Friday, June 19, 2015

ඔබේ ද රෝඩ් රූල්ස් :D :D

හම්මේ ඉතිම් නේ
අවුරුදු කීයකට පස්සෙ ද මංද... ලීව ලීව කියල හිතං හිටියට අන්තිමේ බලද්දි කොල මැල්ලුමක් වත් ලියල නැ... සෙක් නේ... එපා වෙනව....
පහුගිය දවස් වල තිබ්බ එක එක වැඩ අස්සෙ පොඩ්ඩක් බුසී බුසී ගාගෙන හිටියට ඇත්තටම තිබ්බෙ පශ්චාත් බාගෙ ඉදං තිබ්බ කම්මැලි කමක්... ඒ අවුවස්සෙ ඉදල හිටල බ්ලොග් එක්කට දෙක්කට ගොඩවෙලා පොඩ්ඩක් කියෝල කොමෙන්ටුවකුත් කුරුටු ගෑව... එච්චරම තමා...මේක දාන්නෙ නිකං ආසාවට වගේ... මීට අවුරුද්දකට දෙක්කට කලිං මට හම්බුණ එකක් මේ ගැන නොදන්න කෙනෙක් ඉන්නව නං වැදගත් වෙයිද කියල හිතල...
හැමදාම අපි පාරෙ යනව නෙව... ඒ අවුවස්සෙ කොහෙ හරි පදුරක් අය්නෙ ඉදල ටැපික් අංකල් කෙනෙකුත් අර කැමරාවක්ද මොකද්ද එකක් අල්ලං පාරට පයිනව...
සමහර වෙලාවට නං නිකං අතදාල හිටං..., පුතේ තේ එකක් බීල යන්න කීයක් හරි දීල පලයං... කියල අපෙන් දතක් ගලෝන යන වෙලාවලුත් තියේ.... ඉතිං ඔය ඕන දෙයක් නීතියට අනුකූලයි කියල හිතං ඉන්න අයත් ඉන්නව නෙව.. මේ ලියන්නෙ ඒ වගේ අය වෙනුවෙන්.. කියවල බලන්න කවදා හරි කොහෙදි හරි වැදගත් වෙන්න පුලුවං....


  1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

    2.
    තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

    3.
    ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

    4.
    තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

    5.
    පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

    6.
    මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.( බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

    7.
    පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

    8.
    ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

    9.
    රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

    10.
    කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

    11.
    පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

    12.
    ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

    13.
    ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

          මේ කියපු කාරණා කොයි තරං නං  ප්‍රායෝගික භාවිතයේදී වලංගු වෙයිද                කියන එක ගැන සැකයක්  තිබුණත් දැනුමට හරි වටීවි කියල හිතෙනව...

         මේක මට දුන්නෙ මුහුණු පොත හරහා මිතුරෙක් බවට පත්වූ අයෙක්... ඒ              මේ සම්බන්ධ කාරනයකදී මම    යම් නීතිමය ගැටළුවකට   මැදිවූ                             වෙලාවක... මේක කාට හරි වැදගත් වේවි නම් එපමණයි..

පොලිස් පොලිස් කියද්දි පොලිසිය ගැනත් නොකිය බෑ නෙව... මේ තියෙන්නෙ අළුත් බ්ලොග් එකක්.. ලියන්නෙ පොලිසියෙ සේවය කරන කෙනෙක් ම තමා... ගිහිං බලල අඩුපාඩු කියල දිරිමත් කරල ආව නං...

ප.ලි- මං මෙහෙ නාපු දවස් වල හුගක් දෙනෙක් මාව හොයල බලල තිබ්බ. ඒ විතරක්යැ. සමහරු මාව හොඳට අමතලත් තිබ්බ.මගෙ බ්ලොග් එක අලුත් සින්ඩි ය කට ත් එකතු කරල තිබ්බ අපේ කුරුට්ටො ටික.
ඉතිං මාව මතක් වුණ අමතක වුණ බැණපු කතා කරපු මේ ඔක්කමලටම ස්තූතියි... දිගටම රැදෙන්න බලාපොරොත්තු වෙන හන්ද අඩපාඩු හදාගෙන ලියන්ට තමා ඉන්නෙ.  
ඔක්කමටම ජයෙන් ජයම වේවා

Wednesday, March 25, 2015

එන්න කවුළුවෙන් පිටතට පියඹන්න

                           
 පුෂ්ප මකරන්ද යෝ අඳුරු ගුහා වන් හි ම සැඟව මිය යා යුතු නොවේ... නිතරම රොන් උරනා බඹරුන්ට පාවාඩ පිණිස එළිය යුතු ද නොවේ... ඒ තුළින් අළුත් ජීවිතයක් දැකිය යුතු ය යන්න මගේ අදහසයි... අනේක වූ අකුරු මැද සරණ සිය ගණනක් වූ වියුණු සටහන් කරුවන් අතර අති විශිෂ්ටයන් අතිමහත් ය... ලියන්නන්ට වඩා කියවන්නන් ද එසේම ය. නමුත් ඔවුන් බ්ලොග් අවකාශයෙන් එහාට සිය අත්තටු විහිදා පියඹා යන්නේ කලාතුරකිනි... ඉදින් අලසකම පසෙ කලා ඔබේ නිර්මාණ වැඩි පිරිසක් අතර බෙදා හරින්න සුදානම් වන්න යැයි යැයි මම ඔබෙන් ඉල්ලමි...

