Friday, September 5, 2014

06 09 13 - 06 09 14

හුස්ම වැටෙනා වසක් ගෙවුණා
සතුටු කවි කතා අතරේ
මොහොතකට ජීවිතය රැදුණා...

එදා වගෙමයි
ළිහිණි කැල අදත් සරණා
අදත් නොවෙනස්
පහන් කන්දත් එහෙම තිබුණා...

ඇරඹුමක පිය තබන සද
හුසම සේ ළගින් හුන්
සෙවණැල්ල මෙන්
දවස් ගණනක හුස්ම දැනුණා...
සතුටු ඔල්වර දවස් හඩ මැද
මන්දහස රැදි දහස් මුව තුළ
මිහිරිතම අසිරි ගීයක්
හෙමි හෙමින් සුස්මනව ඇසුණා...

කදුළු දහදිය මතින්
නැගෙන ඔල්වර සරින්
සෙමෙන් මුත් නිදහසින්
පා නගමි මම තුටින්...

ළගින් හිද සෙනෙහසින්
අද වගෙම මිතු සිතින්
හිදිනු මැන සොම්නසින්
සවිය නුඹමය ඉදින්........


48 comments:

  1. සුබ පැතුම් වසරක ගමන් මගට --- ආ මග කෙටියි යායුතු මග දුරයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් අය්ය...
      මේ ටික කාලෙට මට සහයෝගෙ දුන්න වගේ හැමදාම ඉන්න අපිත් එක්කම...
      ජයවේවා

      Delete
  2. සුබම සුබ උපන්දිනයක් වේවා ඔබේ බ්ලොග් එකට මහේෂ්.

    සවිය ලැබේවා පියාපත් වෙත පියාඹන්නට බෝ දුර විහඟ ගීතය දසත පතුරමින්.

    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි..//

    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
    ජයබිම දකිමි අදිටනින්..

    ආ මඟ කෙටියි...

    සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
    සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවී..
    නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
    තරණය කරමි මඟ සොඳින්..

    ආ මඟ කෙටියි...

    ගායනය: දමයන්ති ජයසූරිය / නුවන් නයනජිත් කුමාර
    පද රචනය : කුලරත්න ආරියවංශ
    සංගීතය : රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ සුභ පැතුමට..
      ඒවිතරක් නෙවී...
      අවස්තාවට ගැලපෙන සිංදුවක් දාල මෙතෙන්ට වටිනා කමක් දුන්නට...
      මේ ටික කාලෙට මට සහයෝගෙ දුන්න වගේ හැමදාම ඉන්න මගෙත් එක්කම...
      ජයවේවා

      Delete
  3. අඩේ අවනලෙන් අවුරුද්දක්ම කන්න දීල කෑම බෙදාහැදාගෙන් හිත්වලට, තවත් හිත්වලට කෑම දෙන්නෝ, පුළුවන් විදියට කාලා බිල ගෙවලා යන්නම්කො, උණුසුම් සුබ පැතුම්, මේ මක්ක හරි සස්පෙෂල් නැද්ද ඉතින් අවුරුද්දක ඇනිවසරියට. :D ජය වේවා

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට තෑග්ගක් නං තිබ්බ...
      ඒත් පොඩි පොඩි පුරස්න හන්ද කල් ගියා...
      ඒත් ඒකත් ඉක්හමනටම දෙන්නංකො..
      ස්තූතියි සොමී...
      මේ හිටිය වගේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා...
      ජයවේවා

      Delete
  4. අධික අවුරුද්දක් උදාවූ අවන්හලට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. එක දවසක් වත් වැඩි නෑ හරිද දේශෝ...
      ස්තූතියි ඈ....
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  5. අවන්හලට උණුසුම් සුබපැතුම් !! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනියො
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  6. අවන්හලට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තනුජ..
      ගොඩක් ස්තූතියි...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  7. අවන්හලට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. වැඩිය බිව්වම මාත් දෙපාර දෙපාර කියනවා.. හැක්

      Delete
    2. අැත්තට මක්ෙකයි මේ වුනේ...
      ඈ...
      ඊට වඩා දේවලුත් වෙනව කියල ආරංචියි දේශෝ...
      නැද්ද ප්‍රියා

      Delete
  8. සුබ පැතුම් මහේෂ් මල්ලි....තව ඉදිරියට යන්න ලැබේවා! කෝ කෝ පාටිය ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ...
      අනේ පාටි නැතෝ...
      හිහි
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  9. අවන්හලෙන් අවුරුද්දක් සප්පායම් වෙලා තියෙනව එහෙනං.සුබ පැතුම් මහේෂ්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපෙ...
      මේ හිටිය වගේම ඉස්සරහටත් අපිත් එක්කම ඉන්න එහෙනං ඇ...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  10. අඩේ සුභ පැතුම් මහී!!

