රිකට් තමයි හොඳම දේ. මම ළඟදී මගේ දුවත් එක්ක බුක් ක්‍රිකට් සෙල්ලම් කළා. වන් බම්ප් අපිට මැච් තියෙන දවස් වලට වැස්සම අපි තවමත් සෙල්ලම් කරනවා. ඒ කියන්නේ වන් බම්ප් ඇල්ලුවත් අවුට්. වටේට කට්ටිය ඉන්නවා. එක්කෙනෙක් මීටර් දෙකක් විතර ළඟ ඉඳලා බෝල් කරනවා. ගහන කෙනාට පුළුවන් වෙන්න ඕනේ. කැච් හරි වන් බම්ප් කැච් හරි නොවෙන්න බෝලය පොලවට යොමු කරන්න.

      Delete
    5. ඔය තියෙන්නෙ නියමෙටම..
      මට ඇත්තටම එ ගැන හරි හැටි මතකයක් නෑ...
      සමහර විට දෙපාරක් තුංපාරක් වැඩිය සෙල්ලං කරල නැතිව ඇති..
      ස්තූතියි සුදික අය්ය

      Delete
  4. අපිත් ක්‍රිකට් ගැහුවෙ ඕම තමා..හැබැයි ඉක්කෝලෙ පිට්ටනියට පැනල..

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්ද පූසො පිට්ටනි...
      හිහි

      Delete
  5. අපි ක්‍රිකට් ගැහුවේ උණ බම්බුවෙන් හැක් හැක්...

    (ඔන්න අද මං ඩීසන්)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මං හිතං හිටියෙ ඒකට කියන්නෙ එල්ලෙ කියල
      අර විදියත් හොදයි ඈ

      Delete
  6. නියමයි යකෝ.මගෙ කතාව මහේෂ් කියනව වගේ.ඔන්න එහෙනං මේ කතාවත් අහගන්නකො.

    එක ඉංග්‍රීසිකාර මහත්තයෙක් එයාගෙ බෝයි හෙවත් ගෙදර වැඩකරන කොල්ල එක්ක ක්‍රිකට් ක්‍රීඩාව කරනවලු.කොල්ල බෝල් කරනවා මහත්තය පහරදෙනවා.

    එක බෝලෙකට මහත්තය පුල් ඩම් දාල ගහපු පාරක් ගොඩක් ඈත ගියාලු.ඔන්න මහත්තය දුවන්න පටන් ගද්දි බෝයි බෝලෙ පස්සෙ දුවගෙන ගියා.

    මහත්තය දුවල දුවල දැන් ලකුණු තුන්සීයකට වඩා දුවල බලද්දිත් තාම බෝයි නෑ.තවත් දිව්වා දැන් ලකුණු හාරසිය පනහටත් වැඩියි.හැති අරින්න ගහක් යට ඉඳගෙන ඉන්නකොට බෝයි බෝලෙත් අරං එනවලු.

    ආ උඹ දැන්ද බෝලෙ හොයාගත්තෙ,බලපංකො මම ගහපු පාරෙ සැර.

    බෝලෙ නං අන්න අතන තිබුනා,මම බෝලෙ අහුලන් එන්න හදනකොට නෝන කතාකරල කඩේ ගිහිං එන්න කිව්වා.ඉතිං මම කඩේ ගිහිං ඇවිත් නෝනගේ කුස්සියේ වැඩටත් උදව් කරල එන්න හම්බුනේ දැන් තමා.

    ReplyDelete
    Replies
    1. හිහික්....
      මහත්තය බුවාට අය්යෝ සල්ලි කියල හිතෙන්න ඇති..
      කෝම ආතල් එකද්ද තනියෙං පිස්සෙක් වගේ එහෙට මෙහෙට දුව දුව ඉන්නකොට...
      හෙහ් හෙහ්

      ඒක නං සිරාම කතාව තමා

      Delete
    2. යකෝ් හැලපයෝ.. මම උඹ කියපු කතාව බැලුවේ ටෙලිපෝන් කෝල් එකක් ආන්සර් කර කර.. බකස් ගාලා හිනා හිිගින් මල ජුලියයි උනේ.. හැක්.