Wednesday, February 25, 2015

ඒ වුනත් සඳ වත....

අහස් ගඟ තරණය කර
කොයිබට ද යන්නෙ ස නුඹ
ඇති නේද නිවහනක් නුඹටත්
නුඹ එනකං කියල මග බලන
සො පැටව් සතුට උතුරන...

Monday, February 16, 2015

එන්න පුළුවන් ද වෙලාවක....

රිදෙන හිත පිරි මදින්නට
හිත කියන කවි අසන්නට
මද නලක දැවටී හෝ
එන්න පුළුවන් ද වෙලාවක....

Thursday, January 29, 2015

සඳ ආයෙත් නොනැගෙන බැව්.....

පුර හට හැකි ද සැවෙන්න
අහස් ඉම කොතැන
පසලොස්වක දවසකට...

Wednesday, December 31, 2014

2015 සුභ නව වසරක් වේවා..!!!

ලියා තබා ගන්න 
ඔබේ හදවතේ
අලෝකවත්ම කුටීරය තුළ
ඔබේ ප්‍රියතම වර්ණයන් ගෙන
එළඹෙනා සෑම දිනයක්ම
ඔබේ ජීවිතයේ
හොදම දිනයක්
බවට....



2014 කියන්නෙ මට නං පාර අයිනෙ ඉන්න ට්‍රැෆික් සාජන්ට් කෙනෙක් දැකල හැටට හැටේ පාගපු හෙල්මට් නැති බයික් කාරයෙක් වගේ.. හිතන්නත් කලිං ගිහින් ඉවරයි.. මට මතකයි සමහර වෙලාවල් වලට මම පොඩි පොඩි සිගිති ආතල් ගත්ත... හැම කෙනාම එහෙම කරන්න ඇති. නෑ කියන්න කාටවත් පුලුවන් කියල මම හිතන්නෑ... ඒ ඇරෙන්න  මම ඇත්තටම කියපු (මඩ වත් අපහාසවත් නෙවී පෝස්ට් ගැන මට ඇත්තටම හිතුණ දේ) සමහර දේවල් හන්ද සමහර අයගෙ හිත රිදුණ.. ඇත්තටම මම කාටවත් එහෙම අදහස් කරගෙන දෙයක් කියන්නෑ... මට හිතට දැනෙණ දේ අවංකවම කියනව.. එච්චරයි... තමන් දෙයක් භාර ගන්න විදිය අනුවයි හැම දේම වෙනස් වෙන්න... 

ඉතිං ඒ පහුගිය කතා  වලට යන්න කියල සුපුරුදු පරිදි මගේ හය්යෙන් ඔයාලගෙ පෙට්‍රල් වලින් මේ ගමන යන්නයි මගෙ බලාපොරොත්තුව...  නම් වශයෙන් කියන්න බැරි වුණත් මගෙ වියුණු සටහන ආරම්භයේ ඉදලම මා එක්ක හිටපු හැමෝටම බොහොමත්ම ස්තූතියි... මාත් එක්ක මේ කෙටි කාලය පුරාවටම හිටිය වගේ ඉස්සරහටත් ඉන්න කියල මම ආරාධනා කරනව... 

2015 නව වසර ඔයාලට වගේම ඔයාලගෙ පවුල් වල අයටත් අත මිට හිග නැති කුසගිනි නොම ඇති එළවළු හාල් පොල් පෙට්‍රල් ගෑස් මදි නොකියන්න ලැබෙන 
කෙල්ලො නැති කොල්ලන්ට කෙල්ලො හම්බෙන 
කොල්ලො නැති කෙල්ලන්ට කොල්ලො හම්බෙන
ගල් ඕන උන්ට ගලුත් පොල් ඕන උන්ට පොලුත් අඩු නැතිව හම්බෙන 
ශ්‍රී සුභ නව වසරක් වේවා.............!!!!!! 

Wednesday, December 17, 2014

පාට (ඇති/නැති) වැහි


උස්ව නැගි 
තුගු රුකෙක 
ඉහළම අතු රිකිලි යට
නර්තනයක්ය 
කණමැදිරි..,
පුංචි තරු ඇස් ටිකක්
වළාකුලක් යට 
වැස්සට තෙමෙන 
වෙලාවක...