Friday, January 1, 2016
Thursday, October 29, 2015
තරු දෑස් යුග නුඹ සොයන සද සඳ ගෙනෙත් දෙමි කොයිබින්දා....
වසන්තය නික්මුණේ
පැදුරටත්
නොකියමය
මහ නියං
පැමිණියේ
මහ දොරත් බිඳගෙනය...
කේඬෑරි වැහි ඇඟිලි දෙක තුනක්
ඉඳ හිටක ඇද හැලුණ වග ඇත්තය
මුදුන් ලීයත් උගුලුවන් ගිය
කුණාටුව ආවෙ ඒ එක්කමය...
Monday, October 26, 2015
ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවෙකී...
Thursday, October 22, 2015
දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි..
වඩේ අංකල් හිටියේ(???) පොල්ගහවෙලය. එන් එස් බී බැංකුව ළගය. මෙයා ගැන නොදන්න කෙනෙක් පොල්ගහවෙල අහල ගං හතක වත් ඇතැයි හිතන්නට අමාරුය. ඒ තරං ෆේමස්ය. උන්නැහේගෙන් වඩයක් කෑවා හෝ නොකෑවා වෙන්නට පුලුවන. නමුත් මෙහෙම හාදයෙක් අසුවල් තැන අසුවල් වෙලාවට ඉන්නවා යැයි ඕනෑම කෙනෙක් දනී. හෙතෙම සුදුවුණ කටු රැවුලකින් ද නිතර හිනාවෙන මුත් හිනා නොවෙන මූණකින්ද , මදක් කළු සමක් ඇති, නිතරම නිල්පාට කොටු සරමක් හා සුදට හුරු ෂර්ට් එකක් හදින මුස්ලිම් අයෙක් වුව හොදින් සිංහල කතා කල හැකි අපූරු මිනිසෙකි.
Sunday, October 18, 2015
තනියො... මේ අහපන් නෑ තවත් තරහක්
මේනකා මට මතකයි උඹෙ හිනාව
තනිය ඇවිදින් හොරකං කරන් ගිය
තනිය ඇවිදින් හොරකං කරන් ගිය
මම නැතත් ළඟ අපෙ සුවඳ සවියට ඉන්නැතී
සඳ තුරුළු කර නුඹ සුවෙන් නින්දේ ඉන්නැතී
මා නොමැති බව කේලමක් කියලා වෙන්නැතී
තනිය ඇවිදින් වී අටුව හෙව්වා වෙන්නැතී
සඳ තුරුළු කර නුඹ සුවෙන් නින්දේ ඉන්නැතී
මා නොමැති බව කේලමක් කියලා වෙන්නැතී
තනිය ඇවිදින් වී අටුව හෙව්වා වෙන්නැතී
Labels:
Tab කුරුටු,
කවි මී මදු,
පාට නැති කවි
Location:
Kegalle, Kegalle
Tuesday, October 6, 2015
තවත් එක දවසක් ම විතර ද..??
තුංග වෘක්ෂයන් වෙති අපමණඵල වැල සිසිලස සුවද බෙදා දෙන
බෝසත් පාරමී දහම් නොපුරන
බෝසතුන් තරමටම කුළුණුබර..
ඇස් ඉස් මස් රුහිරු බිදු දියකර
පෙවී උන් අප හටම සිප් කිර
නොපැතීය ආපසු කිසිත් කෙලෙසක
ගෙවන්නද කෙලෙස මේ උතුම් ණයබර..
පවර වෑ දිය මෙනි දයාබර
කෙත් සාරවත් කර සිනාසෙන
කිසිත් කිසිදා කියා නොමයන
හදේ ගැඹුරෙම තබා හිනැහෙන ..
Friday, September 25, 2015
මතක රසයකි ...
අහුකොනක් අල්ලගෙන
ඕමියක් ගහනකොට
මාරියක් හැපෙයි
වැඩි සීනි ප්ලේන්ටියකුත් පෙවෙයි..
ගිරෙන් පුවකේ රහිනකොට
මටත් පුවක් ජුංඩක් කියනකොට
ගෙඩියට දෙක තුනක් රහිනකොට
මොනතරං සැපයක්ද විටකුත් හපන එක..
අන්තිම දවස වෙනකං
මාළු පිණි හට්ටිය කිරි හොද්දටම බහිනකං
තනි රැක්ක මළ ගෙදර මිනියක් නැති වුණත්...
හත් දොහේ දානෙට කරල හැම වැඩත් අන්තිමට
යන්න යනකොට හට් එකත් ගලවන් ඉවරෙට
ඇහෙයි මිමිණුමක් නතුවුණ සෝබර ස්වරයකට
"බොහොම පිං මල්ලියෙ"
හිත පිරෙයි හීන්සීරුවට.....
