Thursday, August 14, 2014

කවියක් නැති කවි හිතක්...

උඹට කියන්නට බැරිව
ඉතුරු වුණ කවියක්
තියනවා තවම හිත කොණක
අකුරක් උඩ වැතිරෙන දිනය හිත හිත...

වියැළිලා මියෙන්නට වලිකන කවිහිත පෙගෙන්නට
නුඹේ ආදර අනෝරා වැස්සෙන් තෙමෙන්නට
ඉස්සර වාගෙම කෙළි කතා අහන්නට
බලන්න ඉන්නෙමි නුඹේ බද වට එතෙන්නට...

මම ලියපු කවි අකුරු වැල් උඩ
පැලවෙච්ච මල් පොකුරු ටික
නුඹ එන කල්ම මග බලන් හිද
මිය ගියේ ඊයේ වගෙයි මතක...

මල් කිනති මිය ගියත්
කවි අකුරු මැලවුණත්
නුඹ ආවෙ  නෑ තවත්
නොදකිමි සබද කෙම්බිමක්...

කවියක් නොදකිමි
නුඹව නැති තැනෙක
නුඹව නොදකිමි
කවියක් නැති තැනෙක....

52 comments:

  1. Replies
    1. ස්තුතියි ඔබට..

      Delete

    2. කමෙන්ටු දාම්ද නොදාම්ද...
      ..
      ..
      එක්කොත් ඕන නෑ...
      ..
      ..
      විදානෙ මටත් හරියන්නම වැඩේ කොරල නෙව...

      ඒ විදානයෝ...

      ඉතුරු දෙක තුනටත් බොලාම කොමෙන්ට් කොටල පලෝ....

      Delete
    3. විදානෙ උන්නැහෙ විසින් කොමෙන්ටු වලට රිප්ලයි කොර ඇති බැවින් මග හැර ඇති ඒවාට පමණක් රිප්ලයි කලෙමි..
      විදානෙට රොම්බ නන්රි වේවා....
      ඔයාලටත් ගොඩක් ස්තූතියි මාව දිරිමත් කරනවට... අගය කරනවට

      Delete
  2. මාර ඇඩිල්ලක් නේ බං...

    ReplyDelete
    Replies
    1. Andillak novana vidihata liyala thiyana eka genayi mage pranamaya!

      Delete
    2. ඉස්කෝතුයි දිලිනියො

      Delete
  3. \\මම ලියපු කවි අකුරු වැල් උඩ
    පැලවෙච්ච මල් පොකුරු ටික
    නුඹ එන කල්ම මග බලන් හිද
    මිය ගියේ ඊයේ වගෙයි මතක...//

    වඩාත් සංවේදීම මගේ සිත තදින්ම පැහැරගත් කොටස...

    ඉතාම අලංකාරයි මහේෂ්...

    ඇය ළඟ නැතත් කවි ලියවෙන්නෙ මේ අපූරුවට

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි ඔබට..

      Delete
  5. කවිය නං මරු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට..

      Delete
  6. කවියක් නොදකිමි
    නුඹව නැති තැනෙක
    නුඹව නොදකිමි
    කවියක් නැති තැනෙක....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට..

      Delete
  7. කියන්න බැරි උනම එක හොදයි ..හැක් උඹ මෙහෙම බොක්කටම දනෙන පද ගලපන්නඩ්හ් දක්ෂයා..ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට..

      Delete
  8. Replies
    1. ස්තුතියි ඔබට..

      Delete
  9. කවියයි නුඹයි වෙන් කල නොහැක !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට..

      Delete
  10. කවිකාර මලයා අගෙයි

    ReplyDelete
  11. මල් කිනති මිය ගියත්
    කවි අකුරු මැලවුණත්
    නුඹ ආවෙ නෑ තවත්
    නොදකිමි සබද කෙම්බිමක්...

    උඹේ කටෙත් පස්! මගේ කටෙත් පස්! :D

    ReplyDelete
  12. සමාවෙන්න...
    පොස්ටුවක් දමා මේ යෝදයා ආගිය අතක් නොමැති බැවින්.. කොමෙන්ට් වලට රිප්ලයි කිරීමට සිදුවිණි... කවියනං ඉස්තරං මහේෂ්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට.. :D

      Delete
    2. සංචාරකයෝ...

