Friday, March 7, 2014
Tuesday, March 4, 2014
මහත්වරුනි.... මා නෙළු මල මට සිඹින්න දෙන්න.....
අහස ඉරත්
එක්කං සෙල්ලමකය.... ඉර බෝලය මැද්දෙං තියාගෙන වලාකුළු පිහාටුවකටවල් වැද්ද නොදී එළවා
දමා තම හයිකාරකම පෙන්නන්නේය.. ඒ හයිකාරකමේ
රශ්ණියෙන් දැවෙන්නේ අපය... පොළෝ වාසී ප්‍රේමවන්තන්ය...රත්වූ හුළං ඇබිත්තක් හීං
කෙදිරියක් නගාගෙන ඈතකට යන්න ගියේ චණ්ඩිකම් පාන හිරුගේ තේජසින් පීඩිතව උන් අපව තවත්
පීඩාවට පත්කරමිනි. ගිනි අව්වෙන් දැවෙන ගසක, ඒ ගසේ හෙවණ යට ඈත් මාත් වාඩිවී
හුන්නෙමු... මම ගසේම මුලක් උඩ හිදගෙන ගසට පිටදී හිදගෙන හුන්නෙමි... ඈ මදක් ඔබින්
වූ කුඩා ගල් කුලක වාඩි ලා ගෙනය... දුර, ළගක සේ පෙනුණත් ඈ දුරය... අහසට පොළව සේය...
හෝරා භාගයකටත් වඩා වෙලාවක් ම තිස්සේ ඈ නිසොල්මනේය... බර කල්පනාවකය... පුරා පැතිරී
ඇති නිහඩතාවය බිද මන්නට රිස්සක් නැත්තා සේය... මම පොළව මස්තකයේ හිද, ළග මුත්
දුරින් පේන සඳ දෙස බලාගෙනමය... ජීවන පියගැටපෙළේ මට පිය ගැට තුනක් පමණ ඔබින්
හුන් සඳ දෙව්දූ දෙස
ලොබින් නෙත් අහකට යා නොදීම මා ඈ දෙස බලාගෙනය...
අවසන සඳවත පුරා
පැතිරි නිහඬතාව බිද
දැම්මාය....
Tuesday, February 25, 2014
සිංහ දේශයේ සිංහයන් වඳව ගොස් ඇත.....
අප ශ්‍රී
ලාංකිකයෝ වෙමු... එනයින්ම අපි ආඩම්බර වෙමු.. ඉන් නොනැවතී ඇතැම් විට හදවතින්ම ශ්‍රී
ලාංකික බව පවසන්නෙමු. නමුදු ඒ ලෙසින් ක්‍රියා නොකරන්නෙමු... ඒ අපේ හැටිය... ඒ මට
සිතෙනාකාරයයි. සෑම දෙයක්ම කීමෙන් පමණක් තෘප්තිමත් වන අපි ඉන් ඔබ්බට නොයා ,එනම්
කතාව ක්‍රියාවට නොනගා කතාව මතම නැවතී හිදින්නෙමු... සරලවම කියනවා නම් කටින් බතල
කොල හිටවන්නෙමු... මේ අපේ ජාතියේ ගතියයි... කතාව මතම නොනැවතී ක්‍රියාවට ද නගන්නෝ
නැති නොවේ... නමුදු එවැන්නෝ හිගය... දුර්ලභය. උන්ට කරනා අපහාසයන්ද නිමි නැතිය...
ලංකාවේ උන්ට වැඩ කරනවා නම් ඔබට බැණුම් අසන්නට පිළිවන් විය යුතුයැයි අනගාරික
ධර්මපාල තුමා වරක් කීයේ එබැවිණි... මන්ද මේ ශ්‍රී ලංකාව බැවිනි...
Friday, February 21, 2014
මිනිස්සු ඇයි මේ තරං කුජීත බං ..............?
ලියන්නට සිටි
සියලු දෑ ඉවත ලා මේ ලිපිය ලියන්නට සිත් වූයේ මේ කියන්නට යන සිදුවීමට කොනකින් හෝ මා
ගෑවී තිබීම නිසා මා සුද්ද කර ගැනීම සදහා හෝ මාගේ නිර්දෝශී බව හගවා පොරක් වීමට
නොවේ... මටද සහෝදරියක් සිටින නිසාත් ඈ හා මා අතර ඇති බැදීම නිසාත් මා සිත මේ
කියන්නට යන සිදුවීම නිසා මා සසල වූ හින්දාමය... මේ ලිපිය කියවා ඔබට කියන්නට
අනන්තවත් දේ සිතිය හැක... එසේම නොකියා
යන්නටද සිතිය හැක.. මගේ එකම ඉල්ලීම නම් සිතෙනා දේ සිතෙනා ආකාරයෙන් මෙහි තබායන
ලෙසත් මා පිළිබදව හිතේ කහටක් තබා නොගන්නා ලෙසත්ය..(නමුදු ඒ ඔබේ කාරියක්ය...)