ඕමියක් ගහනකොට
මාරියක් හැපෙයි
වැඩි සීනි ප්ලේන්ටියකුත් පෙවෙයි..
ගිරෙන් පුවකේ රහිනකොට
මටත් පුවක් ජුංඩක් කියනකොට
ගෙඩියට දෙක තුනක් රහිනකොට
මොනතරං සැපයක්ද විටකුත් හපන එක..
අන්තිම දවස වෙනකං
මාළු පිණි හට්ටිය කිරි හොද්දටම බහිනකං
තනි රැක්ක මළ ගෙදර මිනියක් නැති වුණත්...
හත් දොහේ දානෙට කරල හැම වැඩත් අන්තිමට
යන්න යනකොට හට් එකත් ගලවන් ඉවරෙට
ඇහෙයි මිමිණුමක් නතුවුණ සෝබර ස්වරයකට
"බොහොම පිං මල්ලියෙ"
හිත පිරෙයි හීන්සීරුවට.....
Monday, July 20, 2015
ඉතින් සමුගනිමි මම ...
නොනිදයි නගරය
ඔබ උණුහුමට තුරුළු වී නිදන අතරතුර
ඔබද මාද ඇවිද ගිය මාවත්
නිශ්චලය බෙහෙවින්
ඉඳහිටක පමණක් විදුලි ඇස් දල්වා ගත්
මොටෝ රථයක් තනි මකයි මහ මඟ...
සඳ එළිය යට බැබළෙයි නගරය
නියොන් එළියට නොපරදින සඳකත් කිරණ
සිප ගනී තැන තැන ඔබ මා සිටි නොසිටි සැම තැන
සුසුමක් හෙළමි බරැති
අවසන් වතාවටත් හැරී බලමි
හිත පුරා දැනෙන වේදනාව බදා වැළද
දුර ගමන් සේවා බසයකට අත දමමි
පැකිළුණ පයට සිතින් දොස් තබමි
හිස් අසුනක් සොයා ගොස්
හිඳ ගන්නට අවැසිය...
අවසන් ඡායා මාත්‍රයද මැකීයන නගරයක
එළිය අඳුර පිරි බිම් තීරය පසුවන තෙක්
මොහොතකට රැදී ඉමි.....
ඔබ උණුහුමට තුරුළු වී නිදන අතරතුර
ඔබද මාද ඇවිද ගිය මාවත්
නිශ්චලය බෙහෙවින්
ඉඳහිටක පමණක් විදුලි ඇස් දල්වා ගත්
මොටෝ රථයක් තනි මකයි මහ මඟ...
සඳ එළිය යට බැබළෙයි නගරය
නියොන් එළියට නොපරදින සඳකත් කිරණ
සිප ගනී තැන තැන ඔබ මා සිටි නොසිටි සැම තැන
සුසුමක් හෙළමි බරැති
අවසන් වතාවටත් හැරී බලමි
හිත පුරා දැනෙන වේදනාව බදා වැළද
දුර ගමන් සේවා බසයකට අත දමමි
පැකිළුණ පයට සිතින් දොස් තබමි
හිස් අසුනක් සොයා ගොස්හිඳ ගන්නට අවැසිය...
අවසන් ඡායා මාත්‍රයද මැකීයන නගරයක
එළිය අඳුර පිරි බිම් තීරය පසුවන තෙක්
මොහොතකට රැදී ඉමි.....
Tuesday, June 30, 2015
නොනැවතෙන හුස්මකි පණ ගැහෙන සිරුරකි ...
අහසටත් අමතක ව
බිම වැටුණු තරුවකට
පණ දෙන්න බැරිවාද
මුඩුක්කුවෙ හුස්මකට...
Tuesday, June 23, 2015
පොඩීඊඊඊඊඊඊ කතාවක්
අපි ඉතිං වානර ය ගෙන් පැවත එන්නන් නො වැ.. ඒත්
ඉතිං ඉඳල හිටල අපි උන්නැහේටත් අපහාස කොරන වෙලාවල් තියේ.., උන්නැහෙ කීවේ අපේ මුතුන්
මිත්ත.., ඔව් ඔව්... අර මහා වානරය තමා... ඉතිං අපිත් කියනව නෙ ව වඳුරෙක් එහෙම
දැක්කොත් අන්න උඹේ නෑදෑයෙක් කියල මාත් ඔය වචන සෙට් එක අනන්ත අහගෙන ඇති.. අර
කතාවටත් කියන්නෙ හැට පැන්නත් වඳුර බිමිං නොයයි කියල... මේ කතාවත් අන්න ඒ වගේ අත් ඇර
ගන්න බැරි පුරුද්දක් ගැන.
Subscribe to:
Posts (Atom)
