Friday, October 11, 2013

හීන මල් වැහි

ආයෙමත් නුඹ අවැසි නෑ             මට
ඉදින් නුඹ ගැන සිතනු          කුමකට
මා එපා යැයි පැතූ ඔහු                 හට
පෙන්නන්න ඔබෙ බොරු කදුළු කැට

ගෙවු ගෙවී ගිය පෙර                 දවස්
නුඹ නුඹෙ ඉච්චා නතා               බස්
හිත හිතා ගෙව් ඒ                     දවස්
ගෙනාවේ මට කදුළු පිරි            ඇස්

පංසලේ බෝ ගහේ අතු              අත්
කොල හල හලා දළු දමා      ආයෙත්
හැඩි වෙලා තිබූ මගෙ හිත්     මළුවත්
රටා ඇතිරී ඇමදිලා              ආයෙත්

වසන්තය ආයෙමත්             ඇවිදින්
මහිත මල් පෙති හීන            ඉහිමින්
විසිරි මල් පෙති හීන             අතරින්
පුංචි සඳ සාවියක්                  ඇවිදින්

No comments:

Post a Comment