      Delete
    3. හික් හික්...
      මක්කෙයි කතන්දරේ දේශක තුමා

      Delete
  7. "දෙපිල බෙදිල වරෙල්ලා..අපි දෙන්න මහ උච්චි"

    "උච්චි, උච්චි.."

    "තෝල්..තෝල්"

    "පරවියාද? උකුස්සාද"

    "පරවිය"

    "ආ..උඹ අපේ පැත්තෙ"

    "එකෙක්..ඉතිරියි.."

    "ඌ උඹලගෙ පැත්තට ගනිල්ලා, අපිට කනෙක් ඕනි"

    "අවුට් කොහෙද?"

    "ඉස්සරහින් ආච්චිලාගෙ වැට, ගෙට උඩින් එහා පැත්තට ගියොත් අවුට්, මේ පැත්තෙන් උඩින් පාරට ගියොත් අවුට්, පස්සට ගහල දුවන්න බෑ"

    "ලයිට් කණුවෙ මේ ඉරෙන් පහල තමා අවුට්"

    "තනියට දෙපැත්ත ඔට්ටුයි"

    ReplyDelete
    Replies
    1. මං ඔයි ටික නොකිය හිටියෙ...
      තව දෙයක් තියනව මගෑරල...
      මනෝ ට හොයාගන්න බැයිද

      Delete
  8. අපගේ ක්‍රිකට් සෙල්ලම් කිරීමත් මෙවැනිමය. අපට විකට්ටුවට සිටුවීම සඳහා පොල් පිති තිබුණේ නැත. ඒ වෙනුවට යොදා ගැණුනේ කෝටුවක් හේත්තු කර සිටුවන ලද ලෑලි කෑල්ලක් හෝ කෙලින් අතට සිටවූ සිමෙන්ති ගඩොලකි. මෙයින් සිමෙන්ති ගඩොල මාගේ මතකයේ හොඳින්ම තැන්පත්ව ඇත. මන්ද යත් ස්ටම්ප් එකක් කරන්නට ගොස් සිමෙන්ති ගඩොල කකුල උඩට පෙරලී මල කෙලියක් වූ බැවිණි. :D

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්...
      අපිට පොල්පිති තිබ් හන්ද ලෑලි හොයන්න වුවමනාවක් වුනේ නෑ...
      අපේ නං ස්ටම්ප් කරන්න තරං දැනුමක් තිබ් අය කෙසේ වෙතත් ඒ තරං හැකියාවක් තිබ්බ අය හිටියෙ අඩුවෙං...
      හිහි

      Delete
  9. කඳුකර පලාතක උපන් අපි සෙල්ලම් කරද්දී වැඩියෙන්ම කළේ කන්දෙන් පහලට පෙරලී ගිය බෝලය හොයන්නට වෙහෙසෙන එකය

    ReplyDelete
    Replies
    1. හහ් හා...
      එතකොට බෝලෙ ගේනකං දිව්වෙ නැද්ද...
      හෙක් හෙක්

      Delete
  10. //ක වරක් මා පන්දුවකට ලකුනු හැත්තෑ අටක් රැස් කර ඇත. ඒ මගේ ක්‍රිකට් දිවියේ ලද වැඩිම ලකුණු ප්‍රමාණයයි.//

    හිහි ඒකනම් මරු.

    අපි ඉස්කෝලේ ගහපු ක්රිකටුත් ඔය වගේ. කොහොමත් කෙල්ලොනේ ඉතින්. බැට් කරන කෙනා ඈතට බෝලේ ගැහුවොත් එයාම ගිහින් බෝලේ අරන් එන්න ඕන. ආයේ ෆිල්ඩර්ස් ලා නෙමෙයි ඇහැක් ඇරලා බලන්නේ.

    ReplyDelete
    Replies
    1. වත්තකට එහෙම ගියාම ඉස්තෝලෙදි ඔය කේස් එක කරා...
      වත්ත අවුට්...
      ගහපු කෙනෙක්ම බෝලෙ ගෙන්න ඕන...
      ඒකත් මරු පනිස්මන්ට් එක..
      ඒ ගැන ලබන සතියෙ කියන්නංකො

      Delete
  11. කවුරුවත් නැත්නම් බිත්තියට බෝලේ ගහලා තනියමම සෙල්ලම් කරපු කාලයක් මටත් තිබ්බා බං.. කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. නැත්තං බෝලෙ මේස් එක්කට දාල ඒක ලණුවකිං වහලෙ එල්ලල ඒකට පත බාන්නත් අපි මනාපයි..
      හෙහ් හෙහ්

      Delete
  12. ගස් කැච් අවුට්ද?