X-මචං....
මම-ම්ම්...
X-උඹ දන්නවද අර
කෑල්ල....?
මම-කව්ද බං...?
Monday, February 17, 2014
Wednesday, February 12, 2014
තරු සිහින...
දේදුන්නේ සප්ත
වර්ණයන් හට ඔච්චම් කරන්නට, එහි කීර්තිය උදුරා තමන් නතු කරගන්නට මෙන් ආඩම්බරයෙන්,
මාන්නයෙන් පිරී ඉතිරී ගිය කෘතීම වර්ණ ධාරාවෝ සිය කාන්තිමත් ආලෝකයෙන් අදුර
පලවාහරිමින් සිය නෙක වර්ණාවලියන්ගෙන් හාත්පස්ම අතුරුසිතුරු නැතිව පුරවා හරිම්න්
සියල්ලටම ඉහලින් නිසොල්මනේ රැදී සිටියි.. අදුර ඒ මාන්නක්කාර රශ්මි කදම්බයන් කෙරේ
පිරුණු තරහයෙන් යුතුවම මුලු ගැන්වීගෙනය... තමන්ට අභියෝග කරන මනුසත වෙත වියරු ඇස්
බමවාගෙනය... ඔරවාගෙනය.. මේ කිසිත් නොතැකූ
නොසිතූ සහසක් තරම් ප්‍රේක්ෂක තරලයක් නිර්වින්දන මානසිකත්වයකින් යුතුව ආලෝකයද අදුරටද
අතරමැදිව පනවන ලද අසුන් මත සිහියෙන් මුත් අව සිහියෙන් වාඩිලා සිටියෝ. නැත එසේ වාඩි
වීමට ඔවුන්ට බල කර තිබුණි.
මායාත්මක ප්‍රීතියකින්
හා අවට සකල සිදුවීමිහි සැබෑප්‍රතිරූපය නොපෙනෙනා ලෙස නිර්මාණය කරන ලද නාඩගමකින්
ඔවුන්ව නිර්වින්දනය කර තිබිණි. උහු සැබැවින්ම ඊට හසුවී ඊට අනුගතව තිබිණි.. උහු
ඉදිරියේ රගදක්වන්නා වූ සංගීතමය මායාව දෙස ප්‍රීතියෙන් මුත් ඊර්ෂ්‍යෙවන් පෙලෙමින් ඒ
බවක් නොපෙන්නා ජයඝෝෂා නගමින් හුන්නේය.. තරු පිරි අහසේ තවත් තරුවක් වෙන්නට කැස
කවන්නන් පිරිසක් ඔවුන් ඉදිරියේ නගා තිබූ වේදිකාව මස්තකයේ මවාගන්නා ලද සිනහවකින්
අනෙකා කෙරේ වූ බොරු හිතවත් කමකින් මුත් අනෙකාව දවා හල හැකි තරමි වියරුවකින් වුව
මවා පෙන්නන ලද සාන්ත භාවයකින් සිටගෙන සිටියෝය...
Thursday, February 6, 2014
''බො'' යන්න සහ බොන්නන්....
මට මේ ලිපිය
ලියන්න හිත දුන්නේ සෑම් කොල්ලාගේ මේ පෝස්ටුව දැකීමෙන් පසුවය. පහුගිය කීප දොහේම වැඩ
රාජකාරි අධික වීමත් මගේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂනය විසන්ධි කර තිබීමත් නිසා මේ පැත්ත
පළාතක එන්න බැරිවිය. ඒකටත් එක්ක හරියන්න අද පෝස්ටුවක් දානවා කියා හිතාගෙනම වාඩිවුණාට
මොකද බ්ලොග් කියවන්න සෑහෙන වෙලාවක් ගතවීම හින්දා ඒකත් පරක්කු විය. (පදුරු වටේ
තැලුවා වැඩිද මංද.)
මේ දවස්වල
කොල්ලන්ගේ ප්‍රියතම අකුරු වලින් 1කි ‘’බො’’ යන්න. ඉස්සර නං කොල්ලන් වැඩිපුරම කලේ බොයන්නක්
බැස්සීමය. කාට හරි බොයන්නක් බස්සන උං තමංගේ වැඩේ අපූරුවට කරගනී. නැතිනම් මොකක් හෝ
මරාලයකින් ලස්සනට ගැලවී යති. ඒ වැඩේටම උපන් හපනුන් අනන්තවත් ඇත උන් හදුන්වන්න වෙනම
නාම පදයක්ද ඇත. උන්ට කියන්නේ ඇම්ඩලාය. ඇම්ඩලාද කොටස් කීපයකි. ඒ අතරින් ගල් ඇම්ඩලා
රජ ඇම්ඩලා හා පකිං ඇම්ඩලා ප්‍රධානය. කෝමත් මේ කතාව උං ගැන නෙමේය.