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. යකෝ මොලේ කොලොප්පම් වෙලා මං හතර අතේ උඩ පල්ලෙහා බල බල හිටියා. විදානේ මහේෂ් උඹට කීයක් දෙනවා කිව්වාද කඩේ යනවාට???? යකඩේ පළවෙනි පාඩම නේද ඕක අපිට ඉගැන්නුව..................

      Delete
    4. රබර් ඇට දෙකක් දෙනවා කිව්වා

      Delete
    5. ඔව් ඔව් ..
      රබර් ඇට වැටෙන කාලෙ නෙව

      Delete
  13. යකෝ උඩ ඉඳන් පහලට රිප්ලයි ටික බලාගෙන ආවෙ මහේෂයාට හොඳ දෙකක් අමතන්නම් කියල. අන්තිම මොහොතෙ හොඳවෙලාවට විදානයාගේ කූඩාරම යන්තම් දැක්කෙ. හෙක්! හෙක්!! හෙක්!!!

    ReplyDelete
    Replies
    1. ඔය විදානෙගේ කූඩාරම නෙමෙයි.. ඒ විදානේලා මනින්න යද්දි කන්ද උඩ ගහන වෙන අටමගලයක්... විදානේ කියන්නේ කූඩැල්ලෙක්නේ,,, ඒ කියන්නේ සබරේ කැම්පස් එකේ අර මනින ඩිග්රිය කරපු එකෙක්.. උන්ට කියන්න් කූඩැල්ලෝ කියලා.

      Delete
    2. මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑනියා..

      සුදු බණ්ඩිගේ ඉඩම මනින්න ගියෙත් විදානයාද දන්නෑ.

      Delete
    3. එහෙම ගිහින් තමයි මේ කෙලෝගෙන තියෙන්නේ...

      භු ධු ෂ ර න ඉ !!!!

      Delete
    4. මං ඉස්සරෝම කල්පනා කලා සෑහෙන්න
      මොකද්ද මූ මේ භු ධු ෂ ර න ඉ !!!! කිය කිය කියන්නෙ කියල..
      පස්සෙ තමා තේරුනේ මූ නප්පි වෙන්න ගසල කියල
      හපොයි

      Delete
  14. මං බැලුවෙ විදානයා මෙතන කමෙන්ට් වල දිග මනින්න ඇවිල්ලනේ.ලොකු කොන්ත්‍රාත් එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතිං නාකි උන්දැල “ටැස්ට්“ කිව්වම කොන්ත්‍රාත් බාර ගත්ත අය නේ...

      Delete
    2. අඩෝව් අදනම් වලි බෑ................ චන්ඩිය බඩේ..
      චන්ඩ්යට නොන්ඩිය වෙන්න දෙන්න බෑ නේ..

      භු ධු ෂ ර න ඉ !!!!

      Delete
  15. ලස්සනයි,, උඩ ඉදන් පහළටත් පහල ඉදන් උඩටත් කියෙවුවාම අමුතු මෙවුවා එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං හරහටත් කියෝපිය...

      දෙ වි පි හි ට යි !!!

      Delete
    2. මේ සිග් සැග් පාරක් ගහන ගමන්,,, ඒයි පට්ට ඈ :D

      Delete
  16. මට හිතෙන්නේ මහේෂ්ට කේන්ති ගිහින් වගේ...
    සොරි වෙන්න ඕන...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. පිස්සු තද වෙලාද... :@
      මං මොකට තරහ වෙන්නද යකූ.
      මං මේ පුල් පන් එකේ ඉන්නෙ.
      හිහික්.
      :-D :-D :-D :-D :-D :-D

      Delete
  17. කවි ටික නියමෙටම නියමයි ........

    ReplyDelete
  18. අගය කරනවා උත්සාහය....මම ඉතිං කවි වලට එච්චර මනාප එකෙක් නොවෙයි බං...මගේ බොගේ වෙන අයගෙ කවි වලට ඉඩ දුන්නට....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා අය්ය...
      ජීවිතේම කවියක් ඉතිං කෝම මගාරින්නද

      Delete
  19. ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල... මැවි මැවි රිද්දනවා........

    ReplyDelete
    Replies
    1. රිද්දන තරමට කවිපද ගැලපෙනවා

      Delete