    >>පන්දුව ගසක රැදුණා නම් එය ගන්නා තුරු අප දුවමින් ලකුණු රැස් කලෙමු.<<

    මේකට ප්‍රතිකාරය තමයි ගහට නැගලා බෝලේ අරන් බිමට බැස්සොත් ගහපු එකා අවුට් වෙන එක.

    ReplyDelete
  13. ගස් කැච් ගණන් ගත්තෙ නෑ..
    ඒ හන්ද අපිට අවුලක් වුනේ නෑ...
    හෙහ් හෙහ්

    ReplyDelete
  14. අවධානය පැහැර ගන්නා මේ ලිපිය බැලුනේ මේ දැන්. දැනුත් මේ ගම්පළාතෙත් ඔබ පවසන ලෙස පුංචි කොලු ගැටවු පොල්පිති බැට් එකෙන් ක්‍රිකට් ගහන්නෙ පොලපිති හිස විකට්ටුවට විදිහට තබා ගෙන. නීති හදාගන්නෙත් තමන්ට ඕන විදිහට ගලපාගෙන. නීතිවලදි මුලින්ම ඇහෙන්නෙ රන්ඩුවක්. මහ ගාලගෝට්ටියක්. ඊට පස්සෙ නීති විසඳන්න ගිහින් රන්ඩුවෙලා තරහ වෙනව. සමතයකට එන්නම බැරිවුනාම විසිර යනව. පස්සෙන්ද ආයත් එකතුවෙලා නීති සංශෙෘ්ධනය කරගෙන ක්‍රිකට් ගහනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තට අපි ගහපු කිරිකට් වල නීති සුද්දෙක් එහෙම දැක්ක නං දිව හපාගෙන මැරෙන්නෙ...
      ඔබට ස්තූතියි ගුණසිංහ මහත්මයා..
      අදහස් බෙදාගත්තට

      Delete
  15. පට්ටයි යකෝව් ,මං නම් ක්‍රිකට් වලට වැඩිය කැමැත්තක් න,එත් වන් බම්ප් සෙල්ලම් කලා,ප්‍රිඩියඩ් කට් කරලා සෙල්ලම් කරලා බැට් බෝල් ඔළුව උඩ තියන් හිටපු හැටි තවම මතකයි ....උඹේ මේ ලිවිල්ල මට නම් නියමයි ...

    ReplyDelete
    Replies
    1. බැට් බෝල් ඔළුවෙ තියං ගියෙ නං නෑ..
      හැබැයි පත දාර වේවැලක් පුපුරන්න වැදුණ...
      හම්මේ මතක් වෙද්දිත් ඇග කිලිපොලා යනව...
      ස්තූතියි දොඹේ

      Delete
  16. උඹලගෙ කිරිකොට් ඉතිහාසයයි අපේ එකයි එක වගේ ලග ලග යනවා...අපි ඉස්සෙල්ලාම පොල් පිති...ඊට පස්සෙ ලෑලි පිති...ඊටත් පස්සෙ තමයි කඩේ තියෙන ඒවා ගත්තේ....මට හොදට මතකයි කඩෙන් ගෙනාවෙ බැට් දෙකයි...ඒවා පාවිච්චි කරලා ඉස්සෙල්ලාම සෙල්ලම් කරපු දවසෙ කොල්ලො කොච්චර ආශාවෙන්ද සෙල්ලං කලේ කියලා...අද ළමයින්ට ඒ ඉතිහාසය අත්දකින්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැං කොල්ලන්ට ඉස්සරෝම හම්බවෙන්නෙ හොදම බැට් ක නෙව...
      හිහි
      ඇත්තට මට ලෑලි පිත අමතකම වෙලා නෙව...
      හෙක් හෙක්...
      ස්තූතියි සිරා අය්ය

      Delete
  17. ඉස්කෝලේ කිරිකට් නම් මරු !

