Monday, October 14, 2013

මතක

මේ විසල් අහස යට
කොහොම හමුවුණාදැයි ඔබ
මතක නැතුවත් මට
ඇසිල්ලක් වුණු
මොහොතක මතකය
තවම මතකයි මට.....
මේ විසල් පොළව මත
කවම කවදා හෝ මට

Friday, October 11, 2013

හීන මල් වැහි

ආයෙමත් නුඹ අවැසි නෑ             මට
ඉදින් නුඹ ගැන සිතනු          කුමකට
මා එපා යැයි පැතූ ඔහු                 හට
පෙන්නන්න ඔබෙ බොරු කදුළු කැට

ගෙවු ගෙවී ගිය පෙර                 දවස්
නුඹ නුඹෙ ඉච්චා නතා               බස්
හිත හිතා ගෙව් ඒ                     දවස්
ගෙනාවේ මට කදුළු පිරි            ඇස්

නැට්ටුක්කාරී

කෝලිත්තං  ඔය ගෙත්තං
ඇස් අස්සෙං හිත අස්සට
හැංගි හැංගි එබිකං පා
සුරංගනා  හීන අරන්
නුඹ ඇවිදින්
ටික කලකට
මගෙත් එක්ක
කුලී මාළිගා හදන්න
නැකත් බලනවා
සමාවෙයං අනංගනා

Wednesday, October 9, 2013

සිහිනයම නුඹ..

සමුදෙමි
සතුටකින් නොව
අහිතකින්
දුක්වෙමි
මගෙන් දුරස්ව
දුර යන නිසා
හිනැහෙමි
දිනෙක යළි
ඔබ හමුවෙතියි
සිතා......

Saturday, October 5, 2013

දොරටුපාල


අනුන්නේ දොරකොඩක
තමන්නේ වගේ හිද
අනුන්ගේ දේ රකින
තමන්ගේම හීනෙටත්
ණය ගැති

කටු මතින් ඉගිලෙන්නට...

ගෙවෙනා දින ගනන් වල
වැලලෙනා හෝරාවන් මැද
අරමුණක් නොමැතිවම
මං මුළා වුනෙමි මම.......
නොලැබෙනා අරමුණු අතර
උන්ටම කඹුරා
විඩා වැටුණි මම

එන්න එපා යළි මගෙ ලොවට..


මලක මෙලෙක සෙව් මුත්
නුඹ කටු ගොඩකී...
තඹර පිරි විලක් පැතු මුත්
නුඹ මඩ වලකී....
මිතුරු කියා රැවටුණ මුත්

කදුල එපා යළි නුඹව...

මතක අගිස්සක
නුඹ පැටලිලා
ආයෙමත් මගෙ හිතට
එන්නටම හදනවා.,
කදුලටම දියව ගිය
පෙර දවස
නුඹ ඇවිත්
මට

හීන

හිත අස්සට
ඇවිදින්
හිතම පාරවන
වස් කවිය.....

තනිකම

කදුල
ඇස් ළගට විත්
හඩන්නට
මොහොතකට පෙර
නුඹ
මට දුන් තෑග්ග.....