බොයන්නෙන් පටං
ගන්නා තවත් පදයක් නම් බොනවා යන්නය. එය ක්‍රියා පදයකි. බොන්නේ වතුර හෝ පැණි බීම හෝ
නොවේය. බීපුවාම කට්ටියකට දිවිය ලෝකේ පේන කට්ටියකට අපාය පේන කට්ටියකට මිනිස් ලොව
සියලු සිදුවීම් සැකෙවින් පේන බීමකි. එහෙම බැලුවාම දිවිය ලෝකේ අමෘතය පරාදය. සමහරුන්
බොන්නේ ආතල් එකටය. සමහරුන් බොන්නේ දුකටය. තවත් සමහරුන් සතුටට ආතල් එකට බොති. එතනත්
අමුතු වර්ග කිරීමක් ඇත. සමහරුන් මද පවනේය. තවත් අය නාග සලංය. තවත් අය නයි නෑවා
වගේය. ඔය අතරේ කට්ටියක් ප්ලැටේ ප්ලැට්ය. මේ අතරේ හීං සීරුවේ දෙකක් දමාගෙන මද පවනට
මත සංකල්පය ක්‍රියාත්මක කරන්නෝද සිටී.
Thursday, January 30, 2014
මං ජනාධිපති වුණොත්.... (ෆැන්ටසි)
මේ ලිපිය පිළිබද ඔබට ගැටලුවක් ඇතිවිය හැක. නමුත් මා යමක් ඔබෙන් ඉල්ලා සිටිමි. මේ ලිපිය අවසානය දක්වා කියවන්න. අනතුරුව ඔබේ අදහස නොසගවා පවසන්න.
තරව සිහි තබාගන්න මෙය එක් ෆැන්ටසියක්ම පමණි...
************
වැස්සකටවත් ඉස්කෝලේ යන්න ඕනමයි.
පළමුවැනි දේ තමයි ලංකාවේ බහුතර සබුද්ධික මිනිසුන්ව පාලනය කරන්නේ ප්‍රඥාවක් නැති මිනිස්සු. ඒ නිසා මං පළමුවැනියෙන්ම කරන දේ තමයි ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, පාර්ලිමේන්තු වගේ මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට කොන්දේසියක් දානවා. ඒ කොන්දේසිය තමයි අවම වශයෙන් ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන. උසස් පෙළ පාස්වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉස්කෝලෙකටවත් පයගහලා නැති කිසිම මැට්ටකුට, අධ්‍යාපනයේ වටිනාකමක් දන්නෙ නැති කෙනකුට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙ නෑ. නීතියක් ගේනවා.
Tuesday, January 28, 2014
Monday, January 20, 2014
නුඹ මම සහ නුබ.....
අටෝරාසියක් වූ
සද්ද බද්දයෝ ගොළුවී ගොස්ය. ඒ වෙනුවට එතැන ගන්නට ගෙම්බන් රැහැයියන් පොරකනු ඇසෙයි.
කලා පුරන්නට පෙරුම් පුරන අටවක සඳ ඈත අහසේ
ලැගුම් ගෙන අදුරු අළු සුදු කළු වලාවන් කපා සිය කසාවන් ආලෝක සළුවෙන් මිහිතලය
පිරිමදින්නට තැත් දරයි. ඉදහිට තැනක තරු කැකුළකි... තරුවකි... දෙකකි.. ඒ හැරෙන්නට
ආකාසයම පාළුය. මළානික සඳ සළුව විටින්
විට කළු වලාකුලකට පරදින තාලයට ගෙම්බන්ගේ හඩ වඩා උස්වද පහත්වද ඇසෙයි. රැහැයි නද හා එක් වූ විට එහිත් ඇත්තේ
තාලයක්යැයි හිත කියයි.
‘’මේ වගේ හීතල හඳ හෙවණ යට හඳ පින්න මූණ
හීතල කරනකං ඉන්න හිතෙනව හැමදාම......’’
නුඹ මුමුණයි.
නුඹේ කවි වදන් මට නොතේරේ... නැත්නම් නුඹේ කවි හිත මට නොතේරේ.. මම හූමිටි තබමි. අහස
මා දෙස බලමින් සිනා නගයි...
Subscribe to:
Posts (Atom)