    ReplyDelete
  18. මේක දැක්කම හිත අතීතයට ගිහිං සුන්දර තැන් වල සැරිසරනවා. අපේ පවුලේ පස් දෙනාටම ක්‍රිකට් පුළුවන්. අක්කා-නංගි දෙන්නත් එක්කම. ඉතිං අපි ගේ ඇතුලෙත් ක්‍රිකට් ක්‍රීඩා කළා. මේ හැම විදියකින්ම. පොල්පිත්තෙන් පටන් ගත්ත මම අන්තිමට ග්‍රේ නිකලස් පිත්තක් මටම ගන්නත් වාසනාවන්ත වුණා. මේ සේරම ලියා තියන්න අදහසක් ආවා මේ ලිපියෙන්. මගේ වාසනාවට කුඩා කාලෙදිම නියම ක්‍රිකට් ක්‍රීඩා කරන්න ලැබුණා. නමුත් මගේ දෙමව්පියෝ මේකට බොහොම අකුල් හෙලුවා. බ්ලොග් අවකාශේ අය ක්‍රිකට් ගැන ලියනවට කැමති නෑ. වලියට එනවා. :) මේ තියෙන්නේ මම ලියපු එකක්
    තර්ඩ් මෑන් කළාපයෙන් ක්‍රීඩාංගනයෙන් එලියට ගිය අත්දිග සුදු කමිසය

    ReplyDelete
    Replies
    1. සුදීක අය්ය ඉතිං මට වඩා ක්‍රිකට් කාරය නෙව...
      මට ඉස්කෝලෙන් අව අවුල් හන්ද ක්‍රිකට් ගහනෙක නැවැත්තුව..
      ඔව් ඊටපස්සෙ ක්‍රිකට් සෙල්ලං කලේම නෑ...
      අර කියපු මතක ලියන්න හරි ආසයි අහන්න

      Delete
  19. හප්පේ මාත් දක්ෂ ක්‍රිකට් ක්‍රිඩිකාවක් ඇහ්.. කළුතර දිස්ත්‍රික් ක්‍රිඩා සමාජ යෞවන සමාජ ශුරතාවෙත් අපි දිනල තියෙනව. :-)

    පොල්පිත්තෙන් බැට් එකක් හදන් ගහපු කාලෙ තමා සුන්දරම. මං ඉස් ඉස්සරම ලංකාවෙන් ආපු දා ඉරිදා දවලුත් මැච් එකක් සෙල්ලම් කරල ආවෙ.. හිත අතිතෙටම ගියා මේ අකුරු දිගේ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ....
      කොච්චර හොදද.. මං නං ඉස්කෝලෙ වෙච්ච අවුල් සහගත වැඩ හන්ද ක්‍රිකට් වලින් ඈත් වවුණාට පස්සෙ ආයෙ සෙල්ලං කලේ නෑ...
      හොද කිරිකට් ක්‍රිඩිකාවක් බ්ලොග් අවකාශෙ ඉන්න්ව කියද්දිත් සතුටුයි ඈ

      Delete
    2. ඉස්කෝලෙදි නෙමයි දරුවො යෞවන සමාජ ක්‍රිඩා සමාජ මට්ටමින් ක්‍රිකට් සෙල්ලම් කලේ. හප්පේ මං තුන් ඉරියව් දක්ෂ ක්‍රිඩිකාවක්.. මොකක්දෝ අවාසනාවකට මගෙ අරමුණට ක්‍රිඩාවෙන් ඉස්සරහට යන්න බැරිවුනා.. ඒක මහ අවසනාවන්ත සිද්දියක්.. දවසක ලියන්නම් බ්ලොග් ලිපියක්..

      Delete
    3. එ්ක එහෙම වුණා නං අපිට ලස්සන ලස්සන කවි කියවන්නනොලැබෙන්නත් ඉඩ තිබුණ...
      සමහර විට දෙකම බේරං ඉන්නත් තිබ්බ..
      කෝම වුණත් දිනිති අක්කෙ අපිට කරන්න තියෙන හොදම දේට තමා දෛවයෙන් අපිව තෝරන්නෙ

      Delete