    එළ එළ! තව දිගු ගමනකට ආසිරි!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා මචෝ...
      ගොඩක් ස්තූතියි මේ වගේ හැමදාම ඇවිත් දිරිගන්නනවට...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  11. අඩේ මගෙත් උණුසුම් සුභ පැතුම්...!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිහිනයො...
      ගොඩක් ස්තූතියි
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  12. මගෙනුත් සුභපැතුම් මල් මිටක් මහේෂ් . . . :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළිහිණියො...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  13. වසරක් පුරා රැදී සිටියාට සුභ පපුතුම්......
    උදාවන නව වසරට ආයෙත් සුභ පැතුම්..
    දිගුකල් දිනේවා...
    සතුට සොම්නස දසත වේවා...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා එසේම වේවා...
      ස්තූතියි විදානෙ..
      හැම මොහොතෙම ලගින් ඉන්නවට...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  14. සුබ පැතුම්...අපිත් සැහෙන්න කල් මෙකේ රස බලන්න අවා නොවෑ ,තව තව ලියහන් ...
    ජය....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර තුමා...
      ඒ සහය මට අමතක නෑ නෙව...
      මේ ආව වගේ ඉස්සරහටත් එන්න ඕන මේ පැත්තෙ...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  15. සුබපැතුම් මහේෂ්. දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පරිකල්පන...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  16. මගෙනුත් සුභ පැතුම් මහේෂ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චින්තක...
      සෑහෙන කාලෙකින් දැක්කෙ...
      කොහෙ ගියා...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
    2. කමන්ට් කරන්න බැරි වුනාට නිතර අවා ගියා. ජයවේවා !

      Delete
    3. එනව යනව නං කියෝනව නං කමෙන්ට් නොකල කියල මං තරහ වෙන්නෙ නෑ..
      ස්තූතියි හොදේ

      Delete
  17. වසක් නොව සිය වසක් ලියන්නට ලැබීලා
    සියක් නොව කෝටියක් අදහසුත් ගලාලා
    වරක් නොව සිය වරක් සුභපැතුම් පතාලා
    තෙරක් නැති බ්ලොග් අහසෙ යනු පියා සලාලා

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිටර්...
      ගොඩක් ස්තුතියි...
      අපූරු කවියක් මගෙ බ්ලොග් ඇනිවසරියට...
      ගොඩක් ස්තූතියි...
      එන්න මේ අහ හැමදාම...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  18. සුබ උපන්දිනයක් !!! දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි...
      ගොඩක් ස්තූතියි...
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  19. ෂහ්..ජය වේවා... උණසුම් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. මොකද බං පරක්කු...
      දැංද ඇහැරුනේ...
      හිහි...
      ස්තූතියි හොදේ...
      හයියක් උඹල මට..
      තව චිරත් කල් යෙහෙන් වැජඹෙන්නට වාසනාව ලැබේවා...
      ජයවේවා

      Delete
  20. සුබ පැතුම් මහේෂ්. මුදු බසින් ඔබ ලියන දේවල් ඉතා නිර්මාණශීලීයි. දිගු ගමනකට ආසිරි !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකසිරි මහත්මයා...
      ඔබ වන් කෙනෙක් මාව අගයනකොට මට දැනෙන්නේ නොවක් සතුටක්...
      ස්තූතියි ඔබට...

      දිගුකල් දිවි ගෙවන්නට වාසනාව ශක්තිය ලැබේවා...
      ජයවේවා

      Delete
  21. පළමු බ්ලොග්වසරියට මගේ උණුසුම් සුභ පැතුම් මිත්‍රයා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා අය්ය...
      හය්යක් මට ඔබේ වචන ටිකත්... මේ හිටිය වගේම ඉස්සරහටත් මාත් එක්ක ඉදියි කියල මං හිතනව..
      ස්තූතියි ආයෙමත්...

      සුවෙන් සිටීවා...
      ජයවේවා

      Delete
  22. සුබ පැතුම් මල්ලියෙ වසරක ගමනට.. තවත් බොහෝ කලක් ලියන්නට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කො.. ඔයාලගෙ අගම කිරිම්දිරිමත් කිරීම් ධෛර්යයක් මට...
      ජයවේවා

      Delete